a

Monday, July 8, 2013

ඔබත් පඩිය ගෙඩි පිටින්ම වයිෆ්ට දෙන්න කැමැතිද?

මං මේ බැලුවේ මේ බ්ලොග් එක පටන් අරන් අවුරුද්දු දෙකකටත් වැඩියි. මං මේක පටන් ගත්තේ ජපානේ සමාජ ජිවිතේ ගැන එහෙම ලියනවා කියලා  හිතාගෙන.ඒකයි නම  My life as a Gaijin කියලා දැම්මේත්, පොඩ්ඩක් බ්ලොග් පොස්ට් ටික (අර මම යලට එකයි මහට එකයි ලියපුවා) පෙරළලා බැලුවාම අඩේ සබ්ජෙක්ට් එකට අදාලව ලියල තියෙන්නේ පොස්ට් දෙකයි.

හරි අද හිතා ගත්තා මාසේකට සැරයක්වත් ජප්පෝ ගැන පොස්ට් එකක් දානවා කියල. අද එහෙනම් හා හා පුරා කියලා ජප්පෝ පඩියට කරන දේ ගැන ලියනවා....
අර කියමනක් තියෙනවා නේද? "කාන්තාවන්ගේ වයසයි පිරිමින්ගෙන් පඩියයි අහන්න හොඳ නැහැ" කියලා.ඔකේ මුල් කොටස ඉතිං කොච්චර හැංගුවත් එළි වෙන තැන් තියෙනවා වුනාට පිරිමින්ගේ පඩිය නම් ටොප් සික්‍රට් තමයි(ගෙදර නොනාලාට) හරි හරි දැන් ඉතින් ඔය බැඳපු නෝනලා එන්ඩ එපා රණ්ඩුවට එහෙම " අපේ මහත්තයාගේ පඩිය අපි නම් හරියටම දන්නවා කියාගෙන"  දැන් ඔය කියලා තියෙන  ගාණ වුනත්  ඇත්තම ඇත්ත ගාණට වැඩිය පොඩ්ඩක් විතර අඩු වෙන්න ඔනේ පොතේ විදියට නම්.
දැන් ඔය පඩිය ගෙදර නොනලාට හංගන්නේ අපේ අයියලා නේ....එකට ජප්පෝ...පඩි ගත්ත ගමන් මොකද දන්නවාද කරන්නේ ..පඩිය ගත්තා ..එහෙන්ම ගෙඩි පිටින් ආපහු එක සතයක් අඩු නැතිව ගිහින් දෙනවා........
"බාර් එකට"
නෑ..නෑ... ජප්පො හොඳ බේබද්දෝ වුනාට එච්චර හරියක් කොරල ගෙදර යන්න බැහැ..
පඩි ගත්තම ජප්පො කරන්නේ ගෙඩි පිටින් ගිහින් දෙනවා නොනගේ අතට ..
බොරු......
ඔව් පොඩ්ඩක් විතර බොරු බොරුව තමයි පඩිය අතටම ගිහින් දෙන්න මෙහේ පඩිය කෑෂ් වලින් අතට හම්බු වෙනවායි කියලාද නෑ නේ.බැන්ක් එකවුන්ට් එකට නේ සල්ලි යන්නේ. වැඩ කරන්නේ මහත්තයා වුනාට පඩිය යන්නේ නොනගේ එකවුන්ට් එකට නැතන්ම් දෙන්නාගේ ජොයින්ට් එකවුන්ට් එකට .වැඩේ නරකම දේ තමයි ඒ එකවුන්ට් එකේ කෑෂ් කාර්ඩ් එකයි බංකු පොතයි දෙකම තියෙන්නේ නොන ලඟ.සල්ලි විත්ඩ්‍රෝ කරන නිශේධ බලය තියෙන්නේ ගෙදර නොනට. අයේ මහත්තයාට ඒ ගැන නෝ කතා නෝ සිනා...
ආ...ගෙදර මුදල් පාලනය 100%ක්ම තියෙන්නේ නොනලාගේ අතේ.....
හරි එතොකොට ඇඳුම් පැලඳුම් වාගේ දෙවල් නම් නොනලාත් එක්ක ගිහින් අර ගන්න පුළුවන් වුනාට සිගරට් එකක් බොන්න ,අඩියක් ගහන්න ,කොපි එකක් බොන්න කොහොමද කියන ප්‍රශ්නේ එනවා නෙද?
ඒ වාගේ වියදම් කවර් කරගන්න පොකට් මනි හබ්බ වෙනවා නොනගෙන්..ඊ ලඟට නරකම දේ තමයි.....පොකට් මනි මාසේට දෙන ගාන ලිමිට් කරලා තියෙන්නේ.....සමාන්‍යයෙන් අවුරුද්දු 30ක විතර ෆැමිලි එකක  හස්බන්ඩ්ට පොකට් මනි විදිහට ලැබෙන්නේ යෙන් වලින් 30,000ක් වාගේ ගාණක්.ඒ කියන්නේ දවසකට  යෙන් 1000ක් වාගේ.මේහේ කොපි කැන් එකක් 120ක් වෙනවා.සිගරට් පැකට් එකක් 410ක් වෙනවා . යන්තං පදං පොඩි පොඩි වියදම් ටික රෝල් කර ගන්න ලාවට වාගේ ඇති මේහේ ජිවන වියදම හැටියට. වැඩට යද්දී දවල් කෑම එක හදලා කාරිය දෙනවා ගොඩක් තැන් වල නෝනාලා.මාගේ යාළු ජප්පෙක් ඉන්නවා ඌට නම් මාසෙට 40,000ක් හබ්බු වෙනවා හැබැයි දවල් කෑමත් ඌ අර 40,000 කවර් කර ගන්න ඔනේ...
ටිකක් වයස ගිහින් උසස් තනතුරු වලට ආපුවම පඩි වැඩි වෙද්දී ඉතිං නොනා දෙන පොකට් මනි ප්‍රමානෙත් වැඩි වෙනවා. හොම් ලොන්,කර් ලොන් තියෙනවාන්ම් ඉතිං සොරි ඩොට් කොම් තමයි...හම්බු වෙන ගාණ සොරිම තමයි..ජපනේ කියන්නේ ඔකට කොත්සුකයිසෙයි(小遣い制)කියලා...
ඔක ජප්පන්ට නම් ඉතිං ගානක් නැහැ ...සංස්කෘතික අංගයක් වාගේ නේ .පොඩි කාලේ ගෙදර අම්මා තමයි මුදල් පාලනය කරන්නේ ඔව්වා දැකලා ඒක සාමන්‍ය දෙයක් බවට පත් වේලා නෙ ඉන්නේ.වැඩෙන් අමාරුවේ වැටෙන්නේ ජපන් ගැණු ළමයි එක්ක විවහා වෙන විදේශිකයෝ... යුරෝපේ ඉඳන් අසියාවේ බහුතරයක් රටවල ගෙඩි පිටින් පඩිය නෝනට දෙන සිරිතක් නැහැ නේ.
සිරාවට වුන පොඩි ඇත්ත කථාවක්  තියෙනවා කියන්න, ඒක ජපන් ගැණු ළමයෙක් බැන්දලා ඉන්න අපේ කෙනෙක් ගැන ඔය පොකට් මනි සිස්ටම් එකට සම්බන්ධව. මේ කතාවේ සම්බන්ධ අය ඔක්කොම බුකියේ ඉන්න හින්දා නම් ගම් මනන්කල්පිතයි හොඳේ...

