a

Friday, May 23, 2014

ඉසූ හිදී හමු වු නැ‍ටුම් කෙල්ල

මේ කෙටිම කෙටි කතාව ගොඩනැගෙන්නේ "මම" වටාය. මම තොකියෝ යුනිවර්සිටි කොලිජීයේ ශිෂ්‍යයෙක් වෙමි.මේ කතාව අරම්භ වෙන්නේ දින කීපයක කෙටි චාරිකාවක් සඳහා මා ඉසූ අර්ධදීපයට ගිය ගමනෙන්ය. කතාව දින පහකි..දින පහේ සිදුවීම් අසා, ඔබ කතාවකට ඔබින කිසිඳු කෙංගෙඩියක් එහි නැතැයි කියනු ඇත.නමුඳු  "මම" බිහිකල කවබතා යසුනරි දින පහ තුළ ලොකු කතාවක් දැක්කේය.අංකුර ලේඛකයෙකු සිට නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත්,මහා ගත්කතුවරෙයෙකු දක්වා ඔහුව ගෙන යන්න මුල් බීජය මේ කතාව තුළ ගැබ්ව තිබුනි.
ඔබට මේ වැල්වටාරම් අවශ්‍ය නැති බව මම දනිමි.ඔබ නොවිසිල්ලෙන් සිටින්නේ මේ කතාව ඇසීමට බවද මා දනිමි.

"අම්මා අප්පා නැති අනාථ දරුවෙකු" ගැන ඔබට මැවෙන්නේ කුමන චිත්ත රූපයක්ද? පාරේ කඩමළු ඇඳ ගත් සිඟා කන දරුවෙකුගේ රුවක්යැයි ඔබ කියුනු ඇතැයි මා අනුමාන කරමි.මා එවැන්නෙකු නොවෙමි.නමුඳු අනාථයෙකු වන්නෙමි. මා ඉපිද දෙවසරක් සපිරීමේදී මාගේ මව මිය ගියේය.තුන් වන වසරට පා තබන විට මාහට පියාද අහිමි විය.සත් වන වියට පත්වන විට මාව ‍රැක බලා ගත් අත්තම්මා මිය පරලව ගිය අතර ඉන් තෙවසරකින් මාගේ වැඩිමහල් සොයුරියද ජිවීතය අත හැර ගියහ.පහළොස් වියට පත් වු විට මා හට සිටි එකම නෑයා වූ සීයා ද අවසන් ගමන් ගොස්ය.ඉඳින් මා තනිකම වෙළා ගත් අනාථයෙකු හැර අන් කවරෙක්ද?මාගේ මවත් පියාත් මා වෙනුවෙන් යම් කිසි ධනයක් ‍රැස් කර තබා තිබු අතර,යුනිවර්සිටි කොලීජිය දක්වා අධ්‍යාපනය ලැබීමට එය මට පි‍ටුවහලක් විය.
ඔබ නැවැත නොවිසිලිමත්ව සිටින බව මම දනිමි.ඔබ මාගේන් බලාපොරොත්තු වන්නේ දින කීපයේ ඉසූ සංචාරය ගැනය.

මාගේ කතාව පටන් ගන්නේ ඉසූ සංචාරයේ හතරවැනි දිනෙන්ය.සරත්  සෘතුවේ වැස්සට අසුව මා ,අඕගී උමංග පාමුල කඩමණ්ඩියට ගොඩ වැඳුන මොහොතයි.කඩමණ්ඩියක් යැයි කිව හැකි යමක් එහි නොවීය.වයසක අත්තම්මා කෙනෙකු විසින් පවත්වාගෙන යන පුංචී පහේ තේ කඩයකි.ඔබ දැන් මවා ගන්නා තේ කඩය මා ගොඩ වූ තේ කඩයට කොහෙත්ම සමාන නොවන බව මා දනිමි.මේ කතාව ඔබට කියන මා මුහුණ දෙන ලොකුම අහියෝගය එයයි.වෙනත් බසක වෙනත් රටක දෙයක් වඳන් හරඹයකින් ඔබට මවා පෙන්නවන මට පහසු නැත.

