a

Monday, January 7, 2013

ජපාන Docomo සමාගම මේ වසර තුළදී අළුත් Tizen OS ස්මාර්ට් ෆොන් වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කරයි.


Tizen ස්මාර්ට් ෆොන් මෙහෙයුම් පද්ධතිය ගැන මට මුලින්ම අහන්න ලැබුනේ ගිය වසරේ ජාපනය තුළ එම OS එක පිළිබඳව පවත්වපු වැඩමුළුවක TWEET කීපයක් කියවන්න ලැබිලා.

Tizen කාලයක් Intel සහ Nokia සමාගම කරගෙන ආපු MeeGo පද්ධතියේ ලක්ෂණත් උපයෝගී කරගෙන, සැමුසන් සමාගම නිෂ්පාදනය කරපු Linux පදනම් කර ගත් Bada මෙහෙයු පද්ධතියේ අනුප්‍රාතිකයා විදියට තමයි දක්වලා තිබුනේ. Bada OS එක භාවිතා කරන ස්මාර්ට් දුරකථන වසරකට මිලියන 14කට ප්‍රමාණයක් චීනය ප්‍රධාන ව විකිනෙන බව තමයි වාර්තා වල දක්වල තිබුනේ.Bada OS එකේ එක කාරණයක් තමයි අඩු මිල. සාමන්‍යයෙන් යුරෝපය තුළ ios නිපයුමක් සඳහා ඇමරිකානු ඩෝලර් 230 ක් වේද්දී,ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් සඳහා මිල ඩොලර් 100ක් පමණ නියම වෙද්දී Bada OS එක භාවිතා කරන දුරකතනයක් මිල ඩෝලර් 66ක් වාගෙ ගාණක්  තමයි වෙන්නේ.

Bada OS සහිත ස්මාර්ට් දුරකථන සඳහා යම් දුරකට වෙළඳපොළක් ගොඩ නැගිලා තියෙන නිසා එහි අනුප්‍රාතිකයා විදියට එන Tizen වලට සැහෙන්න ගමනක් යන්න පුළුවන් වෙයි, කෙටි කාලයක් තුළම වින්ඩෝස් ෆොන් අලවිය ඉක්මවා යන්න පුළුවන් වේයි කියන එක තමයි එදා පවත්වපු වැඩමුළුව තුළ ගෙන හැර දක්වලා තියෙන්නේ.Tizn වල විශේෂතවය තමයි HTML5  ඇප්ලි සාදන්න දක්වන නම්‍යශීලිතාවය.ඒ  වාගෙම ඇන්ඩෝර්යිඩ් ඇප්ලි 3 වන පාර්ශ්ව සොෆ්ට්වේයා(ALC) භාවිතා කරලා Tizen මත ක්‍රියාකරවන්න පුළුවන් කම තියෙනවා.
එදා වැඩමුළුවට Tizen දුරකථන වලට ,iosසහ ඇන්ඩ්‍රොයිඩ් නිෂ්පාදන සමාගම් ශ්ක්තිමත් ලෙස ගොඩ නැගිලා ඉන්න ජපාන වෙලඳපොළට පිවිසෙන්න සැහෙන්න ආමරු වෙන්න ඉඩ තියෙන විත්තිය තමයි එදා වැඩමුළුව තුළ අදහස් දක්වපු වෙළඳපොල නිරික්ෂකයින්ගේ අදහස වේලා තියෙන්නේ. හැබැයි ඒ කතාන්දර මේ වේද්දී ටිකක් වෙනස් වේලා. මේ අවුරුද්ද ලබමු ගමන්ම ජපාන පුවත් පත් කීපයක ප්‍රධාන පුවත බවට ජපානේ ප්‍රමුඛම ජංගම දුරකථන සේවා සපයන Docomo සමාගම Tizen දුරකථන අලවියට සුදානම් වෙන විත්තිය වාර්තා කරලා තිබුනා.ඒ සැමුසන් සමාගම්ත් සමග එක් වේලා.Docomo  සමාගම ජපානේ විශාලතම මෝබයිල් දුරකථන සේවා සපයන්නා වාගෙමම ,ප්‍රධාන සමාගම් තුන අතරින් iPhone අලවි නොකරන එකම සමාගම තමයි.පසුගිය කාලේ අයිෆොන් ලබා ගත් ජනප්‍රියතාවයත් එක්ක Docomo සාමාගමට විශාළ පරිභෝගික පිරිසක් අහිමි වුනා.
Docomo  සමාගම ජංගම දුරකථන ඉතිහාසය තුල බොහෝ අළුත් දෙවල් කරපු සමාගමක් ,දුරකථනය තුළ අන්ත්ර්ජාලය භාවිතා කරන්න ,ගෙවිම් මාධ්‍යයක් විදිහට දුරකථනය භාවිතා කරන්න,කැමරා ෆොන් අදී ලෙස ජංගම දුරකථන ක්ෂේත්‍රයේ අළුත් අළුත් දේවල් මුලින්ම අත්හදා බලපු සමාගමක්. මේ සමාගමට ඇපල් සමාගම සමඟ අයිෆොන් අලවියට එකඟතාවයකට  එන්න බැරිවුන ප්‍රධානම හේතු තමයි, Docomo සමාගම පවත්වාගෙන යන බාහිර විනොදස්වාදන සේවා සඳහා ඇපල් සමාගම එකඟ නොවීම.වාගෙම ඇපල් සමාගමේ දුරකථන අලවියෙදී අනිකුත් දුරකථනවලට වඩා විශේෂත්වයක් අයිෆොන් සඳහා කලයුතුයි කියන ගිවිසුමට Docomo  එකඟ නොවීම .
ඒ නිසා Tizen වල දුරකථන සේවා සයන්නගේ ඒ ඒ සේවා සඳහා අනුකුළතාව දක්වන විදිහට වෙනස් කර ගත හැකිවීම මත තමයි Docomo සමාගම Tizen වලට උනන්දුවක් දක්වන්න ගන්නේ.

පින්තුරය..
http://notworknolife.blogspot.jp 

1 comment:

  1. හප්පා තව එකක්ද දැන් පෝන් එකක් අරං පස්සෙ ඕ ඇස් දාන්නෙ වෙයිද මන්දා මේ යන විදියට...

    ReplyDelete