a

Monday, July 27, 2015

අණ්ඩර දෙමළ වාගේ ජපන්!

ජපන් කොයි වාගේ භාෂාවක්ද? ජපන් භාෂාව ගැන මොලො හසරක් තේරෙන් නැති කෙනෙක්ට අණ්ඩර දෙමළ වාගේ වෙන්න පුළුවන්......අණ්ඩර දෙමළ කියුවාම මතක් වුණේ ජපන් ඇත්තටම දෙමළ වාගේ වෙන්න පුළුවන්... ජපන් භාෂාවේ මුලාරම්භය ගැන තියෙන ප්රබල මත වාද වලින් එකක් තමයි ජපන් භාෂාව දකුණු ඉන්දියාණු ද්රවිඩ භාෂා පවුලට නෑකම් දක්වනවයි කියන එක.... ඒ කතාව පැත්තකින් තියලා අපි ජපන් භාෂාව කොයි වාගේද කියලා මුලින්ම බලමු....මේ ලිපියට ලැබේන ප්රතිචාර දිහා බලලා ඉස්සරහට තව ලිපී කීප්යක් ලියන්නත් බලන්නම්.මුලින්ම කියන්න ඕනෑ වැදගත්ම කාරණේ තමයි මගේ වාගේ මේ ලිපි ලියුවාට අද ලිපියට පාදක කරගන්නේ තොකියෝ වි.වි. ජපන් භාෂා අධ්යන ආයතනයේ ලිපි...ඒ නිසා ලිපි වල අන්තර්ගත කාරණා වල නිවරද්යතාවය ගැන බය වෙන්ඩ දෙයක් නෑ..

ජපන් භාෂාවේ සරළ වාක්යක් අරන් බලමු.

(1)Tanakasan wa ocha o nomimashita.(තනකා-සාන් තේ බිව්වා.)

මේ වාක්ය ප්රධාන කොටස් 3කට කඩන්න පුළුවන්.
[Tanakasan wa]
[ocha o]
[nomimashita.]

මේ කොටස් තුනේන් මුල් කොටස [Tanakasan wa]අරන් බලමු.මෙකේ Tanaka-San කියන්නේ නාම පදයට,පුද්ගල නාමයක්.( වඩාත් පැහැදිලිව කියුවොත්Tanaka කියන්නේ වාසගමකට San යන පදය පුද්ගල නාම අගට මහත්මය/මහත්මිය/මෙනවිය අර්ථයෙන් භාවිතා වන පදයක්) ඊ ළඟට තියෙන wa කියලා කියන්නේ නිපාත පදයක්...මැද කොටසේ[ocha o] මේ කොටසේ  ocha කියන්නේ තේ පැන්, නැවැතත් o පදය නිපාතයක්.අන්තිම කොටස [nomimashita.] බිව්වා කියන අතීත කාල ක්රියා පදය...

කර්තෘ පදය /කර්ම පදය/ ක්රියා පදය ...මේ තමයි ජපන් වාක්යක රටාව..හෙණ ගැහුවා වගේ සිංහල භාෂාවේ රටාවම නොවැ නේද? දැන් ඉතිං පොඩ්ඩක් ජපන් වලට තියෙන බය අඩු කර ගත්තාට කමක් නෑ..ඉංගිරිසි වාගේ නෙමෙයි ජපන් වාක්ය රටා සිංහල වාක්ය රටා වාගේම තමයි!

හැබැයි පොඩි අවුලකට තියෙන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කරන්න බැරි නැත්තම් සිංහලෙන් කතා කරද්දී අවශ්ය නොවන නිපාත පද දෙකක්wa/o මේ ජපන් වක්ය තුළ තියෙන එක .දැන් බලමු මේ නිපාත පද වල රාජකාරිය මොකක්ද කියලා...මුලින් විස්තර කරන්න පහසු නිසා දෙවැනියට හම්බු වුණ O නිපාතය බලමු. O නිපාතයේ රාජකාරිය තමයි, Oට කලින්  කර්මය දක්වන එක. ඕතැන Ocha/තේ පැන් කියන කර්මය,වාක්ය තුළ අපිට හඳුන්වලා දෙන රාජකාරිය කරන්නේ O නිපාතය විසින්. මුල හිටපු wa නිපාතය බොහෝම සංකීර්ණ රාජකාරි ගණනාවක් කරන කෙනෙක් ..පටන් ගන්න තැන හින්දා වැඩිය ගැඹුරට යන් නැතිව අපි හිතා ගමු waගේ රාජකාරිය තමයි අපිට වාක්ය තුළ කර්තෘ පදය හඳුන්වලා දෙන එක කියලා.
දැන් අපි තව ජපන් වාක්ය දිහා බලමු.

(2) Tanakasan wa Satosan to ocha o nomimashita. 
තනකා-සාන් ,සතෝ-සාන් සමඟ තේ බිව්වා.

