a

Friday, July 19, 2013

ජපාන අගමැති රෝනල්ඩ් රේගන්ට අඳින්න සැරසේ.....

මෑතක් වෙනකම්ම ලංකාවට වැඩියෙන්ම ආධාර දුන්න රට වුනේ ජපානේ.ඊට පස්සේ ඒ තැනට ආවේ චීනේ...චීනේ ඒ තැනට එනවාත් එක්කම වාගේ ,ඇමරිකාවට පස්සේ දෙවැනියට ලොකුම ආර්ථිකය විදිහට ජපානයට තිබුන තැනත් නැති වේලා ගිහින් එතැනට චීනේ ආවා.ඉස්සර ඉලොක්ට්‍රොනික් බඩු කඩයකට ගියාම තිබුනේ වැඩිපුර ජපානේ බඩු...පස්සෙන් පහු ඒ තැනට කොරියන් ,චීන බඩු එන්න ගත්තා.මං ඔය කාරණා ටික කියන්න ගත්තේ ලොකු ලොකු ඉලක්කම් සරඹ දැම්මේ නැතත් ඕනෑම කෙනෙක්ට ඔය උඩ කාරණා ටික දිහා බැලුවාම හිතා ගන්න හැකියි ජපාන ආර්ථිකේ මොකක් හරි අවුලක් තියෙන විත්තිය.


  • ඇත්තටම මොකක්ද ජපාන ආර්ථිකේ අවුල?

 හරි දැන් බලමු මේ අවුලට මුල මොකක්ද කියලා....දෙවැනි ලොක යුද්දේට පස්සේ ජපාන ආර්ථිකය පිම්බේ දියුණු වෙන්න ගත්තා.මේ දියුණුව කොටස කිපයකට බේදලා දක්වන්න පුළුවන්.මේ දැන් තියෙන අවුලට කලින් 1986 දෙසැම්බර් වල ඉඳන් 1991 පෙබරවාරි වෙනකම්  කාලේ ආර්ථික වශයෙන් හඳුන්වනවා "දේපොළ  වෙළඳපොළ බුබුළු ආර්ථික සමය(Japanese asset price bubble) කියලා .( බුබුලක් කියන්නේ සබන් බුබුලක් වාගෙ එකක් .ඕනේනම් බැලුම් බෝලයක් කියලා හිතා ගන්න.)මේ කාලේ ජපානයට බොහොම හොඳයි.නිශ්චල දේපොළ ඒ කියන්නේ ඉඩම් වල මිල බලන් ඉද්දී ඉහළ යනවා.කොටස් වෙළඳපොළත් අති ධාවනකාරියි.දෙකයි පනහේ කොම්පැනියක වුනත් කොටස් උණු කැවුම් වාගේ විකිණෙනෙනේ.කොටස මිලදී ගන්න තියෙන ඉල්ලුම වැඩි වෙනවා කියන්නේ කොටස් වල අගයත් පිම්බේ ඉහළ යනවා කියන එක..

ඉඩම්මුත් ඒ වාගේ තමයි...1989 වාගේ වේද්දී තොකියෝ ඉඩම් වල වටිනාකම  කොච්ර ඉහළ ගියාද කියනවානම් තොකියෝ නුවර ඇතුළේ දුවන යමනොතේ කියන දුම්රිය  මාර්ගයට කවර් වෙන ප්‍රදේශ වල වටිනාකමේන්, මුළු ඇමරිකාවේම ඉඩම් මිලට ගන්න පුළුවන්කම තිබුනාලු.

  •  නරක නැහැ නේද?

 නරක් වුනේ ඒක ආර්ථික බබල් එකක් වුන එක. බබල් එකකට පිම්බෙන්න පුළුවන් සීමාවක් තියෙනවා .ඒ සීමාව පැන්න ගමන් ඩෝං! ආපහු ඉතිං මුකුත් නැහැ.ඔය ආර්ථික බබල් එක පිපිරෙනවා 1991 දී.මුලිකම හේතුව තමයි...ආර්ථික ප්‍රසාරණය වෙන්න ප්‍රධාන හේතුව නිෂ්පාදනයක් හරහා මුදල් ඉපයිමක් නොවී ඉඩම් වල මිළ ඉහළ යාම මත ‍රැඳිලා තිබුනු එක.තවත් හේතු තියෙනවා ගල්ෆ් යුද්ධය ආරම්භ වේලා තෙල් මිල ඉහල යාම වාගේ.91 දී ඉඩම් මිලත් කාඩාගෙන වැටෙන්න ගත්තා වාගේම කොටස් වෙලඳපොළත්  ඉතිහාසයේ නොවුනු දැවැන්ත කඩා වැටිමකට මුහුණ දුන්නා.ඊයේ ෆෙරාරි එකෙන් ගිය කොම්පැනි  අයිතිකාරයෝ ,සමාගම් බකොලොත් වේලා ඉන්න හිටින්න තැන් නැතිව මහ පාරටම වැ‍ටුනා.
ඔය වැටිච්ච වැටිල්ල ජපානේට අවුරුද්දු 20ක් ගිහිල්ලත් ගොඩ එන්න බැරි වුනා.2002දී වාගේ  ගොඩ එන්න පොඩි ට්‍රයි එකක් දැම්මත් හරි ගියේ නැහැ.ජපානේ මේ විසි වසර හඳුන්වන්නේ අහිමිව ගිය වසර විස්ස කියලා.

