a

Saturday, January 26, 2013

Facebook Graph Search ඒ පාර මොකක්ද?


ගුගුල්ලා මුලින්ම ගුගුල්+ හදලා ෆෙස්බුක් එකට ගේමක් දෙන්න හැදුවා.ඔන්න දැන් රිටන් එක.
ෆෙස්බුක් සමාගම තමන්ගේම කියලා සේවුම් සේවාවක් Graph Search කියලා හදුන්නලා දුන්නා.
සර්ච් එන්ජින් එකක් කියලා කියුවාට ගුගුල් සර්ච් හරි මයික්‍රෝසොෆ්ට් බිංග් වාගේ වෙබ් එක සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට කරන සෙවුම් ක්‍රමක් නෙමයි මේ අළුත් එක.මේකෙදී සර්ච් කරන්නේ ෆෙස්බුක් එකේ ඉන්න යාළුවෝ බේදා ගන්න තොරතුරුයි අනිත් යුසර්ලා පොදු පිවිසිමකට අවසර ලබාදීලා තියෙන තොරතුරු පදනම් කරගෙන.සර්ච් රිසාල්ට් එක විදියට එන්නේ අපේ ෆේස්බුක් යාළුවෝ අප්ලෝඩ් කරපු තොරතුරු වලින් උපුටා ගන්න දේවල් තමයි. එක ෆේස්බුක්ලා කියනවා වාගේ වඩාත්  පුද්ගලිකත්වය මුලික වුන සර්ච් එකක්.

Monday, January 7, 2013

ජපාන Docomo සමාගම මේ වසර තුළදී අළුත් Tizen OS ස්මාර්ට් ෆොන් වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කරයි.


Tizen ස්මාර්ට් ෆොන් මෙහෙයුම් පද්ධතිය ගැන මට මුලින්ම අහන්න ලැබුනේ ගිය වසරේ ජාපනය තුළ එම OS එක පිළිබඳව පවත්වපු වැඩමුළුවක TWEET කීපයක් කියවන්න ලැබිලා.

Tizen කාලයක් Intel සහ Nokia සමාගම කරගෙන ආපු MeeGo පද්ධතියේ ලක්ෂණත් උපයෝගී කරගෙන, සැමුසන් සමාගම නිෂ්පාදනය කරපු Linux පදනම් කර ගත් Bada මෙහෙයු පද්ධතියේ අනුප්‍රාතිකයා විදියට තමයි දක්වලා තිබුනේ. Bada OS එක භාවිතා කරන ස්මාර්ට් දුරකථන වසරකට මිලියන 14කට ප්‍රමාණයක් චීනය ප්‍රධාන ව විකිනෙන බව තමයි වාර්තා වල දක්වල තිබුනේ.Bada OS එකේ එක කාරණයක් තමයි අඩු මිල. සාමන්‍යයෙන් යුරෝපය තුළ ios නිපයුමක් සඳහා ඇමරිකානු ඩෝලර් 230 ක් වේද්දී,ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් සඳහා මිල ඩොලර් 100ක් පමණ නියම වෙද්දී Bada OS එක භාවිතා කරන දුරකතනයක් මිල ඩෝලර් 66ක් වාගෙ ගාණක්  තමයි වෙන්නේ.

Friday, January 4, 2013

ආසියාව ඇමරිකාව වන දවස...................



ආසියානු ආර්ථිකය නව මානයකට ගමන් අරඹා ඇත.කොරියානුහා චීනය  පසුගිය දශක කීපය තුළ අත් කරගත් දැවැන්තආර්ථික ඉදිරි පිම්ම ,ආසියාන් කලාපයේරටවල් හරහා මියන්මාරය හා ඉන්දියාව දක්වා පැතිරව ඇත.
ස්මාර්ට් දුරකථන සඳහා වෙළඳ දැන්විම් බෙදා හරිනඇමරිකානු ගුගුල් සමාගමට ආසන්නයටම පැමිණිමට සමත් වු ඉන්දියානු සමාගමක් තිබේ.ඉන්දියාවේසිලිකන් නිම්නය ලේස හඳුන්වන බැංගලෝරය මුලාස්ථානය කර ගත්InMobiසමාගමයි.රටවල්165 කට මිලියන 600ක ග්රහාක පිරිසකට තම ජාලගත වෙලඳ දැන්වීම් බෙදාහැරිමේහැකියාව එම සමාගම සතුය.