a

Saturday, July 6, 2013

මේය වෙබ් පි‍ටුවක්ය.

ලොකු ලොකු දේවල් තියෙන පි‍ටුවක් නෙමේයි.
මේ පි‍ටුවේ තියෙන්නේ වචන පමණයි.

ඒ වචන ඔබ දැන් කියවමින් සිටියි.


අරුමෝසම් ඩිසයින්,සිත් ඇද ගන්නා Layouts, ඉන්ද්‍රජාල මවන Scripts අපව  ඇදබැඳ ගත්හ.
නමුත් ජාලය තුළ උසස්ම ආකර්ශණිය මේවලම අදත් එදත් """""""""""වචනයි"

මම ලියපු මේ සටහන ඔබ දැන් කියවමින් සිටියි.අපුරුවම විජ්ජාව එයයි.


මම සිටින්නේ බ්‍රිටිෂ් කොලොම්බියා නම් කුඩා නගරේ. මේය කියවන ඔබ බොහෝ විට සිටින්නේ  වෙනත් තැනක විය යුතුයි.මම 2013 වසරේ ජුනි 20 වැනිදින උදෑසන මෙම සටහන ලියු අතර ඔබ වෙනත් දිනයක වෙනත් වේලාවක මේය කියවමින් සිටිනු ඇත.මා මෙය මාගේ ලැප්ටොප් පරිගනකයෙන් ලියු අතර සමහර විට ඔබ මෙය ඔබගේ ජංගම දුරකථනයෙන් ,ටැබ්ලට් එකක් භාවිතයෙන් නැත්නම් ඔබගේ ඩෙස්ක්ටොප් පරිගණකය ඇසුරෙන් කියවනවා විය හැකිය.

ඔබ සහ මා අතර සබඳතාවයක් ගොඩනැඟි ඇත,ඒ මා ලියු සටහන ඔබ කියවීම තුළින්ය."වෙබ්" යනු එවැන්නකි.සිටින ස්ථානය ,භාවිතා කරන පරිගනක මෙවලම ,වේලා කලාපය වෙනස් වුනත් මේ සරළ HTMLපි‍ටුව ඔබත් මාත් සම්බන්ධ කර සිටියි.

මා මේ සටහන Text Editor භාවිතයෙන් ලියුවෙමි.සම්පුර්ණයෙන්ම KB ප්‍රමාණයකි.ලිවිමේදී Contents Management System භාවිතා කිරිමේ අවශ්‍යතාවය නොතිබුනා සේම ගැ‍ෆික් ඩිසයිනර් කෙනෙක් හෝ සොෆ්ට්වේයර් ඩිවලොපර් කෙනෙක්ගේ අවශ්‍යතාවයක් පැන නොනැගුනි.මේහි ඇත්තේ ඉතා සරල කොඩ් කීපයක් පමණි. ජේද වෙන් කිරීම බර කොට උපුටා දැකිවිය තැන් ආදී සරල දැක්වීම් කිපයක් පමණ භාවිත කලේය.

මාගේ දියණිය වයස 8 දී මගෙන් HTML ගැන ඉගෙන ගත්තීය.ඇය මුලින්ම ලියුවේ ලෙන් හාමිගේ කතන්දරයි. එය ඇය "HTML ලියුව්වා" නොව ලෝකෙට යමක් පැවැසීමට දරපු උත්සාහයක්ය.ගෙදර පරිගනකයෙන් කතන්දරයක් ලියා එය ලෝකෙටම පෙන්නන්න පුළුවන්කම ඇයට විශ්වාස කිරිමට අපහසු කරුණක් විය.දියණිය HTML  ගැන ලොකු සැලකිල්ලක් නොදැක්වපු අතර ඈ උනන්දු වුයේ ලියන කතන්දරය ලෝ පුරා බේදා ගන්න පුළුවන්කම ගැනය.

ඔබ තවමත් මේ පි‍ටුව කියවමින් සිටියි.