මේ අවුරුද්දි 20 ඇතුළත දේශපාලන ස්ථාවරව තිබුනේ අර 2002 කාලේ ගොඩ එන්න පොඩි ට්‍රයි එකක් දාපු කාලේ විතරයි. අගමැති වරු අවුරුද්දට 3,4 දෙනා ඉල්ලා අස්වේලා ගෙදර ගියා වැඩේ කරන්න බැහැ කියලා.
ජපානය දිර්ඝ කාලයක් පාලනය කරපු පක්ෂයම ඉවත් කරලා විපක්ෂයට බලය දීලත් ජනතාව බැලුවා ගොඩ එන්න පුළුවන්ද කියලා  .ඒත් හරි ගියේ නැහැ. ජපාන සමාගම්  වලට අළුත් තරගයක් වෙනත් ආසියනු සමාගම් වලින් එල්ල වෙන්න ගත්තා.සොනි සමාගමට තිබුන තැන සම්සුන් සමාගමට හිමි වුනා, විතරක් නෙමයි සොනි,පැනසොනික්  සමාගම් දැවැන්ත පාඩු ලබන්න ගත්තා.ෂාප් සමාගම  වාගේ දැවැන්තයෝ බංකොලොත් වුනා.කොටස් වෙළඳපොළ අගය අවුරුද්දු 30කට කලින් තිබුන අගය දක්වා පහත වැ‍ටුනා.වි‍රැකියාව ඉහල යාම ,වාගේ අර්ථිකමය හානි වලට අමතරව වයස්ගත ජනගහනය ඉහලයමදරු උපත් අඩුවීම වාගේ ප්‍රශ්ණත් මේ එක්කම ඇති වෙන්න ගත්තා.


ඒ දැන් ඉන්න අගමැති ,ෂින්සෝ අබේ. බ්ලොග් ලියන අබේපාල මාමා එහෙම නෙමයි .හැබැයි මේයාටත් ‍ෆිට් එකට අබේ මාමා කියලා වුනත් කියන්න පුළුවන්...

අගමැති අබේ  බලයට එන්නේ 2012 දෙසැම්බර් ..මේ උන්නැහේ ඊට කලිනුත් 2006 දී ජපනේ අගමැති වුනා,හැබැයි අවුරුද්දක්වත් හිටියේ නැහැ.ඒ දවස් වල ආපු ප්‍රශ්ණත් එක්ක ඉන්න බැහැ කියලා ඉල්ලා අස්වේලා ගියා.
මෙහේ දේශපාලකයෝ කියන්නේ මහ සවුත්තු ජාතියක්..හරිනං මහජනයා ගැන හිතලා කාගෙන ඉන්න එපැයි...අපේ කට්ට්ටිය වාගේ...පොඩ්ඩ එහා මේහා වෙන්න බැහැ දමලා ගහලා යනවා... නේ….. ජනතාව පව් නේද?

  • දැන් අගමැති අබේට පුළුවන්ද ජපානේ ගොඩ ගන්න?

 එයා කියනවා එයාට පුළුවන් කියලා..ඔව් ඉතිං ලොකේ කොයි දේශපාලඥයාද තමන්ට බෑ කියල කියුවේ.එයා එයාගේ ආර්ථික වැඩපිළිවෙළට කියන්නේ අබේනෝමික්ස්(Abenomics) කියලා..

  • ඒ මොකක්ද ඒ?

 ඔය වචනේ අබේ ගේ නමේ Abeයි Economics කොටසට එකතු කරලා හදපු වචනයක් ..ඉස්සර 81 ඉඳන් 89 වෙනකම් ඇමරිකාව පාලනය කරපු රේගන් ජන්ධිපතිවරයාගේ ආර්ථික උපායමාර්ගය එයා ගේ නමේ Reagan කැල්ලයි Economics එක්ක එකතු කරලා Reganomics කියලා පත්තර වල එහෙම ඒ කාලේ හඳුන්වලා දීලා තියෙනවා. එකේ පොඩි කොපි පාරක් තමයි අබෙනොමික්ස්...