මා ඈ දු‍ටුවේ එහිදීය. ඈ සංචාරක නැ‍ටුම් කණ්ඩායමක නැ‍ටුම් කෙල්ලෙකී. මා වචන පරිස්සමේන් තේරුවේමී. "සංචාරක නැ‍ටුම් කණ්ඩායම"ට වඩා අහිගුණ්ඨක නැ‍ටුම් කණ්ඩායමක් ලෙස පැවසීම ඔබට පහසුවෙන් මේම කණ්ඩායම් වල තත්වය තේරුම් ගත හැකි වේතැයි සිතුවෙමි.මන්ද මා සිටින්නේ 1920 විසි ගණන් වල ජපානයේය.මේවැනි නැ‍ටුම් කණ්ඩායම් වලට තිබුනේ පහත් සමාජ පිළිගැනීමක්ය.ඉසූ වලද බොහෝ ගම් වල මෙවැනි කණ්ඩායම් වලට ගම් වලට ඇතුළුවීම තහනම් කර පුවරු අටවා තිබු බව පසුව ඔවුන් සමඟ ගමන් කිරිමේන් අත් විද්දේමී."ඔහුන් සමඟ ගමන් කිරීම"       "අහිගුණ්ඨක වචනය වෙනුවට සංචරක යෙදීම" දැන් ඔබ මාවසමාජ අයුක්තියට එරෙහි වන වීරයෙකු ලෙස ලේබල් කිරීමට ඉක්මන් නොවීය යුතුය.ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමේ කිසිඳු වුවමනාවක් මාහට නැත. "මම" කියන චරිතය ගොඩනැගූ කවබතා යසුනරි ගත්කරුටද එවැනි අරමුණක් නොතිබු බව සිතමි. පසුව "මම" චරිතය සිනමාවට ගෙන්වූ සිනමා කරුවන් එවැනි ප්‍රයන්තයක නිරත වු බව පැවැසීම, මා නැවැතත් කතාවේන් පිට පැනීමට හේතු වන බැවින් අතහැර දමමි..

ඉසු නො ඕදොරිකො(1974)
ඉඳින් කුඩා බෙරයක් වැනි වද්‍ය භාණ්ඩයක් අත දරා සිටී ඈ මට නැ‍ටුම් කෙල්ලක් විය. ඇගේ නැ‍ටුම් කණ්ඩායම ඇගේ පවුලේ සමජීක සමාජීකයින්ගෙන් ගොඩනැගී තිබු අතර,ඔහුන් සමඟ කුළුපගුව,ඇගේ නම කඕරී බව දැන ගත්තද,මේ කෙටි කතාව පුරා කිසිඳු විටක මා ඈ ගැන ඇගේ නමින් සටහන් නොතිබුවෙමී.කතාව පුරාවටම ඈ මට නැ‍ටුම් කෙල්ලම වීය.විමලදාස සමරසිංහයන්ගේ පරිවර්තනයේ ඇයට ඉසූ නළඟන යැයි නම් තබා තිබුනි.
නළඟන!! නළඟන!! මා නැවැතත් ගැහැටට පත්වෙමි.මාගේ හදවතේ කොහෙදෝ කොනක ඈ නළඟනක් නොවන බව කෑගසා කියනු ඇසිනි.කවබතා යසුනරි ඇයට කියුවේ "ඔදොරිකො踊り子)"කියාය. ඔදොරිකො ඒ වඳන මා සිතට එක් කරන්නේ අහිංසක හුරතල් කමක්.........ප්‍රියකරු හුරුබුහුටිකමක්.........නළඟන!!නළඟන!! එය නම් ගොරහැඩිය...මට මැවී පෙනෙන්නේ  මුහුකුරා ගිය,               වත් අලේපන තවරා ගත් කාන්තාවක්ය.ඒ ඕදරිකෝ නොවන බව මම දනිමි.නැවැත මා වඳන් අතර සිරවුවේමි. ඇය කෙල්ලෙකි........
මතුසම්බන්දයි....

මුලාශ
කවබතා යසුනරි ඉzසූ නො ඕදොරිකෝ



(ඔබ මේම කතාව කියවීමට උනන්දුවන්නේ නම් ,මේම කෙටිකතාව ඇතුළුව යසුනරි කවබතා  ශූරීන්ගේ කෙටි කතා සංග්‍රහයක් ඉසූ නළඟන නමින් විමලදාස සමරසිංහ ශූරීන් විසින් පරිවර්තනය කර තිබේ.පහන් ප්‍රකාශන-මරදාන)


පින්තුරය-
යමගුචී මොමෝඑ- ඇය 1974 වසරේ තිර ගත වු ඉසූනො ඕදොරිකෝ චිත්‍රපටියේ  නැ‍ටුම් කෙල්ලගේ චරිතය රඟ පෑහ.
http://3.bp.blogspot.com/-YmiGn7eI46c/T_V_p9ah96I/AAAAAAAAbco/llxgb0AJRgE/s1600/img_1512204_64350444_0.jpg 

21 comments:

  1. ජපන් සාහිත්‍යය ප්‍රබලයි බං...

