a

Monday, March 5, 2012

Apple ipad 3 ගැජට් ලොකේ පෙරළිකරයෙක්වෙයිද? නැත්නම් වැඩ කිඩ වැඩිය නැති වෙළඳපොළ පෙරළිකරයේක් වෙයිද?


       පෙබරවරි 28 වැනිදාThe Verge මුල් වරට වාර්තා කලා ඔවුන්හට ඇපල්ගේ අයිපැඩ් 3 එළිදැක්වීම සඳහා අරාධනා ලැබුනු බව.කොහොමත් අන්තර්ජාලය තුළ තාක්ෂණය ගැන උනන්දු වුනු හැමොම වාගේ පසුගිය මාස කීපය පුරා අයි පැඩ් නව සංස්කරණය එළි දකින දවස ගැනයි, එකේ අළුතේන් ඇතුළුවිය හැකි හැකියාවන් ගැන කතා බහ,ඔපදූප සැහෙන්න එහේ මෙහේ ගියා.. ජනවාරි මසේ වාගේ වෙද්දි නම් මාර්තු 7 තමයි "දවස" කියලා ටක්කේට අනාවැකිය(මෙක හනුමන්තා එහෙම කියපු අනාවැකියන් එහෙම නෙමෙයිMr.MacXබුවෙක් දීපු අනාවැකියක්ලු.) කියපු අයත් හිටියා.සමහරුනම් පහු පහු වෙන්නත් ඉඩ තියේයි කියලා.ස්මාර්ට් ෆොන් වෙළඳ පොළ තුල කොහොම වුනත් ටැබ්ලට් වෙළඳ පොළ තුළ අංක 1 ට කෙළව ගන්නේ නැතිව තියා ගන්නනම් අළුත් විශේෂාංග වාගේම මේ අවුරුද්ද මුල් කාර්තුව තුළ වෙළඳපොළට නොදා බැරි විත්තිය ඇපල්ලාත් තේරුම් ගන්න ඇති.(දැන් අවුරුද්දකට 2කට කලින් විතර වෙනකම් අයි පැඩ් එක වෙළඳපොළ තුල 90% වැඩි වෙළඳාමක් තියන් හිටියත් ගිය අවුරුද්දේ ඇන්ඩ්‍රොයිඩ් වලට 30% කිට්‍ටු වෙන්න වෙළඳපොලක් හිමිවුණා.)

    
     ඔය හේතු හින්දාම ම්ං හිතන්නේ මේ පාර ඇපැල්ලා අයි පැඩ් 3 වෙළඳපොළට නිකුත් කරන්නේ බොහොම සීරු මාරුවෙන් වෙන්න ඔනේ. පහුගිය කාලේ කොම්පියුටර් වෙළඳපොළ නිරික්ෂකයින් ප්‍රධාන කරුණු 2ක් අනාගත වෙළඳපොළ වෙනස්විම් ගැන කියද්දී සඳහන් කලා.එකක් තමයි කට්ටියක් කියුවා 2013,2014 වාගේ වෙද්දී ඇපැල්ලාට ටැබ්ලට් වෙළඳපොළ කිරුළ ඇන්ඩ්‍රොරොයිඩ්ලාට දිලා පල්ලම් බහින්න වෙයි කියලා.අනිත් කාරණේ තමයි තව කට්ට්ටියක් කියුවා 2012 මුල් කාර්තුවේ අයි පැඩ් 3 නිකුත් වුනොත් 2012 මැද කාර්තුව වෙද්දී ඇපල්ලාට පරිගණක ආශ්‍රිත වෙළඳපොළ තුළ වර්තමාන ප්‍රමුඛයා වන HPසමාගම ඉක්මවා යන්න පුළුවන් වෙයි කියන එක.(විකිපිඩීයා එකේ බැලුවාවමනම් 2011 මුල් පස්දෙනා අතරවත් ඇපැල්ලා හිටියේ නැහැ)
ඔය කාරණා දෙකෙන් මොකක්ද ඉක්මනට ඇත්ත වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන් වෙන්නේ 7 වැනිදාට පස්සේ තමයි.

දැන් අපි බලමු අයි පැඩ් 3 කොයි වාගේ එකක් වෙයි කියලාද කියලා.
මුලින්ම නම
ගියපාර  අයි ෆොන් 5 බලන් හිටියට ආවේ 4s නිසාද මන්ද මේ සැරේ අයි පැඩ් 3 නෙමෙයි අයි පැඩ් 2s හරි  HDවෙයි කියලා.මොකද ඇපල්ලාගේ චීන කර්මාන්ත ශාලාව වුනු Foxconn එකට හොරෙන් රිංගලා බලපු නෙට් එකේ අයියාලා නම් කියන්නේ මේ අවුරුද්දේ අයි පැඩ් සංස්කරණයේ කලින් එකට වැඩියමහ ලොකු වෙනසක් කරන්න බැරි වෙයි කියලයි ඉතිං අයි පැඩ් 3 කියන නම ITක්ංෂේත්‍රයේ දැවැන්තයක් විදියට මේ සැරේ මයිනර් වෙනස්ක්ම් විතරක් තියෙන සංස්කරණයකට පාවිච්චිකරන එකක් නැහැ කියලා තමයි.

ඩිස්ප්ලේ එක
ගොඩක් දෙනෙක් එකඟ වෙන දෙයක් තමයි අයි ෆොන් වල වාගේම ultra high-resolution Retina Display  එක මේ සැරේ අයි පැඩ් වලත් එයි කියලා. 2048-by-1536 pixelsවාගේ වෙයි කියලා හැමොම බලාපොරොත්තු වෙන්නේ! මොකද ඔය උඩම තියෙන ඇරයුම් පත  ස්ක්‍රීන් එක අළුත් අයි පැඩ් එකේලු ඒ පින්තුරේ විශ්ලෙෂණය කරලා තමයි කට්ටිය එහෙම කියන්නේ.