  •  සරළ කියුවොත් මොනවාද ඔකේ තියෙන්නේ?


 මුදල් සංරනය ස්ථාවරතවය තුළින් අවධමනය (අපිට අර මහා බැංකුව නිතර දේවෙලේ මතුරන උද්ධමනයේ විරුද්ධ වචනය  හොඳේ! හැබැයි උද්ධමනය නරක හින්දා අවධමනය හොඳයි කියලා එහෙම තේරුම් ගන්නවා නෙමේයි) හා ඩොලරයට සාපේක්ෂව යෙන් අගය දුර්වල කිරීම තුළින් (ඔන්න ඔය කාරණයත් පරිස්සමෙන් තේරුම් ගන්න ඔනෑ තැනක්)මහා පර්මාණ ආර්ථික ව්‍යාප්ති හරහා ආර්ථික ස්ථයිභාවයක්  ඇති කිරීම.

  • වැඩිය පැහැදිලිව කියුවොත්මොනාවද ඕක හරහා කරන්නේ?

 ලංකාවේ කරන්න ඕන දේ ,විරුද්ධ දේ තමයි ජපානේ කරන්න ඔනේ ...ලංකාවේ උද්ධමනය තියෙන්නේ ඉහළ අගයක අපේ මහා බැංකුවනම් කියන්නේ  6.8% වාගේ කියලා. ඒ වුනත් ඉතිං බඩු ගන්න ගියාම අපි දන්නවා ගිය අවුරුද්දේ රුපියල් 100 කින් ගත්ත බඩු මේ අවුරුද්දේ 107 කින් ගන්න බැරි විත්තිය.
ලංකාවේ තත්වය අනුව උද්ධමනය පාලනය කරන එක තමයි කරන්න ඕනේ...හැබැයි ජපානේදී  අවධමනය නිසා අබේගෙ රජය ජපාන මහ බෑංකුව හරහා 2% ක උද්ධමන ඉලක්කයක් (Inflation targeting )පවත්වාගෙන නිෂ්පාදනය ,මිල පහත වැටිම් වලින් ආරක්ෂාකර ගෙන රට තුළ මුල්‍ය ස්ථාවරභාවයක් පවත්වා ගන්න තමයි උත්සහා කරන්නේ.
ඊ ලඟට දැවැන්ත පොදු සේව ව්‍යපෘති  මුල්‍ය අයෝජනය සහ  මුදල් සොයා ගැනිමට භාණ්ඩාගර බිල්පත් නිකුතුව
ජපාන මහා බැංකුව පවත්වාගෙන යන බැන්ක් රේට් එක 0 දක්වා ගෙන ඒම තුළින් මුදල් සංසරණය පහසු කිරීම.
  
  • දැන් අබේ අගමැති වේලා මාස 6කට වැඩියි .ඉතිං ඔය සැලසුම් වලින් ප්‍රතිඵ්ලයක් පේන්න තියෙනවාද?

 ඔව්...ඇමරිකන් ඩොලරය තිබුනේ යෙන් 70 ගනන් වලට දැන් එක 100කට විතර ඇවිත් තියෙනවා.මෙහේ නිෂ්පාදනය කරන භාණ්ඩ විදේශයන්ට අලෙවි කිරිමේන් ලැබෙන  යේන් ප්‍රමාණය ඉහළ යනවා.ඒවාගේම කොටස වෙළඳ පොළ හිටපු ගමන් පොඩ්ඩක් කඩන් වැ‍ටුනත් ගිය අවුරුද්දට වැඩිය හොඳට රන් වෙනවා.

  • දිගටම එහෙම තියෙයිද?

තව දවස් දෙකකින් ජපානේ ඉහළ මන්ත්‍රණ සභාවේ ජන්දේ පවතවනවා.සමික්ෂණ වාර්තා දක්වන්නේ අබේගේ රජය පහසුවේන්ම 50% වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනියි කියලා.ඒ හරහා අඩුම තරමේ අවුරුද්දු 3කටවත් ස්ථාවර දේශපාලන තත්වයක රට තුළ ගොඩ නැගීම සහ ජන්ද ප්‍රතිඵලත් එක්ක ජපාන කොටස් වෙළඳපොළ ධනාත්මක ඉහළ යාමක් බලාපොත්තු වෙන්න පුළුවන්. ඒතුළින් සමාගම් සේවකයින් සඳහා දෙසැම්බර් බෝනස් ප්‍රතිශතය මෑතකාලීනව ඉහළම අගය වෙන්න තියෙන ඉඩ වැඩියි.හැබැයි මේ හා සමාන තත්වයකම 2002දී ජපාන තැපල පුද්ගලිකරණය වුන මොහොතේ ඇති වුන.ජපාන තැපැල බැංකුව සතුව  දැවැන්ත ඉතිරිකිරීමේ ගිණුම් සංඛ්‍යාව තිබිම සහ පුද්ගලිකරණය තුළින් එම මුදල් වෙලඳපොළට පොම්ප කිරිම සිදු වුන මොහොතේ පොඩි ආර්ථික පිබිදීමක් ඇති වුනත් එය දිර්ඝ කාලිනව පැවැතුනේ නැහැ.