    ReplyDelete
    Replies
    1. ප්‍රබලයි කියා මාත් හිතනවා බන්.
      අපි සහිතය ඉඳලා හිටලා බලන මිනිස්සුනේ ඒ හැටි ලොකු ද්Eනුමක් නෑ.
      දේශකයා මුරකමි හරුකී ගැන දන්නවාද?
      උඹේ සමහර කෙටිකතා වල හරුකීගේ ලක්ෂණ මං දැකලා තියෙනවා.

      Delete
    2. අහල නෑ. කවබතායි තව නම මතක නැති දෙතුන් දෙනෙක් ගේ ඒවා කියවල තියෙනවා ඒත් මහ ගොඩක් නං නෙමෙයි..

      Delete
    3. ලංකාවේ වැඩියෙන්ම ජනප්‍රිය නත්සුමේ සොසෙකි වෙන්ඩ ඕනෑ!

      Delete
  2. මුලින්ම කියෝගන එනකොටම හිතුනා මේ නම් ජපන් කතාවක්ම තමා කියන එක. අපට ජපන් සංස්කෘතිය එතරම් හුරු නැ. කුරසාවගේ සිනමාවත් සරච්චන්ද්‍රයන්ගේ පොත් ද්වන්දයත් තමා ජපන් අපට යන්තම් හෝ සමීප වුණේ. ඒ නිසා මේ කතාව ආසාවෙන් කියවනවා ගයිජින්...

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ සිංහල පරිවර්තනය තියෙනවා...
      ඉසූ නළඟන-විමලදාස සමරසිංහ
      පහන් ප්‍රකාශන-මරදාන

      Delete
    2. නලින්ගේ කතාව හරි. ඉතාමත් ප්‍රභල ජපන් සාහිත්‍යය කියවත්දි නුහුරු ගතියක් දැනෙන්නෙ සංස්කෘතික වෙනසත් ජීවිතවල ගැලීමේ වෙනසත් නිසා වෙන්න ඕන. අපේ කාලේ සිංහලෙන් කියවන්න ලැබුණු කෘති වලට (යම්කිසි හේතුවක් නිසා) පාදක වෙලා තිබුණු කාලසීමාවත් අපේ හිත්වල අපි දන්න කාලසීමාවත අතර වෙනස නිසා *මෙහෙමත් වෙන්න පුළුවන්ද* කියලා මට ඒකාලෙ හිතුණා.

      Delete
    3. කාලය වාගේම පරිවර්තන කරද්දී ඇතිවන ස්වභාවික ගැටළුත් පාදක වෙන්න පුළුවන් ඔය පරතරයට...සංස්කෘතික පරාසයන්...වාගේ අනික ජපන්、 ඉංගිරිසි හරහා සිංහල පරිවර්තනය වේද්දී අහිමිවන ප්‍රමාණය වැඩියි.

      ඉසුනෝ ඕදොරිකෝ ලියු කවබතා යසුනරිව සලකන්නේ neo-sensualism「新感覚派」 සාහිත්‍ය ගුරුකුලේ ගත්කතුවරයෙක් විදිහට.මේ ගුරුකුලේ පාදක කර ගන්නේ විසි වැනි සියවසේ මුල් භාගේ බොහොම පෙර‍ටුගාමී සාහිත්‍ය ධාරවක් වුණ Dadism සහ අධි-යථාර්ථවාදී සංස්කෘතික විභවයක් වුණ Surrealism.
      Dadism ගැන පළමු ලෝක යුධයෙන් පසුව ,යුද්ධයට ප්‍රතිරෝදය දක්වන කලාකාමීත්වය,විද්‍යාව වාගේ පැවැති සම්මතයන්ට කලාව තුළ විරෝධය නිරුපණය වාගේ අදහසක් තමයි මට තියෙන්නේ.Surrealism නම් චිත්‍ර කලාව තුල බොහෝම ඉදිරි ගමනක් ආපු නිසා ඔළුව නැති මිනිස්සු ,යථාර්ථව පවතින හැඩය වෙනස් කරපු හැඩ වාගේ සම්මතය ඉක්මවා යන කලා නිර්මාන කියන අදහසයි මට තෙරේන්නේ...