ඔන්න අර ජපන් ළමයාව බැඳලා ඉන්න අයියයි.තව යාළුවෙකුයි මායි පොඩි ගමනක් ගියා..ඔය ගමන පටන් ගන්න කලින් ශෙඩ් එකේ කාර් එක වොෂ් කර ගන්න දාලා පොඩි චැටක් දාගෙන ඉන්නවා අපි තුන්දෙනා..බැඳපු හාදයා ඉතිං හෝ ගගා කියනවා ලව් කරපු දවස් වල සීන් කොන් .
මෙන්න එකපාරට පොර සිංහයා වාගේ කියපි...
බැඳපු බුවා:    අඩෝ...  මං බඳින්න ඉස්සෙල්ලා එකම එකයි ගෑණිට කියුවේ  අර පොකට් මනි සිස්ටම් එකනම්  බෑ ......

මං:      ඒ සිස්ටම් එක එච්චර ලොකු අවුලකුත් නැහැනේ බන්...මට නම් අතේ සල්ලි තියන් ඉන්නවා  ,කියන්නේ දන්නෙත් නැතුව වියදම් වෙනවා .. ඔක්කොම ටික අතට පයට කරලා දෙන එකේ පඩිය දුන්නාම වැඩේ වැඩිය ලෙහෙසිනෙ බන්.බඩු හොයන් කඩෙ යන්න ඕනෙත් නැනේ බන්...

