a

Wednesday, March 17, 2010

James Cameron “Avatar “Film එක හැදුවේ ,කථාව වීනෙක්ගෙන් උස්සලාලු.......




ගිය බදාදා,හවසට එන Tokyo Sportsපත්තරේ හෙඩ්ලයින් එක දාලා තිබුනේ ඔහොම තමයි..සල්ලි දීලා පත්තර ගන්න පුරුද්දක් නැති නිසා පත්තර රක්කේ ලඟ හිටගෙනම උඩින් පල්ලේන් කියවලා බැලුවා...Zhou Shamou කියන චීනා 1997 දි ලියපු The Legend of the Blue Crowකියන Online Novelඑකේ කථාවට සමානලු.

මුලින්ම මේ පුවත පලවේලා තියෙන්න China Dailyවල Zhou Shamou විසින් China Dailyපත්තරයට තමන් ලියපු නවකථාවේ සහ චිත්‍රපටිය අතර සමානකම් දක්වමින් ලිපියක් ලියලා තියෙනවා.,ඔහු කියන විදිහට කතා සැලස්ම ,සිදුවීම්,සහ අවට වටපිටාව ආදි ලෙස චිත්‍රපටියේ 80% ඔහුගේ නවකථාවෙන් හොරකම් කරලා.නවකථාව ප්‍රකාශයට පත් කරන්න අපහසුවෙයි කියලා හිතලා තමයි ඔහු අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. Cameron ට විරුද්ඪව බීජිං උසාවියේ නඩු පැවරුමට ඔහු උත්සහා කලත් ප්‍රමණවත් සක්ෂි නැහැ කියලා උසාවිය නඩුව වීසි කරලා තිබුනා කියලා. AFPවාර්තා කරල තිබුනා.කොහොම වුනත් Beijinනිතිඥවරයෙක් ප්‍රකශ කරලා තිබුනේ Cameronට විරුද්ධව නඩුව ඇමරිකානු උසාවියක ගොනු කිරීම වඩාත් ඵලදායි කියල..


Saturday, March 13, 2010

ජපන් ළැමිස්සියෝ

මාර්තු මාසෙත් ආව..ගිය සතියෙනම් සීතල ටිකක් අඩු වෙලා තිබුනත් ඊයේ ඉඳන් ආපහු සීතලයි.උදේ නැගිටලා බැලින්නම් හිම වැටෙනවා..එලියට බහින එකනම් මරණවා වගේ වැඩක්.උදේ ලෙක්චස් වලට ගිහින් හවස Parttime work කරනshopඑකට ගියේ වැඩට නොගිහින්ම බැරිකමටමයි.......එකත් ජැකට් 3ක්ම ඇදගෙන ගියේ...ෂෝප් එකෙන්ම උණු කෝපි එකකුත් අරගෙන වටපිට බලද්දි,මෙන්න අපිත් එක්ක වැඩ කරන High School girl දුවගෙන ඇවිත් කියපි. අද ඉස්කොලේ අරින්න පරක්කු වුනා මම හිතුවේ වැඩට එන්න පරක්කු වෙයි කියල.....හුරතල් පොඩි කෙල්ල . මම "ආ..ඇත්තද" කියලා අහන්න හැදුවත් වචනේ පිට වුනේ නැහැ. ගිය සතියේ දණහිසෙන් වියතක් විතර උඩට වෙනකම් කොට කරල තිබුන ඒකිගේ උසස් පාසල් නිල ඇදුමේ ස්කර්ට් එක අද වියත් 2කටත් වැඩිය උඩ. ඒකත් උඩට ඇදලා තිබුන ස්වීටරයට වැහිලා.මම උඩ ගිය ඇස් 2ක පල්ලෙහට ගෙනල්ලා විනාඩි 2,3ක් හොයලා තමයි හොයා ගත්තේ සායක් ඇදලා කියලා. මොනවා වුනත් අපි එක්ක ‍ෆිට් කෙල්ල ...මම කෙලින්ම අහලා දැම්මා.. ඇ බන් සීතල වැඩි වෙන්න ,වැඩි වෙන්න උඹේ ස්කර්ට් එක කොට වෙන්නෙ මොකෝ ?මේක තමයි JK(Joshi Koවචනයේ short formඑක තේරුම High School girl)ලාගේ ෆැෂන් එක .කියලා කියුවේ මම හරියට අදද? ජපානයට ආවේ කියලා අහන්න වාගේ.

Tuesday, March 2, 2010

ජපානය ලෙඩ වෙලා........


ආසියවේ අර්ථික බලවතා වේලා හිටිය ජපානයත් ඔන්න ලෙඩ ඇදට වැටිලා.
මුලින්ම වාහන නිෂ්පාදන ලෝකයේ අග රජු වේලා හිටිය ටොයොටා ආයතනය.ගිය අවුරුදද ඉවර වෙනකම්ම ලෝකයේ සුරක්ෂ්තම අපේ කාර් තමයි කියාගෙන හිටියට accelerator එකේ ප්‍රශ්නයක් නිසා ඇමරිකාවේ හදපු වාහන වර්ග කීපයක්ම Product recallකරන්න වේලා.පසුගිය අවුරුදු 2ක පුරාවටම ලෝක අර්ථික අර්බුදය නිසා හදපු වාහනත් විකුණගන්න බැරිව ගහෙන් වැටිලා හිටිය ටොයෝටා ආයතනයට වුනේ ගොනා ඇන්නා වාගේ වැඩක්..
ඊ ලඟට අහස අපේ කරගේන හිටිය JAL පසුගිය කාලය පුරා සිදුවුනු දැවැන්ත පාඩු නිසා "බංකොලෝත්භාවය ප්‍රකශ කිරීමේන් " වැලකුනේ ජපන් රජයේ පිහිට පතලයි.ආහාර,සිසීල් බීම සහ මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමුඛම සන්තොරි සහ කිරින් ව්‍යාපාර අතර ඇති කරගන්න ගිය වෙළඳ සහයෝගීතාවය පටන් ගත්ත තැනම කඩන් වැ‍ටුනේ ලොව විශාලම බීම නිෂ්පාදකයා වීමේ සිහිනයත් එක්කමයි.