මේ(2) වාක්ය උඩ(1) වාක්ය එක්ක බැලුවාම පේනවා ඇති Sato-San to  කියන කොටස  අළුතෙන් එක් වේලා තියෙනවා කියලා.Sato-San කියන්නේත් තවත් පුද්ගල නාමයක් වන අතර to කියන්නේ ජපන් භාෂාවේ තවත් නිපාත පදයක්. හබැයි මේ නිපාත පදය අපිට කිසි ප්රශ්නයක් නැතිව සිංහලට හරවන්න පුළුවන්" සමඟ" කියන අර්ථයෙන්.

(3)Tanakasan wa kissaten de ocha o nomimashita. 
තනකා-සාන් තේ කඩයක [දී ]තේ බිව්වා.

(3)වාක්ය (1) වාක්ය එක්ක බැලුවාම kissaten de  කියන කොටස අළුතේ එකතු වේලා තියෙනවා kissaten  කියන්නේ කැෆේ වලට,කොෆී ශොප් වාගේ එව්වා.de තවත් නිපාතයක් සිංහලෙන් නම් "තුළ"  නැත්තම්"දී" කියන අර්ථයෙන් භාවිතා කරන්න පුළුවන්.හැබැයි සිංහලෙන්නම් දී එකතු කලත් නැතැත් වාක්යට ප්රශ්නයක් නැති වුණාට,ජපන් භාෂාවේදී අනිත් හැම නිපාතයක් වාගේම මේකත් අනිවාර්යෙන් ඒ ජාතියේ වක්ය වල තියෙන්න ඕනෑ.

දැන් බලමු (2) වාක්ය (3) වාක්ය එකතු කරලා ලියද්දී කොහොමද කියලා..

(4)Tanakasan wa Satosan to kissaten de ocha o nomimashita. තනකා-සාන්, සතො-සාන් සමඟ තේ කඩයකදී  තේ බිව්වා.

වාක්ය රටාව බැලුවාම බොහෝම පැහැදිලියි සිංහල රටාවත් එක්ක කිසිම වෙනසක් නෑ කියලා..එකම දේ ජපන් භාෂාවේ නිපාත පද අනිවාර්ය දෙයක් නිපාත පද ටික හරි තැන් වලට දාගන්න පුළුවන්නම් ජපන් නිකන් වතුර වාගේ කතා කරන්ඩ පුළුවන් කියන එක..(වචන පාඩම් කර ගන්න එකත් එක්ක) නිපාත වල කාර්යභාර්ය වැදගත් දෙයක් හින්දා to කියන නිපාතය කොයි වාගේ තැන් වලටද භාවිතා කරන්නේ, de  දාන තැන් අනිත් නිපාතා භාවිතා කරන තැන් සැලකිලිමත්ව ඉගෙන ගන්න එක මුලික පියවරවල් වලදී වැදගත්.

දැන් බලමු වක්යක් ප්රශ්ණ වාක්ය බවට පත් කරන්නෙ කොහොමද කියලා..සිංහලෙන්නම් අන්තිමට "ද?" කියලා එකතු කලාම වැඩේ ඉවරයිනේ..ජපනුත් එහෙම තමයි.. හබැයි නම් නෙමේයි "KA" එකතු කරන්න තියෙන්නේ වාක්ය අන්තිමට...

(5)Tanakasan wa ocha o nomimashitaka
තනකා-සාන් තේ බිව්වාද?

දැක්කනේ වැඩේ හරි ලෙහෙසියි! සිංහලෙන් ප්රෂ්ණයක් අහන්න අන්තිමට "ද" දානවා ජපන් වලින්නම් kaදානවා....සිංහල පුළුවන් කෙනෙක්ට ජපන් ඉගෙන ගන්නවා කියන්නේ කජු කනවා වාගේ වැඩක් කියලා බය නැතිව හිතා ගන්ඩ!

ඊ ලඟ කොටසින් බලමු ජපන් ක්රියා පද ක්රියා කොරන්නේ කොමැයි කියලා......

මුලාශ
http://www.nkc.u-tokyo.ac.jp/
මහාචාර්ය කිකුචි යසුතෝ ලිපි වලින් උපුටා ගන්නා ලදී.
(1) : What are the characteristics of Japanese?" by KIKUCHI Yasuto (Professor of the International Center, the University of Tokyo) in International Center News, The University of Tokyo, No.33.

Monday, September 8, 2014

ජපාන අගමැතිගේ ලංකා සංචාරය ජපන් මාධ්‍ය ඇසින්...


මෙය ටිවී අසහී(TV ASAHI) රුපවාහිනී චැනලය විසින් ගෙන එන ලද ප්‍රවෘත්තී විකාශයේ සිංහල පරිවර්තනයකි.

අග්‍රමාත්‍ය අබේ මහතා  අද, ශ්‍රි ලංකා ජනධිපති රාජපක්ෂ මහතා සමඟ හමුවේදී ඉන්දියානු සාගර ආරක්ෂක සහයෝගිතාවයකට එකඟතාවය පළ කලහ.

අබේ අග්‍රමාත්‍ය: ශ්‍රී ලංකාව සහ අප රට අතර තිබේන  සම්ප්‍රදායික මිතුරු සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරමින්、 නාවුක රාජ්‍යන් වශයෙන නව සබඳතාවයක් ගොඩනඟා ගැනිමට අප මේ මඟින්  බලපොරොත්තු වේනවා....