  • ඒ කියන්නේ අබේනොමික්ස් වුනත් ෂුවර් නැහැ කියලාද?

 ඕනෑම ආර්ථික සැලසුමක් සාර්ථ්ක ආසර්ථක භාවය ගැන මුල ඉඳලම අනාවැකි කියන්න බැහැ.රේගන්ගේ සැලසුමේ වුනත් ඔහුගේ කාලයේදී අයවැය හිඟය දැවැන්තව ඉහළ ගියත් ආර්ථික කටයුතු පණ ගැන්වීම සාර්ථක වීම සිදුවුණා.එහි ප්‍රථිඵලයක් විදිහට 90 දී අයවැය හිඟය පියවා ගන්න ඇමරිකානු රජය සාර්ථක වුණා(ආණ්ඩු වෙනස් වුනත්)

අබේනොමික්ස් ගැන පළවෙන විවෙචන ඉහළයි.IMF විශ්ලෙෂකයෙකුත් අබේනොමික්ස් ආර්ථික අවදානමකට ඉඩ තියෙන බවට ප්‍රකාශ කරල තියෙනවා.ආන්ඩුව විවෙචනය කරන පුවත්පත් දැන් අළුත් වචනයක් නිපදවලා තියෙනවා" අබේනොරිස්ක්" කියලා.ඒ වාගෙම අහිමිවුණ අවුරුද්දු 20 මේ ආණ්ඩුව 30 කරලයි නතර වෙන්නේ කියලා මට්ටමේ විවේචනත් එල්ල වෙනවා.


පින්තුරය

Abenomics  cartoon by Stephff


කලින් ලියපු ජපන් ආර්ථික ලිපි....
  1. ජපන් අර්ථිකයේ හෙට එච්චර කළුවර නෑලු......හෑබැයි ෂුවර් නැහැ .අනිද්දාට තිත්ත කළුවර වෙන්නත්පුළුවනි!....(2012/02)
  2. ජපානය ලෙඩ වෙලා........(2010/03)

30 comments:

  1. මේක නං මාර වටිනවා.. ඇත්තටම අපේ පොඩි මස්සිනාගෙන් ජපානේ ගැන මොනවා ඇහුවත් ඌ කියන්නේ අනේ මං දන්නෑ අක්කේ.... ඔච්චර තමයි.. ( එයා ගැන මොනවා හරි ඇහුවත් ඒ සන්තෑසිය තමයි..) මේ පාර එනකොට වෝල් හැගර් වගයක් ගෙනල්ලා මං ඇහුවා මොනාද ඒකේ ජපන් වලින් ලියලා තියෙන්නේ කියලා... මේකා කිව්වනේ මංවත් දන්නෑ අක්කෙ කියලා... අවුරුදු 10ක් කොහොම හිටියද මන්දා ජපානෙට වෙලා... හි හි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් වේලාවට ඔය වෝල් හැගර් වල ලියලා තියෙන්නේ shodo(Japanese calligraphy)වලින් එන ගම්භීර එව්වා..එව්වා ගයිජීන්ලා(විදේශිකයෝ) අපි විතරක් නෙමේයි ......ජප්පන්ටත් කියව ගන්න බැහැ.


      (ඕන්න මං පොඩි මස්සිනානේ නම්බුව බේරලා දුන්නා....)

      Delete
    2. i noticed above woman always give different sort of advertisement to us iyoo salli

      Delete
    3. හැබැයි ඔය අකුරු නොදන්න කොයි ගයිජින් අයියල/මල්ලිල ත්,ඔසකෙ විකුනන සෙවන් ලෙවන්,සර්කල් K ලගනම් නවත්වනව.
      ඔසකෙ අකුර නම් දුර තියාම අදුරනව නේද ගයිජින්?

      Delete
    4. නැතුව...නැතුව අපි නොදන්න 漢字 කියුවාලු.......

