
ගිය බදාදා,හවසට එන Tokyo Sportsපත්තරේ හෙඩ්ලයින් එක දාලා තිබුනේ ඔහොම තමයි..සල්ලි දීලා පත්තර ගන්න පුරුද්දක් නැති නිසා පත්තර රක්කේ ලඟ හිටගෙනම උඩින් පල්ලේන් කියවලා බැලුවා...Zhou Shamou කියන චීනා 1997 දි ලියපු The Legend of the Blue Crowකියන Online Novelඑකේ කථාවට සමානලු.
මුලින්ම මේ පුවත පලවේලා තියෙන්න China Dailyවල Zhou Shamou විසින් China Dailyපත්තරයට තමන් ලියපු නවකථාවේ සහ චිත්රපටිය අතර සමානකම් දක්වමින් ලිපියක් ලියලා තියෙනවා.,ඔහු කියන විදිහට කතා සැලස්ම ,සිදුවීම්,සහ අවට වටපිටාව ආදි ලෙස චිත්රපටියේ 80% ඔහුගේ නවකථාවෙන් හොරකම් කරලා.නවකථාව ප්රකාශයට පත් කරන්න අපහසුවෙයි කියලා හිතලා තමයි ඔහු අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. Cameron ට විරුද්ඪව බීජිං උසාවියේ නඩු පැවරුමට ඔහු උත්සහා කලත් ප්රමණවත් සක්ෂි නැහැ කියලා උසාවිය නඩුව වීසි කරලා තිබුනා කියලා. AFPවාර්තා කරල තිබුනා.කොහොම වුනත් Beijinනිතිඥවරයෙක් ප්රකශ කරලා තිබුනේ Cameronට විරුද්ධව නඩුව ඇමරිකානු උසාවියක ගොනු කිරීම වඩාත් ඵලදායි කියල..