මේ කෙටිම කෙටි කතාව ගොඩනැගෙන්නේ "මම" වටාය. මම තොකියෝ යුනිවර්සිටි කොලිජීයේ ශිෂ්‍යයෙක් වෙමි.මේ කතාව අරම්භ වෙන්නේ
දින කීපයක කෙටි චාරිකාවක් සඳහා මා ඉසූ අර්ධදීපයට ගිය ගමනෙන්ය. කතාව දින පහකි..දින පහේ
සිදුවීම් අසා,
ඔබ කතාවකට ඔබින කිසිඳු කෙංගෙඩියක් එහි නැතැයි කියනු ඇත.නමුඳු "මම" බිහිකල කවබතා යසුනරි දින පහ තුළ
ලොකු කතාවක් දැක්කේය.අංකුර ලේඛකයෙකු සිට නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත්,මහා ගත්කතුවරෙයෙකු දක්වා ඔහුව ගෙන යන්න මුල් බීජය මේ කතාව තුළ ගැබ්ව තිබුනි.
ඔබට මේ වැල්වටාරම් අවශ්‍ය නැති බව මම දනිමි.ඔබ නොවිසිල්ලෙන් සිටින්නේ
මේ කතාව ඇසීමට බවද මා දනිමි.
"අම්මා අප්පා නැති අනාථ දරුවෙකු" ගැන
ඔබට මැවෙන්නේ කුමන චිත්ත රූපයක්ද? පාරේ කඩමළු ඇඳ ගත් සිඟා කන දරුවෙකුගේ රුවක්යැයි
ඔබ කියුනු ඇතැයි මා අනුමාන කරමි.මා එවැන්නෙකු නොවෙමි.නමුඳු අනාථයෙකු වන්නෙමි. මා ඉපිද
දෙවසරක් සපිරීමේදී මාගේ මව මිය ගියේය.තුන් වන වසරට පා තබන විට මාහට පියාද අහිමි විය.සත්
වන වියට පත්වන විට මාව රැක බලා ගත් අත්තම්මා මිය පරලව ගිය අතර ඉන් තෙවසරකින් මාගේ
වැඩිමහල් සොයුරියද ජිවීතය අත හැර ගියහ.පහළොස් වියට පත් වු විට මා හට සිටි එකම නෑයා
වූ සීයා ද අවසන් ගමන් ගොස්ය.ඉඳින් මා තනිකම වෙළා ගත් අනාථයෙකු හැර අන් කවරෙක්ද?මාගේ මවත්
පියාත් මා වෙනුවෙන් යම් කිසි ධනයක් රැස් කර තබා තිබු අතර,යුනිවර්සිටි කොලීජිය දක්වා අධ්‍යාපනය ලැබීමට එය මට පිටුවහලක් විය.
ඔබ නැවැත නොවිසිලිමත්ව සිටින බව මම දනිමි.ඔබ
මාගේන් බලාපොරොත්තු වන්නේ දින කීපයේ ඉසූ සංචාරය ගැනය.
මාගේ කතාව පටන් ගන්නේ ඉසූ සංචාරයේ හතරවැනි
දිනෙන්ය.සරත් සෘතුවේ වැස්සට අසුව මා ,අඕගී උමංග පාමුල කඩමණ්ඩියට ගොඩ වැඳුන මොහොතයි.කඩමණ්ඩියක් යැයි කිව හැකි
යමක් එහි නොවීය.වයසක අත්තම්මා කෙනෙකු විසින් පවත්වාගෙන යන පුංචී පහේ තේ කඩයකි.ඔබ දැන්
මවා ගන්නා තේ කඩය මා ගොඩ වූ තේ කඩයට කොහෙත්ම සමාන නොවන බව මා දනිමි.මේ කතාව ඔබට කියන
මා මුහුණ දෙන ලොකුම අහියෝගය එයයි.වෙනත් බසක වෙනත් රටක දෙයක් වඳන් හරඹයකින් ඔබට මවා
පෙන්නවන මට පහසු නැත.
