a

Sunday, September 23, 2012

ඔබාමා මෙවර ජනධිපතිවරණයෙන් ගොඩ යයිද?


2012 ඇමරිකානු ජනාධිපති වරණය ඇත්තේ තව මාසෙකට පොඩ්ඩක් වැඩියෙන්ය.
ඇමරිකානු දේශපාලනය ගැන ලංකාවේ දේශපාලන වේදිකාවලින් වැඩියෙන්ම ඇහෙන්නේ ඇමරිකාව කියන්නේ ඔය පොඩි පොඩි රටවල් අල්ලන් පාට් දාන  චණ්ඩියෙක්  ගාණට දාලානැත්නම් CIA ලව්වා වෙන රටවල්  ආණ්ඩු අවුල් කරවන යටි කුට්‍ටු කාරයෙක් විදියට.ලංකාවේ හැම පරම්පරාවක වාගේ ඉන්නවා බෝතලයක් එහෙම සෙට් වේලා දේශපාලනය ගැන කථා කරන්න ගියාම ඇමරිකාවට පලු යන්න බනින මිනිස්සු... අනිත් පැත්තට ඇමරිකාවට වන්දනාමාන කරන කීප දෙනෙකුත් නැතිවාමත් නෙමයි.අර එක පාරක් ප්‍රසිද්ධ වයාපාරික මහතෙකුත් ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකුට සුභ පතලා පත්තර වල ඇඩ් හිටන් දැම්මේ.ඒ අය කොහොම වුනත් ඔය බනින කට්ටියනම් බහුතරයක් මං හිතන්නේ හරි හමන් හේතුවකට වැඩිය  ඇමරිකාවට බැන්නම නිකං ප්‍රගතිශීලී ගටක් තියෙනවා කියලා හිතං තමයි බනින්නේ. මොකද මං දන්නම අය ඉන්නවා බැන්නට හිත යටින් ඇමරිකාවත් එක්ක තරහා නැති..පස්සෙන් පහු ඇමරිකාවේ ස්ථිර පදිංචියට ගිය අය ඉන්නවා.

Friday, September 14, 2012

අයි ෆොන් 5 ඇත්ත කථාව සහ ඇත්තම ඇත්ත කථාව.....

"අළුත් අයි ෆොන් එක ගැන මුකුත් ලියන් නැද්ද?" දෙතුන් දෙනෙක්ම සැහෙන්න පිරිසක් අහන්න පටන් ගත්ත නිසා අළුත් ෆොන් එක ගැන ලියන්න තරම් දෙයක් නැහැ කියන අදහස වෙනස් කරගෙන අළුත් දෙයක් ලියන්න ඔනේ කියලා හිතුවා...
මුලින්ම මේ ෆොන්  එකයි ගිය අවුරුද්දේ පිට වුණු අයි ෆොන් 4S  එකයි අතර තියෙනකැපි පෙනෙන වෙනස්කම් ටික බලමු..ස්ක්‍රීන් සයිස් එක විශාල වේලා තියෙනවා කලින් ෆොන් එකේ ස්ක්‍රීන් එකට වැඩිය උස ස්ක්‍රීන් එකක් .(4S දක්වා අඟල් 3.5ක ඩිස්ප්ලේ භාවිතා වුනු අතර මේවර අඟල් 4 ප්‍රමාණය)වැඩි වෙගවත් A6 ප්‍රොසසෙරයක් වාගේම අධි වේගී LTE නෙට්වර්ක් සඳහාත් සහයෝගය දක්වන විදියට තමයි මේ අළුත් ෆොන් එක නිර්මාණය කරලා තියෙන්නේ.