බැඳපු බුවා:      පිස්සුද බං ඉස්කොලේ යන එවුන්  වගේ වයිෆ් ගෙන් වැඳ වැඳ සල්ලි ඉල්ලන බැනේ බන්..

අනිත් බුවා    එතොකොට උඹ ගෙදර වියදම් කොහොමද කරන්නේ.

බැඳපු බුවා:       මං මචන් මාගේ වියදමට සල්ලි තියන් අනිත් ටික දෙනවා

අනිත්  බුවා :     කීයක් විතර දෙනවාද බන්?

බැඳපු බුවා;      මං කොහොමත් කොල 20ක් විතර(ලක්ෂ2) දෙනවා.අපේ මචන් ගෙදර ලොන් එකත් තියෙන  හින්ද  ලෙහෙසි නෑනේ බන්...

ඉතිං ඊට පස්සේ බැඳපු බුවා ගියා සල්ලි ගෙවන්න කාර් වොෂ් එකට ..

අනිත් බුවා     මු එදා කියුවා නේද ගේ පඩිය කොල 24ක් විතර කියලා....

පින්තුරයhttp://news.livedoor.com

40 comments:

  1. මම නං ඔය මෝඩ වැඩ නැත

    ReplyDelete
    Replies
    1. රාජ්ට ඉතිං සල්ලි නෝනට දුන්නේ නැහැ කියල අවුලක් නැනෙද? නෝනා ශ්‍රී ලාංකීක නේ...

      Delete
  2. නුවණැත්තියෙකුට පඩිය ලැබුණොත් හොඳයි ඉතිං.බියුටි කචල් නෝන කෙනෙකුට ඒ පඩිය දුන්නොත් කපොතියි.

    ReplyDelete
    Replies
    1. බහුතරයක් නෝනලා ගානට හැඩ්ල් කර ගන්නවා.හිටපු ගමන් අහන්න ලැබෙනවා මහත්තයාගේ පඩිය විනොද ගමන් වලට මීල අධික බැග් ,ඇදුම් වලට වියදම් කරලා,මාහත්තයාට මෙහේ ආර්තික කඩා වැටිමක් වාගේ වෙලාවක රස්සාව අහිම වුනාම ඩිවොස් කරලා වෙන කෙනෙක්ව බැද ගන්න නෝනාලා ගැනත්.

      Delete
  3. ගෙදර වියදමට අවශ්‍ය ටික එයාට දෙනවා...එයාගේ උවමනා වලට ඕනේ ඒවත් එයාට දෙනවා.. ( මම බැන්ද දාක කරන්න ඕනේ දේ කිව්වේ )

    ReplyDelete
    Replies
    1. සොරි මචෝ දිගටම කොමෙට් වලට රිප්ලයි කලේ ෆොන් එකෙන්...දැනුයි ස්පෑම් වේලා කියලා මීටර් වුනේ..

      Delete
  4. නෝනත් වැඩ කරනවා නම් ඔය ජොයින්ට් එකවුන්ට් වැඩේ නරකම නෑ!

    හැබැයි කාඩ් දෙකක් තියෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඕව් ඔව් මහත්තයාලටත් සල්ලි හදිස්සි වෙන වේලාවල් තියෙනවා නේද?
      මේ ක්‍රමේ හින්ද බැඳපු ජප්පෙක්ට අඩියක් ගහන්න .කොටුවක් පනින්න, රතු පාට එළි තියෙන පැත්තක රවුමක් ගහන්න බැරිව යනවා වාගේ වැරැදි අදහසක් නම් ඇති කරන්න එහෙම එපා...

      Delete
    2. " CARD DEKAK THIYENNA OONE " SAMAHARA BOG KARUWANTA BOG 2K THIYAGATHTHAMATH NARAKADA? PUKA, JOKKU, CHOO, PADA, JEE WAGE KATHA WALATA 1 KUTH ANEK KATHA WALATA THWA EKAKUTH.

      Delete
  5. හෑ එතකොට ජපනුත් මෙහෙමයි එහෙනං. වැඩි විස්තර අහගන්නංකො කෙන්ජිගෙන්.

    ReplyDelete
    Replies
    1. කෙන්ජිත් පඩියම නෝනාට දෙනවාද දන්නේ නැහැ...,

      Delete
  6. මගේ ජපන් සිහිනය මෙයින් බොඳවිය.... අහෝ කරුමයක මහත.

