a

Wednesday, November 28, 2012

මේ කථාව මෙහෙම හරි කියලා දාන්න මට ඉඩ දෙන්න.....


ළඟින් අශ්‍රය කරපු එවුන්ටනම් දැනටමත් වුනේ මොකක්ද කියලා තේරිලා තියෙනවා වුනත් පහුගිය ටිකේ වුන දේවල් වල හැටියට මගෙන් කෙලින්ම අහන්න බැරිව ප්‍රශ්ණේ මඟ හරින හැටි මටත් හොඳටම තේරුනා.අමාරුවේන් හරි හිත හඳා ගත්ත හින්ද කටින් කියා ගන්න බැරි වුනත් මේ මඟුලේ අකුරු ටිකක් විදියට හරි කොටලා දානවා.
අවුරුද්දයි මාස 2 ක් පුරා i එක්ක තිබුන ලව් එෆෙයාර් එක නවත්තලා දාන්න වුනා.

Saturday, November 24, 2012

“Kindle” ඇමසන් අනාගතේ දී නොමිලේම බේදාහරියිද?


ඇමසන්! හැමදාම උත්සහා කරන්නේ වෙළඳ පොළේ පවතින මිලට හැකි උපරිමයෙන් අඩුම මිලට භාණඩ සහ සේවා සපයන්න.පසුගිය කාල සීමාව පුරාවටම ඇමසන් අලවි කරන Kindle ටැබය සම්බන්ධයෙන්ද ඔවුන් අනුගමනය කලේ ඒ ප්‍රතිපත්තියම තමයි. Kindle Wi-Fi, 6" E Ink Display එක වර්තමාන මිල ඩොලර් 69ක් දක්වා අඩු කරලා තියෙන එක තමයි හොඳම උදාහරණය කියලා Slate සඟරාවට තාක්ෂණිකලිපි ලියන Farhad Manjoo මහත්යා පෙන්නල දීල තිබුනා.ඒ මහත්තයා නම් කියන්නේ ලබන සතියේ නැත්නම් ලබන අවුරුදේ ඇමසන් ලා නිකන් දෙන්න පටන් ගන්න නිවුස් එක අහන්න ලැබෙයි කියලා.
නිකන් කියුවාට නිකම්ම නෙමයි ඇමසන් සේවා සපයන රටවල අවුරුද්දට ඩොලර් 79ක් ගෙවලා ඇමසන්ප්‍රයිම් සාමජිකයින් වුන අයට නොමිලේ දෙන්න ඉඩ තියෙන විත්තිය තමයි උපකල්පනය කරන්නේ.
ඇමසන් මේ වෙනකොටත් ප්‍රයිම් සමාජිකයිට ඇණවුම් කරන භාණඩ එදිනම  ( ජපානය තුළ පසුදිනම)බේදා හැරිම,චිතර්පටි ස්ට්‍රීම් නොමිලේ බේදා හැරිම kindle ඊ බුක් පුස්ථකාල සේවාව සැපයීම ආදිය සිදු කරනවා , ඊට සමගාමීව ප්‍රයිම් සමාජිකයිට වඩාත් පහසුවෙන් ඇමසන් සේවා ලබා ගැනිමට Kindleටැබයක් ලබා දෙන්න ඉඩ තියෙයින බවයි  කියවෙන්නේ.

Sunday, September 23, 2012

ඔබාමා මෙවර ජනධිපතිවරණයෙන් ගොඩ යයිද?


2012 ඇමරිකානු ජනාධිපති වරණය ඇත්තේ තව මාසෙකට පොඩ්ඩක් වැඩියෙන්ය.
ඇමරිකානු දේශපාලනය ගැන ලංකාවේ දේශපාලන වේදිකාවලින් වැඩියෙන්ම ඇහෙන්නේ ඇමරිකාව කියන්නේ ඔය පොඩි පොඩි රටවල් අල්ලන් පාට් දාන  චණ්ඩියෙක්  ගාණට දාලානැත්නම් CIA ලව්වා වෙන රටවල්  ආණ්ඩු අවුල් කරවන යටි කුට්‍ටු කාරයෙක් විදියට.ලංකාවේ හැම පරම්පරාවක වාගේ ඉන්නවා බෝතලයක් එහෙම සෙට් වේලා දේශපාලනය ගැන කථා කරන්න ගියාම ඇමරිකාවට පලු යන්න බනින මිනිස්සු... අනිත් පැත්තට ඇමරිකාවට වන්දනාමාන කරන කීප දෙනෙකුත් නැතිවාමත් නෙමයි.අර එක පාරක් ප්‍රසිද්ධ වයාපාරික මහතෙකුත් ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකුට සුභ පතලා පත්තර වල ඇඩ් හිටන් දැම්මේ.ඒ අය කොහොම වුනත් ඔය බනින කට්ටියනම් බහුතරයක් මං හිතන්නේ හරි හමන් හේතුවකට වැඩිය  ඇමරිකාවට බැන්නම නිකං ප්‍රගතිශීලී ගටක් තියෙනවා කියලා හිතං තමයි බනින්නේ. මොකද මං දන්නම අය ඉන්නවා බැන්නට හිත යටින් ඇමරිකාවත් එක්ක තරහා නැති..පස්සෙන් පහු ඇමරිකාවේ ස්ථිර පදිංචියට ගිය අය ඉන්නවා.

Friday, September 14, 2012

අයි ෆොන් 5 ඇත්ත කථාව සහ ඇත්තම ඇත්ත කථාව.....