මේම රාජ්‍ය නායක හමුව තුලදී අබේ අග්‍රමාත්‍ය විසින් ශ්‍රී ලංකාවේ වෙරල ආරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීම සඳහා  මුර සංචාරක යාත්‍රා ලබාදීමට  කටයුතු කිරීමට හැකි බවත්, ආදී ලෙස, දෙරට අතර නාවුක ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය.

තවද  ලංකාවේ රුපවාහිණී විකාශනයන් ජපානයේ ඩිජීට්ල් තාක්ෂණයට යවත්කාලීන කිරිමට  ගත් සැලැසුම අගය කළ අබේ අගමැති ඒ සඳහා යෙන් බිලියන 14ක ණයක් ලබාදීමට ක්‍රියා කරනබව පැවැසුහ.

ශ්‍රි ලංකාවේ යුධ වාතාවරණය නිමා වු 2009 වසරේ සිට  ලංකාවට වැඩිම ණය ලබදෙන (ODA)රට බවට චීනය පත්ව සිටියි.චීනය විසින් The String of Pearls හඳුන්වන  චීන නාවුක සහ වෙළඳ වැඩපිළිවෙළ යටතේ ශ්‍රි ලංකාව ඇතුළු ඉන්දියානු සාගර රටවලට ආර්ථික ආධාර සහ වාරය සවර්ධන කටයුතු වළට ශක්තිය යොදවා තිබේ.මෙවර සංචාරය  ජපානයට ඉන්දියානු සාගර  සැපයුම් මාර්ග නිරවුල්ව තබා ගැනීම සඳහා, ශ්‍රි ලංකාව චීනය වෙත යොමු වීම අවම කර තබා ගැනීමත් ඉලක්ක වේ.

Friday, May 23, 2014

ඉසූ හිදී හමු වු නැ‍ටුම් කෙල්ල

මේ කෙටිම කෙටි කතාව ගොඩනැගෙන්නේ "මම" වටාය. මම තොකියෝ යුනිවර්සිටි කොලිජීයේ ශිෂ්‍යයෙක් වෙමි.මේ කතාව අරම්භ වෙන්නේ දින කීපයක කෙටි චාරිකාවක් සඳහා මා ඉසූ අර්ධදීපයට ගිය ගමනෙන්ය. කතාව දින පහකි..දින පහේ සිදුවීම් අසා, ඔබ කතාවකට ඔබින කිසිඳු කෙංගෙඩියක් එහි නැතැයි කියනු ඇත.නමුඳු  "මම" බිහිකල කවබතා යසුනරි දින පහ තුළ ලොකු කතාවක් දැක්කේය.අංකුර ලේඛකයෙකු සිට නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත්,මහා ගත්කතුවරෙයෙකු දක්වා ඔහුව ගෙන යන්න මුල් බීජය මේ කතාව තුළ ගැබ්ව තිබුනි.
ඔබට මේ වැල්වටාරම් අවශ්‍ය නැති බව මම දනිමි.ඔබ නොවිසිල්ලෙන් සිටින්නේ මේ කතාව ඇසීමට බවද මා දනිමි.

"අම්මා අප්පා නැති අනාථ දරුවෙකු" ගැන ඔබට මැවෙන්නේ කුමන චිත්ත රූපයක්ද? පාරේ කඩමළු ඇඳ ගත් සිඟා කන දරුවෙකුගේ රුවක්යැයි ඔබ කියුනු ඇතැයි මා අනුමාන කරමි.මා එවැන්නෙකු නොවෙමි.නමුඳු අනාථයෙකු වන්නෙමි. මා ඉපිද දෙවසරක් සපිරීමේදී මාගේ මව මිය ගියේය.තුන් වන වසරට පා තබන විට මාහට පියාද අහිමි විය.සත් වන වියට පත්වන විට මාව ‍රැක බලා ගත් අත්තම්මා මිය පරලව ගිය අතර ඉන් තෙවසරකින් මාගේ වැඩිමහල් සොයුරියද ජිවීතය අත හැර ගියහ.පහළොස් වියට පත් වු විට මා හට සිටි එකම නෑයා වූ සීයා ද අවසන් ගමන් ගොස්ය.ඉඳින් මා තනිකම වෙළා ගත් අනාථයෙකු හැර අන් කවරෙක්ද?මාගේ මවත් පියාත් මා වෙනුවෙන් යම් කිසි ධනයක් ‍රැස් කර තබා තිබු අතර,යුනිවර්සිටි කොලීජිය දක්වා අධ්‍යාපනය ලැබීමට එය මට පි‍ටුවහලක් විය.
ඔබ නැවැත නොවිසිලිමත්ව සිටින බව මම දනිමි.ඔබ මාගේන් බලාපොරොත්තු වන්නේ දින කීපයේ ඉසූ සංචාරය ගැනය.

