a

Sunday, February 12, 2012

ජපානයේ අළුත් නිතී 2 කොටස -මොකක්ද මේ අළුත් නේවාසික හැඳුන්ම් පත කියන්නේ?

නේවසික හැනුම් පත යනු ජපානය තුළට ඇතුළුවන විදේශිකයින්ගේ රටට ඇතුළුවිමේ තොරතුරු නේවසික තත්වය හෙවත් විසා පිළිබද තොරතුරු( වීසා වෙනස්විම් ඇතුළුව) වීසා බලපත්රය වලංගු කාලය සහ එම කාල වල සිදුකරනු ලබන වේනස්කම් අදිය සඳහන්ව දිර්ඝ කාළිනව සහ මධ්ය කාලිනව ජපානය තුල පදිංචිව සිටින්නන් සඳහා නිකුත් කරනු ලබන හැඳුනුම් පතකි.


වැදගත් කරුණ වන්නේ මෙම නේවාසික හැදුනුම්පත මත මුද්රණය කරනු ලබන කරුණු සියල්ලම හෝ ඉන් කොටසක් හැදුනුම් පත තුල අඩංගුව ඇති "IC" චීපයට අඩංගු කරනු ලැබේ, මින් නේවසික හැදුනුම් පත සාවද්ය පරිහරනය සහ කූට වෙනස් කිරිම් වලකනු ලැබේ.
හැඳුනුම් පතේ මුහුණත

පසු මුහුණත


මෙහි පදිංචියේ වෙන වෙනස්කම් දැක්විමට කොටසක්ද වීසා බලපත අදාලව වෙනත් ක්රියාකරකම් සදහා අවසරය( උදාහරණයක් ලෙස ශිෂ්යයෙක් අතිරේක කාල රැකියා වල නිරත වීමට අවසර ලබා ඇති විට මෙහි එම අවසරය සහ රැකියාවේ නිරත විය හැකි සීමවන් දැක්වේ.තවද වීසා බලපත්රයේ කාලය දිර්ඝ කිරිම් සහ වෙනත් වර්ගයක වීසා බලපත්රයකට ඉල්ලුම් කලවිට එම ඉල්ලුම් කරන ලද බව දැක්වීමට කොටසක් තිබේ,ඉල්ලුමේන් පසුව නව වීසාවක් හෝ වීසා බලපත්රයේ කාලය දිරිඝ කලවිට නව නේවාසික හැදුනුම් පතක් නිකුත් කරනු ලැබේ.

නේවාසික බලපත්රයක සදහා වලංගු කාල සීමාවක් තිබේ.
ස්ථිර පදිංචිකරුවන් සඳහා
1. වයස අවුරුදු 16 හෝ ඊට වැඩි - නිකුත් කල දින සිට වසර 7 ක්
2.වයස අවුරුදු 16ට අඩු- එම විදේශිකයා වයස 16 සම්පුර්ණ වන තෙක්.

ස්ථිර පදිංචිකරවන් නොවන වීසා බලපත්ලභීන් සඳහා
1.වයස අවුරුදු 16 හෝ ඊට වැඩි - වීසා බලපත්රයේ රැදී සිටිය හැකි කාල සීමාවේ අවසානය දක්වා
2.වයස අවුරුදු 16ට අඩු- වීසා බලපත්රයේ රැදී සිටිය හැකි කාල සීමාවේ අවසානය හෝ වයස 16 සම්පුර්ණ වීම යන කරුණු දෙකින් පළමුව සපුරන දිනය දක්වා

ආශ්රිත
පින්තුර

No comments:

Post a Comment