a

Sunday, February 12, 2012

ජපානය විදේශිකයින් සඳහා 2012 ජුලි මස සිට නව නීති ගෙන එයි.Start of a new foreign nationals residency management system in Japan.



ඉඳලා හිටලා හරි ටිකක් සිරියස් කට්ටියටම වැදගත් වෙන දෙයක් ලියන්න ඔනේ කියලා ලාවට ලාවට හරි ඔළුව ඇතුලේ තිබුන නිසා මේ පාර ඔන්න වැඩේට බැස්සා.ජපානේ ජිවත් වන අපි හැමදේනාම මේ දවස් වල කතා කරන්නේ රජය අළුතේන් ගෙන්න යන අළුත් නිතී ගැන තමයි.මෙචර කල් අවුලක් නැතිව මහන්සිවෙලා ඉගෙන ගෙන කරදරයක් නැතිව ජපානේ හිටපු එකට කණ කොකා ගේම දෙන්නයි යන්නේ කියලා තමයි ඉතින් වැඩි දෙන කියුවෙ! මාත් ඉතින් පොඩ්ඩක් විතර විස්තර දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි කියලා හිතලා ජපාන විදේශ කටයුතු අමාත්යංශයේයි ,ආගමන බියුරෝවේ නිල වෙබ් සයිට් එකෙයි හිටු කියල කරක් ගහලා හොයලා බැලුවා මොකක්ද මේ අළුත් නිතී කියලා!හැබැයි ඉතින් මේ රජයේ කට්ටියනම් කියනේ අපි මේ අළුත් නිතී ගේන්නේ බොහෝම ස්ද්භාවයේන් ජපානය තුළ නිත්යනුකූලව පදිංචි වෙලා නිතී රිතී පිළිපැදලා අහිංසකව ජිවත් වෙන ගයිජින්ලාට තව තවත් අහිංසකව නිතීගරුකව ජිවත් විමේ වට පිටාවක් සදා දිමේ උදාරතර අරමුණේන් කියලා..හැබැයි ඉතිං අපි නොදන්නවායි අණ්ඩු කියන කතා! වැඩේ ටිකක් දිග වැඩි නිසා කොටස් කිපයකට කඩලා තමයි ලියන්න වෙන්නේ. ඔන්න එහෙනම් පලමු කොටස "හඳුන්වාදීම"
ජපාන අධිකරණ අමාත්යංශය විසින් ජපානය තුළ දිර්ඝ කාලීනව සහ මධ්ය කාලීවන රැදී සිටින විදේශිකයින්
සඳහා නව "විදේශික පදිංචිකරුවන් පාලනය කිරිමේ ක්රමවෙදය (residency management system) "
මේම වසරේ ජුනිමස 9 වන සඳුදා සිට ක්රියාත්මක කරයි.ඊට අදාලව මෙතෙක් භාවිතයේ තිබුනු " විදේශිකයින් ලියාපදිංචි කිරිමේ ක්රමවෙදය alien registration system " අහෝසි කරුනු ලැබේ.
නව ක්රමවෙදය දැනට ජපානය තුළ දිර්ඝ කාලීනව සහ මධ්ය කාලීනව නිත්යනුකූලව රැදී සිටින සියළුම විදේශ පදිංචිකරුවන් සඳහා අදාල වේ,මෙහිදි දිර්ඝ සහ මධ්ය කාලින ලෙස සලකුනු ලබන්නේ ජපන් ජතිකයේකු සමග
විවාහවකව(Spouse or Child of Japanese National), ජපාන සමාගමක නිතනුකූලව වීසාවක් මත රැකියාවක නිරත වන( "Engineer," "Specialist in Humanities/International Services," etc.,) ,අධ්යාපන කටයුතු
සඳහා වන වීසා(technical interns, students) මත ජපානය තුල වාසය කරන්නන්ය. තාවකාලික වීසා සහ සංචාර
කටයුතු සඳහා ආගමනය කරන්නන්ට මෙම නිති අදාල නොවේ.
ජපාන ආගමන බියුරෝව විසින් නිකුත් කරන ලඳ විස්තර වලට අනුව මෙම නව ක්රමවේදය ප්රධන කරුණු
4කින් සමන්විත වේ.
1.නව නේවාසික හැඳුනුම් පතක්(resident card /在留カード) නිකුත් කරනු ලැබේ.
2.එක් වරක් සඳහා නිකුත් කරනු ලබන වීසා බලපත්රයක උපරිම කාලය වසර 5ක් දක්වා ඳිර්ඝ කරනු ලැබේ.
3.ජපානය තුළ රැදී සිටිමින් කෙටිකාලීනව ජපානයේන් බැහැරව ගෝස් නැවත ජපානය තුලට ඇතුළුවීමේ ක්රමවේදය වේනස් වේ.
4.දැනට භාවිතයේ තිබෙන විදේශිකයින් ලියාපදිංචි කිරිමේ ක්රමවෙදය අහෝසි වේ.

ආශ්රිත -ආගමන බියුරොවේ නිල වෙබ් පිටුව

2 comments:

  1. ko ban poddane dala tiyenne

    ReplyDelete
  2. Hope that won't be a problem for you.... Good that you have started to do something meaningful :)

    ReplyDelete