මාගේ කතාව පටන් ගන්නේ ඉසූ සංචාරයේ හතරවැනි දිනෙන්ය.සරත්  සෘතුවේ වැස්සට අසුව මා ,අඕගී උමංග පාමුල කඩමණ්ඩියට ගොඩ වැඳුන මොහොතයි.කඩමණ්ඩියක් යැයි කිව හැකි යමක් එහි නොවීය.වයසක අත්තම්මා කෙනෙකු විසින් පවත්වාගෙන යන පුංචී පහේ තේ කඩයකි.ඔබ දැන් මවා ගන්නා තේ කඩය මා ගොඩ වූ තේ කඩයට කොහෙත්ම සමාන නොවන බව මා දනිමි.මේ කතාව ඔබට කියන මා මුහුණ දෙන ලොකුම අහියෝගය එයයි.වෙනත් බසක වෙනත් රටක දෙයක් වඳන් හරඹයකින් ඔබට මවා පෙන්නවන මට පහසු නැත.

මා ඈ දු‍ටුවේ එහිදීය. ඈ සංචාරක නැ‍ටුම් කණ්ඩායමක නැ‍ටුම් කෙල්ලෙකී. මා වචන පරිස්සමේන් තේරුවේමී. "සංචාරක නැ‍ටුම් කණ්ඩායම"ට වඩා අහිගුණ්ඨක නැ‍ටුම් කණ්ඩායමක් ලෙස පැවසීම ඔබට පහසුවෙන් මේම කණ්ඩායම් වල තත්වය තේරුම් ගත හැකි වේතැයි සිතුවෙමි.මන්ද මා සිටින්නේ 1920 විසි ගණන් වල ජපානයේය.මේවැනි නැ‍ටුම් කණ්ඩායම් වලට තිබුනේ පහත් සමාජ පිළිගැනීමක්ය.ඉසූ වලද බොහෝ ගම් වල මෙවැනි කණ්ඩායම් වලට ගම් වලට ඇතුළුවීම තහනම් කර පුවරු අටවා තිබු බව පසුව ඔවුන් සමඟ ගමන් කිරිමේන් අත් විද්දේමී."ඔහුන් සමඟ ගමන් කිරීම"       "අහිගුණ්ඨක වචනය වෙනුවට සංචරක යෙදීම" දැන් ඔබ මාවසමාජ අයුක්තියට එරෙහි වන වීරයෙකු ලෙස ලේබල් කිරීමට ඉක්මන් නොවීය යුතුය.ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමේ කිසිඳු වුවමනාවක් මාහට නැත. "මම" කියන චරිතය ගොඩනැගූ කවබතා යසුනරි ගත්කරුටද එවැනි අරමුණක් නොතිබු බව සිතමි. පසුව "මම" චරිතය සිනමාවට ගෙන්වූ සිනමා කරුවන් එවැනි ප්‍රයන්තයක නිරත වු බව පැවැසීම, මා නැවැතත් කතාවේන් පිට පැනීමට හේතු වන බැවින් අතහැර දමමි..

ඉසු නො ඕදොරිකො(1974)
ඉඳින් කුඩා බෙරයක් වැනි වද්‍ය භාණ්ඩයක් අත දරා සිටී ඈ මට නැ‍ටුම් කෙල්ලක් විය. ඇගේ නැ‍ටුම් කණ්ඩායම ඇගේ පවුලේ සමජීක සමාජීකයින්ගෙන් ගොඩනැගී තිබු අතර,ඔහුන් සමඟ කුළුපගුව,ඇගේ නම කඕරී බව දැන ගත්තද,මේ කෙටි කතාව පුරා කිසිඳු විටක මා ඈ ගැන ඇගේ නමින් සටහන් නොතිබුවෙමී.කතාව පුරාවටම ඈ මට නැ‍ටුම් කෙල්ලම වීය.විමලදාස සමරසිංහයන්ගේ පරිවර්තනයේ ඇයට ඉසූ නළඟන යැයි නම් තබා තිබුනි.
නළඟන!! නළඟන!! මා නැවැතත් ගැහැටට පත්වෙමි.මාගේ හදවතේ කොහෙදෝ කොනක ඈ නළඟනක් නොවන බව කෑගසා කියනු ඇසිනි.කවබතා යසුනරි ඇයට කියුවේ "ඔදොරිකො踊り子)"කියාය. ඔදොරිකො ඒ වඳන මා සිතට එක් කරන්නේ අහිංසක හුරතල් කමක්.........ප්‍රියකරු හුරුබුහුටිකමක්.........නළඟන!!නළඟන!! එය නම් ගොරහැඩිය...මට මැවී පෙනෙන්නේ  මුහුකුරා ගිය,               වත් අලේපන තවරා ගත් කාන්තාවක්ය.ඒ ඕදරිකෝ නොවන බව මම දනිමි.නැවැත මා වඳන් අතර සිරවුවේමි. ඇය කෙල්ලෙකි........
මතුසම්බන්දයි....

