a

Wednesday, March 17, 2010

James Cameron “Avatar “Film එක හැදුවේ ,කථාව වීනෙක්ගෙන් උස්සලාලු.......




ගිය බදාදා,හවසට එන Tokyo Sportsපත්තරේ හෙඩ්ලයින් එක දාලා තිබුනේ ඔහොම තමයි..සල්ලි දීලා පත්තර ගන්න පුරුද්දක් නැති නිසා පත්තර රක්කේ ලඟ හිටගෙනම උඩින් පල්ලේන් කියවලා බැලුවා...Zhou Shamou කියන චීනා 1997 දි ලියපු The Legend of the Blue Crowකියන Online Novelඑකේ කථාවට සමානලු.

මුලින්ම මේ පුවත පලවේලා තියෙන්න China Dailyවල Zhou Shamou විසින් China Dailyපත්තරයට තමන් ලියපු නවකථාවේ සහ චිත්‍රපටිය අතර සමානකම් දක්වමින් ලිපියක් ලියලා තියෙනවා.,ඔහු කියන විදිහට කතා සැලස්ම ,සිදුවීම්,සහ අවට වටපිටාව ආදි ලෙස චිත්‍රපටියේ 80% ඔහුගේ නවකථාවෙන් හොරකම් කරලා.නවකථාව ප්‍රකාශයට පත් කරන්න අපහසුවෙයි කියලා හිතලා තමයි ඔහු අන්තර්ජාලයට එකතු කරලා තියෙන්නේ. Cameron ට විරුද්ඪව බීජිං උසාවියේ නඩු පැවරුමට ඔහු උත්සහා කලත් ප්‍රමණවත් සක්ෂි නැහැ කියලා උසාවිය නඩුව වීසි කරලා තිබුනා කියලා. AFPවාර්තා කරල තිබුනා.කොහොම වුනත් Beijinනිතිඥවරයෙක් ප්‍රකශ කරලා තිබුනේ Cameronට විරුද්ධව නඩුව ඇමරිකානු උසාවියක ගොනු කිරීම වඩාත් ඵලදායි කියල..


මේ ගැන කලින්,20th Century Fox'sGreater China Regionඑකේ Staff කෙනෙක් කියලා තිබුනේ Avatar Filmඑකේ Projectසැලසුම් කලේ 1995දි කියලා.,Wikipediaවලත් "Project 880"නමින් Cameron ,Avatar Filmඑකේ කටයුතු වල නිරත වේලා කියලා සඳහන් වේලා තිබුනා.(Cameron ගේ නිලWeb Siteඑකේ තිබුනේ Avatarකථාව අවුරුදු 15 කලින් ඉදලා Cameron ගේ ඔළුව ඇතුලේ තිබුනා කියල)මේකට උත්තර දුන්න Zhou Shamou කියුවේ"මගේ නවකථාව 1997 කියවපු ලක්ෂ ගනනාවක් ඉන්නවා.කවුරු හරි කියුවාට ‍ෆිල්ම් එකේ තිර රචනය ලියුවේ 95 කියලා. ඔවුන් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ කියලයි"

අන්තර්ජාලය තුල හොයලා බැලුවාම Cameron ට තිර රචනා හොරකම් කිරීම ගැන චෝදනා එල්ල වන මුල්ම අවස්ථාවත් මේක නොවන බවයි දකින්න තියෙන්නේ..Terminatorකථාවත් Harland Ellisonකියන SFනවකථාකරුගෙන් හොරකම් කලා කියලා චෝදනා තියෙනවාලු..

මට මතකයි ගොඩක් කාලයකට කලින්(ලක්බිම පත්තරය වාගේ තමයි මතක) ලිපියක් තිබුණා E.T. Filmඑකත් ඉන්දියාවේ සත්‍යජීත් රායි, ආතර් සී ක්ලාර්ක් සහ මයික් විල්සන්(රන්මුතු දුව චිත්‍රපටියේ කට්ටිය) එකතු වේලා හදන්න හිටිය ‍ෆිල්ම් එකක් කියලා.
පහුගිය දවස් ටිකේ බ්ලොග් ලියන අය අතරත් තමන්ගේ ලිපි හොරකම් කිරිම් ගැනයි බයිස්කොප් සිංහලේන් එකේSubsපිටින් උස්සලා පිටකො‍ටුවේ විකුණුනු කථායි...තිබුණනෙ...බලන් ගියාම පිටකො‍ටුවේ හොරු හොදයිනේ.. අඩු තරමින් Subsදාපුකෙනාගේ නම මකන්නේ නැහැනේ.නිකමට හරි චීනා කියන කථාව ඇත්තම් Cameron ලා හොරුන්ගේත් හොරුනේ...

4 comments:

  1. මට හිතෙන්නෙ නම් කැමරන්ගෙ ෆිල්ම් වල ටොරෙන්ට් කොපි බලන අපි ඒක කාගෙන්වත් හොරකම් කරපු එකක්ය කියලා කෑගහන එක නම් එච්චර සදාචාරාත්මක නැහැ කියලයි. ඒ වුනාට කැමරනුත් හොරකම් කළානම්, අපි හොරෙන් බාලා බැළුවට මොකද නේද? හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියල කියනවනේ. මෙතන හැබැයි හොරුන්ගෙත් හොරා කැමරන් නෙවෙයි, කැමරන් හොරකම් කරපු අදහසකට අනුව හදපු එක හොරෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන අපෙ අයමයි මං හිතන්නෙ.

    මොනව වුනත්, ඔය කථාවට ජේම්ස් කැමරන් ඉතාම සාධාරණයක් ඉෂ්ඨ කරල තියෙනවා කියලයි මම හිතන්නෙ. මොකද ඔය වගේ කතාවක්, අර කියන චීනා හැදුවා නම් ඒක ඔය තරම් දැවන්ත නිර්මාණයක් වෙන එකක් නැහැ. හොලිවුඩ් සිනමාව අසලටවත් එන්න දැනට පුළුවන් වෙලා තියෙන්නෙ බොලිවුඩ් සිනමාවටයි කියලයි මට නම් හිතෙන්නෙ. හැබැයි බොලිවුඩ් වලත් සමහර දැවන්ත නිර්මාණ හොලිවුඩ් වල කොපි තමයි.

    ReplyDelete
  2. පරිකල්පනයන් සමහර විට සමාන වෙන්නත් පුළුවන්

    ReplyDelete
  3. හොරකම් කරල උනත් කරල තියෙන වැඩේ maxa නෙ බන්.අනික ඉතින් පොඩ්ඩක් ලගින් ගියා කියල ඔකට නහින්න ඕනෙ නැහැනෙ.ඕව කුහක කමට කියන කතා.කොහොමත් චීන්නු ඇමරිකන් කාරයො ටිකක් තරහයිනෙ.

    ප.ලි:-
    ඒක නෙවේ මේ word verification එක අයින් කලොත් නරකද

    ReplyDelete
  4. prekshakaya wenuwen ne horakam kale,,,,, ki denek sathutu unada film eka balala ,,,, horakamath yahapatharane

    ReplyDelete