සරළ වේබ් පි‍ටුවකින් වුවත් කියන්න පුළුවන් දේවල් බොහෝ තිබේ.ඔබ ව්‍යාපරිකයෙක් නම් ඔබට යමක් විකිණිමට වෙබ් පි‍ටුව භාවිතා කරන්න පුළුවන්.ඔබ ගුරුවරයෙක් නම් තව කෙනෙකුට යමක් උගන්වන්න ඒ හරහා පුළුවන් .ඔබ කලාකරුවෙක් නම ඔබ නිර්මාණය කල යමක් පෙන්වන්න වෙබ් පි‍ටුව භාවිතා කරන්න පුළුවන්. තවද ඔබ වචන භාවිතා කරන්න දක්ෂයෙක්නම් ඔබේ වෙබ් පි‍ටුව  බොහෝ පිරිසක් කියවනු ඇත.


ඔබ වෙබ් ඩිසයිනර් කෙනෙක් නැත්නම් ඔහුන්ගේ සේවාදායෙකුනම් ,මුලින්ම වචන සමග කල්පනා කරන්න පටන් ගන්න .බොහෝ අය කරනා සේ මුලින්ම Style guide හෝ  Photoshop mockup වලින් නොව වචන වලින් පටන් ගන්න.

ප්‍රකාශ කල යුතු කරුණු මොනවාද? ඔබ එය පැහැදිලි කර නොගෙන වෙනත් කොටස් එක් කර ගැනීම අර්ථ රහිත ක්‍රියාවක්. ,ඔබ කිව යුතු කරුණ කල්පනා කර  ,පටන් ගන්න එක් වෙබ් පි‍ටුවක් .
පබ්ලිශ් කර පසු නැවැත නැවැතත් බලන්න ඔබගේ පි‍ටුව දිහා.එයට යමක් එකතු කරන්න ඔබට සිතුන විට,"මෙය එකතු කිරිමේන් ,ඔබ කියන්න උත්සහා කරන කාරණය වඩාත් පැහැදිලි වෙනවාද? විමසන්න ඔබෙන්ම මේ අමතර Styling එක පින්තුරය ,ලින්කුව ඔබගේ කියවන පිරිසට වඩා වැඩි වටහා ගැනිමකට මඟ පාදනවාද කියා,උත්තරය "නැත" නම් එය ඔබේ වෙබ් පි‍ටුවට එක් කරන්න එපා.


වේබ් සැලසුම් කරණයේ හදවත "වචන"විය යුතුය.වචන ඔබ ඩිසයින් එක සකස් කිරිමෙන් පසුව කල්පනා කිරිමට තැබිය යුතු දෙයක් නොවේ.වචන වෙබ් ඩිසයින් හි ආරම්භයද එහි අර‍ටුවද එහි කෙන්ද්‍රයද වේ.

වචන වලින් පටන් ගනිමු.
මම



http://justinjackson.ca/words_japan.htmlඇසුරෙන් පරිවර්තනය කරන ලදී.












38 comments:

  1. සම්පූර්ණයෙන්ම එකඟයි. අරුමෝසම් වලට වඩා බොහෝ විට පාඨකයා ඇද බැඳ ගන්නේ වචන වල ඇති සාරවත් බවයි.

    ReplyDelete
    Replies
    1. තොරණ් ටයිප් එකේ සිංහල බ්ලොග්ත් නැතුවාම නෙමේයිනේ.හැබැයි බහුතරයක් සරල එව්වා නිස,වැඩිපුර කියවන අපි වාගේ අයට පහසුවක්

      Delete
  2. මේ ලිපියට මම ඊළඟ පෝස්ට් එක දානකොට ලින්ක් එකක් ශෙයාර් කරන්නම් ගජින්..මොකද සියලු දෙනාම දැකිය යුතු වටිනා පෝස්ට් එකක්...බොහෝම ස්තූතියි මේ පරිවර්ථනයට ගජින්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන්

      Delete
  3. සියයට දාහක් එකඟයි!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි!

      Delete
  4. උපරිම ලිංගික තෘප්තියක් ලබා ගන්නේ කෙසේද ( 18 + )


    කතන්දර කියන්නේ ටැබූ නෙවෙයි. ටැබූ වෙනත් නමකින් බ්ලොග් කරණයේ ඉන්නවා. ඔහුව ඔබට හමු වී තිබෙනවා. ටැබුගේ හැසිරීම් සහ දැනුම ගැන වැටහීමක් ඇත්තෙකුට ටැබූව හඳුනා ගතහැකියි. ( හඳුනාගත්තද ප්‍රසිද්ධ නොකරන්න )

    ReplyDelete
    Replies
    1. ඈ.... යන්නේ කොහෙද මල්ලේ පොලුත් නෑ වාගේ එකක් නේ බන්.

