ළඟින් අශ්‍රය කරපු එවුන්ටනම් දැනටමත් වුනේ මොකක්ද
කියලා තේරිලා තියෙනවා වුනත් පහුගිය ටිකේ වුන දේවල් වල හැටියට මගෙන් කෙලින්ම අහන්න බැරිව
ප්‍රශ්ණේ මඟ හරින හැටි මටත් හොඳටම තේරුනා.අමාරුවේන් හරි හිත හඳා ගත්ත හින්ද කටින් කියා
ගන්න බැරි වුනත් මේ මඟුලේ අකුරු ටිකක් විදියට හරි කොටලා දානවා.
අවුරුද්දයි මාස 2 ක් පුරා i එක්ක තිබුන ලව් එෆෙයාර් එක නවත්තලා දාන්න වුනා.
Wednesday, November 28, 2012
Saturday, November 24, 2012
“Kindle” ඇමසන් අනාගතේ දී නොමිලේම බේදාහරියිද?
ඇමසන්! හැමදාම උත්සහා කරන්නේ වෙළඳ පොළේ පවතින
මිලට හැකි උපරිමයෙන් අඩුම මිලට භාණඩ සහ සේවා සපයන්න.පසුගිය කාල සීමාව පුරාවටම ඇමසන්
අලවි කරන Kindle ටැබය සම්බන්ධයෙන්ද
ඔවුන් අනුගමනය කලේ ඒ ප්‍රතිපත්තියම තමයි. Kindle Wi-Fi, 6" E Ink Display එක වර්තමාන මිල
ඩොලර් 69ක් දක්වා අඩු කරලා තියෙන
එක තමයි හොඳම උදාහරණය කියලා Slate සඟරාවට තාක්ෂණිකලිපි ලියන Farhad Manjoo මහත්යා පෙන්නල දීල තිබුනා.ඒ මහත්තයා නම් කියන්නේ ලබන සතියේ නැත්නම් ලබන
අවුරුදේ ඇමසන් ලා නිකන් දෙන්න පටන් ගන්න නිවුස් එක අහන්න ලැබෙයි කියලා.
නිකන් කියුවාට නිකම්ම නෙමයි ඇමසන් සේවා සපයන
රටවල අවුරුද්දට ඩොලර් 79ක් ගෙවලා ඇමසන්ප්‍රයිම් සාමජිකයින් වුන අයට නොමිලේ දෙන්න ඉඩ තියෙන විත්තිය තමයි උපකල්පනය කරන්නේ.
ඇමසන් මේ වෙනකොටත් ප්‍රයිම් සමාජිකයිට ඇණවුම්
කරන භාණඩ එදිනම ( ජපානය තුළ පසුදිනම)බේදා හැරිම,චිතර්පටි ස්ට්‍රීම් නොමිලේ බේදා හැරිම kindle ඊ බුක් පුස්ථකාල සේවාව සැපයීම ආදිය සිදු කරනවා
, ඊට සමගාමීව ප්‍රයිම් සමාජිකයිට
වඩාත් පහසුවෙන් ඇමසන් සේවා ලබා ගැනිමට Kindleටැබයක් ලබා දෙන්න
ඉඩ තියෙයින බවයි කියවෙන්නේ.
Sunday, September 23, 2012
ඔබාමා මෙවර ජනධිපතිවරණයෙන් ගොඩ යයිද?
2012 ඇමරිකානු ජනාධිපති වරණය ඇත්තේ තව මාසෙකට පොඩ්ඩක් වැඩියෙන්ය.
