a

Friday, May 23, 2014

ඉසූ හිදී හමු වු නැ‍ටුම් කෙල්ල

මේ කෙටිම කෙටි කතාව ගොඩනැගෙන්නේ "මම" වටාය. මම තොකියෝ යුනිවර්සිටි කොලිජීයේ ශිෂ්‍යයෙක් වෙමි.මේ කතාව අරම්භ වෙන්නේ දින කීපයක කෙටි චාරිකාවක් සඳහා මා ඉසූ අර්ධදීපයට ගිය ගමනෙන්ය. කතාව දින පහකි..දින පහේ සිදුවීම් අසා, ඔබ කතාවකට ඔබින කිසිඳු කෙංගෙඩියක් එහි නැතැයි කියනු ඇත.නමුඳු  "මම" බිහිකල කවබතා යසුනරි දින පහ තුළ ලොකු කතාවක් දැක්කේය.අංකුර ලේඛකයෙකු සිට නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත්,මහා ගත්කතුවරෙයෙකු දක්වා ඔහුව ගෙන යන්න මුල් බීජය මේ කතාව තුළ ගැබ්ව තිබුනි.
ඔබට මේ වැල්වටාරම් අවශ්‍ය නැති බව මම දනිමි.ඔබ නොවිසිල්ලෙන් සිටින්නේ මේ කතාව ඇසීමට බවද මා දනිමි.

"අම්මා අප්පා නැති අනාථ දරුවෙකු" ගැන ඔබට මැවෙන්නේ කුමන චිත්ත රූපයක්ද? පාරේ කඩමළු ඇඳ ගත් සිඟා කන දරුවෙකුගේ රුවක්යැයි ඔබ කියුනු ඇතැයි මා අනුමාන කරමි.මා එවැන්නෙකු නොවෙමි.නමුඳු අනාථයෙකු වන්නෙමි. මා ඉපිද දෙවසරක් සපිරීමේදී මාගේ මව මිය ගියේය.තුන් වන වසරට පා තබන විට මාහට පියාද අහිමි විය.සත් වන වියට පත්වන විට මාව ‍රැක බලා ගත් අත්තම්මා මිය පරලව ගිය අතර ඉන් තෙවසරකින් මාගේ වැඩිමහල් සොයුරියද ජිවීතය අත හැර ගියහ.පහළොස් වියට පත් වු විට මා හට සිටි එකම නෑයා වූ සීයා ද අවසන් ගමන් ගොස්ය.ඉඳින් මා තනිකම වෙළා ගත් අනාථයෙකු හැර අන් කවරෙක්ද?මාගේ මවත් පියාත් මා වෙනුවෙන් යම් කිසි ධනයක් ‍රැස් කර තබා තිබු අතර,යුනිවර්සිටි කොලීජිය දක්වා අධ්‍යාපනය ලැබීමට එය මට පි‍ටුවහලක් විය.
ඔබ නැවැත නොවිසිලිමත්ව සිටින බව මම දනිමි.ඔබ මාගේන් බලාපොරොත්තු වන්නේ දින කීපයේ ඉසූ සංචාරය ගැනය.

මාගේ කතාව පටන් ගන්නේ ඉසූ සංචාරයේ හතරවැනි දිනෙන්ය.සරත්  සෘතුවේ වැස්සට අසුව මා ,අඕගී උමංග පාමුල කඩමණ්ඩියට ගොඩ වැඳුන මොහොතයි.කඩමණ්ඩියක් යැයි කිව හැකි යමක් එහි නොවීය.වයසක අත්තම්මා කෙනෙකු විසින් පවත්වාගෙන යන පුංචී පහේ තේ කඩයකි.ඔබ දැන් මවා ගන්නා තේ කඩය මා ගොඩ වූ තේ කඩයට කොහෙත්ම සමාන නොවන බව මා දනිමි.මේ කතාව ඔබට කියන මා මුහුණ දෙන ලොකුම අහියෝගය එයයි.වෙනත් බසක වෙනත් රටක දෙයක් වඳන් හරඹයකින් ඔබට මවා පෙන්නවන මට පහසු නැත.

