a

Tuesday, March 2, 2010

ජපානය ලෙඩ වෙලා........


ආසියවේ අර්ථික බලවතා වේලා හිටිය ජපානයත් ඔන්න ලෙඩ ඇදට වැටිලා.
මුලින්ම වාහන නිෂ්පාදන ලෝකයේ අග රජු වේලා හිටිය ටොයොටා ආයතනය.ගිය අවුරුදද ඉවර වෙනකම්ම ලෝකයේ සුරක්ෂ්තම අපේ කාර් තමයි කියාගෙන හිටියට accelerator එකේ ප්‍රශ්නයක් නිසා ඇමරිකාවේ හදපු වාහන වර්ග කීපයක්ම Product recallකරන්න වේලා.පසුගිය අවුරුදු 2ක පුරාවටම ලෝක අර්ථික අර්බුදය නිසා හදපු වාහනත් විකුණගන්න බැරිව ගහෙන් වැටිලා හිටිය ටොයෝටා ආයතනයට වුනේ ගොනා ඇන්නා වාගේ වැඩක්..
ඊ ලඟට අහස අපේ කරගේන හිටිය JAL පසුගිය කාලය පුරා සිදුවුනු දැවැන්ත පාඩු නිසා "බංකොලෝත්භාවය ප්‍රකශ කිරීමේන් " වැලකුනේ ජපන් රජයේ පිහිට පතලයි.ආහාර,සිසීල් බීම සහ මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමුඛම සන්තොරි සහ කිරින් ව්‍යාපාර අතර ඇති කරගන්න ගිය වෙළඳ සහයෝගීතාවය පටන් ගත්ත තැනම කඩන් වැ‍ටුනේ ලොව විශාලම බීම නිෂ්පාදකයා වීමේ සිහිනයත් එක්කමයි.

