a

Sunday, February 26, 2012

ලොකේ හැමදාම ඉදිරියට යනවා හැබැයි ...හිටපු ගමන් ආපස්සටත් යනවා. -- සේල් ෆොන් වල සයිස් එක--!


දැනට අවුරුද්දු 4,කට 5කට කලින් වාගේ නම් කවුරු හරි අළුතේන් මොබයිල් ෆොන් එකක් ගත්තා කියුවාම අපි ඉතින් එකේ තියේන ගැජට් බැජට් ගැන වාගේම හොයලා බලන එකක් තමයි ෆොන් එක කොච්චර පොඩිද හුරුබුහුටිද බර අඩුද? කියලා. ඊයේ පෙරේදා මගේ යළුවෙක් ෆොන් එකක් ගත්තා.මෙහේ ඔනතරම් ෆොන් කඩ තියේදි මිනිහා වෙන කොහෙද රටකට ෆොන් එකක් තමයි නෙට් ෂෝපිං සයිට් එකක් හරහා ගෙන්න ගත්තේ.සැමුසන් ගැලැක්ෂි නොට් කියලා එකක්.මාත් ඉතින් පොඩ්ඩක් අතට අරන් බැලුවා අප්පටසිරි ! තනි අතේන් කොන්ට්‍රොල් කරන්න බැරි තරම් ලොකුයි."මචං මෙක ෆොන් එකක්ද නැත්නම් ටැබ්ලට් එකක්ද?""මං එහෙම ඇහුවත් නේට් එකේ දාලා තිබුනේ තනි අතේන් පාලනය කල හැකි ලොව විශාලතම ස්මාර්ට් ෆොනය ලෙසයි.පළල 8.3CM උස 14.7.CMසාක්කුවේ දාගෙන යන්නනම් ටිකක ලොකු සාක්කුවක් කලිසමට මහගන්න වෙනවා.මොනවා හරි කරලා සාක්කුවට ඔබා ගත්තත් එළියට ගන්න තව ගේමක් දෙන්න ඔනේ සයිස් එකේ බඩුවක් තමයි.ෆොන් එක තනි අතේ අල්ලගෙන කනේ තියං කථා කරන එකනම් ටිකක් පුරුදු වෙනකන්ං අවුල් අවුල් වාගේ ගතියකුත් තියේනවා.

Thursday, February 23, 2012

ජපන් අර්ථිකයේ හෙට එච්චර කළුවර නෑලු......හෑබැයි ෂුවර් නැහැ .අනිද්දාට තිත්ත කළුවර වෙන්නත්පුළුවනි!....

"යාන්තං ආවලු? "
"මාස 6කට පස්සේලු"
"සමහරුනම් කියුවේ වලේම තමයි කියලා,මෙච්චර ඉක්මනට එයි කියලා කවුද? හිතුවේ"
"ඔහොමං යං ඔහොමං යං"

-මාස 6ක පසුව ඊයේ දින ටෝකීයෝ විදේශ මුදල් හුවමාරු පොළ තුළ ජපාන යේන් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 1ක් ඩොලරයක් සඳහා යේන් 80ව දක්වා බාල්දුවීම සිදුවිය.- පුවතක්


Sunday, February 12, 2012

ජපානයේ අළුත් නිතී 2 කොටස -මොකක්ද මේ අළුත් නේවාසික හැඳුන්ම් පත කියන්නේ?

නේවසික හැනුම් පත යනු ජපානය තුළට ඇතුළුවන විදේශිකයින්ගේ රටට ඇතුළුවිමේ තොරතුරු නේවසික තත්වය හෙවත් විසා පිළිබද තොරතුරු( වීසා වෙනස්විම් ඇතුළුව) වීසා බලපත්රය වලංගු කාලය සහ එම කාල වල සිදුකරනු ලබන වේනස්කම් අදිය සඳහන්ව දිර්ඝ කාළිනව සහ මධ්ය කාලිනව ජපානය තුල පදිංචිව සිටින්නන් සඳහා නිකුත් කරනු ලබන හැඳුනුම් පතකි.