මා ඈ දු‍ටුවේ එහිදීය. ඈ සංචාරක නැ‍ටුම් කණ්ඩායමක නැ‍ටුම් කෙල්ලෙකී. මා වචන පරිස්සමේන් තේරුවේමී. "සංචාරක නැ‍ටුම් කණ්ඩායම"ට වඩා අහිගුණ්ඨක නැ‍ටුම් කණ්ඩායමක් ලෙස පැවසීම ඔබට පහසුවෙන් මේම කණ්ඩායම් වල තත්වය තේරුම් ගත හැකි වේතැයි සිතුවෙමි.මන්ද මා සිටින්නේ 1920 විසි ගණන් වල ජපානයේය.මේවැනි නැ‍ටුම් කණ්ඩායම් වලට තිබුනේ පහත් සමාජ පිළිගැනීමක්ය.ඉසූ වලද බොහෝ ගම් වල මෙවැනි කණ්ඩායම් වලට ගම් වලට ඇතුළුවීම තහනම් කර පුවරු අටවා තිබු බව පසුව ඔවුන් සමඟ ගමන් කිරිමේන් අත් විද්දේමී."ඔහුන් සමඟ ගමන් කිරීම"       "අහිගුණ්ඨක වචනය වෙනුවට සංචරක යෙදීම" දැන් ඔබ මාවසමාජ අයුක්තියට එරෙහි වන වීරයෙකු ලෙස ලේබල් කිරීමට ඉක්මන් නොවීය යුතුය.ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමේ කිසිඳු වුවමනාවක් මාහට නැත. "මම" කියන චරිතය ගොඩනැගූ කවබතා යසුනරි ගත්කරුටද එවැනි අරමුණක් නොතිබු බව සිතමි. පසුව "මම" චරිතය සිනමාවට ගෙන්වූ සිනමා කරුවන් එවැනි ප්‍රයන්තයක නිරත වු බව පැවැසීම, මා නැවැතත් කතාවේන් පිට පැනීමට හේතු වන බැවින් අතහැර දමමි..

ඉසු නො ඕදොරිකො(1974)
ඉඳින් කුඩා බෙරයක් වැනි වද්‍ය භාණ්ඩයක් අත දරා සිටී ඈ මට නැ‍ටුම් කෙල්ලක් විය. ඇගේ නැ‍ටුම් කණ්ඩායම ඇගේ පවුලේ සමජීක සමාජීකයින්ගෙන් ගොඩනැගී තිබු අතර,ඔහුන් සමඟ කුළුපගුව,ඇගේ නම කඕරී බව දැන ගත්තද,මේ කෙටි කතාව පුරා කිසිඳු විටක මා ඈ ගැන ඇගේ නමින් සටහන් නොතිබුවෙමී.කතාව පුරාවටම ඈ මට නැ‍ටුම් කෙල්ලම වීය.විමලදාස සමරසිංහයන්ගේ පරිවර්තනයේ ඇයට ඉසූ නළඟන යැයි නම් තබා තිබුනි.
නළඟන!! නළඟන!! මා නැවැතත් ගැහැටට පත්වෙමි.මාගේ හදවතේ කොහෙදෝ කොනක ඈ නළඟනක් නොවන බව කෑගසා කියනු ඇසිනි.කවබතා යසුනරි ඇයට කියුවේ "ඔදොරිකො踊り子)"කියාය. ඔදොරිකො ඒ වඳන මා සිතට එක් කරන්නේ අහිංසක හුරතල් කමක්.........ප්‍රියකරු හුරුබුහුටිකමක්.........නළඟන!!නළඟන!! එය නම් ගොරහැඩිය...මට මැවී පෙනෙන්නේ  මුහුකුරා ගිය,               වත් අලේපන තවරා ගත් කාන්තාවක්ය.ඒ ඕදරිකෝ නොවන බව මම දනිමි.නැවැත මා වඳන් අතර සිරවුවේමි. ඇය කෙල්ලෙකි........
මතුසම්බන්දයි....

