a

Wednesday, November 28, 2012

මේ කථාව මෙහෙම හරි කියලා දාන්න මට ඉඩ දෙන්න.....


ළඟින් අශ්‍රය කරපු එවුන්ටනම් දැනටමත් වුනේ මොකක්ද කියලා තේරිලා තියෙනවා වුනත් පහුගිය ටිකේ වුන දේවල් වල හැටියට මගෙන් කෙලින්ම අහන්න බැරිව ප්‍රශ්ණේ මඟ හරින හැටි මටත් හොඳටම තේරුනා.අමාරුවේන් හරි හිත හඳා ගත්ත හින්ද කටින් කියා ගන්න බැරි වුනත් මේ මඟුලේ අකුරු ටිකක් විදියට හරි කොටලා දානවා.
අවුරුද්දයි මාස 2 ක් පුරා i එක්ක තිබුන ලව් එෆෙයාර් එක නවත්තලා දාන්න වුනා.

Saturday, November 24, 2012

“Kindle” ඇමසන් අනාගතේ දී නොමිලේම බේදාහරියිද?


ඇමසන්! හැමදාම උත්සහා කරන්නේ වෙළඳ පොළේ පවතින මිලට හැකි උපරිමයෙන් අඩුම මිලට භාණඩ සහ සේවා සපයන්න.පසුගිය කාල සීමාව පුරාවටම ඇමසන් අලවි කරන Kindle ටැබය සම්බන්ධයෙන්ද ඔවුන් අනුගමනය කලේ ඒ ප්‍රතිපත්තියම තමයි. Kindle Wi-Fi, 6" E Ink Display එක වර්තමාන මිල ඩොලර් 69ක් දක්වා අඩු කරලා තියෙන එක තමයි හොඳම උදාහරණය කියලා Slate සඟරාවට තාක්ෂණිකලිපි ලියන Farhad Manjoo මහත්යා පෙන්නල දීල තිබුනා.ඒ මහත්තයා නම් කියන්නේ ලබන සතියේ නැත්නම් ලබන අවුරුදේ ඇමසන් ලා නිකන් දෙන්න පටන් ගන්න නිවුස් එක අහන්න ලැබෙයි කියලා.
නිකන් කියුවාට නිකම්ම නෙමයි ඇමසන් සේවා සපයන රටවල අවුරුද්දට ඩොලර් 79ක් ගෙවලා ඇමසන්ප්‍රයිම් සාමජිකයින් වුන අයට නොමිලේ දෙන්න ඉඩ තියෙන විත්තිය තමයි උපකල්පනය කරන්නේ.
ඇමසන් මේ වෙනකොටත් ප්‍රයිම් සමාජිකයිට ඇණවුම් කරන භාණඩ එදිනම  ( ජපානය තුළ පසුදිනම)බේදා හැරිම,චිතර්පටි ස්ට්‍රීම් නොමිලේ බේදා හැරිම kindle ඊ බුක් පුස්ථකාල සේවාව සැපයීම ආදිය සිදු කරනවා , ඊට සමගාමීව ප්‍රයිම් සමාජිකයිට වඩාත් පහසුවෙන් ඇමසන් සේවා ලබා ගැනිමට Kindleටැබයක් ලබා දෙන්න ඉඩ තියෙයින බවයි  කියවෙන්නේ.