a

Wednesday, August 7, 2013

අපොයි! කිරි!!!


ෆොන්ටෙරා  ,නවසීලන්තයේ කිරි සහ කිරි අශ්‍රිත නිෂ්පාදනයන්හි  නිරත වු  New Zealand Dairy Group එක(ඇන්කර් වෙලඳ නාම්යේ මුල් හිමිකරු) Kiwi Co-operative Dairies සහ New Zealand Dairy Board  ආයතන වල එකමුතුවකින් ගොලීය කිරි නිෂ්පාදන තරගකාරිත්වය ජය ගැනීම සඳහා 2001 වසරේ පිහිටා ගත්ත සමාගමක්..නවසීලන්ත දළ ජාතික නිෂ්පාදනයෙන් 2.8% ප්‍රමාණයකට හිමිකමක්ද නවසීලන්ත අපනයනයන්හි 25% ද දරන මේම සමාගම,නවසීලන්ත කොටස් වෙලඳපොළ තුළ දිර්ඝ කාලයක් අංක එකෙහි සටහන් වු දැවැන්ත සමාගමකි.
ආයතන ව්‍යයුහය  ගොඩ නැගි ඇත්තේ විධායක නිළධාරින්  13 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයකිනි. මේම මණ්ඩලය තුළින් CEOතොරාගනු ලැබේ.
ෆොන්ටෙරා සමාගම නවසීලන්තය තුල පමණක් කිරි ලිටර් බිලියන 16 ක් වසරකට නිෂ්පාදනය කරන අතර ලොව පුරා සමාගමේ නිෂ්පාදන අගය ලිටර් බිලියන 22කි. කිරි නිෂ්පාදනය පමණක් සලකා බැලු විට ලොව අංක එකේ ස්ථානය හිමි කරගෙන සිටින අතර ,ලෝක ආහාර නිෂ්පාදන කාර්මාන්තය තුල හතර වන ස්ථානයේ සිටියි. ෆොන්ටෙරා සමාගම නවසීලන්තය තුල නිෂ්පාදනය කරන කිරි නිපයුමේන් 95%ක්ම විදේශයන්ට විකුනනු ලබයි.

 

Wednesday, July 24, 2013

ජංගම දුරකථන ගැන පුංචි පුචි කථා කීපයක්....

මොබයිල් නැති ලෝකයක්....

තව දුරටත් ඉතිං මොබයිල් ෆොන් එකක් අතේ නැති කෙනෙක්ව හොයනවා කියන්නේ අර කළු නික හොයනවා වාගේ අමාරු වැඩක් වෙන කාලේක තමයි අපි ජිවත් වෙන්නේ..කෝල් එකක් ගන්න.මැසේජ් එකක යවන්න විතරක් නෙමයි බුකියේ රවුම් ගහන්න. ‍ටුවිට් කරන්න ,සිංදු අහන්න,විඩියෝ එකක් බලන්න ජංගම දුරකථනය තරම් බහුකාර්්‍ය වුන උපකරනයක් මං හිතන්නේ වර්තමාන ලයිෆ් ස්ටයිල් එකේ වෙන නැති තරම්...

Friday, July 19, 2013

ජපාන අගමැති රෝනල්ඩ් රේගන්ට අඳින්න සැරසේ.....

මෑතක් වෙනකම්ම ලංකාවට වැඩියෙන්ම ආධාර දුන්න රට වුනේ ජපානේ.ඊට පස්සේ ඒ තැනට ආවේ චීනේ...චීනේ ඒ තැනට එනවාත් එක්කම වාගේ ,ඇමරිකාවට පස්සේ දෙවැනියට ලොකුම ආර්ථිකය විදිහට ජපානයට තිබුන තැනත් නැති වේලා ගිහින් එතැනට චීනේ ආවා.ඉස්සර ඉලොක්ට්‍රොනික් බඩු කඩයකට ගියාම තිබුනේ වැඩිපුර ජපානේ බඩු...පස්සෙන් පහු ඒ තැනට කොරියන් ,චීන බඩු එන්න ගත්තා.මං ඔය කාරණා ටික කියන්න ගත්තේ ලොකු ලොකු ඉලක්කම් සරඹ දැම්මේ නැතත් ඕනෑම කෙනෙක්ට ඔය උඩ කාරණා ටික දිහා බැලුවාම හිතා ගන්න හැකියි ජපාන ආර්ථිකේ මොකක් හරි අවුලක් තියෙන විත්තිය.

Monday, July 8, 2013

ඔබත් පඩිය ගෙඩි පිටින්ම වයිෆ්ට දෙන්න කැමැතිද?

මං මේ බැලුවේ මේ බ්ලොග් එක පටන් අරන් අවුරුද්දු දෙකකටත් වැඩියි. මං මේක පටන් ගත්තේ ජපානේ සමාජ ජිවිතේ ගැන එහෙම ලියනවා කියලා  හිතාගෙන.ඒකයි නම  My life as a Gaijin කියලා දැම්මේත්, පොඩ්ඩක් බ්ලොග් පොස්ට් ටික (අර මම යලට එකයි මහට එකයි ලියපුවා) පෙරළලා බැලුවාම අඩේ සබ්ජෙක්ට් එකට අදාලව ලියල තියෙන්නේ පොස්ට් දෙකයි.

Saturday, July 6, 2013

මේය වෙබ් පි‍ටුවක්ය.

ලොකු ලොකු දේවල් තියෙන පි‍ටුවක් නෙමේයි.
මේ පි‍ටුවේ තියෙන්නේ වචන පමණයි.

ඒ වචන ඔබ දැන් කියවමින් සිටියි.

Tuesday, June 11, 2013

(WWDC - දෙවන කොටස )අළුත් Mac OS X "Mavericks" ගැන සහ යවත්කාලින වුන MacBook Air /Mac pro

ඔන්න WWDC වාර්තාවේ ඉතිරි ටික ,කලින් කථාව නතර කලේ ඇපල් සමාගමේ උපසභාපති වරයෙක් වාගෙම OS X භාරව කටයුතු කරන Craig Federighi වේදිකාවට පැමිණිමත් සමග.




ඇපල් WWDC 2013 මොකද වුනේ?

ඇපල් සමාගම විසින් මෘදුකාංග සංවර්ධකයින් සඳහා පවත්වන WWDC සමන්ත්රණය මීට පැය කීපයක පෙර ඇමරිකාවේ සැන්ෆැන්සිස්ක්රෝ නුවර දී ආරම්භ විය.මේ එහි keynote හි සාරංශයයි.