      Delete
  2. අබේනොමික්ස් තවත් සුට්ටං සයිස් බබල් ගොඩක් වගේ.. හොද ලිපියක්. ඉතාම සරලයි.. දරුණු කරුනු ටික එළකිරි වෙන්නම දීල තියෙනවා. බොරු සෝබන ගනං හිලව්, චාට් අරව මේවා නැතිව. අන්න එහෙමයි මාත් කැමති.. ගයිජින් කාරයෝ... ජය වේවා

    ReplyDelete
    Replies
    1. අබේනොමික්ස් වලට ජප්පෝ කියන අනිත් නම තමයි අබේ බබල්

      Delete
  3. මේකද අර කිව්වා ලිපිය ගජින්( ගයිජින් ) ..? ඔබ මගේ උපාලි පෝස්ට් එක ප්‍රචාරය කිරීම ගැන ස්තූතියි මිතුරන් අතරේ ..ගොඩක් දෙනා ඇවිත් බලලා තිබුණා..

    ඔය බබල් න්‍යාය හරිම භයානකයි සහ බොහෝම වාසි තියෙනවා වෙලාවකට..ප්‍රශ්නේ තියෙන්නේ පීක් එකට ලන් වෙද්දී ශෙයාර් එකෙන් අයින් වෙන්න ඕනේ වගේ දෙයක්..ඒ වගේම පීක් එකේදී එන්ටර් වෙන්නත් හොඳ නැහැ .. ( ශෙයාර් වලින් උදාහරණෙ කිව්වේ හරිද ? )

    ප්‍රශ්නේ තියෙන්නේ එක ආණ්ඩුවක් විසින් ලොකු පීක් එහෙකට ගෙනාපු බබල් එකක් හරිම අන්ස්ටේබල්.. භයානකකම හඳුනාගෙන වැඩ කරන්න ඕනේ..කරොත් ගොඩ.නැත්නම් පුදුම ලොස් එකක් කන්න වෙනවා ..

    ජපානෙට උනේ ඒක ගජින්..බබල් එකේ ආතල් එක ගත්තා භයානකකම හඳුනාගන්නේ නැතුව..දැන් ඉතින් කිසිම වැදගැම්මක් නැති බබල් එකක් බදාගෙන ඉන්නවා.. එහෙමයි කියලා බබල් එක අතාරින්නත් බැහැ..කරන්න තියෙන්නේ නැවත ඇප්‍රිශියේට් වෙනකම් ඉන්න ඕනේ කොහොම හරි අල්ලන්..නිකන්ම නිකන් උන්නයි කියලා ඇප්‍රිශියේට් වෙන්නෙත් නැහැ..

    කෙසේ උනත් ශෙයාර් මාර්කට් එකෙන් ආණ්ඩු කරන්න යන්න හොඳ නැහැ..දරුණු බලපෑමක් කරන්න පුළුවන් උනත් ඒ මත පදනම් වෙලා රටේ සමස්ථ ආර්ථිකය මෙහෙයවන්න හොඳ නැහැ ගජින්..( ඒ වගේම ශෙයාර් මාර්කට් එකේ දේවල් එක්ක රටේ ආර්ථික ප්‍රතිපත්ති හදන්නත් හොඳ නැහැ..තනිකර බබල් එකක්..බබල් එක පිපිරුවොත් ඔක්කොම විනාශයි ..)

    පස්සේ තව ටිකක් කතා කරමු..

    ReplyDelete
    Replies
    1. මෙහේ නම් රටේ තනිකර ආර්ථික තත්වය කොටස් වෙළඳපොළ දිහා බලලා කියන්න පුළුවන් තරමට කොටස් වෙළඳපොළ බලපෑම ඉහලයි.ජපානයේ ඉතා කුඩා ව්‍යාපර ඇතුළුව ,ව්‍යාපාරික බදු ගෙවන සමාගම් මිලියන් 3ක් තිබිලා ඉන් කුමන හෝ කොටස් වෙළඳ පොලක් නියොජනය කරන්නේ අතිශයින්ම ස්වල්ප ප්‍රමාණයක් වුනත්,කොටස් වෙළන්ඳපොළ සතු බලපෑම මාර විශාලයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. \\\කොටස් වෙළන්ඳපොළ සතු බලපෑම මාර විශාලයි.\\\

      ඔය බබල් එක මත යැපෙනකම් ගොඩ ඒමක් නැහැ ගජින්..හෝද හෝද මඩේ දැමීමක්..බලන්නකෝ සමාගමේ මුළු භෞතිකව වටිනාකම වත් බිලියන 100 නැති සමාගම් වල ශෙයාර් වලින් හෝල්ඩ් වෙන වටිනාකම බිලියන 400 වගේ යනවා..

      01.සමාගමේ මුළු භෞතික වටිනාකම බිලියන 100 කියමු.

