ඇපල් සමාගම වාර්ෂිකව
පවත්වන Worldwide Developers Conference 24 වැනි වතාවටත් ජුනි 10 වැනිදින සැන් ෆ්‍රැන්සිස්කෝ
නුවරදී පැවැත්විමට සියළු කටයුතු සුදානම්ය.මේම සම්මන්ත්‍රණය සතියක් පුරාවටම දිව යන අතර
එහිදී ඇපල් සමාගම පවත්වන ඉදිරිපත් කිරිම් ,Workshops,ආදිය සඳහා ඇපල්
නිෂ්පාදන මත ධාවනය වන මෘදූකාංග සහ ඇප්ලි නිර්මාන කරුවන්/සංවර්ධකයින් සහභාගී වේ.
වඩාත් ඉහළ අවධානයක්
යොමු වන්නේ ඇපල් සමාගම පවත්වන මුලික ඉදිරිපත් කිරිම වනkeynote
ඉදිරිපත් කිරිම සඳහායි.2009 වසරේදී iPhone 3GS ,ද2010 වසරේදී iPhone 4ද එළි දක්වනු ලැබුවේ මෙම වැඩසටහන තුළින්ය.නමුදු
මෙවර අළුත් iPhoneමේම සම්මන්ත්‍රනය
හරහා එළි නොදකිනු ඇති බවයි ක්ෂේත්‍රයේ පැතිර යන ආරංචී දක්වන්නේ.