a

Wednesday, April 18, 2012

Google Glasses ;ඇස් දෙකට කණ්නාඩි කුට්ටමක් සමග ඔළුවට අං තට්‍ටුවක්?


තැන නොතැන නැතිව Mailයවන්න ෆොටෝ ගන්න පහසුකම තියෙන ඇස් කණ්නාඩි කුට්ටමක්සංවර්ධනය කිරිමේ ව්යාපෘතියක ගුගූල් නිරත වේයි.අවිවාදයෙන්ම අළුත්යුගයකට මුල පුරන සංකල්පයක්!! හබැයි පාවිච්චීකරන්නා පරිස්සම් නුනොත් ඇබැද්දීත් ගොඩයි!!

දැන් ගුගුලුත් අනාගතේ වෙනස් කරන්න මුල පුරලාලු.හැබැයිඔය වෙනස් කරන්න හදන්නේ හොඳ අතටද?දැන් මාසෙකට හමාරකටකලින් ගුගූල් සමාගම තමන්ගේ නවතම  "Project Glass"ව්යාපෘතිය එළි දැක්කා.මේගැජට්ටුවේ විස්තරාත්මක යාන්ත්රනය ප්රසිද්ධියට පත් නොකලත්,ගුගූල්ලා කියනවිදියට මේ අළුත් කණ්නාඩි කුට්ටම ඊමේල් යවන්න,බලන්න,යාළුවන්ට කථා කරන්නකැලැන්ඩරේ චෙක් කරන්න වාගේ ගුගුල් සමාගම සපයන සේවාවන් භුක්ති විදින්න පුළුවන වෙන විදියටතමයි හදලා තියෙන්නේ.පාරේ ඇවිදින ගමන් ඊ මේල් බලන්න වාගේම සමාජ ජාල වල ඉන්න මිතුරන්සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්නත් පුළුවන් කම ලැබෙනවා.නිකං හරියට අනාගත ලෝකේ ගැන ලියවුනුවිද්ය ප්රබන්ධයක් ඇත්ත වුනා වගේ.හැබැයි මෙතෙනදී මතු වන ප්රශ්නේ තමයි ඔය කණ්නාඩිකුට්ටම මාර්කට් එකට ආවම කොයි වාගේ පිළිගැනීමක් ලැබෙයිද කියලා...


මුලින්ම බලමු ඩිසයින් එකේ ආකර්ෂණේ පැත්තෙන්,ගුගූල්ල ඇහැට දාන ගැජට් එකක් හදනවා කියුවාම මටනම්, අර අපි චිත්රපටි වල දැකපු  අනාගත ලෝකේ තියෙන බහුවිධ කාර්යයන් කරන ඇස් කණ්නාඩිකුට්ටමක් වාගේ එකක් මතක් වුනාට,ගැජට් තොරතුරුගෙන එන ප්රමුඛ gizmodo ලානම් පවසන්නේසැහෙන්න අප්සට් පෙනුමක් තියෙන ඩිසයින් එකක්ලු ගුගුල්ලාගේ අළුත් ගැජට්ටුවට තියෙන්නේ,තව කියලා තිබුනා කොටින්ම මේ කණ්නාඩි කුට්ටම Si-Fi Movies වල පෙන්න එකකට වැඩිය පොළවයට ලැබ්ස් වල හැංගිලා වැඩ කරන අය දාන ජාතියේ ගොරහැඩි  ඇස් කණ්නාඩි කුට්ටමකටලු බැලුවාම පෙන්නේ.
gizmodo ලාගේ වෙල්කම් එකනම්එච්චර හොඳ නැති එකේ ගුගූල්ලාට එචර හොඳ ආරම්භයක් ලැබෙන්නේ නැති පාටයි. දැන් බලමු මේගැජටුවේ ඇතුළු පැත්ත.
ගුගූල්ලා කියන විදියට මේ කණ්නාඩි කුට්ටමෙන් අතපාවිච්චී කරන්නෙම නැතිව මේල් යවන්න ,රෑට කන්න යන්නආස අවන්හල බුක් කරලා තියන්න ,යාළුවන්න්ට කොල්කරන්න විඩියො චැට් කරන්න පුළුවන්න්ලු.හරියට නිකං අයි ෆොන් එකක් මුහුණ ඉස්සරහා හයි කරගත්තා වාගේ තමයි.බූලු ටුත් දාගෙන පාරේ යන මිනිස්සුන්ව තනියෙන් කියව කියව යන පිස්සොවාගේ පෙන්න පුළුවන් වාගෙම මේ ගැජැට්ටුවෙනුත් එහෙම වෙන්න ඉඩ තියෙනවා.හැබැයි ඉතිඅ මෙකේමිල ඩොලර් 250 ඉඳන් කියන හින්දා250 කට මේ වාගේ මරුගැජට්ටුවක් ගන්න පුළුවන්නම් ඉතිං වටේ පිටේ අය කොහොම හිතුවත් මොකද?