      02.සමාගම කොටස් නිකුතුවක් කරනවා 40%. ( ඒ කියන්නේ බිලියන 40 ශෙයාර් මාර්කට් එනවා )

      03.ටික කාලෙකින් ශෙයාර් 40% ඇප්‍රිශියේට් වෙනවා බිලියන 120 ට.. ( ඒ කියන්නේ 3 ගුණයක බබල් වටිනාකමක් .. සැබවින්ම අනාගතයේ විය යුත්තක් වර්තමානයේදී වෙලා )

      04.දැන් සමාගමේ 40% ප්‍රමාණය ඇප්‍රිශියේට් වෙලා සමාගමේ මුළු වටිනාකමටත් වඩා ..

      05.ඉතුරු 60 % ටික වික්කොත් එහෙම අත යටින් කීයක් එනවද ඇප්‍රිශියේට් වෙලා තියෙන වෙලාවක ...?

      06.60B into 3 = 180B

      07.සියල්ලේ එකතුව 120 + 180 = 300B

      08.බලන්න බබල් එකේ බොරුව

      09.බබල් එකට කරගහන අයට මොකද වෙන්නේ ...?

      10. බබල් එක බිමින් තියන්න නම් අවුරුදු කීයක් උස්සන් ඉන්න වෙනවද ?

      11.බබල් එක බිමින් තිබ්බොත් 200B ම ලොස් වෙලා ..


      ඔන්න ඕකයි වැඩේ ගජින්..මගේ පුංචි කාලේ ගෙවුනෙම ස්ටොක් එක්ස්චේන්ජ් එකේ..හේතුව ගැන මගේ අද්මිරාල් පෝස්ට් එකේ සඳහන්...

      Delete
    5. දිර්ඝ පැහැදිලි කිරිමට බොහෝම ස්තුතියි සහන්.
      86 ඉඳන් 91 එකවෙනම් සහන් ඔය පැහැදිලි කරපු පිළිවෙලටම තමයි දේපල/සමාගම් කොටස් සඳහා නැති වටිනාකමක වෙළඳපොළක් ඇති වුනේ..අන්තිමට කඩන් වැ‍ටුනාම අවසාන හිමිකරුවා නන්නත්තාරයි.
      86දී සහන් පැහැදිලි කරන තුන්වැනි පියවර ඇති වෙන්න අවශ්‍ය වාතාවරනය ජපානය තුළ ගොඩනැගිලා තිබුනේ.කොටස්
      හෝ දේපල මිලට ගන්න උත්සහා කරන අතිවිශාල පිරිසක් ඉන්න ඔනේ ,සත්‍යලෙස නැති වටිනාකමක් දක්වා මිල ඉහළ යන්න.
      ජපානේ 86දී ඇතිවුන ආර්ථික බබල් එකට මුලික හේතු ටික මේ...
      ඇමරිකාව,ජපානය ,බාහිර ජර්මනිය,ප්‍රංශය සහ බ්‍රිතන්‍ය අතර 1985 දී ඇතිවුන අදාල රටවල මුදල් ඒකකයට සාපේක්ෂව ඩොලරය දුර්වල කිරිම සඳහා ඇති කර ගත් PlazaAccord එකඟතාවය...මේ එකඟතාවය ඇති කරගන්න මොහොතේ ඩොලර් එකක් සඳහා යේන් වටිනාකම 235 ක් වුන පැය 24ක් ඇතුළත අගය 20YENකඩන් වැටිලා ,අවුරුද්දක් ඇතුළත යෙන් 150 වාගේ ගාණකට වැ‍ටුනා.ඇමරිකානු වෙළඳපොළට ප්‍රධාන වශයෙන් බඩු විකුණන ජපන් නිෂ්පාදකයින්ව ආරක්ෂා කර ගන්න ආණ්ඩුව ගත්ත පියවර තමයි රට අභ්‍යන්තර පරිභොජනය ඉහළ දමන්න කටයුතු කරපු එක.පාරිභෝගික භාණ්ඩ විතරක් නෙමයි රජය දැවැන්ත මට්ටමේ ප්බ්ලික් වර්ක්ස් වලට ගියා.ටවුන් එකක්ට එක ගානේ එයාර්ෆොර්ට් හදනවා වාගේ වැඩත් එක්ක.ඊ ළඟට සමාගම් සඳහා බදු සහ ආදායම් උපයන්නගෙන් අය කල ආදයම් බදු මහා පරිමාණයෙන් අඩු කලා. එකෙන් තමයි ජන්තාව අතර දේපල හෝ කොටස් සඳහා අයෝජනය කරන්න පුළුවන් අමතර මුදලක් ඇති වුනේ.අයෝජනයට මුදල් අතේ තියෙන අය හොයන්නේ ඉක්මනට මුදල් වැඩි කර ගන්න පුළුවන් ක්‍රම ..ඉතිං කොටස් වෙළඳාමට ලොකු මාර්කට් එකක් එකෙන් ඇති වුනා. ඒ වාගේම ජපන් රජය රාජ්‍ය ආයතන විදිහට පවත්වාගෙන ආපු ජපාන ටෙලිකොම්
      ( NTT) එක ජපාන දුම්රිය සේවය(JR),ජපාන දුම්කොළ සමාගම(JT) ආදී දැවැන්ත සමාගම් පුද්ගලිකරණය කරන්න ගැනිම...ඒ ආයත කොටස් වෙළඳපොළට පිවිසීම මිනිස්සු අතර කොටස් වෙළඳ්පොළට දැවැන්ත ආකර්ශණයක් ඇති කරන්න සමත් වුනා..
      .
      හැබැයි අද ජපානය තුළ ඒ වාගේ බබල් එකක් ඇති වෙන්න අවශ්‍ය වතාවරණය පෙන්නේ නැහැ.හැමෝම දකින්නේ බංකොලොත් වෙන්න ඔන්න මේන්න සමාගම් ටිකක්...