මුලාශ
කවබතා යසුනරි ඉzසූ නො ඕදොරිකෝ



(ඔබ මේම කතාව කියවීමට උනන්දුවන්නේ නම් ,මේම කෙටිකතාව ඇතුළුව යසුනරි කවබතා  ශූරීන්ගේ කෙටි කතා සංග්‍රහයක් ඉසූ නළඟන නමින් විමලදාස සමරසිංහ ශූරීන් විසින් පරිවර්තනය කර තිබේ.පහන් ප්‍රකාශන-මරදාන)


පින්තුරය-
යමගුචී මොමෝඑ- ඇය 1974 වසරේ තිර ගත වු ඉසූනො ඕදොරිකෝ චිත්‍රපටියේ  නැ‍ටුම් කෙල්ලගේ චරිතය රඟ පෑහ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizOlWdqz9gOWO8cEpnRAaOLhK2gKiB6eKbzwP8CAx82JfpINW3gRNkX9AFlGRkZXBFAG3HPE_e1_GGSBqsMVdhJ6h7mxcKKunuPBtwGiTT7JBenOu2UMK9S7pGlACuATIzfEyOFrOZ_V4/s1600/img_1512204_64350444_0.jpg 

Tuesday, February 18, 2014

මේ දවස් වල ජපානේ නිවුස්...සිංහලෙන්ම......

අද-පාන්දර
##බර්ලින් ජාත්‍යන්තර සිනමා උළලේ හොඳම නිළිය සම්මානය ජපන් චිත්‍රපටියකට##

යොජී යමදා අධ්‍යක්ෂකගේ "චීයිසායි ඕඋචී (小さいおうち) චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හරු කුරොකී බර්ලින් ජාත්‍යන්තර සිනමා
උළලෙදී හොඳම නිළිය සම්මානයට(Silver Bear for best actress) පාත්‍රවීය.මේම චිත්‍ර්‍රපටිය දෙවන ලොක යුද්ධයට පෙර ජපානය පසුබිම් කරගෙන නිපයුවකි.
බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙල , ලොව ප්‍රමුකතම සිනමා උළෙල ත්‍රිත්වයෙන් (කෑන්ස් සහ වැනීස)එකක් ලෙස සැලකේ.
චිත්‍රපටියේ නම සිංහලෙන් " කුඩා ගෙදර"(The Little House) මෙම චිත්‍රපටිය ජපානයේ ඉහළම සහිත්‍ය සම්මාන දෙකෙන් එකක් වන් නඕකී සම්මානය දිනාගත් ක්‍යකෝ නකජීමාගේ ඒම නමින්ම ඇති නවකතාව පදනම් කරගෙන සිනමාවට නැඟුවකී.පසුබිම 1930 දශකයේ ජපානයයි.
මෙම චිත්‍රපටිය පසුගිය මස ජනවාරි අග සිට ජපානේ සින්මා ශාලා වල ප්‍රදර්ශනය ඇරඹිණි.

ඊයේ-උදේ
"¥¥පළමු තැග්ග යෙන් බිලියනයක් BIG ලොතරැයිය,සීමිත කාලයක් සඳහා නැවැතත්!¥¥"

ජපාන ක්‍රීඩා කවුන්සිලය(Japan sport council,JSC) විසින් පවත්වාගෙන යන Big ලොතැරැයිය 678වැනි වාරය සඳහා පළමු දිනුම යෙන් බිලියනයක්(10億円)වේ.මෙම දිනුම් ඇදීම ජපාන වෘතීමය පාපන්දූ තරඟ කාණ්ඩායම් වල ජය පාරාජය අනුමාන කිරීම පාදක කරගෙන සිදු කරනු ලබයි,, 
මෙවර 678 වැනි වාරය සඳහා ලොතැරැයි පත් මෙම මස 15 වැනිදා සිට මාර්තු 1වැනිදා දක්වා ,Family Mart,Lawson ආදී කොම්බිනි වලින්ද මිළදී ගත හැක.

ඊයේ-හවස
###19වැනිදා 20 වැනිදා අතර නැවැතත් ටොකීයො ඇතුළු කන්තෝ පලාතට හිමපතනයක්?###

කාළගුණ ඒජන්සී වාර්තා දක්වන්නේ මේ මස 18 වැනිදායි පසුව,දකුණු දිග වෙරළ ප්‍රදේශය තුළ හට ගන්නා අවපීඩන කාළගුණ තත්වය නිසා කන්තො සහ තොහොකු පළාත් වලට නැවැත වරක් හිම පතනයක් හෝ වැසි තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.ඉදිරි දින කීපයේ කාළගුණ වාර්තා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාළගුණ ඒජන්සී වාර්තා දක්වා සිටියි.