මුලාශ
කවබතා යසුනරි ඉzසූ නො ඕදොරිකෝ



(ඔබ මේම කතාව කියවීමට උනන්දුවන්නේ නම් ,මේම කෙටිකතාව ඇතුළුව යසුනරි කවබතා  ශූරීන්ගේ කෙටි කතා සංග්‍රහයක් ඉසූ නළඟන නමින් විමලදාස සමරසිංහ ශූරීන් විසින් පරිවර්තනය කර තිබේ.පහන් ප්‍රකාශන-මරදාන)


පින්තුරය-
යමගුචී මොමෝඑ- ඇය 1974 වසරේ තිර ගත වු ඉසූනො ඕදොරිකෝ චිත්‍රපටියේ  නැ‍ටුම් කෙල්ලගේ චරිතය රඟ පෑහ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizOlWdqz9gOWO8cEpnRAaOLhK2gKiB6eKbzwP8CAx82JfpINW3gRNkX9AFlGRkZXBFAG3HPE_e1_GGSBqsMVdhJ6h7mxcKKunuPBtwGiTT7JBenOu2UMK9S7pGlACuATIzfEyOFrOZ_V4/s1600/img_1512204_64350444_0.jpg 

Tuesday, February 18, 2014

මේ දවස් වල ජපානේ නිවුස්...සිංහලෙන්ම......

අද-පාන්දර
##බර්ලින් ජාත්‍යන්තර සිනමා උළලේ හොඳම නිළිය සම්මානය ජපන් චිත්‍රපටියකට##

යොජී යමදා අධ්‍යක්ෂකගේ "චීයිසායි ඕඋචී (小さいおうち) චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හරු කුරොකී බර්ලින් ජාත්‍යන්තර සිනමා
උළලෙදී හොඳම නිළිය සම්මානයට(Silver Bear for best actress) පාත්‍රවීය.මේම චිත්‍ර්‍රපටිය දෙවන ලොක යුද්ධයට පෙර ජපානය පසුබිම් කරගෙන නිපයුවකි.
බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙල , ලොව ප්‍රමුකතම සිනමා උළෙල ත්‍රිත්වයෙන් (කෑන්ස් සහ වැනීස)එකක් ලෙස සැලකේ.
චිත්‍රපටියේ නම සිංහලෙන් " කුඩා ගෙදර"(The Little House) මෙම චිත්‍රපටිය ජපානයේ ඉහළම සහිත්‍ය සම්මාන දෙකෙන් එකක් වන් නඕකී සම්මානය දිනාගත් ක්‍යකෝ නකජීමාගේ ඒම නමින්ම ඇති නවකතාව පදනම් කරගෙන සිනමාවට නැඟුවකී.පසුබිම 1930 දශකයේ ජපානයයි.
මෙම චිත්‍රපටිය පසුගිය මස ජනවාරි අග සිට ජපානේ සින්මා ශාලා වල ප්‍රදර්ශනය ඇරඹිණි.

ඊයේ-උදේ
"¥¥පළමු තැග්ග යෙන් බිලියනයක් BIG ලොතරැයිය,සීමිත කාලයක් සඳහා නැවැතත්!¥¥"

ජපාන ක්‍රීඩා කවුන්සිලය(Japan sport council,JSC) විසින් පවත්වාගෙන යන Big ලොතැරැයිය 678වැනි වාරය සඳහා පළමු දිනුම යෙන් බිලියනයක්(10億円)වේ.මෙම දිනුම් ඇදීම ජපාන වෘතීමය පාපන්දූ තරඟ කාණ්ඩායම් වල ජය පාරාජය අනුමාන කිරීම පාදක කරගෙන සිදු කරනු ලබයි,, 
මෙවර 678 වැනි වාරය සඳහා ලොතැරැයි පත් මෙම මස 15 වැනිදා සිට මාර්තු 1වැනිදා දක්වා ,Family Mart,Lawson ආදී කොම්බිනි වලින්ද මිළදී ගත හැක.

ඊයේ-හවස
###19වැනිදා 20 වැනිදා අතර නැවැතත් ටොකීයො ඇතුළු කන්තෝ පලාතට හිමපතනයක්?###

කාළගුණ ඒජන්සී වාර්තා දක්වන්නේ මේ මස 18 වැනිදායි පසුව,දකුණු දිග වෙරළ ප්‍රදේශය තුළ හට ගන්නා අවපීඩන කාළගුණ තත්වය නිසා කන්තො සහ තොහොකු පළාත් වලට නැවැත වරක් හිම පතනයක් හෝ වැසි තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.ඉදිරි දින කීපයේ කාළගුණ වාර්තා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාළගුණ ඒජන්සී වාර්තා දක්වා සිටියි.

මේන්න ලින්ක් ඒක....

හිරු නැඟෙන රටේ අපි


මේක පොඩි ෆෙස්බුක් පි‍ටුවක් ජපානේ පුවත් සිංහලෙන් යන...කරන 
කට්ටියනම් කියුවේ  සතියේ දවස් වල  කොහොම වුනත් 
සති අන්තේනම් වරද්දන් නැතිව අප්ඩේට් කරන්න  හිතන් ඉන්නවා කියලා....