ඊ ළග ප්රශ්ණේ ගුගූල්ලාට දැනට වැඩියෙන් තමගේසේවා භාවිතා කරන්නන්ගේ පෞද්ගලික දත්ත එකතු කර ගන්න තියෙන හැකියාව වැඩියි කියලයි Pc world පරිගනක සඟරාව පවසන්නේ.අතිවිශාල පිරිසකගේ ලයිෆ්ස්ටයිල් එක ගැන ලැබෙන දත්ත ඉතිං ගුගූල්ලාට කොටි ගාණක් වියදම් කරලත් සමික්ෂණ කරලා හොයාගන්න බැරි වෙයි.නිකං සරලව කියුවොත් වෙළඳ දැන්වීම් වලට අහුවෙන්න තියෙන ඉඩ කඩ මාර විදියටඉහළ යයි.
කලින් කියපු කාරණා ඔක්කොම නරක පැත්තට වුනත් අත්පා අහිමි වෙලා ඉන්න අය පැත්තෙන්නම් සැහෙන්න වටිනා ගැජැට්ටුවක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා.අනිකගුගූල්ල ප්රදර්ශනය කලේ තමන්ගේ ප්රොජට් එකේ අවසන් ප්රතිඵලෙ නෙමයි, පරික්ෂණ මට්ටමේ තියෙන කණ්නාඩි කුට්ටමක්. කවදාහරි මාර්කට් එකට එද්දී තව සැහෙන්න වෙනස්කම් වෙලා දියුණු ගැජට්ටුවක් විදියට එන්න තියෙනඉඩත් වැඩියි.මොකද ගුගූල්ල කියුවේත් මේ ප්රොජට් එක ගැන එළි කරන්න හේතුවත් තමන්ට පාරිභෝගිකයොසමග සම්බන්ධ වේලා මේ ගැන ඔහුන්ගේ අදහස් ඔන හින්දා  කියල.

බලමු ඉතිං අපේ අදහස් කොහොම වුනත් ඔය ලොකු ලොකුඅයගේ අදහස්වත් ගුගූල්ලා අහලා තව ටිකක් එළ ඩිසයින් එකකුයි තඩි සයිස් නැති ෆේර්ම් එකකුයි, පාවිච්චී කරන්නාගේපුද්ගලින දත්ත වලට වැඩිය අත තියන් නැති,ගැජට් එකක් කවදාහරි මාර්කට් එකට දායිද කියල....


[මේම ලිපිය globalpost  හි Stacey Leasca විසින් රචිත Google Glasses: great invention, or new way to look like a nerd? ඇසුරෙන් සකස් කරනලදී.]
 
ගුගුල්ලා කණ්නාඩි කුට්ටමෙන් කොහොම වුනත් අළුතෙන්හදන්න යන තමන්ගේ බැන්ඩ් නේම් එකේ ටැබ්ලට් එකෙන්නම් ඇපල් අයි පැඩ් පහසුවෙන්ම ඉක්මවායන ඉඩ වැඩිය.ඊ ලඟ ලිපිය සමහර විට ඒ ගැන තමයි...



පින්තුරයhttp://img.gawkerassets.com/img/17ik5qriwiylljpg/xlarge.jpg

No comments:

Post a Comment