"අළුත් අයි ෆොන් එක ගැන මුකුත් ලියන් නැද්ද?" දෙතුන් දෙනෙක්ම සැහෙන්න පිරිසක් අහන්න පටන් ගත්ත නිසා අළුත් ෆොන් එක ගැන ලියන්න තරම් දෙයක් නැහැ කියන අදහස වෙනස් කරගෙන අළුත් දෙයක් ලියන්න ඔනේ කියලා හිතුවා...
මුලින්ම මේ ෆොන්  එකයි ගිය අවුරුද්දේ පිට වුණු අයි ෆොන් 4S  එකයි අතර තියෙනකැපි පෙනෙන වෙනස්කම් ටික බලමු..ස්ක්‍රීන් සයිස් එක විශාල වේලා තියෙනවා කලින් ෆොන් එකේ ස්ක්‍රීන් එකට වැඩිය උස ස්ක්‍රීන් එකක් .(4S දක්වා අඟල් 3.5ක ඩිස්ප්ලේ භාවිතා වුනු අතර මේවර අඟල් 4 ප්‍රමාණය)වැඩි වෙගවත් A6 ප්‍රොසසෙරයක් වාගේම අධි වේගී LTE නෙට්වර්ක් සඳහාත් සහයෝගය දක්වන විදියට තමයි මේ අළුත් ෆොන් එක නිර්මාණය කරලා තියෙන්නේ.

අළුත් අයි ෆොන් එකත් සමඟ ios 6 මෙහෙයුම් පද්ධතියත් පැමිණෙනවා.ඔය ප්‍රධාන කාරණා ටික සලකලා බැලුවාමනම් කලින් අවුරුද්දේ 4S එකට වැඩිය ලොකු දියුණුවක් ලැබුවා කියලා නම් කියන්න අමාරුයි. ඇපල්ලාට හරි හමන් යමක් කරන්න බැරි වේලා මේ සැරේ කියලා යන අදහසට 100%ක්ම එකඟ වෙන්න පුළුවන් කියන එක තමයි මාගේ අදහස.ඊයේ The Wall Street Journal  එකේ අයිෆොන් 5 Boring? කියලා අහලා ලිපියකුත් ගිහින් තිබුනා.ඇපලුත් පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා වාගේ........

Wednesday, September 5, 2012

අත ලඟලු ඇපල් කියයි.......


අද උදෑසනම 9to5 MacBlog අඩවිය වාර්තා කලේ ඇපල් සමාගම සිය නවතම මධ්‍ය හමුව සඳහා අරධනා පත් යැවීම අරම්භ කර ඇති බවයි.මේම මස 12 වැනි දිනට යොදා ඇති මේම මාධ්‍ය හමුව තුළ එම සමාගමේ නවතම අයි ෆොන් දුරකථනය එළි දැක්වෙනු ඇති බව බොහෝදෙනා විශ්වාසය පළ කරයි.  මේම ඊමේල් අරාධනා පතය තුළ ‘It’s almost here’ යන වඳන පහලින් විශාල දිනය දක්වන 12 ඉලක්කම පමණක් සටහන්ව තිබේ. මේම මාධය හමුවේ අන්තර්ගතය පිළිබඳව කිසිදු සටහනක් ඇතුළුත්ව නැත. නමුදු 12 ඉලක්කමේ ඡායාව 5 ඉලක්කමේ හැඩය ගන්නා බැවින් මිළඟ අයි ෆොනය අයි ෆොන් 5 ලෙස හැඳින්විමේ හැකියාව වැඩි බව 9to5 Mac පවසයි.
12 වැනිදා  මාධ්‍ය හමුව පිළිබඳ මුල් වරට හෙළි කල i More බ්ලොගය සඳහන් කර තිබුනේ ඇමරිකාව තුළ අයි ෆොනය 12 වැනිදා එළි දැකිමත් ,21 වැනිදාට වෙළඳ පොළට නිකුත් වීමත් සිදු වෙනු ඇති බවයි.

Saturday, September 1, 2012

Apple vs. Samsung හැබෑ පරාජීතයෝ කවුරුන්ද?


ඇපල් සමාගම ඩොලර් බිලියන 1.05 දැවන්ත වන්දියක් හිමි කරගෙන නිම වු ලොව අංක 1 ජංගම දුරකථන නිෂ්පාදන සැමුසන් සමාගමට එරෙහි නඩුව පිළිබඳ පසු විපරමකි මේ.


නඩු යන්නෝ වැනසෙන්නොය.හැබැයි එහෙමයි කියලා ඇපල්ලා නඩු නොගින් නොහිටියෝය. නඩු පිට නඩු ගියේය. ඒ සැමුසන් සමාගමට එරෙහිවය,අමේරිකාවේ විතරක් නෙමේය,එංගලන්තේ ජර්මනියේ ඔස්ට්‍රෙලියවේ ජපානේ………….. කොටින්ම සැමුසන්ලාගේ මව්බිම වෙච්ච කොරියාවේ හිටන් ඇපල්ලා නඩු දාන්න ගත්තේය.නඩු කියන්නේ මේව්ව්වා වැල් පොළි ක්‍රමේ නඩුය.හරියට ජෙනරාල් උන්නැහෙට දැම්ම නඩු වැල වාගේය.කෙස් එක මේකය, ඇපල්ලා කියන්නේ සැමුසන්ලා අයි ෆොන් එක කොපි කලා කියලාය.තව අයි පැඩ් එකත් කොපි කලා කියාලය,තව ඔබන විදියත් කොපි කලාය කියලාය."ඔබන " ක්‍රමේ අයිති ඇපල්ලාටය,තව හුට පට ගොඩක්ය.

Saturday, August 25, 2012

ඇපල් සමාගම නඩුව ජය ගනියි.සැමුසන් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියනක දඩයක්!


සැමුසන් සමාගමට එදිරිව ඇපල් සමාගම විසින් ඇමරිකානු අධිකරණය තුළ ගොණු කර තිබු නඩුව අද දින ඇපල් සමාගම විසින් ඉදිරිපත් කල පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කිරීම පිළිබඳ සාධක බෝහෝ දුරට පිළි ගනිමින් ජුරී සභාව විසින් සැමුසන් සමාගම වැ‍රැදිකරු කරමින් ඇපල් සමාගමට බිලියන 1ක හනිපුර්ණයක් ලෙස ගෙවීමට නියම කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කලේය.