Wednesday, January 1, 2014

යුනෙස්කෝව ලෝක උරුමයක් ලෙස නම් කරපු ජපන් කෑම...

  • ලෝක උරුම  කියලා හඳුවන්නේ සීගිරිය වාගේ ස්ථාන නේද? කෑමක් කොහොමද ලෝක උරුමයක් වෙන්නේ?                          ඔව් , ලෝක උරුමයන් ලෙස සාමන්‍යයෙන් නම් කරගෙන ආවේ ඓතිහාසික වටිනකමක් තිබෙන සංස්කෘතික හෝ ස්වාභාවික ස්ථාන තමයි.හැබැයි ඕනෑම සංස්කෘතියක අතින් අල්ලලා බලන්න පුළුවන් ගොඩනැගිලි,භාණ්ඩ වාගේ දේවල් වලට අමතර තව කොටසක් තියෙනවා  ස්පර්ශ කරන්න බැරි නමුත් ඒ සංස්කෘතිය තුළ ඉහලම වටිනාකමක් දරන දේවල්.උදාහරන විදිහට ගීත, නාට්‍ය,චරිත්‍ර වාරිත්‍ර වාගේ දේවල්. මේ වාගේ ලෝක මට්ටමින් වටිනාකම තියෙන සංස්කෘතික උරුමයන් යුනෙස්කෝව ස්ර්පර්ශනීය සංස්කෘතික උරුමයන් ලෙස නම් කරනවා.


  • දැන් මොන වාගේ දේවලද ඔය අස්පර්ශනීය ලෝක උරුමයන් විදිහට  නම් කරලා තියෙන්නේ?

සැහෙන්න ප්‍රමානයක් තියෙනවා.සම්පුර්ණ ලිස්ට් එක මේතැන තියෙන විකිපිඩීයා ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.ඉන්දියාවේ වේද සජ්ජායනය,ඉන්දුනිසීයාවේ බතික් කර්මාන්තය ,ජපානයේ නොර් නාට්‍ය කලාව ඉන් කීපයක්..

  •  ලංකාවේ අස්පර්ශනීය ලෝක උරුමයන් විදිහට නම් කරපු දේවල් තියෙනවාද?
මා දැනුවත්ව නම් නැහැ.නමුත් උඩරට නැ‍ටුම් සම්ප්‍රදාය,පිරිත් සජ්ජායන, අළුත් අවුරුද්දු චරිත්‍ර වාරිත්‍ර ආදීය  ලෝක උරුමයන් බවට පත්විය යුතු සංස්කෘතික උරුමයන් යැයි  මාගේ අදහසයි.

  • ජපන් කෑම කියුවාම ගොඩක් තියෙනවා නේද? අමු මාළු, මුහුදු ආහාර,සෝයා සොස් වලින් හදන කෑම ,දැන් මොන ආහරයද ලෝක උරුමයක් කියලා නම් කරලා තියෙන්නේ?

මේතැන තමයි වරදවා  වටහා නොගන්න ඕනෑ තැන. ලෝක උරුමයක් ලෙස නම් කරන්නේ එක ජාතියක කෑමක් හරි ඒ කෑම මේසෙ හරි නෙමේයි.ඒ ඒ සංස්කෘතියේ සම්ප්‍රදායික ආහාර සංස්කෘතිය තමයි ලෝක උරුමයක් ලෙස දක්වන්නේ.ජපන් ආහාර ගැන කියුවොත් ආහාර අනුභව කිරීම සම්බන්ද පුරුදු සියල්ලමත් මේකට අදාලයි. ඒ කියුවේ ජපන් ජාතිකයින් ආහර ගැනීමට පෙර කියන ඉතදකිමස් සහ අනුභවයෙන් පසු පවසන ගොචිසෝ සමා දේෂ්තා (ආහාර වෙනුවෙන් කෘතවේදීතවය දක්වන  සුබාෂිංශන,මේහිදී ආහර නිපැයු ස්වභාව ධර්මය දක්වාත් ,ස්වභාව ධර්මය ඇතුළුව සැම දේ  ආරක්ෂා කරගෙන පැමිණි මුතුන් මිත්තන් සහ දේවිවරු දක්වා කෘතන්ඥතාවය පළ කරයි)
පිළිවෙළ කරපු ආහර පමණක් නොව ඒ ආහාර පිළියෙළ කර ගත් ආකාරයත් කුමන ආකාරයේ බාජන වල කුමන ආකාරයට මේසය සකස් කරනවාද යන්නත් ආහාරයට ගන්නා විදිහත් ආදී  සම්පුර්ණ අංගයන් සියල්ලම අයත්ය.

  • ජපන් භාෂාවේන් ජපන් කෑම වලට කියන්නේ මොකක්ද?

ජපන්  ජාතිකයින් සම්ප්‍රදායික ජපන් ආහාර හඳුන්වන්නේ වෂෝකු(和食) කියලා.ජපාන ආහාර ලෙස අර්ථ වෙන්න නිහොන් රියෝරි(日本料理)ලෙස හැඳුනුවත් වරදක් නැහැ.

  • හරි දැන් ප්‍රධානම ජපන් කෑම මොකක්ද?