      Delete
  4. මමනම් හිතන්නෙ ආර්ථිකය වැටෙනවා නම් ඒ වැටෙන ආර්ථිකයට සමානුපාතිකව ජනතාවගේ සංකීර්ණ අවශ්‍යතාවයන් අඩුකරන්න ඕනි.
    උදාහරණ විදියට ලංකාවෙ මේ දිනවල තියෙන ලොකු ෆැෂන් එකක් තමයි ලොකුවෙඩින් ගැනිල්ල සහ ලොකු ගෙවල් තැනීම.
    මේ දෙකම හරහා අපේ ආයෝජන වලට යොමුකරන්න තිබෙන මහජන මුදල් නිරපරාදේ නාස්ති වෙනවා. ලංකාවේ මිනිස්සුන්ගේ ස්වාභාවිකවම තියන වස්තු දේපල තන්හාව නිසා මිනිස්සු ළඟ මුදල් තිබුනත් ඉඩකඩම්, දේපල, කාර්, නිවාස වල ආයෝජනය කරන නිසා කර්මාන්ත සහ සේවා සඳහා යෙදෙන මුදල අඩුයි.
    ශ්‍රී ලංකා පුරවැසියන් සාමාන්‍යෙයන් අධ්‍යාපනයට යොදන මුදලත් සමස්ථ ආදායමෙන් ඉතා සුළු අගයක්.

    මට දැනෙන විදියට රජයකට පුලුවන් වෙන්න ඕනි සූක්ෂම විදියට මිනිසුන්ගේ ආකල්ප සහ ලැදියාවන්ට බලපෑම් කරන්න. හිතන්න දිිගන් දිගටම මිනිස්සු වාහන ගන්න ගියොත් ලංකා රජයට ඒ වාහන වලට හරියන විදියට පාර්වල් හදන්න සිද්ද වෙනවා. ඒ නිසා ලක් රජය කල යුත්තේ වාහන පොදු වාහන සහ පොද්‍ර ප්‍රවාහන දිරිමත් කරලා බයිසිකල් භාවිතය දිරිමත් කරලා ඒ පැත්ත නංවන එක.

    ඒ වගේ ටිකක් බුද්ධිමත් සිස්ටමැටික් වැඩ මම හිතන විදියට ජපානය වගේ රටවල තිබෙනවා. ඒ නිසා ආර්ථිකයක වැටීම ජනයාට නොදැනෙන් තබාගන්න රජයට හැකි වේවි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල අදහස් දැක්වීමට....
      2011 ජපානයේ වුන භූමිකම්පාවයි න්‍යෂ්ටික හුට පට ටික මතකද? ඕක වුනේ මාර්තු මාසේ ,,සීත කාලේ අන්තිම වාගේ.හැම අවුරුද්දකම වැඩිම අභ්‍යන්තර වෙළඳාමක් සිදු වෙන්නේ සමර් එකට ජපාන්ය තුළ.මල් වෙඩි උත්සව සැනකෙළිත් වැඩි ඒ කාලේට තමයි,රට තුළ විතරක් ව්‍යාපර වල නිරත වන සාතිශය බහුතරය යමක් උපයා ගන්නේ මේ කාලේදී.
      හැබැයි රටේ වුණ දැවැන්ත ව්‍යසනය නිසා හැමෝම හිටියේ සැණකෙළි අතහැරලා දාපු මානසිකත්වයක.....එක දවසක් මම ටිවි එකේ දැක්කා වැඩිම හානියක් වුන ප්‍රදේශයේ පිරිස එකතු වේලා ඉල්ලීමක් කරනවා මේ වේලාවේ වැඩසටහ නතර කරන්න එපා.මොකද එක ආර්ථිකයට තවත් හානියක්,මෙච්ච දේ වෙලා ඉවරයි, සමර් එක සම්ර් එක විදිහට ගත කරන්න ,අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව වෙන්නේ සම්ර් එකට අපේ ප්‍රදේශයේ හදන සකේ වැඩිපුර මිලට ගන්න කියාලා.