ජපානය විදේශිකයින් සඳහා 2012 ජුලි මස සිට නව නීති ගෙන එයි.Start of a new foreign nationals residency management system in Japan.



ඉඳලා හිටලා හරි ටිකක් සිරියස් කට්ටියටම වැදගත් වෙන දෙයක් ලියන්න ඔනේ කියලා ලාවට ලාවට හරි ඔළුව ඇතුලේ තිබුන නිසා මේ පාර ඔන්න වැඩේට බැස්සා.ජපානේ ජිවත් වන අපි හැමදේනාම මේ දවස් වල කතා කරන්නේ රජය අළුතේන් ගෙන්න යන අළුත් නිතී ගැන තමයි.මෙචර කල් අවුලක් නැතිව මහන්සිවෙලා ඉගෙන ගෙන කරදරයක් නැතිව ජපානේ හිටපු එකට කණ කොකා ගේම දෙන්නයි යන්නේ කියලා තමයි ඉතින් වැඩි දෙන කියුවෙ! මාත් ඉතින් පොඩ්ඩක් විතර විස්තර දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි කියලා හිතලා ජපාන විදේශ කටයුතු අමාත්යංශයේයි ,ආගමන බියුරෝවේ නිල වෙබ් සයිට් එකෙයි හිටු කියල කරක් ගහලා හොයලා බැලුවා මොකක්ද මේ අළුත් නිතී කියලා!හැබැයි ඉතින් මේ රජයේ කට්ටියනම් කියනේ අපි මේ අළුත් නිතී ගේන්නේ බොහෝම ස්ද්භාවයේන් ජපානය තුළ නිත්යනුකූලව පදිංචි වෙලා නිතී රිතී පිළිපැදලා අහිංසකව ජිවත් වෙන ගයිජින්ලාට තව තවත් අහිංසකව නිතීගරුකව ජිවත් විමේ වට පිටාවක් සදා දිමේ උදාරතර අරමුණේන් කියලා..හැබැයි ඉතිං අපි නොදන්නවායි අණ්ඩු කියන කතා! වැඩේ ටිකක් දිග වැඩි නිසා කොටස් කිපයකට කඩලා තමයි ලියන්න වෙන්නේ. ඔන්න එහෙනම් පලමු කොටස "හඳුන්වාදීම"

Sunday, February 5, 2012

ජපානය ඊළඟ දැවැන්ත භුමීකම්පාවට මුහුණ දීමට සුදානම් වෙයි!

දැන් සති දෙක තුනක ඉදන් ටී.වී. එකේයි පත්තර වලයි අනිකුත් එකී නොකී ජනමාධ්‍ය වලයි නිතර දෙවෙලේ ඇහෙන්නේ භුමීකම්පා ගැනමයි. ජපන් ආණ්ඩුවේ  ඇතුලේ කචලුයි, පාරිභොගික ටැක්
ස් එක දෙගුණයකින් වැඩිකරන පනතයි, ඉස්සරහට ඇමරිකව සමග ගහන "TPP" වෙළඳ ගිවිසුමෙන් ජපන් ගොවියාට කෙලවෙන එකයි ,යුරෝපා ආර්ථික අර්බුදයයි,ඊයේ පෙරේදා වේනකම් උඩ දාගෙන කෑගහපු නිවුස් වලට මොනා වුනාද දන් නැහැ!මොකක්ද මේ වෙනස!!! ගිය අවුරුද්දේ වුන නැගෙනහිර ජපන් මහා භුමීකම්පාව වසරක් පිරිම ස්මරණය කරනන්නද හදන්නේ, එකටත් ඉතින් මාර්තු වෙනකම් තව මාසයක්ම තියේනවනේ,
කොකටත් කියලා පොඩ්ඩක් හොයලා බලන්න හිතුවා,