a

Thursday, March 22, 2012

අළුත් අයි පැඩය සමග ඇපල් මුහුණ දෙන අළුත් අභියෝග!!


අළුත් අයි පැඩය වෙළඳ පොළට නිකුත් වුනේ මේ මාසේ 16 වැනිදා.19 වැනිදා ඇපල් නිල වශයෙන් වාර්තා කලා අළුත් අයි පැඩය මිලයන 3ක් විකුණා හමාර කල බව.මුල්ම අයි පැඩය 2010 අප්‍රේල් වල වෙළඳපොළට නිකුත් කලා විට  යුනිට් මිලියන 3ක් සම්පුර්ණ කරන්න දවස් 80 ක් ගත වීමත් සමග බැලුවාව කිසිම විවාදයක් නැතිව ඇපල් ඉදිරිපත් කල අයි පැඩ් අතරින් වෙළඳපොළ වැඩියෙන්ම හොල්ලපු බඩුව බවට මේ අළුත් අයි පැඩය පත් වෙනවා.
ඇපල්ලා 2010 පමනක් යුනිට් මිලියන 14.8කුත් අලෙවි කරලා ලොක ටැබ්ලට් වෙළඳ පොළතුළ 75%කට හිමිකම් කියුවා.2011 ත් ඇපල් අයි පැඩයට වරදක් නැති වසරක් .Retina Disply,4G,A5X Chip නාවාංග වලින් සමන්විත වෙන අළුත් අයි පැඩය මුල් දවස් කීපය තුළ පෙන්නපු විකුණුම් අගයන් එක්ක කිසි අවුලක් නැතිව මේ අවුරුද්දේත් තමන්ගේ වෙළඳ පොළ අධිපත්‍ය පතුරයි. හැබැයි මිට පස්සේ මොකද වෙන්න කියන තැන තමයි ලොකුම ගැටළුව ඇති කරන්නේ.

    අළුත් අයි පැඩ් එකේ ඉහළම විශේෂාංගය වුනේ retina display අයි පැඩය වර්ණනා කරපු හැමෝම වැඩියෙන්ම හොඳ කියුවේ ඒ ගැන තමයි.මාත් ගිය සතියේ Ginza වල Apple Store එකටම ගිහින් අතටම අරගෙන ඔය අළුත් අයි පැඩ් එක බලලා ආවේ.අයි පැඩ් 2 වුනත් මාර පැහැදිලි ඩිස්ප්ලේ එකක් තියෙන්නේ ,එකත් එක්ක බැලුවවාම හිතා ගන්න බැරි තරම් සුපිරි තත්වයක තිබුනා අළුත් අයි පැඩ් එකේ ඩිස්ප්ලේ එක. හැබැයි වීඩියෝ එකක් ලස්සනට පෙන්නනම් HD වත් වෙන්න ඔනේ.මාත් යු ටියුබ් වල ලංකාවේ පරණ මැච් එකක් ප්ලේ කරලා බැලුවා,Display එක කොචචර හොඳ වුනත් එකේ රන් කරන ඇප්ස්,විඩියොත් ඒ  quality ඔනේ. හැමෝම පුදුම වුන retina display  එකට වැඩිය මං පුදුම වුන එක තමයි ඇපල්ල කොහොමෙන් කොහොම හරි අයි පැඩයත් හැම අවුරුද්දෙම අළුත් අයි පැඩ්යක් නිකුත් ස්ටයිල් එකට බැස්ස එක.