    ReplyDelete
    Replies
    1. හා හා..... නාඩ හිටින්...... දැන් කොහොමත් ජපානේට තැනක් නැහැ. දැන් තැන චීනේට ........පටන් ගන්න චීන සිහිනයක්....

      Delete
  7. මගේ මෙව්වා එක ස්පෑම් වෙලා ගජිනෝ ..පොඩ්ඩක් බලහන් තරහ නැතුව...

    ReplyDelete
    Replies
    1. සහන්ගේ දෙකම ස්පෑම් .දෙකම් කියුවේ කොමෙට් දෙකම..ඔන්න ගොඩ ගත්තා.

      Delete
  8. මේ දවස් වල අපේ ගෙදර ආදායම බැලුවහම ජොයින්ට් අකවුන්ට් එකක් තියෙන එක මට වාසියි... ඒ ගැන සලකා බලන්න ඕනෙ... ;)

    ReplyDelete
    Replies
    1. එකෙනුත් හිලක් හොයගෙන රිංගන්න හදන්නේ..........

      Delete
  9. ජොයින්ට් account වදෙන් පිරිමින්ට වාසි වෙන වෙලාවලුත් තියනවා...හොඳයි නැද්ද

    ReplyDelete
    Replies
    1. ඒව්වා ඉතිං දන්නේ බැඳපු අය තමයි..............කාකයි,අහවලයි වැඩෙට එක පයින් කැමැති නිසා වාසියක් මුකුත් නැති වෙන්නත් බෑ..සයුරිට ජොයින්ට් එකවුන්ට් වැඩෙන් පාඩුවක් වුනාද?

      Delete
  10. ජපන්නු එහෙමයි එහෙනම් කරන්නේ..... ඒ වැඩෙත් නරකම් නෑ වගේ.....

    ReplyDelete
    Replies
    1. නරකම නැහැ(වයිෆ්ලාට..) උදේ 8 විතර වෙනකොට වැඩට ඇවිත් රෑ 10 ය 11 වෙනකම් වැඩ කරලා....නිවඩු දවස් වලත් වැඩපොළේම ගත කරන ජප්පෙක්ට හදිස්සියකට මාළු පාන් එකක්( ආ...හරි ..හරි ..ජප්පෝ වැඩිපුර කන Onigiri එකක් කියමුකෝ_)කන්නවත් අතේ සතේ නැහැ...ඉටිහ්ං මොන හොඳක්ද?

      Delete
  11. සහන් ලබා දුන් මඟ පෙන්වීම ඔස්සේ ආ මට , තවත් සංස්කෘතියක අත්දැකීමක් ලබා දුන් ඔබට ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි මහෙෂ් අයියා,

      Delete
  12. අපේ නෝනාට මුදල් පාලනේ කරන්න කිසිම ඕනෙකමක් නැත.. එසේ සිටීමෙන් සියලුම දේ කරගන්න ආකාරය ඇය මනාව දනී.ක්‍රමය කියාදීමෙන් ඔබලගෙ බිරින්දන්ද එසේ වීමට ඉඩ ඇත..

    ReplyDelete
    Replies
    1. ඉතිං ලියමුකෝ ඒ ගැනත් බ්ලොග් පොස්ට් එකක්ම......

      Delete
  13. අපි නම් දෙන්න බෙදාගෙන වියදම් කරනවා.. ගෙදර වියදම් ඇගේ පඩියෙන් ඉතිරි සියලු වියදම් මගේ පඩියෙන්.. ගොඩක් වෙලාවට ඉතිරිය 0වයි .. :D..

    ReplyDelete
  14. මගෙත් එහෙම තමයි මාසේ අන්තිමට බිංදුව තම්යි..

    ReplyDelete
  15. පව් නේද ජපන් මහත්තුරුන්ට. මම හෙම ජපන් මහත්තයෙක් බැඳල හිටිය නම් ටිකක් වැඩියෙන් සල්ලි දෙනව. හැබැයි මොනවටද වියදම් කරන්නෙ කියල alert එකේ ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ටිකක් වැඩියෙන් දෙන්න මිසක්...මුදල් පාලනය මහත්තයා දෙන්න කැමැති නැහැ නෙද?