ඇමරිකානු දේශපාලනය ගැන ලංකාවේ දේශපාලන වේදිකාවලින් වැඩියෙන්ම ඇහෙන්නේ ඇමරිකාව කියන්නේ ඔය පොඩි පොඩි රටවල් අල්ලන් පාට් දාන චණ්ඩියෙක් ගාණට දාලා, නැත්නම් CIA ලව්වා වෙන රටවල් ආණ්ඩු අවුල් කරවන යටි කුට්‍ටු කාරයෙක් විදියට.ලංකාවේ හැම පරම්පරාවක වාගේ ඉන්නවා බෝතලයක් එහෙම සෙට් වේලා දේශපාලනය ගැන කථා කරන්න ගියාම ඇමරිකාවට පලු යන්න බනින මිනිස්සු... අනිත් පැත්තට ඇමරිකාවට වන්දනාමාන කරන කීප දෙනෙකුත් නැතිවාමත් නෙමයි.අර එක පාරක් ප්‍රසිද්ධ වයාපාරික මහතෙකුත් ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකුට සුභ පතලා පත්තර වල ඇඩ් හිටන් දැම්මේ.ඒ අය කොහොම වුනත් ඔය බනින කට්ටියනම් බහුතරයක් මං හිතන්නේ හරි හමන් හේතුවකට වැඩිය ඇමරිකාවට බැන්නම නිකං ප්‍රගතිශීලී ගටක් තියෙනවා කියලා හිතං තමයි බනින්නේ. මොකද මං දන්නම අය ඉන්නවා බැන්නට හිත යටින් ඇමරිකාවත් එක්ක තරහා නැති..පස්සෙන් පහු ඇමරිකාවේ ස්ථිර පදිංචියට ගිය අය ඉන්නවා.
Friday, September 14, 2012
අයි ෆොන් 5 ඇත්ත කථාව සහ ඇත්තම ඇත්ත කථාව.....
මුලින්ම මේ ෆොන් එකයි ගිය අවුරුද්දේ පිට වුණු අයි ෆොන් 4S එකයි අතර තියෙනකැපි පෙනෙන වෙනස්කම් ටික බලමු..ස්ක්‍රීන් සයිස් එක විශාල වේලා තියෙනවා කලින් ෆොන් එකේ
ස්ක්‍රීන් එකට වැඩිය උස ස්ක්‍රීන් එකක් .(4S දක්වා අඟල් 3.5ක ඩිස්ප්ලේ භාවිතා
වුනු අතර මේවර අඟල් 4 ප්‍රමාණය)වැඩි
වෙගවත් A6 ප්‍රොසසෙරයක් වාගේම
අධි වේගී LTE නෙට්වර්ක් සඳහාත්
සහයෝගය දක්වන විදියට තමයි මේ අළුත් ෆොන් එක නිර්මාණය කරලා තියෙන්නේ.
අළුත් අයි ෆොන් එකත් සමඟ ios 6 මෙහෙයුම් පද්ධතියත්
පැමිණෙනවා.ඔය ප්‍රධාන කාරණා ටික සලකලා බැලුවාමනම් කලින් අවුරුද්දේ 4S එකට වැඩිය ලොකු දියුණුවක් ලැබුවා කියලා නම් කියන්න
අමාරුයි. ඇපල්ලාට හරි හමන් යමක් කරන්න බැරි වේලා මේ සැරේ කියලා යන අදහසට 100%ක්ම එකඟ වෙන්න පුළුවන් කියන එක තමයි මාගේ අදහස.ඊයේ
The Wall Street Journal
එකේ අයිෆොන් 5
Boringද? කියලා අහලා ලිපියකුත්
ගිහින් තිබුනා.ඇපලුත් පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා වාගේ........
Wednesday, September 5, 2012
අත ලඟලු ඇපල් කියයි.......
අද උදෑසනම 9to5 MacBlog අඩවිය වාර්තා කලේ ඇපල් සමාගම සිය නවතම මධ්‍ය
හමුව සඳහා අරධනා පත් යැවීම අරම්භ කර ඇති බවයි.මේම මස 12 වැනි දිනට යොදා
ඇති මේම මාධ්‍ය හමුව තුළ එම සමාගමේ නවතම අයි ෆොන් දුරකථනය එළි දැක්වෙනු ඇති බව බොහෝදෙනා
විශ්වාසය පළ කරයි. මේම ඊමේල් අරාධනා පතය තුළ
‘It’s almost here’ යන වඳන පහලින්
විශාල දිනය දක්වන 12 ඉලක්කම පමණක් සටහන්ව
තිබේ. මේම මාධය හමුවේ අන්තර්ගතය පිළිබඳව කිසිදු සටහනක් ඇතුළුත්ව නැත. නමුදු 12 ඉලක්කමේ
ඡායාව 5 ඉලක්කමේ හැඩය ගන්නා
බැවින් මිළඟ අයි ෆොනය අයි ෆොන් 5 ලෙස හැඳින්විමේ
හැකියාව වැඩි බව 9to5
Mac පවසයි.