Monday, August 20, 2012

ඇපල් රහස් එකින් එක එළියට.....


"ඇමරිකානු ඇපල් සමාගම සහ කොරියානු සැම්සුන් විදුලි උපකරණ සමාගම අතර දිවෙන ස්මාර්ට් දුරකථන සම්බන්ධ පේටන්ට් බලපත්‍ර සහ අදාල දුරකථන වල සැලසුම් නිර්මාණ පිළිබඳව දැන් පවතින නඩු විභාගය තුළ ඇපල් සමාගමේ අතිශය රහසිගත සමාගම් රහස් සහ මේ දක්වා සමාගමේ බිත්ති හතරින් පිටතට නොපැමිණි කථාවන් පොදු සමාජයට විවර වෙමින් පවතියි.තවද ඇපල් සමාගමේ නව්‍ය උපාංග ලොවට හඳුන්වාදෙන පුරෝගාමි සමාගමක් ලෙස ගොඩනඟාගත් අනන්‍යතාවයද ප්‍රශ්ණ කරනු ලබන ප්‍රකාශ ද විටින් විට උසාවි භුමීයෙන් ඇසෙනු හැකිය.ඇපල් සමාගම නඩුව ජයග්‍රහනය කලද සමාගමක් ලෙස ලබන හානිය සුළු ප‍ටු නොවන බව අනුමාන කල හැකිය."

Wednesday, August 15, 2012

ලෝකේ හැමදාම ඉදිරියට යනවා,හැබැයි.........හිටපු ගමන් ආපස්සටත් යනවා - ආපහු ජනප්‍රිය වුන ඇමරිකානු කොමික් වීරයෝ!


ඉස්සර ඉස්කෝලෙක ඉස්සරහ ස්ටිකර් ,තව ඔය පොඩි පොඩි ගැජට් බැජට් විකුණන වෙළ‍ඳෙක් අනිවාර්යෙන්ම හිටියා.අපි ඉස්කොලේ යන කාලේ ඔය මනුස්සයා ගාව ඒ ඒ කාල වලට ජනප්‍රිය වුන කා‍ටුන් ,චිත්‍රපටි වල එහෙම ස්ටිකර් පොස්ටර් එහෙම විකුනන්න තිබුන.මට මතක විදියට අපි 6,7 පංති වල ඉද්දී තමයි රෙස්ලිං පිස්සුව නැගලා යන්න ගත්තේ.ඒ කාලේ කියුවේ WWF කියලා පස්සේ F හලලා E දාගත්තා වුනාට. රෙස්ලිං වලට කලින් ජනප්‍රිය වේලා තිබුනේ SuperHeroes මට මතක විදියට ඔය නම තිබුන පොතක් වාගෙ එකක් තිබුනා.ඔය වෙළන්ඳා ගාවම තිබුනා කාර්ඩ් 5ක් දාල තිබුන පැකට්.කාර්ඩ් වල තිබුනේ සුපර් මෑන් ස්පයිඩර් මෑන් වාගේ වීරයෝ ටික දුෂ්ඨයොගේ කාර්ඩ් හිටන් තිබුනා,අපි කලේ අර කාර්ඩ් පැක් අරන් ඒ වීරයාව අර කලින් කියපු කලෙක්ටින් බුක් එකේ අලවපු එක.මට මතක හැටිය ට ඔක ඒ කාලේ සැහෙන්න නැගලා ගිය ‍රැල්ලක් වුනාට අපේ යාළු මිත්‍රයෝ කාට වුනත් පොත සම්පුර්ණ කරන්න බැරි වුනා.කාර්ඩ් වලට යාළුවොත් එක්ක මරා ගන්න කාලයකුත් තිබුනා වුනත් අපි දන්නැතිවම ‍රැල්ල ඉවර වෙල තිබුනා.ඔය ‍රැල්ල ගියේ අපි 2,3 පංති වල ඉඳ්දී වාගෙ තමයි මං හිතන්නේ අපි අහු වුන මුල්ම ‍රැල්ල ඔක තමයි.පස්සෙන් පහු වෙද්දී ඩයිනොසර්ලාටයි WWF පොර කාරයින්ට Superheroesලාගේ තැන හිමි වුනා.ඊටත් කාලෙකට පස්සේ ආපහු ඔය සුපිරි වීරයෝ අපේ මාතෘකාව වුනේ 2000න් පස්සේ ඒ හොලිවුඩ් වලින් ඇමරිකානු කොමික් වීරයෝගේ චිත්‍රපටි එක දිගට එන්න ගත්තම(.ආ... ඔය අතරේ සිරසේ(MTVකාලේද මන්දා?) සුපර් මෑන්ගේ ටී.වී.සිරියස් එකත් ගියා සුපර් මෑන්,ස්පයිඩර් මෑන් කා‍ටුන් එහෙම අතරින් පතර ඔය එක එක නාලිකා වලත් ගියා. )

Wednesday, August 8, 2012

iPhone 5 රජ දැක්මට සුදානම්!!!


දැන් දැන් එන ආරංචි වල හැටියට අළුත් iPhoneඑකයි mini iPadඑකයි සැප්තැම්බර් මාසේ එළියට එන හැඩැයි.හැබැයි ඇපල් ගොයියො! ඔය එනවා කියන mini iPadඑක එහෙම google nexus 7 වාගේ නම් බබීත් සුන්, බබීගේ අම්මත් සුන් වගේ වෙන්න Tech විචාරකයෝ කට කැඩිච්ච කථා කියන එක ඔං දෙයියන් වහන්සෙටවත් නවත්වන්න බෑ.ඔය එනවයි කියන iPad පුංචා කොහොම වුනත් අළුත් අයිෆොන් එකනම් ඉතින් එ හැටි කරදරයක් නැතිව ගොඩ දාගනියි කියලා ඔය PCMAG.COMකාරයත් කියලා තිබුනේ.