      Delete
  16. පිටස්තරයව මම දැක්කා කීප තැනකදිම. කරුමෙට මම දැක්කේ “My life as a Gajini" වගේ නෙව. ඒක නිසා හිතුවා හින්දි කන බුවෙක් වෙන්න ඇති කියලා.. (ර්‍ත්‍ර ඉඩියට් ෆිල්ම් එකේ හිටියෙත් ගජිනි නෙව) හැක්.. කොහොම උනත් අපි හොදයි නෙව ඔය ජපනුන්ට වැඩිය..

    ReplyDelete
    Replies
    1. jඑකට කලින් තියෙන i එක ගොඩක් දෙනක් දැකලා නැහැ නොවැ...

      Delete
  17. හැම ජප්පම මෙහෙමද?

    මගෙ යාළු ජප්පෝ නම් මෙහෙම නෑ.
    උන් මේ රටවල කෙල්ලො බැඳපු එවුන්, ජෙප්පියෝ මෙහේ උන් බැඳපු අපේ කොමන් යාළුවෝ ඉන්නවා. උන් අපි වගේම ජොයින්ට් එකවුන්ට් වලට යන එවුන්. ඒ රට වල කේසෙ වෙතත් මෙහේ බැන්කුවල කාඩ් දෙකක් දෙන හින්දා උන් හැම එකාම නිදහස් මිනිස්සු වෙලා. සමහරවිට සංචාරක රටක පදිංචි වෙලා ඒ රටේ දේවලට අවතීර්ණ වෙලා හින්දා වෙන්නත් පුළුවන්.
    ඒත් මා දකින ලාංකික කපල් නම් මෙහෙම ඒවා තියෙනවා. කසාදයක් බැන්දට පස්සේ ටොයිලට් එකට යන්නත් ගෑහැනියගෙන් හරි මිනිහාගෙන් හරි අහන්න ඕනේ. කොටින්ම තමන්ට පොකට් මනි තියා අත්‍යාවශ්‍ය දේවල් කරන්නවත් නිදහසක් නෑ. මේක අඩු වැඩි නැතිව ගැහැණු පිරිමි දෙපක්ශයෙන්ම වෙනවා ලාංකිකයන්ගේ.

    අපේ සමාජේ නම් එක එකවුන්ට් එකක් තියාගත්තා. ජොයින්ට් එකවුන්ට් එකක්. කාඩ් දෙකක් තියාගත්තා. අපි අපේ අවශ්‍යයතා සපුරා ගත්තා. බෙදීම් හැදීම් නෑ. සල්ලි අඩුයි වගේ දැනෙනවා නම් දත කාගෙන මාසේ අන්තිම වෙනකම් ඇද්දා. ඒක හරිම නිදහස්.
    ඒත් යුරූපිය ක්ලැසික් ගැහැණිය මේ වගේ නෑ. ඇයට අවශ්‍ය හැමදේම පිරිමියාගේ මුදලින් වෙන්න ඕනේ. හරියටම ලංකාවේ අපේ අම්මලාගේ අප්පච්චිලාගේ කාල වල වගේ. අදටත් එහෙමද මන්දා. ඒ කාලේ නම් පිරිමියෙක් විතරනේ වැඩ කලේ. ඒත් අද ඒ දේවල් වෙනස් වෙනන් ඕනේ. අපි සමතැන ඉල්ලනවා නම් අපිත් ඒවට වග කියන්න ඕනෙනේ.
    මගේ පෞද්ගලික අදහස නම් මම කවදාවත් මගේ ස්වාමියයගෙ මුදලින් ජීවත් වෙන්නේ කැමති නෑ. එයා මගේ මුදලින් ජීවත් වෙන්නත් බෑ. ඒත් අනෙකාට නැති වෙලාවක පිහිට වෙන්න දෙපැත්තම බැඳී ඉන්න ඕනේ. ඔය අපි කොයි තරම් කෑගැහැව්වත් බැක් පැක් එකක් නැති පිරිමියෙක්ව බඳින්න ගැහැණියක් අකමැති වෙන්නේ ඒක හින්දා වෙන්නැති. (කවුරු නැතත් මම නම් එහෙමයි.)