බත් තමයි.බෝහොමයකම ආසියානු රටවල වාගේ ජපානේත් ප්‍රධාන ආහරය බත්.
මේ කාරණය අමුතුවෙන් නොකියුවත් බොහෝ දෙනෙක් දන්න දෙයක්. අපි බත් කන්නේ බත් සමඟ ව්‍යාංජන අනලා(මිශ්‍ර කරලා)ඊට පස්සෙයි කටට ඇතුළු කරන්නේ,නමුත් ඈත පෙරදිග රටවල බත් සහ සුප් හෝ අපිට ව්‍යංජන විදිහට සලකන්න පුළුවන් දේවල් වෙන වෙනම කො‍ටු වලින් ගෙන කටට ඇතුළු කරලා කටේදි හපලා මිශ්‍ර කරන විදිහක් එහෙම නැත්තම් වෙන වෙනම ආහරයට ගන්න පුරුද්දක් තමයි දකින්න තියෙන්නේ.
සාමන්‍ය ආහර වේලක් කියන්නේ බත් සමන්ග සුප් වර්ගය සහ අමතර ව්‍යාංජන කීපයක්.මේතැනදී ව්‍යාංජන කියන්නේ බොහෝ විට  බැදපු මාළු කැබැල්ලක්(ඔකzසු) ත්සුකේමොනො ලේස හඳුන්වන එළවළු ආදියෙන් සකස් කර ගත් ආහාරයක්(අච්චාරු වලට සමීප)


  • ව්‍යංජන ත්සුකේමොනො හරියට තේරුන් නැහැ. තව ටිකක් ආහර වර්ග ගැන පැහැදිළි කරන්න.
හොඳයි.
හොඳයි කිව්වාට මට හොඳ නැහැ මේ වාගේ ප්‍රශ්ණ සාමන්‍යයෙන් මම අමාරුවේ වැටෙනවා උත්තරදී ගන්න බැරිව ,වඩාත් පැහැදිලි වෙන්න පින්තුර භාවිතා කරන්නම්.
ආහර පිසගන්නා ආකාරය අනුව ප්‍රධාන  කෑම වර්ග සහ  ඊට උදාහරනයක් පින්තුර මඟින් දක්වන්නම්.

1.煮物(NIMONO) stewed dishes
සොයා සෝ ,ආහාර පිසීමට ගන්නා සකේ සහ පැණි රස කාරකයක් ,විනාකිරි,දෂී,මිසෝ
 ආදියෙන් තැනු හොද්දක, එළවළු වර්ග,මුහුදු ආහාර,තොෆු බහා තම්බා ගැනීමේන් සකස් කරන ව්‍යාංජනයක්.

2.焼き物(YAKIMONO)Grilled and pan-fried dishes
පින්තුරේ තියෙන්නේ ජපානයේ සන්මා(Pacific saury) කියලා හඳුන්වන මාළු වර්ගය ලුණු මිශ්‍රව බැඳ ගත් පසුව මේ මාළුවාට සිංහලෙන් කියන නම දන්න කෙනෙක් කොමෙට් එකක් දාන්න හොඳේ. මම හොයලා නම දාලා බල මාළු කේස් එක වාගේ වෙන්න ඉඩ තියෙන නිසා හොයන්න යන්නේ නැහැ.
3.生もの(NAMAMONO)
ගින්දර හෝ ලුණු ආදිය(塩蔵) යොදා කල් තබා නොගත් ආහාර.විශේෂයෙන්ම අමු මාළු වර්ග.අමු මාළු වලට අමතරව තවත් ජනප්‍රිය අමු ආහාර වර්ග නම් අමු අශ්ව මස්(Basashi) ,කුකුල් මස්(පපු  ප්‍රදේශය)(Torisashi )හරක් මස්(වසු ) පීකුදු(Rebasashi )
4.麺類 නුඩ්ලස් වර්ග 

5.揚げ物(AGEMONO)Deep-fried dishes
6.和え物(AEMONO) vegetables with Japanese dressing
7.蒸し物(MUSHIMONO) food cooked by steaming
8.漬物(TSUKEMONO)Pickled or salted foods
9.汁物(SHIRUMONO)Soups


ඉහත වර්ග වලට අමතරව සම්ප්‍රදායික ජපාන රසකැවිලි වර්ග සහ ඕසකේ ලෙස හඳුන්වන මත්පැන් වර්ගයත් සම්ප්‍රදායික ජපාන ආහර වට්ටෝරුවේ වැදගත් අංගයන්ය. රසකැවිලි වර්ග ගැන කෙසේ වෙතත් ඕසකේ ගැන නම් දවසක ලියන්න හිතාගෙන ඉන්නේ.


ආශ්‍රිත
http://www.maff.go.jp/j/keikaku/syokubunka/culture/pdf/washoku_allnt.pdf
http://en.wikipedia.org/wiki/List_of_Japanese_dishes


පින්තුර




Monday, December 9, 2013

සිලිකන් වැලි යන කාර්.....

"අතට නිදහස දීම"...ආයේ පොඩ්ඩක් නෙමෙයි අත පාවිච්චී කරන එක 100%ක්ම නතර කරන්ඩ...ඕක ඔය අවුරුද්දු සීයට පොඩ්ඩක් වැඩි ඉතිහාසේ හැමදාම තිබුන හීනයක් තමයි. ඕතැන ඉතිහාසය කියුවේ මෝටර් වාහන ඉතිහාසය...අස්පයන්ම පැන්ෂන් යවලා ජර්මනියේ බෙන්ස් උන්නැහේ තෙල් ගහන ඇන්ජීම් හයි කරපු වාහන හදන්න ගත්ත කාලේට වැඩිය ඔය රියදුරු දෑතක්(එකක් හරි) නැතිව දුවන හීනේට වයස තියෙනවා.(මුල් වාක්කේ කියවලා දුවගෙන ආපු අය දැන් හැරිලා ගියොත් හොඳා...)

”කාර් එලවන වැඩේ කාර් එකටම බාර දෙන්ඩ ඕනේ...තාම වාහනයක් එලවන්න මිනිහෙක් නැතිව බැරි
 කියන්නේ මට නම් හරි පුදුමයක්.....කොම්පිතරයට කලින් කාර් ලෝකේට ආපු එක ඉතිහාසේ වුන වැ‍රැද්දක්....”
මෙහෙම කියුවේ ගුගුල් ලොක්කා 2010 දී...ඒ එක්කම ගුගුල්ලා තමන් සෙල්ෆ් ඩ්‍රවින් කාර් වලට අත ගහපු විත්තිය ලෝකේට කියුවා.එදා ඉඳන් මේ අවුරුද්දු තුනට වාහන හදන හැමෝම වාගේ ඔය ඉබේ දුවන වැඩෙට අත ගහන්න ගත්තා.ගුගුල්ලගේ වාහනේ 2017දී පාරේ දුවන්න ගනියි. 2020 වේද්දී අද ලංකාවේ හ්යිබ්‍රිඩ් වලට තියෙන තැන ස්මාර්ට් කාර් වලට තියෙයි.
Ford ලොක්කා බිල් ෆොර්ඩ් උන්නැහෙත්  ”කාර් කියන්නේ ඉස්සරහට මිනිස්සුන්ට ස්මාර්ට් ෆොන් එකක් කොම්පියුටරයක් වාගේ එකක් වේවී” කියලත් කියලා තියෙනවා...ඇමරිකාවේ සිලිකන් වැලි කියුවාම අයි.ටී.. Detroit කියුවාම කාර් තමයි මතක් වෙන්නෙලු හැබැයි ඉස්සරහට සිලිකන් වැලි කියුවමත් කර් වේයිමද දන්නේ නෑ ...
දැන් දැන්  ....ටොයොටා වාගේ සමාගමුත් අයි ටී කාරයෝ එක්ක හොඳ හිත තියා ගන්න සිලිකන් වැලි වල කන්තොරු දාගෙන ඉන්නවා.ටොයොටා කියුවාම මතක් වුනේ ටොයොට සමාගමත් මේ ඉබේ දුවන වැඩේ ගැන හරි උනන්දුවකින් වැඩ කොරනව.පහුගිය දොහක අධිවේගී මාර්ග වල සාර්ථකව වාහනයක් ඉබේ දුවන්න පුළුවන් තාක්ෂණය තියෙනවා කියලා පෙන්නඩ කාර් එකක් රියදුරා සුක්කානම අත හැරලා,බ්‍රේක් ඇක්සලරේට් එකෙන් කකුල් ඉවත් කරලා  Automated Highway Driving Assist කියන තාක්ෂනයෙන් දුවවලා පෙන්නුවා.හැබයි මේක දැකල මළ පැනපු කට්ටියකුත් හිටියා අයුබොවන්ඩ.ජපාන පොලීසියේ මහත්තුරු කියුවේ මේක තනිකරම මාර්ග නිතී කඩ කිරිමක්ලු...ප්‍රවාහන අමාත්‍යංශයත් අයේ නිකන් හිටියේ නැහැ ප්‍රමුඛ නිෂ්පාදකයෙකුට ගැලපෙන් නැති ක්‍රියාවක් විදිහට හෙළා දැකලා තිබුන...
සිලිකන් වැලි වල වැඩ්ඩෝ ගොඩක් එළියට ආපු ස්ටැෆොර්ඩ් විශ්ව විද්‍යාලේත් 2008 දී මෝටර් වාහන වලට පරික්ෂන ආයතනය්ක් පටන් ගත්තේ හුළං හමන පැත්ත බලලා..

හිටපු ගමන්ම  අනාගතේ කාර් ගැන ලියන්න හිතුනේ පහුගිය දොහක මෝටර් ෂෝ එකක් බලන්න ගිය හින්ද.වේලාවක් හබ්බ වුනාම එකේදී දැකපු වාහනයක් දෙකක් ගැන ලියලා දාන්ඩ ඕනේ..



ටොයොටා සමාගමේ Automated Highway Driving Assist  විඩියෝව