IOCයට සුද්දාගේ ඉංගිරිසීයට වැඩිය ගෝල් කාරයිනේ ප්‍රංශ ෂොක්ලු....


ජාත්‍යයන්තර ඕලිම්පික් කමි‍ටුවේ(IOC-International Olympic Committee) නිල භාෂාවන් විදියට සලකන්නේ ඉංගිරිසි සහ ප්‍රංශ භාෂාවන්.හැබැයි වැඩි තැන ප්‍රංස වලටලු. ඒ කියන්නේ ව්‍යවස්ථාමය ප්‍රශ්ණයක් මතු වුනොත් එහෙම ප්‍රමුඛ ලියවිල්ල විදියහට සලකන්නේ ප්‍රංශ වලින් ලියවුනු ව්‍යවස්ථාවලු.ඔන්න IOC නඩු දාන්න එහෙම  ඕනේනම් ඒගොල්ලො හරියට ජොබ් එක කරන් නැහැ කියලා උසාවියට අරන් යන්න ඔනේ ප්‍රංශ බසින් ලියවුනු ව්‍යවස්ථාව තමයි. තව ඉතින් ඔලිම්පික් සමාරම්භක/අවසාන උලෙළවල් වල මුල්ම එනවුන්ස් එක දෙන්නෙත් ප්‍රංශ වලින්.IOCව්‍යවස්ථාවේත් කමි‍ටු සමාජිකයින් ප්‍රංස හරි ඉංගිරිසි හරි කථා කරන්න පුළුවන් වීම අවධාරණය කරල තියෙනවාලු.

Monday, June 11, 2012

ඇපල් WWDC 2012 සඳහා සියල්ල සුදානම්.......


ඇපල් සමාගම විසින් වර්ෂිකව පවත්වනු ලබන නව මෙහෙයුම් පද්ධති සහ  උපාංගයන් පිළිබඳව තක්ෂණික තොරතුරු ආදිය   ඇපල්  සංවර්ධකයින් සඳහා එළිදක්වන WWDC: ලොක ව්‍යප්ත සංවර්ධකයින්ගේ සමුළුව )සමුළුව 11 වන දින සිට(ඇමරිකානු වේලාවේන්) ඇරඹිමට නියමිතය.මෙවර සමුළුව සැන් ෆැන්සිකෝ නුවර Moscone West Convention Centerහි පවත්වනු ලබයි. සමුළුව 15 වැනිදා දක්වා පවත්වනු ලබයි.
මෙවර සමුළුව තුළ ඇපල් එළි දක්වනට නියමිත කරුණු පිළිබඳව 9to5Mac  වෙබ් අඩවිය මෙලස දක්වයි.

Wednesday, May 16, 2012

ඇපල් ‍යන්නෙත් සොනි ගිය පාරේමද?...........


ඇපල් සමාගම ගැන ඇමරිකානු Forrester සමික්ෂණ සමාගමේ ප්රධාන විධයක ජොර්ජ් ක්ලොනි මහතා සිය බ්ලොග්
අඩවියේ පළ කල "ඇපල් = සොනි "ලිපිය මෑත තාක්ෂණ ක්ෂේත්රයේ වඩාත් කතා බහට ලක් විය.මේහිදී ඒ මහතා , ස්ටීව් ජොබ්ස් නැති ඇපල් සමාගම තව වසර 2කත් 4 ක් ඇතුළුව කඩා වෑටෙන බවට අනාවැකි පළ කරයි.ක්ලොනි මහතා ස්ටීව් ජොබ්ස්ගේ මරණයත් සමගම ඇපල් සමාගමට අහිමිව ගිය සාධක 3 ක් පිළිබඳව අදහස් දක්වයි.

Saturday, April 28, 2012

iPadය පරදවන ටැබ්ලටයක් Google නාමයෙන් ළගඳීම...!


"ගුගුල් සමාගම සිය වෙළඳ නාමය යටතේ ටැබ්ලට් පරිගණකයක්වෙළඳ පොළට නිකුත් කරන්න සැරසෙයි.තාක්ෂණික ක්ෂත්රයේ පැතිරි යන දුෂමාන ආරංචී වලට අනුව නව ටැබ්ලටය අඟල් 7ක ප්රමානයකි.9.7"වන ඇපල් අයි පැඩයට වඩා කුඩා වු තනි අතෙන් වුවදක්රියා කරවිය හැකි ඇමසන් සමාගමේ "කින්ඩල් ෆයර්"හා සමාන බව පැවසේ.මේහි දෘඩාංග නිපදවනු ලබන්නේ තයිවාන් ASUSCOMPUTERSවිසිනි.මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්රොරොයිඩ් මත!Wi-Fi සඳහා පමණක් සහයෝගය දක්වන,අධි බල quad-coreNVIDIA Tegra 3 ප්රොසසරයකින්දසමන්විත, මුලදී ඇමරිකානු ඩොලර් 249 පමණ මිලකට  විකිණිමට සැලසුම් කලත්,තව දුරටත් මිලඩොලර් 199 දක්වා අඩු කිරිමටකටයුතු සිදුවෙමින් පවතන බව කියවේ."

Wednesday, April 18, 2012

Google Glasses ;ඇස් දෙකට කණ්නාඩි කුට්ටමක් සමග ඔළුවට අං තට්‍ටුවක්?


තැන නොතැන නැතිව Mailයවන්න ෆොටෝ ගන්න පහසුකම තියෙන ඇස් කණ්නාඩි කුට්ටමක්සංවර්ධනය කිරිමේ ව්යාපෘතියක ගුගූල් නිරත වේයි.අවිවාදයෙන්ම අළුත්යුගයකට මුල පුරන සංකල්පයක්!! හබැයි පාවිච්චීකරන්නා පරිස්සම් නුනොත් ඇබැද්දීත් ගොඩයි!!

