Wednesday, February 6, 2013

මාතෘකාව චීනය තහනම් වචනය "ණය" ඉල්ලීම......


අවුරුද්දු දහයක්! පහුගිය අවුරුද්දු දහයටම ලොක ආර්ථිකය රඳා පැවැතුනේ චීන ආර්ථිකය කියන ශක්තිමත් එංජීන් එක මත.ඇමරිකා සහ යුරෝප ආර්ථික බරපතල ලෙස කඩා වැටෙද්දීත් චීනය 9.2% ආර්ථික වර්ධනයක් පවත්වා ගන්න සමත් වුනා.  චිනය 2010 දී ඉල්ලක්ම් 2ක් එනම් 10.4% වාර්තාගත දියුණුවක් පෙන්නුම් කලා.
2012 දි,චීන ආර්ථිකයට කළු වලාකුළු පායන්න  පටන් ගත්තා.පසුගිය අවුරුද්දේ GDP වර්ධන වේගය 7.5 ඉක්මවා යන්න අසමත් වුණා.Citi Group වාර්තා කරන්නේ 2013 දී 7.6% සහ 2014දී 7.3% සීමාවන්හි චීන ආර්ථික වර්ධනය ඇන හිටින බවයි.බොහෝ විට 2015 වන විට 7% පමණ අගයක් තමයි දකින්න ලැබෙන්නේ.


චීනේත් සමගම BRICs සහයොගීතා රටවල් වශයෙන් 21 වැනි සියවසේ පෙර ගමන්කරුවෝ බවට පත්ව සිටින බ්‍රසීලය රුසියාව සහ ඉන්දියානු ආර්ථිකද ඉදිරියට සංවර්ධන වේගය අඩාල වීම දකින්න ලැබෙයි.
GlobalInsight නම් ලොව විශාලතඅර්ථශාස්ත්‍ර සංවිධනයේ විශ්ලේෂක Nariman Behravesh මහතාගේ අදහසනම් "BRICsරටවල අපනයන වර්ධනය අඩල වීමට මුලික හේතුව ඇමරිකානු සහ යුරෝප ආර්ථික කඩා වැටීම තුළ ඇමරිකාව සහ යුරෝප තුළ ආනයන හැකියාව අඩුවීම බවයි.ඇමරිකාව කේසේ වෙතත් යුරෝපය ආර්ථිකය නුදුරේම ශක්තිමත් වනු ඇති බව කිසිවිටකත් සිතිය නොහැකි බවයි.
BRICs ඇතුළු සිග්‍ර සංවර්ධනයක් පෙන්නුම් කල ආසියානු රටවල් මතින් ලෝක ආර්ථිකය 4% වර්ධනයක් අපෙක්ෂා කලද,ලෝක මුල්‍ය අරමුදලIMF වාර්තා කරන්නේ මේ වසර තුල 2.4% ඉක්මවා යන වර්ධනයක් බලාපරොත්තු විය නොහැකි බවයි.තව දුරටත් 2014 හෝ 15 ගැන වුවද විශාල වෙනසක් අපෙක්ෂා කල නොහැකි බව IMF වාර්තා දක්වයි.
ලෝක ආර්ථිකය නම් රඟ මඩලෙන් චීනය නම් තනි  තරුව බැස යන දිනය උදා වී ඇත.මී ළඟට උදා වෙන යුගයේදී       (අපි එයට පශ්චාත් චීන යුගය කියල කියමු) චීනය වාගේ තනි රටක් විසින් ලෝක ආර්ථිකය ඇඳගෙන යන භුමීකාවක් දක්නට නොලැබෙන අතර ,BRICs වාගේ මහා පරිමාණ සිග්‍ර සංවර්ධන වේගයක් පෙන්වන රටවල් කාණ්ඩ දක්නට නොලැබෙනු ඇත.
පශ්චාත් චීන යුගයේදී දැවැන්ත තනි රටවල් වලට වඩා කුඩා පරිමාණයේ රටවල් ලෝක ආර්ථිකය කරට ගනු ඇත.මේහෙදී සංවර්ධිත රටවල වෙළඳපොළ ඉල්ල්ලුම එහි උපරිමයට ලඟා වී තිබෙන බැවින් චීනය අපනයන ආර්ථිකයේ සිට අභ්‍යන්තර පාරිභෝජනය මුලික කර ගත්(domestic demand-led economic)  ආර්ථිකයක් බවට පත් විය යුතුව තිබේ.බොහෝ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහසනම් එය එතරම් පහසු කටයුත්තක් නොවන බවයි.
චීනයේ අභ්‍යන්තර පාරිභෝජනය එහි GDP අගයෙන් 35% පමණ ඉතා සුළු ප්‍රමාණයකි.(මෙය ඇමරිකාවේදී 70%ක්ද ඉන්දියාවේ 60%ක්ද වේ)එනම් සියළු නිෂ්පාදන අපනයනය ඉලක්ක ගත වේ.චින ජාතිකයින් මුදල් වියදම් කර නිෂ්පාදන මිළදී ගැනිමට යොමු නොවන ප්‍රධාන හේතුව චීනය තුළ සමාජ ආරක්ෂිත ජාලයක් ගොඩ නැගි නැති කමයි. එනම් යම් හෙයකින් තම රැකියාව අහිමව ගියද අවම ජිවිතය පවත්වා ගත හැකි සුභ සාධන පද්ධතියක් ක්‍රියාත්මක නොවන තැන පුර වැසියාට මුදල් වියදම් කිරිම සඳහා සුරක්ෂිතභාවයක්  නොදැනෙන බැවින්ය.