    ReplyDelete
    Replies
    1. දිර්ඝ අදහස් දැක්වීමට බොහෝම ස්තුතියි.බහුතරයක්..
      මං මේ ලිපිය ලියද්දී පොඩ්ඩක් ඔය පොකට් මනි ස්ස්ටම් එක ගැන හොයලා බලද්දී දැකපු සමික්ෂණයක් තිබුනා කාන්තා සඟරාවකින් විවහා අපේක්ෂිත තරුණියන් පිරිසක් අතර කරපු එකක්. එකෙක්දී59.%වාගේ පිරිසක් විවාහයෙන් පස්සේ පොකට් මනි සිස්ටම් එක පාවිචියට ගන්න කැමැතියි කියලා උත්තර දීලා තිබුනා.
      පොකට් මනි සිස්ටම් එක කැමැත්ත 59 වෙනක්ම් හරි අඩු වුනේ මෑතක භාවිතය සිග්‍ර ලෙස ඉහළ යමින් තියෙන විද්යුත් මුදල් හින්දා.සම්ප්‍රදායික ජප්පා අත්පිට මුදල් වලින් කරන ගණුදෙණු වලට තමයි වැඩි කැමැත්ත.පසුගිය දශක කීපය ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතය අනිත් රටවල් වල කොච්චර ඉහළ ගියත් ජප්පා නෙමෙයි ක්‍රෙඩිට් කාර්ඩ් වලට ගියේ. හැම දෙම අත්පිට මුදලට කරන එක තමයි සිද්ද වුනේ.අත්පිට මුදලට හැමදෙම කරන තැනක පොකට් මනි සිස්ටම් එකට අවුලක් නැතැත්,මාසේ අන්තිමට බිල ක්‍රෙඩිට් කාර්ඩ් ,විද්යුත් මුදල් එක්ක ටිකක් අර සිස්ටම් එකට යන්න අමාරුයි.
      පෝක්ට් මනි සිස්ටම් එක සාර්ථක වෙන්නනම් රුල්ස් 3ක් තියෙන්න ඔනේ කියලා මෙහේ කට්ටිය කියනවා.එව්වා.
      1.පොදු අරමුණක් ...වසර 5කින් නිවසක් මිළට ගන්න...පැන්ෂන් ගියම සුපිරි ජිවිතයක් ගෙවන්න .නැත්තම් වසරක් පසා වසර අවසාන නිවාඩුවට පිටරට සාවාරියක් යන්න වාගේ දෙන්නටම පොදු වෙන අරමුණක්.
      2.මුදල් ප්‍රමාණය තිරණය කිරිම...සිගරට්,කොපි,පත්තර මොන මොන එව්වා සඳහා ද,ඒ වාගෙම දවල් කෑම පොකට් මනි වලට ඇතුල් නොකරිම. සහ නෝනගේ වියදම් සඳහාත් නිශ්චිත මුදල් ප්‍රමාණයක් තිරණය කිරිමට(ගොඩක් තැන් වල මහත්තයා රිම් එකෙන් යද්දී නෝනා අත දිග හැරලා වියදම් කරනවා.)
      3.අවශ්‍යතාවය අනුව සාකච්ජා කරලා වෙනස්කම් කිරීම

      Delete
  18. තාම බැදලා නැති උනාට මම නං කරන්නේ පඩි ආපු ගමන් ෂින් ගාලා බැංකුවට දුවන එක ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉක්මනට කාසාදයක් කොරගනින්....

      Delete
  19. මට මේ දැන් තමයි තේරුණේ අපේ පොඩි මස්සිනා දැන් අවුරුදු 10ක් ජපානේ ඉඳලත් අමාරුවෙන් හරි ලංකාවේ කෙල්ලෙක් හොයාගෙන බැන්දෙ මොකෝ කියලා.. හෙට අනිද්දා දෙන්නම යන්න කලින් නෑන පොඩ්ඩට මේ ටිප් එක දීලා යවන්න ඕනේ... හි හි....

    ReplyDelete
    Replies
    1. ජපාන් කියල ඇහුනත් මේකිගේ කටේ තියෙන්නේ පොඩි මස්සිනා.. හැක්..

      Delete
    2. පව් අහිංසකයා...

      Delete
  20. පඩි හම්බවෙලා පෙලවහක් කරගත්ත දවසට මේ පෝස්ට් එක බ්ලොක් කරන්න ඕනේ!

    ReplyDelete
  21. ළමයි ගෑනි ලංකාවේ අපි මෙහෙ ඉන්නකොට නම් පඩිය යවන්න වෙනවා. මෙහෙ අතේ තියනවට වැඩ යවන එක හොඳා.හබැයි හරි පඩිය ගදරට නොකිය ඉන්න ඕන.,,

    ReplyDelete