දැන් ගුගුලුත් අනාගතේ වෙනස් කරන්න මුල පුරලාලු.හැබැයිඔය වෙනස් කරන්න හදන්නේ හොඳ අතටද?දැන් මාසෙකට හමාරකටකලින් ගුගූල් සමාගම තමන්ගේ නවතම  "Project Glass"ව්යාපෘතිය එළි දැක්කා.මේගැජට්ටුවේ විස්තරාත්මක යාන්ත්රනය ප්රසිද්ධියට පත් නොකලත්,ගුගූල්ලා කියනවිදියට මේ අළුත් කණ්නාඩි කුට්ටම ඊමේල් යවන්න,බලන්න,යාළුවන්ට කථා කරන්නකැලැන්ඩරේ චෙක් කරන්න වාගේ ගුගුල් සමාගම සපයන සේවාවන් භුක්ති විදින්න පුළුවන වෙන විදියටතමයි හදලා තියෙන්නේ.පාරේ ඇවිදින ගමන් ඊ මේල් බලන්න වාගේම සමාජ ජාල වල ඉන්න මිතුරන්සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත් පුළුවන් කම ලැබෙනවා.නිකං හරියට අනාගත ලෝකේ ගැන ලියවුනුවිද්ය ප්රබන්ධයක් ඇත්ත වුනා වගේ.හැබැයි මෙතෙනදී මතු වන ප්රශ්නේ තමයි ඔය කණ්නාඩිකුට්ටම මාර්කට් එකට ආවම කොයි වාගේ පිළිගැනීමක් ලැබෙයිද කියලා...

Tuesday, April 10, 2012

නොකියා,දැළි පිහියෙන් කිරි කයි?


පින්ලන්ත නොකියා සමාගම පසුගිය  8 වැනිදා නව Lumia 900 ස්මාර්ට් දුරකථනය වෙළඳ පොළට නිකුත් කිරීමත් සමග නැවතත් ඇමරිකානු සෙලියුර් වෙළඳපොළ තුළ සක්‍රීය විම ඇරඹුනි.ඒ නමුදු වර්තමානයේ ඇමරිකානු ඇපල් සමාගම සහ කොරියානු සැම්සන් සමාගම වෙළඳ පොළ තුළ හිමි කරගෙන තිබෙන අධිපත්‍යය සලකා බැලු විට,නොකියා සමාගමට දැවැන්ත තරඟකාරිත්වයකට මුහුණ දීමට සිදු වේතැයි උපකල්පනය වේ.

Sunday, April 8, 2012

හම්බන්තොටට බැරි දේ ටෝකියොවටත් බැරිය........!


ජපනා හපනාය, ඒ ඉස්සර ජපන්නුය.දැන්හපන්නු චීනුන්ය.ජපනා හපනා කාලේ, චීන්නු කොණ්ඩේබැන්දේය.දැන්නම් චීන්නු කොණ්ඩේ බඳින විත්තියක් අහන්න නැතිය.දැන් දැන් අහන්නේ ලැබෙන්නේචීන්නු සමහරක්ව තමගේ කරත්තයට බන්ඳගන්න විත්තියය.ඒ තෑගී ක්රමයට ණය දීලාය.ඔව්වා ගැනවැඩිය කියවන්න බැරිය. රෑට හීනෙන් සුදු පාට වෑන් පෙන්න ගන්න පුළුවන්ය.චීනා ගැන නැතිවජපනාට අම්මා මුත්තා ගැන කියලා බැන්නත් බය වෙන්න දෙයක් නැත්තේය. මෙහේ සුදු පාට වෑන්හිඟය.හදපුවා ඔක්කොම වෙන රටක හදිසි ඔඩරයකට යවලාය.

Saturday, March 31, 2012

ජපනා වැසිකිළිය මොඩිෆයි කරයි!!!මේන්න වතුර නැති ප්‍රශ්ණේට විසඳුම්!!!!


රට ගියාම  කෙනක්ට ඇතිවන ප්‍රශ්ණ ගැන ඇහුවොත් ඔව්වා කියලා ඉවර කරන්න බැරි තරම්! කියලා තමයි උත්තර දෙන්න වෙන්නේ.හැබැයි ඔය කියලා ඉවර කරන්න බැරි ප්‍රශ්ණ වලින්  කාට  කාටත් ටික ටික හරි පොදු වන ප්‍රශ්ණ ටිකකුත් තියෙනවා.ඒව්වා ඇවිල්ලා මේව්වා ටික.

Sunday, March 25, 2012

නොකියා, Lumia 900 සමග නැවත රජ මාවතට?


වැඩිය ඕනේ නැහැ.අවුරුද්දු 5ක් අතීතයට ගියාම ඇති! සෙල් ෆොන් ගැන අපි දැනගෙන හිටියේ මෙච්චරයි, අවුලක් නැතිව කාලයක් පාවිව්චී කරන්න හිතන් ඉන්නවානම් "නොකියා ෆොන්" එකක් ගන්න ඔනේ.හැබයි ලංකවේ නම්, දකුණු කනේන් රිංගලා වම් කනේන් එළියට එද්දී අපේ බඩේ හිටන් තියෙන බොකු බඩවැල් පවා අරන් එළියට බහින පිටකො‍ටුවේ අයියලාට එහෙම අහු නොවී නියම "ඔර්ජීනල් නොකියා" එකක් වෙන්න ඔනේ.අළුතේන් අත ගහපු බිස්නස් එකත් නැගලා යනවානම්, පොඩ්ඩක් විතර යාළුවන්ටයි අනිත් වටේ පිටේ ඇත්තන්ටයි "පොඩි පොඩි මැජික්" ටිකක් පෙන්න ඔනේනම් ඉතිං ටිකක් අත දිග ඇරලා වියදම් කරලා ඔය සිංගප්පුරු පැත්තේ ගිහින් එන කෙනෙක්ට කියලා වින්ඩොස් මොබයිල් තියෙන ස්මාර්ට් ෆොන් එකක් ගෙන්නගෙන පාවිච්චි කරන්න ඔනේ. (ඒ කාලේ හොඳ හොඳ කෑලී සෙට් වුනේත් ඒ වාගේ මැජීක් පෙන්නපු වුන්ටය.දැන්නම් කොහොමද දන්නේ නැතිය.) එව්වා බල බල අපිත් හිතුවේ කවදා හරි දවසක කොහොම හරි ගන්නං ඔනේ වින්ඩොස් මොබයිල් ෆොන් එකක් කියලාය.

