a

Sunday, February 5, 2012

ජපානය ඊළඟ දැවැන්ත භුමීකම්පාවට මුහුණ දීමට සුදානම් වෙයි!

දැන් සති දෙක තුනක ඉදන් ටී.වී. එකේයි පත්තර වලයි අනිකුත් එකී නොකී ජනමාධ්‍ය වලයි නිතර දෙවෙලේ ඇහෙන්නේ භුමීකම්පා ගැනමයි. ජපන් ආණ්ඩුවේ  ඇතුලේ කචලුයි, පාරිභොගික ටැක්
ස් එක දෙගුණයකින් වැඩිකරන පනතයි, ඉස්සරහට ඇමරිකව සමග ගහන "TPP" වෙළඳ ගිවිසුමෙන් ජපන් ගොවියාට කෙලවෙන එකයි ,යුරෝපා ආර්ථික අර්බුදයයි,ඊයේ පෙරේදා වේනකම් උඩ දාගෙන කෑගහපු නිවුස් වලට මොනා වුනාද දන් නැහැ!මොකක්ද මේ වෙනස!!! ගිය අවුරුද්දේ වුන නැගෙනහිර ජපන් මහා භුමීකම්පාව වසරක් පිරිම ස්මරණය කරනන්නද හදන්නේ, එකටත් ඉතින් මාර්තු වෙනකම් තව මාසයක්ම තියේනවනේ,
කොකටත් කියලා පොඩ්ඩක් හොයලා බලන්න හිතුවා,
කිරි අප්පාට බල්ලො පැනපි කියුවාලු!
ටෝකීයෝ අගනුවර ආශ්‍රිතව දැවැන්ත භුමීකම්පාවක අනතුරක් තිබෙන බවට ටෝකියෝ විශ්ව විද්‍යාල භුමීකම්පා පරික්ෂණ ඒකකය විසින් අනතුරු හඟවලාලු! කොරල තියේන්නේ, පරික්ෂණ කණ්ඩායම කියන විදියටනම් " magnitude 7~9" අතරක භුමීකම්පාවක් ටෝකියෝ ඇතුළු කන්තෝ භුමි ප්‍රදේශය තුළ මිළඟ වසර 4 තුළ ඇති
වෙන්න තියේන ඉඩකඩ 70%ක්ලු, මිට කලින් ජපන් රජයේ භුමිකම්පා පිළිබඳ මුලස්ථානය ප්‍රකාශයට පත් කරලා තිබුනේ ටෝකීයෝ ආසන්නව භුමීකම්පාවක් සිදුවීමේ ඉඩකඩ ලෙස මීලඟ වසර 30 ඇතුළුත 70% ලෙසයි.සරලව කියුවොත් බරපතල මට්ටමෙ භුමිකම්පාවක් සඳහා තිබෙන ඉඩකඩ 5 ගුණයකින් වැඩි වීමක් තමයි වේලා තියේන්නේ, පසුගිය වසරේ සිදුවුණු භුමීකම්පාව නිසා පොළවේ භුමී තල වල සිදු වුණු නව වෙනස්කම් තමයි හේතුව විදියට දක්වලා තිබුනේ!

විශේෂඥගේ වචන අකුරට පිළිඅරගෙන ජපන් රජය වාගේම ආපදා සහන කණ්ඩායම් මේ දවස් වල මහා පරිමාණයේ භුමීකම්පාවක් සදහා සුදානම් වෙනවා, ළගදි දවසක ටෝකියෝ උමං දුම්රිය පොළවල් අශ්‍රිතව විවිධ පෙරහුරු පවත්වනු ලැබුවා පසු අපදා තත්වයන් කළමණාකරණය කරගන්න.ජපානේ පදිංචි වෙලා ඉන්න කට්ටියනම් දැන් ඉදන්ම ගෙදර පෙරලෙන්න ඉඩ තියෙන කබඩ් අල්මාරි,සෙලවීමකදි ඔරොත්තු දෙන විදියට හදලා තියන්න පටන් ගන්න තමයි තියේන්නෙ.

1 comment:

  1. Finally you started writing again.... Happy about that. Keep it up aiya.looking forward to see more good things :)

    ReplyDelete