12 වැනිදා මාධ්‍ය හමුව පිළිබඳ මුල් වරට හෙළි කල i More බ්ලොගය සඳහන් කර තිබුනේ ඇමරිකාව තුළ අයි ෆොනය
12 වැනිදා එළි දැකිමත්
,21 වැනිදාට වෙළඳ පොළට
නිකුත් වීමත් සිදු වෙනු ඇති බවයි.
Saturday, September 1, 2012
Apple vs. Samsung හැබෑ පරාජීතයෝ කවුරුන්ද?
ඇපල් සමාගම ඩොලර් බිලියන 1.05 දැවන්ත වන්දියක් හිමි කරගෙන නිම වු ලොව අංක 1 ජංගම දුරකථන නිෂ්පාදන සැමුසන් සමාගමට එරෙහි නඩුව පිළිබඳ පසු විපරමකි මේ.
නඩු යන්නෝ වැනසෙන්නොය.හැබැයි එහෙමයි කියලා ඇපල්ලා
නඩු නොගින් නොහිටියෝය. නඩු පිට නඩු ගියේය. ඒ සැමුසන් සමාගමට එරෙහිවය,අමේරිකාවේ විතරක් නෙමේය,එංගලන්තේ ජර්මනියේ ඔස්ට්‍රෙලියවේ ජපානේ………….. කොටින්ම සැමුසන්ලාගේ
මව්බිම වෙච්ච කොරියාවේ හිටන් ඇපල්ලා නඩු දාන්න ගත්තේය.නඩු කියන්නේ මේව්ව්වා වැල් පොළි
ක්‍රමේ නඩුය.හරියට ජෙනරාල් උන්නැහෙට දැම්ම නඩු වැල වාගේය.කෙස් එක මේකය, ඇපල්ලා කියන්නේ
සැමුසන්ලා අයි ෆොන් එක කොපි කලා කියලාය.තව අයි පැඩ් එකත් කොපි කලා කියාලය,තව ඔබන විදියත් කොපි කලාය කියලාය."ඔබන
" ක්‍රමේ අයිති ඇපල්ලාටය,තව හුට පට ගොඩක්ය.
Saturday, August 25, 2012
ඇපල් සමාගම නඩුව ජය ගනියි.සැමුසන් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියනක දඩයක්!
සැමුසන් සමාගමට එදිරිව ඇපල් සමාගම විසින් ඇමරිකානු
අධිකරණය තුළ ගොණු කර තිබු නඩුව අද දින ඇපල් සමාගම විසින් ඉදිරිපත් කල පේටන්ට් බලපත්‍ර
උල්ලංඝනය කිරීම පිළිබඳ සාධක බෝහෝ දුරට පිළි ගනිමින් ජුරී සභාව විසින් සැමුසන් සමාගම
වැරැදිකරු කරමින් ඇපල් සමාගමට බිලියන 1ක හනිපුර්ණයක්
ලෙස ගෙවීමට නියම කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කලේය.
Monday, August 20, 2012
ඇපල් රහස් එකින් එක එළියට.....
"ඇමරිකානු ඇපල් සමාගම සහ කොරියානු සැම්සුන් විදුලි
උපකරණ සමාගම අතර දිවෙන ස්මාර්ට් දුරකථන සම්බන්ධ පේටන්ට් බලපත්‍ර සහ අදාල දුරකථන වල
සැලසුම් නිර්මාණ පිළිබඳව දැන් පවතින නඩු විභාගය තුළ ඇපල් සමාගමේ අතිශය රහසිගත සමාගම්
රහස් සහ මේ දක්වා සමාගමේ බිත්ති හතරින් පිටතට නොපැමිණි කථාවන් පොදු සමාජයට විවර වෙමින්
පවතියි.තවද ඇපල් සමාගමේ නව්‍ය උපාංග ලොවට හඳුන්වාදෙන පුරෝගාමි සමාගමක් ලෙස ගොඩනඟාගත්
අනන්‍යතාවයද ප්‍රශ්ණ කරනු ලබන ප්‍රකාශ ද විටින් විට උසාවි භුමීයෙන් ඇසෙනු හැකිය.ඇපල්
සමාගම නඩුව ජයග්‍රහනය කලද සමාගමක් ලෙස ලබන හානිය සුළු පටු නොවන බව අනුමාන කල හැකිය."
Subscribe to:
Posts (Atom)