Thursday, March 22, 2012

අළුත් අයි පැඩය සමග ඇපල් මුහුණ දෙන අළුත් අභියෝග!!


අළුත් අයි පැඩය වෙළඳ පොළට නිකුත් වුනේ මේ මාසේ 16 වැනිදා.19 වැනිදා ඇපල් නිල වශයෙන් වාර්තා කලා අළුත් අයි පැඩය මිලයන 3ක් විකුණා හමාර කල බව.මුල්ම අයි පැඩය 2010 අප්‍රේල් වල වෙළඳපොළට නිකුත් කලා විට  යුනිට් මිලියන 3ක් සම්පුර්ණ කරන්න දවස් 80 ක් ගත වීමත් සමග බැලුවාව කිසිම විවාදයක් නැතිව ඇපල් ඉදිරිපත් කල අයි පැඩ් අතරින් වෙළඳපොළ වැඩියෙන්ම හොල්ලපු බඩුව බවට මේ අළුත් අයි පැඩය පත් වෙනවා.
ඇපල්ලා 2010 පමනක් යුනිට් මිලියන 14.8කුත් අලෙවි කරලා ලොක ටැබ්ලට් වෙළඳ පොළතුළ 75%කට හිමිකම් කියුවා.2011 ත් ඇපල් අයි පැඩයට වරදක් නැති වසරක් .Retina Disply,4G,A5X Chip නාවාංග වලින් සමන්විත වෙන අළුත් අයි පැඩය මුල් දවස් කීපය තුළ පෙන්නපු විකුණුම් අගයන් එක්ක කිසි අවුලක් නැතිව මේ අවුරුද්දේත් තමන්ගේ වෙළඳ පොළ අධිපත්‍ය පතුරයි. හැබැයි මිට පස්සේ මොකද වෙන්න කියන තැන තමයි ලොකුම ගැටළුව ඇති කරන්නේ.

Monday, March 19, 2012

ඇපල් වසන්තය තව කොයි කාලෙකටද?



|ඇපල් ස්ටොර් හොංකොං|
පහුගිය පොස්ට් ටික මංම කියෙවුවාම(කවුරු නොකියුවාත් මං හරි කියවනවා මං ලියන බ්ලොග්)ඇපල් සමාගමට කඩේ ගියා වැඩිද මන්දං කියලා හිතුනා.Android  තියේනං ජිවීතේ මල් කියං හිතන් ඉන්න මාගේ යාළුවෙකුගේන් iosවල තියෙන දුර්වලතා ගැන මට පැය භාගයකම(මේව්වා සිංහල පැය..අර රබර් වාගේ ඇදෙන එව්වා)ලෙක්චර් එකකට ඇහුම් කන්දෙන්න වුනේත් ගිය මාසේ.ඒ කොහොම වුනත් කොල්ලා නම් තාම කැමති ios device වලට තමයි. ඇපල් සමාගම ගැන මට තියෙන ලොකුම නොක්කඩුව තමයි හදන බඩු පට්ට ගණන්නේ!හෙට අනිද්දාට විතර අයි ෆොන් ගැනම පොස්ට් එකක් ලියන්න ඔනේ.
රයිට්! ඔන් එහෙනම් මං මාතෘකාවට බහිනවා "අටලෝ දහම සහ ඇපල්"

Sunday, March 11, 2012

වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවක්ට ,ත්සුනාමි ව්‍යසනයකට,සහ න්‍යෂ්ටික විකිරණ කාන්දු විමකට එක මොහොතක මුහුණ දුන් ජාතියකගෙන ඉගෙන ගත යුතු කරුණු දහයක් !| 3.11. නැගෙනහිර ජපාන මහා භුමීකම්පාව සහ ත්සුනාමී ව්‍යයසනයට වසරයි!

අදට හරියටම නැගෙනහිර ජපන් මහා භුමීකම්පාව සිදුවෙලා වසරක් සපිරෙනවා..හරියට එදා මම ජපානයේ හිටිය නිසා ලියන්න ගොඩක් දෙවල් තියෙනව.මේ පහල තියෙන කරුණු දහය මා දැක්කේ ගොඩක් කාලෙකට කලින් .මෙක මුලින්ම ලොක බැංකුවේ සහ IMF එකෙන් ජපානයට සහන සේවා සඳහා පැමිණි අය අතර ගිය මේල් එකක්.පස්සේ මන් දැක්කා මේක ෆෙස්බුක් එකේත් තියෙනව.ඒ දවස් ටිකේ දිගටම ජපානේම හිටිය නිසා ඔකේ ලියලා තියෙන දේවල් නම් අකුරක් නැර ඇත්ත.එක මොහොතක න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතිකාරකයක් පිපිරෙන්න ඉඩ ඇති බවත් එහෙම වුනොත් ටොකියොව ඇතුළු නැගෙනහිර ජපානයම ඉවර බව අරංචී වුනා..හැබැයි එක අහලත් මාගේ අවට හිටපු ජප්පෝනම් කිසිම කලබලයක් නැතිව උදේට වෙඩට  ගිහින් හවසට සද්ද නැතිව ගෙදර අවා.

