a

Monday, July 27, 2015

අණ්ඩර දෙමළ වාගේ ජපන්!

ජපන් කොයි වාගේ භාෂාවක්ද? ජපන් භාෂාව ගැන මොලො හසරක් තේරෙන් නැති කෙනෙක්ට අණ්ඩර දෙමළ වාගේ වෙන්න පුළුවන්......අණ්ඩර දෙමළ කියුවාම මතක් වුණේ ජපන් ඇත්තටම දෙමළ වාගේ වෙන්න පුළුවන්... ජපන් භාෂාවේ මුලාරම්භය ගැන තියෙන ප්රබල මත වාද වලින් එකක් තමයි ජපන් භාෂාව දකුණු ඉන්දියාණු ද්රවිඩ භාෂා පවුලට නෑකම් දක්වනවයි කියන එක.... ඒ කතාව පැත්තකින් තියලා අපි ජපන් භාෂාව කොයි වාගේද කියලා මුලින්ම බලමු....මේ ලිපියට ලැබේන ප්රතිචාර දිහා බලලා ඉස්සරහට තව ලිපී කීප්යක් ලියන්නත් බලන්නම්.මුලින්ම කියන්න ඕනෑ වැදගත්ම කාරණේ තමයි මගේ වාගේ මේ ලිපි ලියුවාට අද ලිපියට පාදක කරගන්නේ තොකියෝ වි.වි. ජපන් භාෂා අධ්යන ආයතනයේ ලිපි...ඒ නිසා ලිපි වල අන්තර්ගත කාරණා වල නිවරද්යතාවය ගැන බය වෙන්ඩ දෙයක් නෑ..

ජපන් භාෂාවේ සරළ වාක්යක් අරන් බලමු.

(1)Tanakasan wa ocha o nomimashita.(තනකා-සාන් තේ බිව්වා.)

මේ වාක්ය ප්රධාන කොටස් 3කට කඩන්න පුළුවන්.
[Tanakasan wa]
[ocha o]
[nomimashita.]

මේ කොටස් තුනේන් මුල් කොටස [Tanakasan wa]අරන් බලමු.මෙකේ Tanaka-San කියන්නේ නාම පදයට,පුද්ගල නාමයක්.( වඩාත් පැහැදිලිව කියුවොත්Tanaka කියන්නේ වාසගමකට San යන පදය පුද්ගල නාම අගට මහත්මය/මහත්මිය/මෙනවිය අර්ථයෙන් භාවිතා වන පදයක්) ඊ ළඟට තියෙන wa කියලා කියන්නේ නිපාත පදයක්...මැද කොටසේ[ocha o] මේ කොටසේ  ocha කියන්නේ තේ පැන්, නැවැතත් o පදය නිපාතයක්.අන්තිම කොටස [nomimashita.] බිව්වා කියන අතීත කාල ක්රියා පදය...

කර්තෘ පදය /කර්ම පදය/ ක්රියා පදය ...මේ තමයි ජපන් වාක්යක රටාව..හෙණ ගැහුවා වගේ සිංහල භාෂාවේ රටාවම නොවැ නේද? දැන් ඉතිං පොඩ්ඩක් ජපන් වලට තියෙන බය අඩු කර ගත්තාට කමක් නෑ..ඉංගිරිසි වාගේ නෙමෙයි ජපන් වාක්ය රටා සිංහල වාක්ය රටා වාගේම තමයි!

හැබැයි පොඩි අවුලකට තියෙන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කරන්න බැරි නැත්තම් සිංහලෙන් කතා කරද්දී අවශ්ය නොවන නිපාත පද දෙකක්wa/o මේ ජපන් වක්ය තුළ තියෙන එක .දැන් බලමු මේ නිපාත පද වල රාජකාරිය මොකක්ද කියලා...මුලින් විස්තර කරන්න පහසු නිසා දෙවැනියට හම්බු වුණ O නිපාතය බලමු. O නිපාතයේ රාජකාරිය තමයි, Oට කලින්  කර්මය දක්වන එක. ඕතැන Ocha/තේ පැන් කියන කර්මය,වාක්ය තුළ අපිට හඳුන්වලා දෙන රාජකාරිය කරන්නේ O නිපාතය විසින්. මුල හිටපු wa නිපාතය බොහෝම සංකීර්ණ රාජකාරි ගණනාවක් කරන කෙනෙක් ..පටන් ගන්න තැන හින්දා වැඩිය ගැඹුරට යන් නැතිව අපි හිතා ගමු waගේ රාජකාරිය තමයි අපිට වාක්ය තුළ කර්තෘ පදය හඳුන්වලා දෙන එක කියලා.
දැන් අපි තව ජපන් වාක්ය දිහා බලමු.