Chip
Retina Displayඑක ගැනයි, අයි පැඩ් 3 හැඩය අයි පැඩ් 2කට ගොඩක් දුරට සමානයි කියලා ඇපල්ලගේ කර්මාන්ත ශාලා දිහා ඇහැ ගහගෙන ඉන්න කට්ටිය වාදයක් නැතිව එකඟ වුනත් චීප් එක ගැන නම් පැහැදිලි මත 2ක් තියේනවා.    ඇපල්ලාගේ ලැබ් එකේ චීප් දෙකක් ළඟදි පරික්ෂා වලට ලක් කරලා තියේනවා එකක් A6 සහ A5xඑක .මේක නිසාquad-core A6 චීප් කට වැඩිය  dual-coreවැඩි දියුණු කලA5xචිප් එකක් වෙයි කියලා අදහස ගොඩක් දෙනක් විශ්වාස කරනවා.හැබැයි  අයි මොර් වෙබ් සයිට් එකේ තිබුනේ ඇපල්ලා A6 චීප් එක අයි පැඩ් 3 ටයි ,A5x චිප් එක බොහෝ දුරට වෙන ඇපල් ටී.වී. හරි වෙන ගැජට් එකකට හදන එකක් කියලයි.

කැමරාව වැඩි දියුණු වෙයි කියන එකයි ෆෙස් ට්යිම් සඳහා ඉහල තත්වයේ ඉදිරිපස කැමරාවක් තියේයි කියන එක ගොඩක් දෙනෙක් විවදයකින් තොරව පිළිගන්න කරණා.බටරිය වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දක්වන්න ඉඩ තියෙන නිසා සයිස් එක අයි පැඩ් 2කට වඩිය පොඩ්ඩ්ක විතර ඝනකමින් වැඩි වෙන්න පුළුවන්.
ඊළඟට සමහර විට ඇතුලුවිය හැකි අංග තමයි siri සහLTE නෙට්වර්ක් පහසුකම. හැබයි ඇමරිකාවෙ වුනත් සම්පුර්ණ ආවරණය නැති නිසාත් අනිත් රටවලුත් ආවරන කලාප ගැටළු සහගත නිසාත් ..මේ සැරේ එයි කියලා ටිකක් හිතන්න ආමාරුයි.(මේ දවස් වල එන ඔපා දුප වලනම් නැහැ කියලාම තමයි කියන්නේ)

ධරිතාව ගැන කියුවොත් කලින් 64GB දක්වා තිබුන එක මේ සැරේ 128GB දක්වා යයි කියන අදහසත් මුලින් තිබුනත් මේ වෙද්දි හැමොම වාගේ වෙන්න බැහැ කියන තත්වේ තියෙන්නේ.

කලින් ඇමරිකාව තුල ඩොලර් 60,70 කට වඩා ගනන් වැඩි වෙන්න පුළුවන් කියලා තිබුනත් ඇපල්ල ලෙහෙසියෙන් මිල වැඩි කරන වැඩෙ කරන් නැති නිසා ගිය අවුරුද්දේ ගණන් වලටම මේ අවුරුද්දේත් ගන්න පුළුවන් කියලා අරංචියි. මේ දවස් වල යෙන් එක ටිකක් ගණන් නිසා ජපනේ ඉන්න අයට තව ටිකක් ලාබේට ගන්න පුළුවන් වෙයිද මන්දං.ආ...අනික නික්කෙයි ශින්බුන්(ජපන් ආර්ථික පුවත් පත) එක දවස් 23කට කලින් මේ සැරේwi-fi + සෙලියුර වර්ෂන් එක Softbank විතරක් නෙමයි auනිකුත් කරන බව තහවුරු කරලා තිබුන නිසා සැහෙන්න අඩු .වැඩි වටිනාකම් තියෙන පැකේජ් එන්න ඉඩ තියේනව!(හැබැයි දැන් තියෙන  Softbankලාගේ අයි ෆොන් එකක් තියෙනවානම් අයි පැඩ් එකක් නිකන් ගෙදර ගෙනියන එක නම් අවුරුදු 2කම ඉවර වෙද්දී බුදු පාඩුයි හොඳ්)
මොනවා වුනත් තව දවස් 2,3කින් හරියටම මොක්ද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් වෙයි. ඔන්න යටම තියෙන විඩියෝ එක මට නෙට් එකෙන් ලැබුනේ හැබැයි ඉතිං එක තියෙන එව්වා එන්නනම් අයි පැඩ් 3 නෙමයි 7, 8 වක්වත් වෙයි ......





පින්තුර  සහ ආශ්‍රිත
http://9to5mac.com/2012/02/28/apple-schedules-ipad-3-introduction-on-march-7-in-san-francisco/
http://9to5mac.com/2012/02/26/apple-working-on-enhanced-a5-chip-a5x-and-completely-new-chip-a6/
http://in4bit.blog.fc2.com/blog-entry-28.html
http://youtu.be/9s2oYUy_cVY

3 comments:

  1. Τhе іdeа οf youг
    blog is extremelу fresh, I am sure thаt
    the гeaԁers that finԁ yοur blоgs ωill аppгeсiate
    youг content and thoughts.
    Also visit my web blog :: become taller

    ReplyDelete
  2. Eye opening post, it is niсe to finally finԁ some ωorthwhile infoгmatіon οn the intеrnеt,
    I am gгeatly suprіsed to diѕcοѵer
    a blοg thаt is not full of the normаl rubbiѕh, cοngratulations.
    My weblog ... opaque tights

    ReplyDelete