Saturday, March 10, 2012

ජපානයේ විදේශිකයින් සඳහා අළුත් නිතී ගෙන එයි! 3වන කොටස



පොඩ්ඩක් විතර පරක්කු වුනද මන්ද කලින් ලියන්නපටන් ගත්ත ජපානයේ අළුත් නිතී ගැන ලිපි පෙළේ තුන් වැන්න මෙක(මුල් එක ලියලා මාසයක් විතර වෙනවා කියලා දැනුනෙවත් නැහැ! අනේමන්ද මේ දවස් වල පෘථුවිය ඉර වටේ යන්නේ ඉස්සරහට වැඩිය වැඩි වේගකින්ද කොහෙද!මේ බලද්දීගෙඩි පිටින්ම මාසයක් ඉවරයි)

Thursday, March 8, 2012

ඇපල් සමාගම, අළුත් අයි පැඩය හඳුන්වා දෙයි! එකේ නම අළුත් අයි පැඩ්ම තමයි!



ඇපල් සමාගම ඔන්න නව අයි පැඩ් එක හඳුන්වාදුන්නා.මං ඉතින් කට ඇරන් බලන් හිටියේ අයි පැඩ්HD කියල හරි නැතනම් 2sඑයි කියලා.හැබැයි ඇපල් CEO කුක් මහත්තයා අයි පැඩ් එක අළුත් අයි පැඩ් එකම කියල කියුවා මිසක් අංකයක් හරි අගට පොඩි අකුරු 23ක එකතු කලේ නැහැ.නේට් එකේ එකෙක් කොමෙන්ට් එකක් දලා තිබුනා මේ සැරේ එක අළුත් අයි පැඩ් නම් ලබන අවුරුද්දේ එන එක "අළුත් අළුත් අයි පැඩ්" කියලද කියන්නේ කියලා.සමහර විට අයි පොඩ් එකේ සිස්ටම් එකට අංක නැතිව හොඳයි කියලා හිතන්න ඇති.

Monday, March 5, 2012

Apple ipad 3 ගැජට් ලොකේ පෙරළිකරයෙක්වෙයිද? නැත්නම් වැඩ කිඩ වැඩිය නැති වෙළඳපොළ පෙරළිකරයේක් වෙයිද?


       පෙබරවරි 28 වැනිදාThe Verge මුල් වරට වාර්තා කලා ඔවුන්හට ඇපල්ගේ අයිපැඩ් 3 එළිදැක්වීම සඳහා අරාධනා ලැබුනු බව.කොහොමත් අන්තර්ජාලය තුළ තාක්ෂණය ගැන උනන්දු වුනු හැමොම වාගේ පසුගිය මාස කීපය පුරා අයි පැඩ් නව සංස්කරණය එළි දකින දවස ගැනයි, එකේ අළුතේන් ඇතුළුවිය හැකි හැකියාවන් ගැන කතා බහ,ඔපදූප සැහෙන්න එහේ මෙහේ ගියා.. ජනවාරි මසේ වාගේ වෙද්දි නම් මාර්තු 7 තමයි "දවස" කියලා ටක්කේට අනාවැකිය(මෙක හනුමන්තා එහෙම කියපු අනාවැකියන් එහෙම නෙමෙයිMr.MacXබුවෙක් දීපු අනාවැකියක්ලු.) කියපු අයත් හිටියා.සමහරුනම් පහු පහු වෙන්නත් ඉඩ තියේයි කියලා.ස්මාර්ට් ෆොන් වෙළඳ පොළ තුල කොහොම වුනත් ටැබ්ලට් වෙළඳ පොළ තුළ අංක 1 ට කෙළව ගන්නේ නැතිව තියා ගන්නනම් අළුත් විශේෂාංග වාගේම මේ අවුරුද්ද මුල් කාර්තුව තුළ වෙළඳපොළට නොදා බැරි විත්තිය ඇපල්ලාත් තේරුම් ගන්න ඇති.(දැන් අවුරුද්දකට 2කට කලින් විතර වෙනකම් අයි පැඩ් එක වෙළඳපොළ තුල 90% වැඩි වෙළඳාමක් තියන් හිටියත් ගිය අවුරුද්දේ ඇන්ඩ්‍රොයිඩ් වලට 30% කිට්‍ටු වෙන්න වෙළඳපොලක් හිමිවුණා.)

Sunday, February 26, 2012

ලොකේ හැමදාම ඉදිරියට යනවා හැබැයි ...හිටපු ගමන් ආපස්සටත් යනවා. -- සේල් ෆොන් වල සයිස් එක--!


දැනට අවුරුද්දු 4,කට 5කට කලින් වාගේ නම් කවුරු හරි අළුතේන් මොබයිල් ෆොන් එකක් ගත්තා කියුවාම අපි ඉතින් එකේ තියේන ගැජට් බැජට් ගැන වාගේම හොයලා බලන එකක් තමයි ෆොන් එක කොච්චර පොඩිද හුරුබුහුටිද බර අඩුද? කියලා. ඊයේ පෙරේදා මගේ යළුවෙක් ෆොන් එකක් ගත්තා.මෙහේ ඔනතරම් ෆොන් කඩ තියේදි මිනිහා වෙන කොහෙද රටකට ෆොන් එකක් තමයි නෙට් ෂෝපිං සයිට් එකක් හරහා ගෙන්න ගත්තේ.සැමුසන් ගැලැක්ෂි නොට් කියලා එකක්.මාත් ඉතින් පොඩ්ඩක් අතට අරන් බැලුවා අප්පටසිරි ! තනි අතේන් කොන්ට්‍රොල් කරන්න බැරි තරම් ලොකුයි."මචං මෙක ෆොන් එකක්ද නැත්නම් ටැබ්ලට් එකක්ද?""මං එහෙම ඇහුවත් නේට් එකේ දාලා තිබුනේ තනි අතේන් පාලනය කල හැකි ලොව විශාලතම ස්මාර්ට් ෆොනය ලෙසයි.පළල 8.3CM උස 14.7.CMසාක්කුවේ දාගෙන යන්නනම් ටිකක ලොකු සාක්කුවක් කලිසමට මහගන්න වෙනවා.මොනවා හරි කරලා සාක්කුවට ඔබා ගත්තත් එළියට ගන්න තව ගේමක් දෙන්න ඔනේ සයිස් එකේ බඩුවක් තමයි.ෆොන් එක තනි අතේ අල්ලගෙන කනේ තියං කථා කරන එකනම් ටිකක් පුරුදු වෙනකන්ං අවුල් අවුල් වාගේ ගතියකුත් තියේනවා.