      කවබතා යසුනරි පෝෂණ්ය වන්නේ ඔය උඩ සංකල්ප නිසා ,සංකල්ප දෙක සහිත්‍ය නිර්මාණයක් බවට පත් කරලා, පළමු භාෂාව තුළ විකෘතියක් නොවී පවත්වා ගන්න දක්වන සමත්කම, ඒ ජීව ගුණය තියාගෙන තව භාෂාවකට පරිවර්තනය කරන එක මං හිතන්නේ කොහෙත්ම පහසු කටයුත්තක් නෙමේයි.

      කවබතා ඉසු නො ඕදොරිකො රචනා කරන්නේ සමාන්‍ය එදිනෙදා ලියන ජපන් බසෙන් නෙමෙයි. සරලම උදාහරණය තමයි ... ඔහු නැ‍ටුම් කෙල්ලගේ ඇවිදන එක කියන විදිහ...

      ”නැ‍ටුම් කෙල්ලගේ පාද ඇවිදීම පටන් ගත්තේය”...「踊り子の足が歩き出した。」
      ලියන කියන ජපන් භාෂාවෙන් කියුවොත්
      ”නැ‍ටුම් කෙල්ල ඇවිදීම පටන් ගත්තේය ”「踊り子が歩き出した。」වෙන්ඩ ඕනේ...
      ”නැ‍ටුම් කෙල්ලගේ පාද ඇවිදීම පටන් ගත්තේය”. (භාෂාවේ ස්වභ්හාවික රිතීය ඉක්මවා යෑමක්.) හැබැයි මේ තැනදී කතා කරන්නේ නිකම්ම නිකන් කෙල්ලෙක් ගැන නෙමේයි නටන කෙල්ල ගැන හින්දා එතැනට පාද කියලා විශේෂණත්වයක් දැක්වීමේ අළුත් හැගීමක් පාඨකයාට දෙන්න කවබතා සමත් වෙනවා. ඕක පරිවර්තනය කරද්දී කොමැයි කරන්නේ???


      ඊ ළඟ කාරනේ ලංකාවේ ගුටි කන්න වෙන දේ...
      ජපන් සහිත්‍ය ගැන කතිකාවේදී ප්‍රසිද්ධම දේ " ජපානේ හුදී ජනයා උදෙසා කරන නිර්මාණ තුළ ලිංගිකත්වයට දක්වන නැඹුරුව සාමන්‍ය බටහිර සමාජයට පවා දරා ගැනීම අපහසු තැන් තියෙන විත්තිය.

      Delete
    4. විග්‍රහටය බොහොම ස්තුතියි ගයිජින්... මං මේ ගැන උනන්දුයි..

      Delete
    5. ඔව් ගයිජින් මාත් ආසයි.. ස්තුතී. මට හරිම කණගාටුයි. යසුනරි කවබතගේ පරිවර්ථන යක් දවසක් මට ලැබිලත් පිටුවක් දෙකක් කියවන එද්දී යාලුවෙක් ඉල්ලගත්තා , බේරෙන්න බැරිම තැන දුන්නේ පස්සේ මන් කියෝනව කියලා හිතලා ආයෙම ඒ පොත මට දකින්න ලැබුණේ නැහැ, :( ෆිල්ම් එකවත් බලන්න ඕනේ . ස්තුති

      Delete
    6. කවබතාගේ ඒකම කතාවට චිත්‍රපටි කීපයක්ම තියෙනවා...ඉසු නො ඔදොරිකොත් 1933 ඉඳන් මේ දක්වා 6 වරක් චිත්‍රපටි හදලා තියෙනවා.

      Delete
  3. යසුනරි කවබතාගෙ කතන්දර සෑහෙන්න කියවල තියනව. කොකුන් දහස තමයි මගේ ප්‍රියතම පොත. ගයිජින් කියෙව්වද ඒක?

    ReplyDelete
    Replies
    1. අපොයි! මාව අමාරුවේ වැටෙන ප්‍රශ්ණ අහන්න එපා රාජ්. කවබතාගේ ඕදොරි කෝ කියෙව්වේත් මේ ඊයේ පෙරෙදා...යුකිගුනි කියලා තියෙනවා හිම රට කියලා එකනම් කියවලා තියෙනවා....