මේන්න ලින්ක් ඒක....

හිරු නැඟෙන රටේ අපි


මේක පොඩි ෆෙස්බුක් පි‍ටුවක් ජපානේ පුවත් සිංහලෙන් යන...කරන 
කට්ටියනම් කියුවේ  සතියේ දවස් වල  කොහොම වුනත් 
සති අන්තේනම් වරද්දන් නැතිව අප්ඩේට් කරන්න  හිතන් ඉන්නවා කියලා....

Wednesday, January 1, 2014

යුනෙස්කෝව ලෝක උරුමයක් ලෙස නම් කරපු ජපන් කෑම...

  • ලෝක උරුම  කියලා හඳුවන්නේ සීගිරිය වාගේ ස්ථාන නේද? කෑමක් කොහොමද ලෝක උරුමයක් වෙන්නේ?                          ඔව් , ලෝක උරුමයන් ලෙස සාමන්‍යයෙන් නම් කරගෙන ආවේ ඓතිහාසික වටිනකමක් තිබෙන සංස්කෘතික හෝ ස්වාභාවික ස්ථාන තමයි.හැබැයි ඕනෑම සංස්කෘතියක අතින් අල්ලලා බලන්න පුළුවන් ගොඩනැගිලි,භාණ්ඩ වාගේ දේවල් වලට අමතර තව කොටසක් තියෙනවා  ස්පර්ශ කරන්න බැරි නමුත් ඒ සංස්කෘතිය තුළ ඉහලම වටිනාකමක් දරන දේවල්.උදාහරන විදිහට ගීත, නාට්‍ය,චරිත්‍ර වාරිත්‍ර වාගේ දේවල්. මේ වාගේ ලෝක මට්ටමින් වටිනාකම තියෙන සංස්කෘතික උරුමයන් යුනෙස්කෝව ස්ර්පර්ශනීය සංස්කෘතික උරුමයන් ලෙස නම් කරනවා.


  • දැන් මොන වාගේ දේවලද ඔය අස්පර්ශනීය ලෝක උරුමයන් විදිහට  නම් කරලා තියෙන්නේ?

සැහෙන්න ප්‍රමානයක් තියෙනවා.සම්පුර්ණ ලිස්ට් එක මේතැන තියෙන විකිපිඩීයා ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.ඉන්දියාවේ වේද සජ්ජායනය,ඉන්දුනිසීයාවේ බතික් කර්මාන්තය ,ජපානයේ නොර් නාට්‍ය කලාව ඉන් කීපයක්..

  •  ලංකාවේ අස්පර්ශනීය ලෝක උරුමයන් විදිහට නම් කරපු දේවල් තියෙනවාද?
මා දැනුවත්ව නම් නැහැ.නමුත් උඩරට නැ‍ටුම් සම්ප්‍රදාය,පිරිත් සජ්ජායන, අළුත් අවුරුද්දු චරිත්‍ර වාරිත්‍ර ආදීය  ලෝක උරුමයන් බවට පත්විය යුතු සංස්කෘතික උරුමයන් යැයි  මාගේ අදහසයි.

  • ජපන් කෑම කියුවාම ගොඩක් තියෙනවා නේද? අමු මාළු, මුහුදු ආහාර,සෝයා සොස් වලින් හදන කෑම ,දැන් මොන ආහරයද ලෝක උරුමයක් කියලා නම් කරලා තියෙන්නේ?