      Delete
  5. Aru-ge adaviy ට වරක් ගොඩ වැඩි කියවන්න.රස ගුලාවක්.

    ReplyDelete
  6. මම නම් මේවා ගැන වැඩිය දෙයක් කියන්න දන්නේ නෑ. ඔයාගේ විස්තරෙන් තමා මේ දේවල් දැන ගත්තේ.....

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ,වැඩිය දන් නැති එක...මාත් වැඩිය දන්නේ නැහැ...දැක්කානේද මං නොදන්න කොටස් වෙළඳපොළක් ගැන කථා කරන්න ගිහින් ,සහන් මට නෙළලා තියෙන අපුරුව...

      Delete
  7. ආර්ථික විජ්ජා දැනුම නම් මට අඩුයි.. ඒත් ලියලා තියෙන ටික නම් තේරුනා..

    ReplyDelete
    Replies
    1. තේරුණානම් හරීය. මොකද මටත් වැඩිය ඔව්වා තේරෙන් නැතිය...

      Delete
  8. ස්තූතියි ගයිජින්....බොහොම සරලව විස්තර කරල තියනව ගැඹුරු කරුණු රාශියක්..

    ReplyDelete
  9. අබේ අයියා ගැන මමත් නිව්ස් වල පොඩ්ඩක් දැක්කා. ඒකෙ නම් කිව්වේ පොර දැනටත් ආර්ථිකය ගොඩ අරගෙන කියලයි. කොහොම හරි ඡන්දයක් එන නිසා මෙහේ වගේ මොනවා හරි බයිලා ටිකක් ගහනවද දන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ දේශපාලකයො වගේ නම් නෙමෙ,හුගක් ජපන් දේශපාලකයන්ට තමන්ගෙ කියල කර්මාන්ත (කයිසා)තිබෙනව.
      ඒවා දේශපාලනයට ඇවිල්ල පටන් ගත්ත ඒව නොවෙයි.පරම්පරාවෙන් හෝ තමන් ඉහල ඉගැනුමක් ලැබූ පසු ආරම්භ කල ඒවා.
      වැරදි කරන දේශපාලුවො නැතිව නොවෙ.
      වැරදි කරල අහුවුනොත් ගෙදර හරි හිර ගෙදර හරි යන්නෙ තනතුරෙන් අයින් වෙලා,කදුළු සලල කොන්ද නමල ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අරගෙන.
      එහෙම කැමති නැති අය තමන් වැරදි කරු වෙන බව දැනගත්ත ගමන් හෝටලකට ගිහින් කුඩා තුවායකින් වලල්ලක් සාදා බෙල්ලට දමා ගෙන අනිත් කෙලවර දොර අගුල් කරවකනයේ පටලා බිම ඉදගන්නව.
      පසුදා මාධ්‍ය වල >>මුදල් ඇමති කෙන්ජි සමාගෙ සිය දිවි හානි කරගත් සිරුර අහවල් හෝටලයෙන් සොයා ගැනේ<<පල වෙනව.

      Delete
    2. කෙන්ජී කියලා තියෙනවා වාගේ මෙහේ ලෙහෙසි නැහැ දේශපාලකයින්ට බයිලා ගහලා බේරෙන්න බැහැ....

      ආර්ථිකය ගැනනම් ඉතිං ,ගොඩ යයි කියලා පොඩි බලපොරොත්තුවක් ඇති වේලා තියෙනවා විතරයි.සද්දන්ත අලි වැටුනාම ,නැගිට්ටවන එක ලේහෙසි නැහැ...

      Delete
  10. රටක් රාජ්ජෙක තියා ලංකාවෙවත් හරියට ඇවිදලා නැති මට මේවා බොහොම වටිනවා.
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete
    Replies
    1. සිගිරි යවත් බලන්න බැරි වුනා ද?

      Delete
    2. ගෙදරින්ද තහන්චී දාන්නේ?

      Delete
  11. කියපු ටික තෙරුනා

    ReplyDelete