අලි මදිවට කොටි කියුවා වගේ අර්ථික අර්බුද විතරක් නොව ,ජපානයේ ජාතික ක්‍රීඩාව හා සමාන,ක්‍රීඩාව තුළ විනය සහ සංවරශීලීත්වය ඉහලින්ම සලකන සුමෝ ක්‍රීඩාවේ විශිෂ්ඨම ක්‍රීඩකයා වන යොකසුනාට ගෙදර යන්න වුනේ සමාජය තුළ ප්‍රචණ්ඩ ලෙස හැසිරීම නිසා.
මේ ජරමර අස්සේ විදේශ ජනමාධ්‍ය ජපානයෙන් අහන්න ගත්තේ "ජපානයට මොකද වුනේ කියලා" " මහා නිෂ්පාදකයා" කියන අනවර්ථ නාමයෙන් හැදුන්වුනු ලෝකයටම භාණ්ඩ නිෂ්පානය කරපු ජපානය දැන් ඉවරද කියල? බැරිවෙලාවත් ලංකාවේ අපේ ඇත්තන්ගෙන් ඔය වගේ කථාවක් විදේශ ජනමාධ්‍ය ඇහුවානම් "විදේශ කුමන්ත්‍රණ" ගැන ලොකු ලොකු කතා ටිකක් අහන්න තිබුණා.හැබැයි මෙහෙදිනම් හැම ජපනෙක්ම වාගේ මොකද වුනේ කියලා කල්පනා කරන්න ගත්තා මිසක් කුමන්ත්‍රණ ගැන කිව්වේ නැහැ සමහර විට ජපනාට තාම කුමන්ත්‍රණය අහුවුනේ නැද්ද දන්නේ නැහැ.
මේ ප්‍රශ්ණයට ජපන් අර්ථික විශේෂඥයෝ කීපදෙනෙක්ම මාධ්‍ය වලට පිළිතුරු දීලා තිබුණා. ඩෝශිෂා විශ්වවිද්‍යාලයේ ආර්ථිකය පිළිබඳ මහාචාර්ය්‍ය නොරිකෝ හමා මහත්මිය මේ වාගේ අදහසක් දක්වලා තිබුණ.
"අද ජපානය මුහුණ දෙනවා හා සමාන තත්වයකට 1999 සිට 2001 දක්වා කාලය තුළත් මුහුණ දෙන්න වුණා. 99-01 අතර මේ හා සමානවම සිද්ධි කීපයක් සිදුවුණා "‍තෝකයි මුරා හි නෂ්ටික බලය නිෂ්පානය සදහා අවශ්‍ය යුරේනියම් පිරිපහදුවේ සිදුවු අනතුර,මිත්සුබිෂි ට්‍රක් සහ බස් රථ වල නිෂ්පාදනයේ සිදුවු අතපසුවීම් නිසා සිදුවුණු අනතුරු සැගවීමට ක්‍රියා කිරීම,යුකිජිරුශි කිරි ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ ආහර විෂ වීමේ සිද්ධිය අදි ලෙස අද තරම් නොවුවත් අනතුරු කීපයක්ම ඒ පරිජ්ජේදය තුල සිදුවුනා.
ජපන් නිෂ්පාදකයාට පෙර කිසිම දවසක සිදුනොවුණු "අත පසුවීම්" සහ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අවධානය බිඳ වැටීම නිසා විශ්වාස කළ නොහැකි මට්ටමේ වැරදි සිදුවීම සහ නිෂ්පාදකයා විසින් එම වැරදි සැගවීමට තැත් කිරීම පසුගිය සිද්ධි වල පොදු ලක්ෂණයක්.
මේ අතපසුවීම් සහ වැරදි වලට හේතු පාදක පුරුක් තියෙන්නෙ 90 දශකය තුළයි. 90 දශකය කියන්නේ බබල් ආර්ථික බිඳවැටීම සමග සිදු වු සමාගම් කඩා වැටීමටත් ,අධිකව පාඩු ලැබීම වැලැක්වීමට බොහෝ සමාගම් " ප්‍රතිව්‍යුවගත කිරීම"යන නමින් ඉවක් බවක් නැතිව සිදුකල ඇමරිකනු ආකෘතියේ දැවැන්ත සේවක කප්පාදුව නිසා නිෂ්පාදන ක්‍රියාවලියට අත්‍යවශ්‍යම සේවකයින් පවා ගෙදර යැවීමේ විපාකය 99 වසරේ සිට අද දක්වා සිදුවු සිදුවීම් සමුදාය තුළින් නිරූපනය වෙනවා.
21 වැනි සියවසට පා තැබීමත් සමඟම ගෝලීය ආර්ථික ‍රැල්ල වුණු වෙළඳපොළ මුලධර්මවාදය ප්‍රතිඵල මුලික කරගත් ආර්ථික ක්‍රමවේද ආදිය ජපානය ක්‍රියාත්මක කලද 90 දශකය හෙවත් ජපන් ආර්ථිකයේ නැති වු දස වසර තුළ සිදු වු හානි සමග ‍රැල්ල සමග දුවන්න ශක්තියක් ජපානයට නොවීය.ඒ තත්වය තුළ නිෂ්පාදනය සහ අලවිය ගෝලීයකරණයකට ලක්වුවද භාණ්ඩ වල නිෂ්පාදන සහ ගුණාත්මකභාවය නිරික්ෂනයට ලක්වීම ඊට අනුරුපව නොවීමත් පසුගිය සිදුවීම් වලට මුල් කරුණුය.
ඇමරිකාව කරන ඕනම දෙයක් ඉවක් බවක් නැතිව කොපි කරපු ජපානය තුළත් අද වනවිට "ගෝලීයකරණය රටට හිතකර ලෙස විය යුතුයි "කියන තත්වයට පත් වෙලා.බොහෝ සමගම් 70 80 දශක වල භාවිතා කරපු පරණ ජපන් ක්‍රමේ ආර්ථික උපක්‍රම වඩා ඵලදයි කියල හිතන්න පටන්ගෙන.හැබැයි හැම විශේෂඥක්ම වාගේ කියන පොදු කාරණයක් තියෙනවා, “ජපානය කලින් තිබුණ තත්වයට ගෙන එකනම් ලේසි පහසු වැඩක් නෙමෙයි.ඉස්සරහටත් අමාරු දවස් තමයි ගෙවන්න වෙන්නේ කියලා.”
Creative Commons License
ජපානය ලෙඩ වෙලා........ by J-gaijin is licensed under a Creative Commons Attribution-Noncommercial 3.0 Unported License.

2 comments:

  1. Mekanam maha boruwak.etakota hoda kello nadda?

    ReplyDelete
  2. Fantastic Aгticle, іt is fantаstіc to finally find eԁucational informatiоn on the internet, I аm ρleasеntly
    pleaѕeԁ to ԁiscover a blοg that is not full of the ubiquitous
    trаsh, bless you.
    Also visit my blog post ... shoe lift

    ReplyDelete