අළුත් අයි ෆොන් එකත් සමඟ ios 6 මෙහෙයුම් පද්ධතියත් පැමිණෙනවා.ඔය ප්‍රධාන කාරණා ටික සලකලා බැලුවාමනම් කලින් අවුරුද්දේ 4S එකට වැඩිය ලොකු දියුණුවක් ලැබුවා කියලා නම් කියන්න අමාරුයි. ඇපල්ලාට හරි හමන් යමක් කරන්න බැරි වේලා මේ සැරේ කියලා යන අදහසට 100%ක්ම එකඟ වෙන්න පුළුවන් කියන එක තමයි මාගේ අදහස.ඊයේ The Wall Street Journal  එකේ අයිෆොන් 5 Boring? කියලා අහලා ලිපියකුත් ගිහින් තිබුනා.ඇපලුත් පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා වාගේ........

Wednesday, September 5, 2012

අත ලඟලු ඇපල් කියයි.......


අද උදෑසනම 9to5 MacBlog අඩවිය වාර්තා කලේ ඇපල් සමාගම සිය නවතම මධ්‍ය හමුව සඳහා අරධනා පත් යැවීම අරම්භ කර ඇති බවයි.මේම මස 12 වැනි දිනට යොදා ඇති මේම මාධ්‍ය හමුව තුළ එම සමාගමේ නවතම අයි ෆොන් දුරකථනය එළි දැක්වෙනු ඇති බව බොහෝදෙනා විශ්වාසය පළ කරයි.  මේම ඊමේල් අරාධනා පතය තුළ ‘It’s almost here’ යන වඳන පහලින් විශාල දිනය දක්වන 12 ඉලක්කම පමණක් සටහන්ව තිබේ. මේම මාධය හමුවේ අන්තර්ගතය පිළිබඳව කිසිදු සටහනක් ඇතුළුත්ව නැත. නමුදු 12 ඉලක්කමේ ඡායාව 5 ඉලක්කමේ හැඩය ගන්නා බැවින් මිළඟ අයි ෆොනය අයි ෆොන් 5 ලෙස හැඳින්විමේ හැකියාව වැඩි බව 9to5 Mac පවසයි.
12 වැනිදා  මාධ්‍ය හමුව පිළිබඳ මුල් වරට හෙළි කල i More බ්ලොගය සඳහන් කර තිබුනේ ඇමරිකාව තුළ අයි ෆොනය 12 වැනිදා එළි දැකිමත් ,21 වැනිදාට වෙළඳ පොළට නිකුත් වීමත් සිදු වෙනු ඇති බවයි.

Saturday, September 1, 2012

Apple vs. Samsung හැබෑ පරාජීතයෝ කවුරුන්ද?


ඇපල් සමාගම ඩොලර් බිලියන 1.05 දැවන්ත වන්දියක් හිමි කරගෙන නිම වු ලොව අංක 1 ජංගම දුරකථන නිෂ්පාදන සැමුසන් සමාගමට එරෙහි නඩුව පිළිබඳ පසු විපරමකි මේ.


නඩු යන්නෝ වැනසෙන්නොය.හැබැයි එහෙමයි කියලා ඇපල්ලා නඩු නොගින් නොහිටියෝය. නඩු පිට නඩු ගියේය. ඒ සැමුසන් සමාගමට එරෙහිවය,අමේරිකාවේ විතරක් නෙමේය,එංගලන්තේ ජර්මනියේ ඔස්ට්‍රෙලියවේ ජපානේ………….. කොටින්ම සැමුසන්ලාගේ මව්බිම වෙච්ච කොරියාවේ හිටන් ඇපල්ලා නඩු දාන්න ගත්තේය.නඩු කියන්නේ මේව්ව්වා වැල් පොළි ක්‍රමේ නඩුය.හරියට ජෙනරාල් උන්නැහෙට දැම්ම නඩු වැල වාගේය.කෙස් එක මේකය, ඇපල්ලා කියන්නේ සැමුසන්ලා අයි ෆොන් එක කොපි කලා කියලාය.තව අයි පැඩ් එකත් කොපි කලා කියාලය,තව ඔබන විදියත් කොපි කලාය කියලාය."ඔබන " ක්‍රමේ අයිති ඇපල්ලාටය,තව හුට පට ගොඩක්ය.