Thursday, February 23, 2012

ජපන් අර්ථිකයේ හෙට එච්චර කළුවර නෑලු......හෑබැයි ෂුවර් නැහැ .අනිද්දාට තිත්ත කළුවර වෙන්නත්පුළුවනි!....

"යාන්තං ආවලු? "
"මාස 6කට පස්සේලු"
"සමහරුනම් කියුවේ වලේම තමයි කියලා,මෙච්චර ඉක්මනට එයි කියලා කවුද? හිතුවේ"
"ඔහොමං යං ඔහොමං යං"

-මාස 6ක පසුව ඊයේ දින ටෝකීයෝ විදේශ මුදල් හුවමාරු පොළ තුළ ජපාන යේන් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 1ක් ඩොලරයක් සඳහා යේන් 80ව දක්වා බාල්දුවීම සිදුවිය.- පුවතක්


Sunday, February 12, 2012

ජපානයේ අළුත් නිතී 2 කොටස -මොකක්ද මේ අළුත් නේවාසික හැඳුන්ම් පත කියන්නේ?

නේවසික හැනුම් පත යනු ජපානය තුළට ඇතුළුවන විදේශිකයින්ගේ රටට ඇතුළුවිමේ තොරතුරු නේවසික තත්වය හෙවත් විසා පිළිබද තොරතුරු( වීසා වෙනස්විම් ඇතුළුව) වීසා බලපත්රය වලංගු කාලය සහ එම කාල වල සිදුකරනු ලබන වේනස්කම් අදිය සඳහන්ව දිර්ඝ කාළිනව සහ මධ්ය කාලිනව ජපානය තුල පදිංචිව සිටින්නන් සඳහා නිකුත් කරනු ලබන හැඳුනුම් පතකි.

ජපානය විදේශිකයින් සඳහා 2012 ජුලි මස සිට නව නීති ගෙන එයි.Start of a new foreign nationals residency management system in Japan.



ඉඳලා හිටලා හරි ටිකක් සිරියස් කට්ටියටම වැදගත් වෙන දෙයක් ලියන්න ඔනේ කියලා ලාවට ලාවට හරි ඔළුව ඇතුලේ තිබුන නිසා මේ පාර ඔන්න වැඩේට බැස්සා.ජපානේ ජිවත් වන අපි හැමදේනාම මේ දවස් වල කතා කරන්නේ රජය අළුතේන් ගෙන්න යන අළුත් නිතී ගැන තමයි.මෙචර කල් අවුලක් නැතිව මහන්සිවෙලා ඉගෙන ගෙන කරදරයක් නැතිව ජපානේ හිටපු එකට කණ කොකා ගේම දෙන්නයි යන්නේ කියලා තමයි ඉතින් වැඩි දෙන කියුවෙ! මාත් ඉතින් පොඩ්ඩක් විතර විස්තර දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි කියලා හිතලා ජපාන විදේශ කටයුතු අමාත්යංශයේයි ,ආගමන බියුරෝවේ නිල වෙබ් සයිට් එකෙයි හිටු කියල කරක් ගහලා හොයලා බැලුවා මොකක්ද මේ අළුත් නිතී කියලා!හැබැයි ඉතින් මේ රජයේ කට්ටියනම් කියනේ අපි මේ අළුත් නිතී ගේන්නේ බොහෝම ස්ද්භාවයේන් ජපානය තුළ නිත්යනුකූලව පදිංචි වෙලා නිතී රිතී පිළිපැදලා අහිංසකව ජිවත් වෙන ගයිජින්ලාට තව තවත් අහිංසකව නිතීගරුකව ජිවත් විමේ වට පිටාවක් සදා දිමේ උදාරතර අරමුණේන් කියලා..හැබැයි ඉතිං අපි නොදන්නවායි අණ්ඩු කියන කතා! වැඩේ ටිකක් දිග වැඩි නිසා කොටස් කිපයකට කඩලා තමයි ලියන්න වෙන්නේ. ඔන්න එහෙනම් පලමු කොටස "හඳුන්වාදීම"

Sunday, February 5, 2012

ජපානය ඊළඟ දැවැන්ත භුමීකම්පාවට මුහුණ දීමට සුදානම් වෙයි!

දැන් සති දෙක තුනක ඉදන් ටී.වී. එකේයි පත්තර වලයි අනිකුත් එකී නොකී ජනමාධ්‍ය වලයි නිතර දෙවෙලේ ඇහෙන්නේ භුමීකම්පා ගැනමයි. ජපන් ආණ්ඩුවේ  ඇතුලේ කචලුයි, පාරිභොගික ටැක්
ස් එක දෙගුණයකින් වැඩිකරන පනතයි, ඉස්සරහට ඇමරිකව සමග ගහන "TPP" වෙළඳ ගිවිසුමෙන් ජපන් ගොවියාට කෙලවෙන එකයි ,යුරෝපා ආර්ථික අර්බුදයයි,ඊයේ පෙරේදා වේනකම් උඩ දාගෙන කෑගහපු නිවුස් වලට මොනා වුනාද දන් නැහැ!මොකක්ද මේ වෙනස!!! ගිය අවුරුද්දේ වුන නැගෙනහිර ජපන් මහා භුමීකම්පාව වසරක් පිරිම ස්මරණය කරනන්නද හදන්නේ, එකටත් ඉතින් මාර්තු වෙනකම් තව මාසයක්ම තියේනවනේ,
කොකටත් කියලා පොඩ්ඩක් හොයලා බලන්න හිතුවා,