      ටැබුයි කතන්දරයි දෙනෙක් විත්තිය බහුතරයක් දන්නවා.
      ටැබුට සමාන අයුරකින් බ්ලොග් නවකතාවක් සමනළ විප්ලවය නමින් ලියවුනු අයුරත් අඩුම වසරක කාලයක් බ්ලොග් වල සැරිසැරු ඔනෑ කෙනෙක් දන්න දෙයක්.
      "බ්ලොග් කියන්නේ හිට්ස් වලට විතරක්ම නෙමයි"

      Delete
  5. වටින ලිපියක්.. :)

    ReplyDelete
  6. Replies
    1. "ඔබට යමක් වයස හයක දරුවෙකුට තෙරුම් යන පරිදි විස්තර කරන්න බැරිනම්,ඒ යම් දේ ඔබත් හරියට තේරුම් ගෙන නැත."
      -ඇල්බර්ට් අයිස්ටයින්

      Delete
  7. මේක කියවද්දි මට මාවම මතක් වුනා.මම වචන වල අක්ෂර වින්‍යාසවත් දෙපාරක් බලන්නෙ නෑ.අරුම පුදුම වචන තිබෙන්නෙ .නමුත් මගෙ බ්ලොග් එකේ අපූර්වත්වය නිසා හුගක් දෙනෙක් බලනවා.

    ReplyDelete
  8. වටිනා කියන ලිපියක්....

    සහන් අයියා දුන්නු ලින්කුව දිගේ ආවේ....

    ReplyDelete
  9. මේ මෙයාගේ නම ගජින් නොවේ. ගයිජින්. සංචාරකයා යන අරුත දෙන ජපන් වචනයක් ලු මේක කොහේ හෝ තැනක කෙන්ජි මේ බැව් කියා දි තිබුණා.

    සංචාරකයෝ ඔබේ පෙන්වා දීම හදවතින්ම පිළිගත්තා.

    ReplyDelete
    Replies
    1. ගයිජින් කියන්නෙ විදේශිකයා.

      Delete
    2. තැන්ක්ස් කෙන්ජී .

      Delete
  10. සහන්ගේ පෝස්ට් එකෙන් ආවේ..

    හැබෑව... සයිට් එකක් විතරක් නෙවෙයි පොඩිම ලෝගෝ එකක් හදද්දිත් මං නං ගොඩක් සැලකිලිමත් වෙන්නේ ඒකෙන් කියවෙන්න ඕනේ දේ ගැන.. ඊට පස්සෙයි වචන වෙනුවට රෑප යොදන්නේ...

    ReplyDelete
    Replies
    1. මං හිතන් හිටියේ හිරු මාව දන්නවා ඇති කියලා...කමක් නැහැ දැන් අඳුරගමුකෝ..
      සහන්ට බෝතලයක්ත් අරන් දෙන්න ඕනේ හි‍ටු කියල කොමෙට්ස් වැටේනවාට..

      Delete
    2. සහන් මල්ලිය මම,මාතලන්,හැලප,නලිය,අටම්,දේශයා වගේ කොල්ලො බොන කොල්ලෙක් නෙමේ වෙන්න ඇති.
      කන වෙලාවට වයින් පාරක් සිප් කරල ඉන්න බුවෙක් වෙන්ටෑ.
      ලබන අවුරුද්දෙ එයා මහන වෙනවලුනෙ.

      Delete
    3. කෙන්ජි අයියේ,

      ජීවිතේ එක කාලයක් තිබුණා අරක්කු බෝතලේ ඇඳ ළඟ තියන් බීපු .. ඒ බිව්වේ ආසාවට නෙවේ මට නින්ද යන්නේ නැති නිසා..වෙරි මතට ඔහේ නින්ද වගේ එකක් යනවා.. පස්සේ පස්සේ අරක්කු වලිනුත් මාව කොන්ට්‍රෝල් කරගන්න බැරි තැනට ආව.. ඊට පස්සේ මම අරක්කු බීම නැවැත්තලා සත්‍යට මූණ දුන්නා..