(2) Tanakasan wa Satosan to ocha o nomimashita. 
තනකා-සාන් ,සතෝ-සාන් සමඟ තේ බිව්වා.

මේ(2) වාක්ය උඩ(1) වාක්ය එක්ක බැලුවාම පේනවා ඇති Sato-San to  කියන කොටස  අළුතෙන් එක් වේලා තියෙනවා කියලා.Sato-San කියන්නේත් තවත් පුද්ගල නාමයක් වන අතර to කියන්නේ ජපන් භාෂාවේ තවත් නිපාත පදයක්. හබැයි මේ නිපාත පදය අපිට කිසි ප්රශ්නයක් නැතිව සිංහලට හරවන්න පුළුවන්" සමඟ" කියන අර්ථයෙන්.

(3)Tanakasan wa kissaten de ocha o nomimashita. 
තනකා-සාන් තේ කඩයක [දී ]තේ බිව්වා.

(3)වාක්ය (1) වාක්ය එක්ක බැලුවාම kissaten de  කියන කොටස අළුතේ එකතු වේලා තියෙනවා kissaten  කියන්නේ කැෆේ වලට,කොෆී ශොප් වාගේ එව්වා.de තවත් නිපාතයක් සිංහලෙන් නම් "තුළ"  නැත්තම්"දී" කියන අර්ථයෙන් භාවිතා කරන්න පුළුවන්.හැබැයි සිංහලෙන්නම් දී එකතු කලත් නැතැත් වාක්යට ප්රශ්නයක් නැති වුණාට,ජපන් භාෂාවේදී අනිත් හැම නිපාතයක් වාගේම මේකත් අනිවාර්යෙන් ඒ ජාතියේ වක්ය වල තියෙන්න ඕනෑ.

දැන් බලමු (2) වාක්ය (3) වාක්ය එකතු කරලා ලියද්දී කොහොමද කියලා..

(4)Tanakasan wa Satosan to kissaten de ocha o nomimashita. තනකා-සාන්, සතො-සාන් සමඟ තේ කඩයකදී  තේ බිව්වා.

වාක්ය රටාව බැලුවාම බොහෝම පැහැදිලියි සිංහල රටාවත් එක්ක කිසිම වෙනසක් නෑ කියලා..එකම දේ ජපන් භාෂාවේ නිපාත පද අනිවාර්ය දෙයක් නිපාත පද ටික හරි තැන් වලට දාගන්න පුළුවන්නම් ජපන් නිකන් වතුර වාගේ කතා කරන්ඩ පුළුවන් කියන එක..(වචන පාඩම් කර ගන්න එකත් එක්ක) නිපාත වල කාර්යභාර්ය වැදගත් දෙයක් හින්දා to කියන නිපාතය කොයි වාගේ තැන් වලටද භාවිතා කරන්නේ, de  දාන තැන් අනිත් නිපාතා භාවිතා කරන තැන් සැලකිලිමත්ව ඉගෙන ගන්න එක මුලික පියවරවල් වලදී වැදගත්.

දැන් බලමු වක්යක් ප්රශ්ණ වාක්ය බවට පත් කරන්නෙ කොහොමද කියලා..සිංහලෙන්නම් අන්තිමට "ද?" කියලා එකතු කලාම වැඩේ ඉවරයිනේ..ජපනුත් එහෙම තමයි.. හබැයි නම් නෙමේයි "KA" එකතු කරන්න තියෙන්නේ වාක්ය අන්තිමට...

(5)Tanakasan wa ocha o nomimashitaka
තනකා-සාන් තේ බිව්වාද?