මේතැන තමයි වරදවා  වටහා නොගන්න ඕනෑ තැන. ලෝක උරුමයක් ලෙස නම් කරන්නේ එක ජාතියක කෑමක් හරි ඒ කෑම මේසෙ හරි නෙමේයි.ඒ ඒ සංස්කෘතියේ සම්ප්‍රදායික ආහාර සංස්කෘතිය තමයි ලෝක උරුමයක් ලෙස දක්වන්නේ.ජපන් ආහාර ගැන කියුවොත් ආහාර අනුභව කිරීම සම්බන්ද පුරුදු සියල්ලමත් මේකට අදාලයි. ඒ කියුවේ ජපන් ජාතිකයින් ආහර ගැනීමට පෙර කියන ඉතදකිමස් සහ අනුභවයෙන් පසු පවසන ගොචිසෝ සමා දේෂ්තා (ආහාර වෙනුවෙන් කෘතවේදීතවය දක්වන  සුබාෂිංශන,මේහිදී ආහර නිපැයු ස්වභාව ධර්මය දක්වාත් ,ස්වභාව ධර්මය ඇතුළුව සැම දේ  ආරක්ෂා කරගෙන පැමිණි මුතුන් මිත්තන් සහ දේවිවරු දක්වා කෘතන්ඥතාවය පළ කරයි)
පිළිවෙළ කරපු ආහර පමණක් නොව ඒ ආහාර පිළියෙළ කර ගත් ආකාරයත් කුමන ආකාරයේ බාජන වල කුමන ආකාරයට මේසය සකස් කරනවාද යන්නත් ආහාරයට ගන්නා විදිහත් ආදී  සම්පුර්ණ අංගයන් සියල්ලම අයත්ය.

  • ජපන් භාෂාවේන් ජපන් කෑම වලට කියන්නේ මොකක්ද?

ජපන්  ජාතිකයින් සම්ප්‍රදායික ජපන් ආහාර හඳුන්වන්නේ වෂෝකු(和食) කියලා.ජපාන ආහාර ලෙස අර්ථ වෙන්න නිහොන් රියෝරි(日本料理)ලෙස හැඳුනුවත් වරදක් නැහැ.

  • හරි දැන් ප්‍රධානම ජපන් කෑම මොකක්ද?

බත් තමයි.බෝහොමයකම ආසියානු රටවල වාගේ ජපානේත් ප්‍රධාන ආහරය බත්.
මේ කාරණය අමුතුවෙන් නොකියුවත් බොහෝ දෙනෙක් දන්න දෙයක්. අපි බත් කන්නේ බත් සමඟ ව්‍යාංජන අනලා(මිශ්‍ර කරලා)ඊට පස්සෙයි කටට ඇතුළු කරන්නේ,නමුත් ඈත පෙරදිග රටවල බත් සහ සුප් හෝ අපිට ව්‍යංජන විදිහට සලකන්න පුළුවන් දේවල් වෙන වෙනම කො‍ටු වලින් ගෙන කටට ඇතුළු කරලා කටේදි හපලා මිශ්‍ර කරන විදිහක් එහෙම නැත්තම් වෙන වෙනම ආහරයට ගන්න පුරුද්දක් තමයි දකින්න තියෙන්නේ.
සාමන්‍ය ආහර වේලක් කියන්නේ බත් සමන්ග සුප් වර්ගය සහ අමතර ව්‍යාංජන කීපයක්.මේතැනදී ව්‍යාංජන කියන්නේ බොහෝ විට  බැදපු මාළු කැබැල්ලක්(ඔකzසු) ත්සුකේමොනො ලේස හඳුන්වන එළවළු ආදියෙන් සකස් කර ගත් ආහාරයක්(අච්චාරු වලට සමීප)


  • ව්‍යංජන ත්සුකේමොනො හරියට තේරුන් නැහැ. තව ටිකක් ආහර වර්ග ගැන පැහැදිළි කරන්න.
හොඳයි.
හොඳයි කිව්වාට මට හොඳ නැහැ මේ වාගේ ප්‍රශ්ණ සාමන්‍යයෙන් මම අමාරුවේ වැටෙනවා උත්තරදී ගන්න බැරිව ,වඩාත් පැහැදිලි වෙන්න පින්තුර භාවිතා කරන්නම්.
ආහර පිසගන්නා ආකාරය අනුව ප්‍රධාන  කෑම වර්ග සහ  ඊට උදාහරනයක් පින්තුර මඟින් දක්වන්නම්.

1.煮物(NIMONO) stewed dishes
සොයා සෝ ,ආහාර පිසීමට ගන්නා සකේ සහ පැණි රස කාරකයක් ,විනාකිරි,දෂී,මිසෝ
 ආදියෙන් තැනු හොද්දක, එළවළු වර්ග,මුහුදු ආහාර,තොෆු බහා තම්බා ගැනීමේන් සකස් කරන ව්‍යාංජනයක්.