      අදට උනත් අරක්කු පෙවෙනවා අඩුයි මට...බොන්න බැරි කමක් නෙවේ.. බොන්න කෙනෙකුත් නැහැ , යන්න තැනකුත් නැහැ , කතා කරන්න කියලා දෙයක් ඉතුරු වෙලත් නැහැ.. අනේ මන්දා ජීවිත කෙන්ජි අයියේ...

      Delete
    4. මේකට මොකක්ද ලියන්න ඔනේ කියලා මට හිතා ගන්න අමාරුයි.සහන් සත්‍යට මුහුණ දුන්නා කියන තැන, ඒ ඇතිවේලා තිබුන තත්වය ගොඩක් දුරට පාලනය කරගත්තා කියන එක කියලා හිතනවා.

      Delete
  11. ඔන්න සහන්ගේ ලින්ක් එක දිගේ මාත් ආවා. මේ කතාව ඇත්තක් බව මේ ලිපිය දිහා බැලුවම ඉබේම පැහැදිලි වෙනවා..

    ReplyDelete
  12. සහන්ගේ පාරෙන් මාත් ආවා ...ඇත්ත වචනවලට පුළුවන් විච්චුරන රුප වලට වඩා හිත ඇද බැද ගන්න

    ReplyDelete
    Replies
    1. රෙහානි කලින් ඇවිත් තියෙනවා..ඔයාට පුංචී අකුරු පෙන්නේ නැහැ නෙද?

      Delete
  13. ඇත්ත නේන්නම්.. කියන්න ඕන කරන දේටනෙ මුල් තැන දෙන්න ඕන.

    පාර කිව්වට තැන්කු සහන්ට. මං මිට කලින් ඇවිත් නෑ වගෙ මේ පැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ආවට බොහෝම ස්තුතියි...ආපහු එන්න තේ එකක් එහෙම බීලා යන්න

      Delete
    2. ඔන්න ඇවිත් පදිංචි වුනා. ඊයේ ෆලෝ කරන්න බැරි අවුලක් තිබුන මට. ඒකයි කමෙන්ට් එකක් විතරක් දාල ගියේ. දැන් ඉතින් තේ විතරක් නෙවෙයි, කන්න බොන්නත් දෙන්න වෙයි.. :D :D

      Delete
    3. හරි..හරි....ඔය තියෙන තියෙන හැටියට දෙතුන් පොළකින් වාඩි වෙන්නකෝ.....
      තැන්ක්ස් මචෝ ෆලෝ එකට...හැබයි මචෝ මං ලියන්නේ යලට එකයි මහට එකයි.ජපාන අගමැතිගේ ආර්ථික දර්ගනය ගැන ජනවාරි වල ඉඳන් ලියන්න හිතේ තියෙනව ,තාම අකුරක් කොට ගන්න ඇරි වුනා

      Delete
    4. හොද දේවල් ඉස්සර මිනිස්සු ලිව්වේ ඔහේ අහක යන කඩදාසි වල.. ඒ සංකල්පය බ්ලොග් වලටත් දාන්න කාලේ හරි... සහන් ගේ පාරෙන් ආවේ..

      Delete
    5. පැතුම්ගේ බ්ලොග් එක මං කියවල තියෙනවා.අර සිලිකන් වැලි චිතරපටි ගැන එහෙම රසවත්ව විස්තර කරල තිබුනා.
      දේන් ලියන් නැති එකනම් අපරාදේ....
      අද පැතුම් බ්ලොග් කීපයකම කොමෙට් කරල තියෙනවා දැක්කා.මේ කික් එකටම පොස්ට් එකක් දාමුද?

      Delete
  14. කියන්න දෙයක් හිතා ගන්නම බෑ අෆ්ෆා... ඒ නිසා මුකුත් නොකියා ඉන්නම්

    ReplyDelete
  15. ඔන්න සහන්ගෙ පැත්තෙං මාත් ආව මේ පැත්තට. කියවලම බලමුකො.

    ReplyDelete
    Replies
    1. ත්‍රී භාෂාත් පළමුවතාවට ආවට ....බුකියේ යාළුවෙක් විදිහට ඉන්නේ

      Delete