දැක්කනේ වැඩේ හරි ලෙහෙසියි! සිංහලෙන් ප්රෂ්ණයක් අහන්න අන්තිමට "ද" දානවා ජපන් වලින්නම් kaදානවා....සිංහල පුළුවන් කෙනෙක්ට ජපන් ඉගෙන ගන්නවා කියන්නේ කජු කනවා වාගේ වැඩක් කියලා බය නැතිව හිතා ගන්ඩ!

ඊ ලඟ කොටසින් බලමු ජපන් ක්රියා පද ක්රියා කොරන්නේ කොමැයි කියලා......

මුලාශ
http://www.nkc.u-tokyo.ac.jp/
මහාචාර්ය කිකුචි යසුතෝ ලිපි වලින් උපුටා ගන්නා ලදී.
(1) : What are the characteristics of Japanese?" by KIKUCHI Yasuto (Professor of the International Center, the University of Tokyo) in International Center News, The University of Tokyo, No.33.

21 comments:

  1. හම්මේ... ඔලුවෙ කුක්කුමකුත් හැදුන... හි හි.... වාක්‍ය රටා නං බැරියැ.. ඔය වචන ශබ්ද කරන්න පුරුදු වෙන්න ලේසි ක්‍රමයක් නැද්ද....

    ReplyDelete
    Replies
    1. ඉංගිරිසි අකුරු වලින් ලියලා තියෙන නිසයි කියවන්න අමාරු වාගේ දැනෙන්නේ ..... සිංහල වුනත් ඉංගිරිසි අකුරු වලින් කොටලා තියෙද්දී සිංහල අපිට වුනත් කියවන්න අමාරුයි නේද? ජපන් බාශාවේ මුලික හෝඩි දෙක ඉගෙන ගත්තනම් මිඉට වඩා කියවන එක ලෙහෙසි වෙන්න පුළුවන්..

      Delete
    2. Tanakasan wa ocha o nomimashita.
      田中さんはお茶を飲みました。
      තනකා සාන් වා ඕචා ඕ නොමිමෂ්තා

      Delete
    3. どうでもいいよ

      Delete
    4. ばかやろう

      Delete
  2. මාත් සෑහෙන්න දුර්වල අංසයක් තමා මේ බාසා ඉගෙන ගන්න එක...
    මොලේ ඒ පැත්ත වැඩ කරන්නෙම නෑ වාගේ... :-(

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමයි ....ඉස්කොලෙ යන දවස් වල ඉන්ගිරිසියි සිංහලයි තමයි හැමදාම ලකුණු අඩු....

      Delete
  3. පටන් ගන්න වෙන ලේසි තැනක් නැද්ද අනේ. මේ වගේ වාක්‍ය නැතුව.

    ReplyDelete
    Replies
    1. භාෂාව ඉගෙන ගන්නවානම් හෝඩි වලින් පටන් ගන්න එක තමයි හොඳ .

      Delete
  4. ජීවිතේ හැටි කියන්නෙ අයියගේ "ඉසූ හිදී හමු වු නැ‍ටුම් කෙල්ල" පෝස්ට් එකට ලන්කාවේ ඉඳන් කමෙන්ට් කල මම, අද මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්නෙ ජපානේ ඉඳන්

    ReplyDelete
  5. Nihongo jusu desu ne ? Kanji mo josu desu ka ? //භාෂාව ඉගෙන ගන්නවානම් හෝඩි වලින් පටන් ගන්න එක තමයි හොඳ// Disagree. I cant read and write..but I can speak quite fluently even with dialects. I think its better to start from speaking. ජපන් බස මට ලෙහෙසියි by Mrs. Pushparani Siriwardana is a good material for start speaking. But, Kanji is a completely different art.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට....සිරිවර්ධන මහත්මිය කන්ජි පුහුණුවටත් පොත් ලියා තියෙනවා.
      ඇයගේ බුකිය

      Delete
  6. ස්තුතියි. නමුත් මම නම් හිතන්නේ ඒ පොත හොදයි. එත් හොදටම නැහැ. කන්ජි ඉගෙන ගන්න ඕනේ චීන ජාතිකයෝ ඒ ගැන ලියපු පරණ පොත් වලින්. ඔන්න මම පොඩි කතාවක් විදියට දාන්නම් පුළුවන් විදියට.... කමක් නෑ නේද ?