2.焼き物(YAKIMONO)Grilled and pan-fried dishes
පින්තුරේ තියෙන්නේ ජපානයේ සන්මා(Pacific saury) කියලා හඳුන්වන මාළු වර්ගය ලුණු මිශ්‍රව බැඳ ගත් පසුව මේ මාළුවාට සිංහලෙන් කියන නම දන්න කෙනෙක් කොමෙට් එකක් දාන්න හොඳේ. මම හොයලා නම දාලා බල මාළු කේස් එක වාගේ වෙන්න ඉඩ තියෙන නිසා හොයන්න යන්නේ නැහැ.
3.生もの(NAMAMONO)
ගින්දර හෝ ලුණු ආදිය(塩蔵) යොදා කල් තබා නොගත් ආහාර.විශේෂයෙන්ම අමු මාළු වර්ග.අමු මාළු වලට අමතරව තවත් ජනප්‍රිය අමු ආහාර වර්ග නම් අමු අශ්ව මස්(Basashi) ,කුකුල් මස්(පපු  ප්‍රදේශය)(Torisashi )හරක් මස්(වසු ) පීකුදු(Rebasashi )
4.麺類 නුඩ්ලස් වර්ග 

5.揚げ物(AGEMONO)Deep-fried dishes
6.和え物(AEMONO) vegetables with Japanese dressing
7.蒸し物(MUSHIMONO) food cooked by steaming
8.漬物(TSUKEMONO)Pickled or salted foods
9.汁物(SHIRUMONO)Soups


ඉහත වර්ග වලට අමතරව සම්ප්‍රදායික ජපාන රසකැවිලි වර්ග සහ ඕසකේ ලෙස හඳුන්වන මත්පැන් වර්ගයත් සම්ප්‍රදායික ජපාන ආහර වට්ටෝරුවේ වැදගත් අංගයන්ය. රසකැවිලි වර්ග ගැන කෙසේ වෙතත් ඕසකේ ගැන නම් දවසක ලියන්න හිතාගෙන ඉන්නේ.


ආශ්‍රිත
http://www.maff.go.jp/j/keikaku/syokubunka/culture/pdf/washoku_allnt.pdf
http://en.wikipedia.org/wiki/List_of_Japanese_dishes


පින්තුර




Monday, December 9, 2013

සිලිකන් වැලි යන කාර්.....

"අතට නිදහස දීම"...ආයේ පොඩ්ඩක් නෙමෙයි අත පාවිච්චී කරන එක 100%ක්ම නතර කරන්ඩ...ඕක ඔය අවුරුද්දු සීයට පොඩ්ඩක් වැඩි ඉතිහාසේ හැමදාම තිබුන හීනයක් තමයි. ඕතැන ඉතිහාසය කියුවේ මෝටර් වාහන ඉතිහාසය...අස්පයන්ම පැන්ෂන් යවලා ජර්මනියේ බෙන්ස් උන්නැහේ තෙල් ගහන ඇන්ජීම් හයි කරපු වාහන හදන්න ගත්ත කාලේට වැඩිය ඔය රියදුරු දෑතක්(එකක් හරි) නැතිව දුවන හීනේට වයස තියෙනවා.(මුල් වාක්කේ කියවලා දුවගෙන ආපු අය දැන් හැරිලා ගියොත් හොඳා...)