ආසියානු සංවර්ධන බංකුව පසුගිය ඔක්තොම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කල සංවර්ධන අපේක්ෂිත වාර්තා අනුව චීනය තව දුරටත් වේගය අඩාල වීම වර්ධනය වන අතර මුළු ජනගහනයෙන් ලෝකයේ 4 වන ස්ථානයේ සිටින ඉන්දුනීසීයාව තම ආර්ථික වේගය 6.3%දක්වා වර්ධනය කර ගන්නා අතර ලෝක ජනගහනයේන් 12 වැනි ස්ථනයේ සිටින පිළීපිනය පසුගිය වසරේ වාර්තා කල 3.9% වේගය 5.5% දක්වා ඉහළ දමා ගන්නා අතර තායිලන්තයද 5.2% වේගයක් වාර්තා කරනු ඇති බවයි.
ඉහත රටවල් කීපය ලෝක ආර්ථිකය කිනම් අතකට පෙරලුනදනුදුරු අනාගතයේදි  වඩාත් ශක්තිමත්ව නැඟි සිටිනු ඇති බව විශ්වාස කල හැකිය.මේම රටවල් කීපය තුළ අභ්‍යන්තර වෙළඳපොළ ඉල්ලුම ඉහල ස්ථානයක තිබෙන අතරම, ශක්තිමත් මැද පංතියක් ගොඩ නැගෙමින් සිටියි. රාජ්‍ය ආදායම් ඉහල යාම ,ණය ප්‍රමාණය අඩු කර ගැනිමට සමත් වීම ආදිය ලේස ජාතික මුල්‍ය ස්ථාවර භාවයක් මෙම රටවල් ගොඩනඟා ගැනිමට සමත්ව තිබේ.

චීනය මුහුණ දෙන ප්‍රධාන අභියෝග වන්නේ සිය රටවැසියන්ගේ ජිවන තත්වය ඉහල දැමීම සහ උපරිම පාලනයකට යටත් කරගෙන සිටින චීන මුදල් ඒකකය නිදහස් හැසිරිමකට ඉඩ හැරිමකල යුතුද නැද්ද වේ.
මැත කාලීනව ලෝක ආර්ථික හැසිරීම දෙස බැලු විට සංවර්ධිත රටවල් සිය රටවල රැකියා අවස්ථා සුලභ කිරිම සඳහා වේනත් රටවල ට ගෙන ගිය ව්‍යාපාර(Offshoring) සිය රටට නැවැත කැඳවීම (reshoring) වඩාත් කතාබහට ලක් වෙන කරුණු වේනු ඇත.

අවසාන වශයන් චීනය මත විශ්වාසය තබා සිටින රටවල් දැන් දැන් සිටිම ඉන්දුනීසීයාව ,තායි හා පිලිපීනය සමඟ ශක්තිමත් බැදීම් ඇති කර ගැනිම අනාගත ණය ලබා ගැනිම් සඳහා පහසු වනු ඇත.ශ්‍රි ලංකීකයෝ ලෙස අප මේ පිළිබඳව කරදරකාරීව සිතිය යුතු නොවන බව මාගේ විශ්වාසයයි. මන්ද චීනේන් ණය ගැනිමට නොහැකි වන දිනක අප සුමිතුරු අසල්වැසි මාලදිවයින අපට ණය දීමට හැකි තත්වයකට පත්ව සිටිනු ඇත.

නිව්ස්වීක් ජපාන වෙළුම සහ එදිනෙදා පුවත්පත් ඇසුරෙන්
පින්තුරය
http://www.theatlantic.com

ආර්ථිකය ගැන කලින් ලියපු කථා....

ආසියාව ඇමරිකාව වන දවස...................



5 comments: