a

Saturday, March 13, 2010

ජපන් ළැමිස්සියෝ

මාර්තු මාසෙත් ආව..ගිය සතියෙනම් සීතල ටිකක් අඩු වෙලා තිබුනත් ඊයේ ඉඳන් ආපහු සීතලයි.උදේ නැගිටලා බැලින්නම් හිම වැටෙනවා..එලියට බහින එකනම් මරණවා වගේ වැඩක්.උදේ ලෙක්චස් වලට ගිහින් හවස Parttime work කරනshopඑකට ගියේ වැඩට නොගිහින්ම බැරිකමටමයි.......එකත් ජැකට් 3ක්ම ඇදගෙන ගියේ...ෂෝප් එකෙන්ම උණු කෝපි එකකුත් අරගෙන වටපිට බලද්දි,මෙන්න අපිත් එක්ක වැඩ කරන High School girl දුවගෙන ඇවිත් කියපි. අද ඉස්කොලේ අරින්න පරක්කු වුනා මම හිතුවේ වැඩට එන්න පරක්කු වෙයි කියල.....හුරතල් පොඩි කෙල්ල . මම "ආ..ඇත්තද" කියලා අහන්න හැදුවත් වචනේ පිට වුනේ නැහැ. ගිය සතියේ දණහිසෙන් වියතක් විතර උඩට වෙනකම් කොට කරල තිබුන ඒකිගේ උසස් පාසල් නිල ඇදුමේ ස්කර්ට් එක අද වියත් 2කටත් වැඩිය උඩ. ඒකත් උඩට ඇදලා තිබුන ස්වීටරයට වැහිලා.මම උඩ ගිය ඇස් 2ක පල්ලෙහට ගෙනල්ලා විනාඩි 2,3ක් හොයලා තමයි හොයා ගත්තේ සායක් ඇදලා කියලා. මොනවා වුනත් අපි එක්ක ‍ෆිට් කෙල්ල ...මම කෙලින්ම අහලා දැම්මා.. ඇ බන් සීතල වැඩි වෙන්න ,වැඩි වෙන්න උඹේ ස්කර්ට් එක කොට වෙන්නෙ මොකෝ ?මේක තමයි JK(Joshi Koවචනයේ short formඑක තේරුම High School girl)ලාගේ ෆැෂන් එක .කියලා කියුවේ මම හරියට අදද? ජපානයට ආවේ කියලා අහන්න වාගේ.


කොහොම වුනත් ජපන් සමාජය තුල උසස් පාසල් ශිෂ්‍යවන්ගේ (අපේ නම් A/Lක්ලාස්)ස්කර්ට් එක කොට වෙන්න ගත්තේ 90 දශකයේ පමණ සිටලු. ඒ වාගේම පාසල් ඇඳුම සාමන්‍ය ගමනට බිමනටත්( අපේ භාෂාවේන් කියුවොත් රස්තියාදු ගහන එක...හෝව්..හෝව් ..ලංකාවෙන්නම් රස්තියාදු ගන්නේ A/Lක්ලාස් වල කොල්ලෝ වුනාට නම් මෙහෙනම් අනිත් පැත්තද කොහෙද...කේල්ලො ඉස්කොලේ ඇරිලා රවුම් ගහනවා කොල්ලොනම් පරිස්සමට ඉක්මනට ගෙදර යනවාද කොහේද....මොකද දන්නවාද දවල් උනත් රෑ එළියට බැස්සොත් A/Lවයසේ යුනිෆොම් පිටින් කෙල්ලන්ව දකින්න ලැබෙන නිසා.)පාවිච්චී වෙන්න අරන් තියෙන්නේ ඒ කාලේම තමයි.ඔය වයසේ කෙල්ලන්ගෙන් ඇහුවොත් ඇයි යුනිෆොම් එකේ ස්කර්ට් එක ඔච්චර කොට කරන්නේ කියලා ,ගොඩක් කෙල්ලො දෙන උත්තරය තමයි "කොටට ඇන්දම Cute නිසා”,නැත්නම් "හැමොම කොටට අදින නිසා අපිත් අදිනවා" කියන එක.හැබැයි මම ඉන්ටනේට් එකේ සර්ච් කරදදි දැක්කා 90 දශකයේ අග භාගය ත් 2000 මුල් භාගයත් එක්ක බලද්දී අද වෙනකොට ස්කර්ට් එක කොට කරන එක ටික ටික out of fashionවෙලාලු.

ෂින්ජුකු (Shinjuku)හරි ෂිබියා (Shibiya)වල ඇවිදින්න ගියොත් නානාප්‍රකර කෙල්ලන්න්ව දකින්න පුළුවන් ..තොරොම්බල් කඩ,කැරොල් කරත්ත...යකඩ බඩු සාප්පු...ඔන ජාතියක් ඉන්නවා.

අදින පළිදින විදිහ අනුව මෙහේ සඟරා කෙල්ලන්ව වර්ග කරලා තියෙන්නේ.නිතර දෙවේලේ දකින්න ලැබෙන විලාසිතා කීපක මෙන්න...

1.Ko gyaru(JK Girls)කලින් කියපු කට්ටිය ..පාසල් ශිෂ්‍යාවන්..

2.Yamanba Styleයමන්බා .
2000 විතර ඉඳන් ජනප්‍රිය වුනු ෆැෂන් එකක් .ෆොටෝ එක දිහා දැක්කම පේන විදියටම කොණ්ඩේ සුදු කරලා ජිවිතේට පීරපු නැති, ඇස් දෙක වටෙයි කට වටෙයි සුදු කරලා ඉන්න කෙල්ලන්ට තමයි යමන්බා කියලා කියන්නේ.ෆොටෝ එක දිහාබැලුවාම පොඩි යක්ෂ පෙනුමක් පේනවානම් හරියට හරි.මොකද යමන්බා කියලා කියන්නෙ ජපන් ජන වහරේ එන යක්ෂණියකට..නාකි පෙනුමක් තියෙන කොණ්ඩේ සුදුම සුදු බටකොල ආච්චී වගේ යක්ෂණියක්.යක්ෂණියකටවත් පාඩුවේ මෙහේ ඉන්න විදිහක් නැහැ ..එකත් ෆැෂන් එකට අරන්
3.Manba Styleමන්බා
යමන්බා ෆැෂන් එකේ වැඩිදියුණු වුණු Versionඑක තමයි මන්බා කියන්නේ 2003 තමයි මුලින්ම කල එළි බැස්සේ.යමන්බා ෆැෂන් එකත් එක්ක තියෙන වෙනස තමයි ඇගේ පාට කලු කරගෙන නියම යක්ෂ පේනුම අරගෙන ඉන්න එක.ඇඳුම් .....,සිල්ක් වාගේ තමයි.







4.Hime Loli Styleහිමේ රොරි..
2007 ඉඳන් ජනප්‍රිය වුනු විලාසිතාවක්..හිමේ රොරි කියන වචනයේ තේරුම ලොලිටා කුමරිය කියන එකයි. සුරංඟනා කථා වල එන කුමරියන වාගේ අදින එක තමයි මේ ස්ටයිල් එක.ටොකීයෝවල අකිහබරා පැත්තේ ඇවිදින්න ගියොත් දකින්න පුළුවන් මේ විලාසිතාව.බොහෝම අහිංසක පෙනුකම් තියෙන විලාසිතවක් වාගේ වුනත් හැබැයි මේක අදින අය හැමොම අංහිසක අදහසක් තියෙන අය නෙමෙයිලු.......ලොකේ පරණම ‍රැකියාවට සම්බන්ද කමක් තියනවා.ලු..අපි ඉතින් ඔව්වාට නැති නිසා හරියට දන්නේ නැහැ..

6 comments:

  1. Hi Kanch,,,

    Japan lamissiyo gana hodata gaweshanaya karala thiyanawa ne,,

    ReplyDelete
  2. එලම තමයි.......

    ReplyDelete
  3. niyamai ohoma yan ohoma yan , Ape full support eka. elamakiri....................

    ReplyDelete
  4. Looks like your eyes and mind is always with the Japan Lamissi but dont forget there is a Sri Lankan Lamissi also

    ReplyDelete
  5. what a duce????????????????????what so ever,it z superrrrrrrrrrrrrrrrrrrrrrrrrb

    ReplyDelete