”කාර් එලවන වැඩේ කාර් එකටම බාර දෙන්ඩ ඕනේ...තාම වාහනයක් එලවන්න මිනිහෙක් නැතිව බැරි
 කියන්නේ මට නම් හරි පුදුමයක්.....කොම්පිතරයට කලින් කාර් ලෝකේට ආපු එක ඉතිහාසේ වුන වැ‍රැද්දක්....”
මෙහෙම කියුවේ ගුගුල් ලොක්කා 2010 දී...ඒ එක්කම ගුගුල්ලා තමන් සෙල්ෆ් ඩ්‍රවින් කාර් වලට අත ගහපු විත්තිය ලෝකේට කියුවා.එදා ඉඳන් මේ අවුරුද්දු තුනට වාහන හදන හැමෝම වාගේ ඔය ඉබේ දුවන වැඩෙට අත ගහන්න ගත්තා.ගුගුල්ලගේ වාහනේ 2017දී පාරේ දුවන්න ගනියි. 2020 වේද්දී අද ලංකාවේ හ්යිබ්‍රිඩ් වලට තියෙන තැන ස්මාර්ට් කාර් වලට තියෙයි.
Ford ලොක්කා බිල් ෆොර්ඩ් උන්නැහෙත්  ”කාර් කියන්නේ ඉස්සරහට මිනිස්සුන්ට ස්මාර්ට් ෆොන් එකක් කොම්පියුටරයක් වාගේ එකක් වේවී” කියලත් කියලා තියෙනවා...ඇමරිකාවේ සිලිකන් වැලි කියුවාම අයි.ටී.. Detroit කියුවාම කාර් තමයි මතක් වෙන්නෙලු හැබැයි ඉස්සරහට සිලිකන් වැලි කියුවමත් කර් වේයිමද දන්නේ නෑ ...
දැන් දැන්  ....ටොයොටා වාගේ සමාගමුත් අයි ටී කාරයෝ එක්ක හොඳ හිත තියා ගන්න සිලිකන් වැලි වල කන්තොරු දාගෙන ඉන්නවා.ටොයොටා කියුවාම මතක් වුනේ ටොයොට සමාගමත් මේ ඉබේ දුවන වැඩේ ගැන හරි උනන්දුවකින් වැඩ කොරනව.පහුගිය දොහක අධිවේගී මාර්ග වල සාර්ථකව වාහනයක් ඉබේ දුවන්න පුළුවන් තාක්ෂණය තියෙනවා කියලා පෙන්නඩ කාර් එකක් රියදුරා සුක්කානම අත හැරලා,බ්‍රේක් ඇක්සලරේට් එකෙන් කකුල් ඉවත් කරලා  Automated Highway Driving Assist කියන තාක්ෂනයෙන් දුවවලා පෙන්නුවා.හැබයි මේක දැකල මළ පැනපු කට්ටියකුත් හිටියා අයුබොවන්ඩ.ජපාන පොලීසියේ මහත්තුරු කියුවේ මේක තනිකරම මාර්ග නිතී කඩ කිරිමක්ලු...ප්‍රවාහන අමාත්‍යංශයත් අයේ නිකන් හිටියේ නැහැ ප්‍රමුඛ නිෂ්පාදකයෙකුට ගැලපෙන් නැති ක්‍රියාවක් විදිහට හෙළා දැකලා තිබුන...
සිලිකන් වැලි වල වැඩ්ඩෝ ගොඩක් එළියට ආපු ස්ටැෆොර්ඩ් විශ්ව විද්‍යාලේත් 2008 දී මෝටර් වාහන වලට පරික්ෂන ආයතනය්ක් පටන් ගත්තේ හුළං හමන පැත්ත බලලා..

හිටපු ගමන්ම  අනාගතේ කාර් ගැන ලියන්න හිතුනේ පහුගිය දොහක මෝටර් ෂෝ එකක් බලන්න ගිය හින්ද.වේලාවක් හබ්බ වුනාම එකේදී දැකපු වාහනයක් දෙකක් ගැන ලියලා දාන්ඩ ඕනේ..



ටොයොටා සමාගමේ Automated Highway Driving Assist  විඩියෝව

Wednesday, August 7, 2013

අපොයි! කිරි!!!


