a

Wednesday, August 7, 2013

අපොයි! කිරි!!!


ෆොන්ටෙරා  ,නවසීලන්තයේ කිරි සහ කිරි අශ්‍රිත නිෂ්පාදනයන්හි  නිරත වු  New Zealand Dairy Group එක(ඇන්කර් වෙලඳ නාම්යේ මුල් හිමිකරු) Kiwi Co-operative Dairies සහ New Zealand Dairy Board  ආයතන වල එකමුතුවකින් ගොලීය කිරි නිෂ්පාදන තරගකාරිත්වය ජය ගැනීම සඳහා 2001 වසරේ පිහිටා ගත්ත සමාගමක්..නවසීලන්ත දළ ජාතික නිෂ්පාදනයෙන් 2.8% ප්‍රමාණයකට හිමිකමක්ද නවසීලන්ත අපනයනයන්හි 25% ද දරන මේම සමාගම,නවසීලන්ත කොටස් වෙලඳපොළ තුළ දිර්ඝ කාලයක් අංක එකෙහි සටහන් වු දැවැන්ත සමාගමකි.
ආයතන ව්‍යයුහය  ගොඩ නැගි ඇත්තේ විධායක නිළධාරින්  13 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයකිනි. මේම මණ්ඩලය තුළින් CEOතොරාගනු ලැබේ.
ෆොන්ටෙරා සමාගම නවසීලන්තය තුල පමණක් කිරි ලිටර් බිලියන 16 ක් වසරකට නිෂ්පාදනය කරන අතර ලොව පුරා සමාගමේ නිෂ්පාදන අගය ලිටර් බිලියන 22කි. කිරි නිෂ්පාදනය පමණක් සලකා බැලු විට ලොව අංක එකේ ස්ථානය හිමි කරගෙන සිටින අතර ,ලෝක ආහාර නිෂ්පාදන කාර්මාන්තය තුල හතර වන ස්ථානයේ සිටියි. ෆොන්ටෙරා සමාගම නවසීලන්තය තුල නිෂ්පාදනය කරන කිරි නිපයුමේන් 95%ක්ම විදේශයන්ට විකුනනු ලබයි.