මා ඈ දුටුවේ එහිදීය. ඈ සංචාරක නැටුම්
කණ්ඩායමක නැටුම් කෙල්ලෙකී. මා වචන පරිස්සමේන් තේරුවේමී. "සංචාරක නැටුම් කණ්ඩායම"ට වඩා
“අහිගුණ්ඨක නැටුම් කණ්ඩායමක්” ලෙස පැවසීම ඔබට පහසුවෙන් මේම කණ්ඩායම් වල
තත්වය තේරුම් ගත හැකි වේතැයි සිතුවෙමි.මන්ද මා සිටින්නේ 1920 විසි ගණන් වල ජපානයේය.මේවැනි නැටුම් කණ්ඩායම්
වලට තිබුනේ පහත් සමාජ පිළිගැනීමක්ය.ඉසූ වලද බොහෝ ගම් වල මෙවැනි කණ්ඩායම් වලට ගම් වලට
ඇතුළුවීම තහනම් කර පුවරු අටවා තිබු බව පසුව ඔවුන් සමඟ ගමන් කිරිමේන් අත් විද්දේමී."ඔහුන්
සමඟ ගමන් කිරීම" "අහිගුණ්ඨක වචනය වෙනුවට සංචරක යෙදීම" දැන්
ඔබ මාව, සමාජ අයුක්තියට එරෙහි වන වීරයෙකු ලෙස ලේබල් කිරීමට
ඉක්මන් නොවීය යුතුය.ඔවුන් වෙනුවෙන් පෙනී
සිටිමේ කිසිඳු වුවමනාවක් මාහට නැත. "මම" කියන චරිතය ගොඩනැගූ කවබතා යසුනරි
ගත්කරුටද එවැනි අරමුණක් නොතිබු බව සිතමි. පසුව "මම" චරිතය සිනමාවට ගෙන්වූ
සිනමා කරුවන් එවැනි ප්‍රයන්තයක නිරත වු බව පැවැසීම, මා නැවැතත් කතාවේන් පිට පැනීමට හේතු වන
බැවින් අතහැර දමමි..
|
ඉසු නො ඕදොරිකො(1974) |
ඉඳින් කුඩා බෙරයක් වැනි වද්‍ය භාණ්ඩයක්
අත දරා සිටී ඈ මට “නැටුම් කෙල්ලක්” විය. ඇගේ නැටුම් කණ්ඩායම ඇගේ පවුලේ සමජීක
සමාජීකයින්ගෙන් ගොඩනැගී තිබු අතර,ඔහුන් සමඟ කුළුපගුව,ඇගේ නම “කඕරී” බව දැන ගත්තද,මේ කෙටි කතාව පුරා කිසිඳු විටක මා ඈ ගැන
ඇගේ නමින් සටහන් නොතිබුවෙමී.කතාව පුරාවටම ඈ මට “නැටුම් කෙල්ලම” වීය.විමලදාස සමරසිංහයන්ගේ පරිවර්තනයේ ඇයට
“ඉසූ නළඟන” යැයි නම් තබා තිබුනි.
නළඟන!! නළඟන!! මා නැවැතත් ගැහැටට පත්වෙමි.මාගේ
හදවතේ කොහෙදෝ කොනක ඈ නළඟනක් නොවන බව කෑගසා කියනු ඇසිනි.කවබතා යසුනරි ඇයට කියුවේ
"ඔදොරිකො(踊り子)"කියාය. ඔදොරිකො ඒ වඳන මා සිතට එක් කරන්නේ අහිංසක හුරතල් කමක්.........ප්‍රියකරු හුරුබුහුටිකමක්.........නළඟන!!නළඟන!! එය නම් ගොරහැඩිය...මට මැවී පෙනෙන්නේ මුහුකුරා ගිය, වත් අලේපන තවරා ගත් කාන්තාවක්ය.ඒ ඕදරිකෝ
නොවන බව මම දනිමි.නැවැත මා වඳන් අතර සිරවුවේමි. ඇය කෙල්ලෙකි........
මතුසම්බන්දයි....
මුලාශ
කවබතා යසුනරි ඉzසූ නො ඕදොරිකෝ
(ඔබ මේම කතාව කියවීමට උනන්දුවන්නේ නම් ,මේම කෙටිකතාව ඇතුළුව යසුනරි කවබතා
ශූරීන්ගේ කෙටි කතා සංග්‍රහයක් ඉසූ නළඟන නමින් විමලදාස සමරසිංහ ශූරීන් විසින්
පරිවර්තනය කර තිබේ.පහන් ප්‍රකාශන-මරදාන)
පින්තුරය-
යමගුචී මොමෝඑ- ඇය 1974 වසරේ තිර ගත වු ඉසූනො ඕදොරිකෝ චිත්‍රපටියේ නැටුම් කෙල්ලගේ චරිතය රඟ පෑහ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizOlWdqz9gOWO8cEpnRAaOLhK2gKiB6eKbzwP8CAx82JfpINW3gRNkX9AFlGRkZXBFAG3HPE_e1_GGSBqsMVdhJ6h7mxcKKunuPBtwGiTT7JBenOu2UMK9S7pGlACuATIzfEyOFrOZ_V4/s1600/img_1512204_64350444_0.jpg