ෆොන්ටෙරා  ,නවසීලන්තයේ කිරි සහ කිරි අශ්‍රිත නිෂ්පාදනයන්හි  නිරත වු  New Zealand Dairy Group එක(ඇන්කර් වෙලඳ නාම්යේ මුල් හිමිකරු) Kiwi Co-operative Dairies සහ New Zealand Dairy Board  ආයතන වල එකමුතුවකින් ගොලීය කිරි නිෂ්පාදන තරගකාරිත්වය ජය ගැනීම සඳහා 2001 වසරේ පිහිටා ගත්ත සමාගමක්..නවසීලන්ත දළ ජාතික නිෂ්පාදනයෙන් 2.8% ප්‍රමාණයකට හිමිකමක්ද නවසීලන්ත අපනයනයන්හි 25% ද දරන මේම සමාගම,නවසීලන්ත කොටස් වෙලඳපොළ තුළ දිර්ඝ කාලයක් අංක එකෙහි සටහන් වු දැවැන්ත සමාගමකි.
ආයතන ව්‍යයුහය  ගොඩ නැගි ඇත්තේ විධායක නිළධාරින්  13 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයකිනි. මේම මණ්ඩලය තුළින් CEOතොරාගනු ලැබේ.
ෆොන්ටෙරා සමාගම නවසීලන්තය තුල පමණක් කිරි ලිටර් බිලියන 16 ක් වසරකට නිෂ්පාදනය කරන අතර ලොව පුරා සමාගමේ නිෂ්පාදන අගය ලිටර් බිලියන 22කි. කිරි නිෂ්පාදනය පමණක් සලකා බැලු විට ලොව අංක එකේ ස්ථානය හිමි කරගෙන සිටින අතර ,ලෝක ආහාර නිෂ්පාදන කාර්මාන්තය තුල හතර වන ස්ථානයේ සිටියි. ෆොන්ටෙරා සමාගම නවසීලන්තය තුල නිෂ්පාදනය කරන කිරි නිපයුමේන් 95%ක්ම විදේශයන්ට විකුනනු ලබයි.

 

Wednesday, July 24, 2013

ජංගම දුරකථන ගැන පුංචි පුචි කථා කීපයක්....

මොබයිල් නැති ලෝකයක්....

තව දුරටත් ඉතිං මොබයිල් ෆොන් එකක් අතේ නැති කෙනෙක්ව හොයනවා කියන්නේ අර කළු නික හොයනවා වාගේ අමාරු වැඩක් වෙන කාලේක තමයි අපි ජිවත් වෙන්නේ..කෝල් එකක් ගන්න.මැසේජ් එකක යවන්න විතරක් නෙමයි බුකියේ රවුම් ගහන්න. ‍ටුවිට් කරන්න ,සිංදු අහන්න,විඩියෝ එකක් බලන්න ජංගම දුරකථනය තරම් බහුකාර්්‍ය වුන උපකරනයක් මං හිතන්නේ වර්තමාන ලයිෆ් ස්ටයිල් එකේ වෙන නැති තරම්...

Friday, July 19, 2013

ජපාන අගමැති රෝනල්ඩ් රේගන්ට අඳින්න සැරසේ.....

මෑතක් වෙනකම්ම ලංකාවට වැඩියෙන්ම ආධාර දුන්න රට වුනේ ජපානේ.ඊට පස්සේ ඒ තැනට ආවේ චීනේ...චීනේ ඒ තැනට එනවාත් එක්කම වාගේ ,ඇමරිකාවට පස්සේ දෙවැනියට ලොකුම ආර්ථිකය විදිහට ජපානයට තිබුන තැනත් නැති වේලා ගිහින් එතැනට චීනේ ආවා.ඉස්සර ඉලොක්ට්‍රොනික් බඩු කඩයකට ගියාම තිබුනේ වැඩිපුර ජපානේ බඩු...පස්සෙන් පහු ඒ තැනට කොරියන් ,චීන බඩු එන්න ගත්තා.මං ඔය කාරණා ටික කියන්න ගත්තේ ලොකු ලොකු ඉලක්කම් සරඹ දැම්මේ නැතත් ඕනෑම කෙනෙක්ට ඔය උඩ කාරණා ටික දිහා බැලුවාම හිතා ගන්න හැකියි ජපාන ආර්ථිකේ මොකක් හරි අවුලක් තියෙන විත්තිය.

Monday, July 8, 2013

ඔබත් පඩිය ගෙඩි පිටින්ම වයිෆ්ට දෙන්න කැමැතිද?

මං මේ බැලුවේ මේ බ්ලොග් එක පටන් අරන් අවුරුද්දු දෙකකටත් වැඩියි. මං මේක පටන් ගත්තේ ජපානේ සමාජ ජිවිතේ ගැන එහෙම ලියනවා කියලා  හිතාගෙන.ඒකයි නම  My life as a Gaijin කියලා දැම්මේත්, පොඩ්ඩක් බ්ලොග් පොස්ට් ටික (අර මම යලට එකයි මහට එකයි ලියපුවා) පෙරළලා බැලුවාම අඩේ සබ්ජෙක්ට් එකට අදාලව ලියල තියෙන්නේ පොස්ට් දෙකයි.