      Delete
  4. මේ කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය පාසල් සිසුවකු කාලේ කියෙව්වා මතකයි. ජපාන ජන ජීවිතය අපට මුලින්ම සමීප කලේ සරච්චන්ද්‍ර නේද? ඒ මතකයන් තවම තියනවා.

    ReplyDelete
    Replies
    1. දෙවෙන්දොරා සංගේයි නොරිකො සංගේයි ආදර අන්දරය නොවැ....
      අපේ කාලේදීනම් මළගිය ඇත්තෝ කියවන්ඩ කලින් ඔෂීන් වැට පැනලා...

      Delete
  5. ලොකු දෙයක් ගයිජිං සමා.......ජපානය ගැන දැන ගන්න ගොඩක් අය කැමතියි.....ලියෙවෙනව අඩුයි මචෝ..... මම උඹ එක්ක කතා කරන්න හිටියෙ .... අපි දෙන්න එකතු වෙලා කට්ටිය දැනුවත් කරමු.....
    ගොඩක් ලංකාවෙ අය දන්නෙ බං ....ජපන් කිව්වොත් JR කියලනේ... හෙක්..හෙක්..

    ReplyDelete
    Replies
    1. කෙන්ජී බ්ලොග් ඒක පිල්ලිජීට දුන්න්න නොවැ? අළුත් එකක් පටන් ගන්නවාද?

      Delete
  6. අන්න කරනවා නම් නියම වැඩක් කෙන්ජි මාමේ සහ ගයිජින් අයියේ.
    මමත් පට්ට ආස රටක් ජපානේ කියන්නෙ... පිස්සුව වැඩිකමට කෝමහරි ඔහෙ පනින්නයි මේ දවස්වල උත්සහ කරන්නෙ.
    එක එක සුද්දො ලියපු බ්ලොග් කියවනවට වැඩිය කොච්චර සෝක්ද දන්න සිංහලෙන් ජපානේ ගැන දන්න අපේම අයගේ විස්තර කියවන එක

    ReplyDelete
    Replies
    1. තමන්ගේ අනාගතය හදා ගන්න විදේශ ගතව අධ්‍යාපනය ලැබීම,වෘතීයක නිරතවීම,ව්‍යාපාරික කටයුතු වල නිරතවීම කිසිම වැ‍රැද්දක් තියෙන දෙයක් නෙමයි. හැබැයි තමන් කරන්නේ මොකක්ද , යන තැන ,වියහෙදම් ගැන සොයලා බලලා ,සැලසුමක් ඇතිව කරන්ඩ ඕනෑ දෙයක්....නිගම්බු කොළුවාට කියන්ඩ තියෙන්නේ කරන දෙයක් පරිස්සමේන්..

      Delete
    2. සහතික ඇත්ත, ජපානේ ජීවත්වෙන කෙනෙක් වශයෙන් දීපු අවවාදයට බොහොම වටිනවා සහෝදරයා :)

      රස්සාවකට පැනීමේ බලපොරොත්තුවෙන් අවිධිමත් ක්‍රම පාවිච්චි කරලා එන්න නම්
      අදහසක් නෑ. එහෙම උනොත් සෑහෙන ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනබව තේරෙනවා.

      නැට් ලෙවල් 5 පාස් වෙලා ඉන්නෙ. ජේ.එල්.පී.ටී එකත් ලියනවා ලබන මාසේ. වැඩිදුර අධ්‍යාපනයට මුලින් භාශා පාසලකට ඇතුල්වෙලා විශ්වවිද්‍යාල අධයාපනය දක්වා ඉගෙනගන්නයි බලපොරොත්තුව. එහෙම හොඳයි නේද ? ? ?
      ඔබතුමාගේ අත්දැකීම් මම වගේ ජපානයට ආදරය කරන අයත් එක්ක බෙදාගන්න පුලුවන් නම් සැහෙන වටිනව ඔබට ජය! ! !

      Delete
  7. මට ටිකක් තේරුනේ නැහැ. ඔබ කවබතගේ පොතේ තිබෙන කෙට් කතාවක් ගැනද එහෙම නැත්නම් ඔබට හමුවූ තරුණිය ගැනද කියන්නේ කියල. නමුත් හොඳයි. ඔබ අනාතයෙකු නොව යහළුවන් ගොඩක් සිටින අයෙකු බවේ පෙනේ.

    ReplyDelete