    මේවා රූප අක්ෂර................

    0. මනුස්සයෙක් .............................................................................................(人)
    1. මනුස්සයෙක් අතකින් යමක් තල්ලු කරනවා (ඉන්පුට්).........................................(入)
    2. මනුස්සයෙක් අත් විහිද ගෙන ඉන්නවා (අපිත් පොඩි කලේ පෙන්නන්නේ අම්මට ආදරේ ප්‍රමාණය ගොඩාක් කියල ඇත විහිදලා).................................................................(大)
    3. මනුස්සයට උඩින් අහස, දෙවියෝ .....................................................................................................................(天)
    4. චීන ඉතිහාස කතාවල විශ්වාස වල හැටියට ස්වාමිපුරුෂය යනු අහසටත් වඩා ඉහලින් ඉන්න කෙනෙක්... ..........................................................................................(夫)
    5. ළමයා (දෙපයින් ඉන්න බැහැ).............................................................................................................(子)
    6. ශිෂ්‍යයා (ඉගෙන ගන්න ළමයාගේ ඔලුවට ඔටුනු වැටෙනවා)......................................................................................................(学)

    මම ඕනේ නම් සිංහල එක්කත් ජපන් බසේ සමාන කම් කියන්නම්..........

    ජපන් ....................සිංහල

    නෙමුතයි................නිදිමතයි
    නෙමුත කු නයි .......නිදිමත ක් නෑ..

    කනා......................කණා (නිච්චියක් නැහැ )

    කෙක්කෝ...............එක්කෝ

    ඉනරි.......................නරියා

    අමයි.......................අම (පැණි රස) යි

    සිහලයේදී ගරු කිරීමට ''ඕ'' ප්‍රත්‍ය යොදනවා.....හාමුදුරු(වෝ).....

    ජපන් බසේ ගරු කිරීමට ''ඔ'' ප්‍රත්‍ය යොදනවා...(ඔ )සකේ

    ඒවගේම ලෝකේ ආර්ය (වැදගත්, හොද, සුදුසු) භාෂා බොහොමයක් 'ම' ප්‍රත්‍ය යොදනවා මව ඇමතීමට...නමුත් ජපන් භාෂාවේ එක ගොඩක් වෙනස් ...ඇයිද කියන එක හිතන්න අමාරුයි

    එත් .....සං, සම් ( ), සහ සන්.................

    කියන ප්‍රත්‍ය සංස්කෘත, ලතින් ඉංග්‍රීසි වගේම ජපන් භාෂාවේ දෙන්නෙත් එකතුවක් (සන් , බොහෝදෙ එක්කරගත් වැදගත්) කියන එකට....

    භාෂා ගැන අපි ගැඹුරින් බැලුවොත් මෙවැනි සමබන්ධ කම් දකින්න පුළුවන්......

    ReplyDelete
    Replies
    1. ආක්ර්ශණීය විස්තරාත්මක පැහැදිලි කිරිමක්...බොහොම ස්තුතියි!
      කන්ජි ගැන කියද්ද පොඩි ක පොඩි කතා කීපයකම මතක් වුණා ව්.වෙලාවක ලියන්නම්...

      Delete
  7. ඉගෙන ගන්න හොඳයි. මම සමහර ජපන් සින්දු අහනවා. තේරුම දැනගන්නත් එක්ක හොඳයි.

    ReplyDelete
  8. පිසසු වගේ
    හැබැයි ජපන් ඉගෙන ගන්න ආසත් හිතෙනවා
    සරලම තැනින් පටන් අරන් කියල දෙනවනම් මාර වටිනවා

    ReplyDelete
  9. මේ ලිපිය ඉතාමත් වටිනවා .

    ReplyDelete
  10. සෑහෙන වටින ලිපියක්
    ඔයාගෙ කාලය වෙන්කරගෙන මෙහෙම දෙයක් කරන එකට ගොඩාක් ස්තුතී

    ReplyDelete