    ඇපල්ලගේ මැක් බුක් එහෙම අයි ෆොන් එක වාගේ හැම අවුරුද්දකම අළුත් යුනිට් එකක් වෙළඳ පොළට නිකුත් කරන භාණ්ඩයක් නෙමෙයි. පරිඝණකයට විකල්පයක් විදියට හඳුන්නා දුන්න අයි පැඩය ඇපල්ලා අයි ෆොන් සිස්ටම් එකට වසරක් පාසා අළුත් යුනිට් එකක් වෙළඳ පොළට නිකුත් කරන ස්ටයිල් එක අනුගමනය කරනවා.
දැනට අවුරුදු 10කට 15කට කලින් තිබුනේ අළුතෙන් එන ඔනෑම ගැජට් එකකට හුරේ! දාන සමාජයක් වුනාට දැන් තියෙන්නේ "Gadget Fatigue"( ගැජට්‍ටු විසින් ඇති කරවන වෙහෙස)ගැන කතිකාවක් ගොඩනැගුණු සමාජයක්.නිෂ්පාදකයින් විසින් එක පෙළට දාපු  අළුත් ගැජට් ගෙදර අරන් ආවත් එව්වා ඔක්කොම ඇත්තටම අවශ්‍ය වෙනවාද කියන ප්‍රශ්නය පරිභෝගිකයාට ඇතිවන එක නතර කරන්න බැහැ.දැන් ඔන්න බලන්න මට මාර උවමනාවක් තියෙනවා අළුත් අයි පැඩ්යක් මිලට ගන්න,හැබයි මට මගේ රුම් එකේ නොට් බුක් එකක් තියෙනවා, කැම්පස් ගියාම එහේ ඕනෑ තරම් කොම්පියුටර් තියෙනවා,එතකොට අයි ෆොන් එකක් තියෙනව ඔය කොච්චියේ එහෙම යද්දී නෙට් වල එල්ලීලා ඉන්න.දැන් මං අයි පැඩ් එකක් ගත්තොත් එක මං පාවිච්චී කරන්නේ කොහේදීද? හොඳට කල්පනා කරලා බැලුවොත් "cost-performance" එකක් නැති භාණ්ඩයක්  වෙන එකයි වෙන්නේ.

      ඇපල්ලා සම්බන්ධව ඇපල්ලාට ඒ ගොල්ලන්ගේම බඩු ගන්නApple Fansලා කියන ජාතියක් ඉන්නවා.ඇපල් භාණඩ වෙළඳ පොළ තුළ උණු කැවුම් වාගේ විකිනෙන්නෙත් මේ ගොල්ලො නිසා තමයි. හැබැයි මේ Apple Fans හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නේ ඇපල්ලාගෙන් "අදහාගන්න බැරි එළ කිරි ගැජට්‍ටුවක්"තමයි.වැරදිලා හරි ඒ කට්ටියගේ මන දොළ පුරවන්න බැරි වුන දවසට ඇපල්ලාට බඩුම තමයි. අයි පැඩ් එක අවුරුද්දක් ගාණේ අළුත් එව්වා වෙළඳ පොළට දාන්න ගිහින් ඇපල්ලාට ඔය ගමන එළ කිරි වාගේ යන්න පුළුවන් වෙයිද? ඇපල්ලා ට දන්න සෙල්ලම් ඔක්කොම දලා මේ කට්ටියව්ව තමන්ගේ ගැජට් වලින් ඇදලා බැදලා තියා ගන්න වෙනවා මොකද Amazonලාගේ Kindle Fire එකයි Googleලාගේ Android Tablets එල්ල කරන තර්ජනය සුළු ප‍ටු  නොවන නිසා.මේ සැරේ අළුත් අයි පැඩ් එකේ Retina Display  එක හැදුවේ Samsungලා ඉතිං එ ගොල්ලන්ට ඊට වැඩිය දියුණු ඩිස්ප්ලේ එකක් එක්ක Samsungලාගේ අළුත් Android tablet එක්ක හරි නැත්නම් මේ වසරේ එන්න තියෙන වින්ඩොස් 8 එක්ක අළුත් ටැබ්ලට් එකක් වෙළඳ පොළට දාන එක මහ ලොකු දයක් නෙමෙයි.
ඇපල්ලාගේ කවදත් තිබුන ලොකුම අවුල තමයි තොර ගත්ත වෙළඳ පොළක් ගැන විතරකම Target කරන එක,මේ ගොල්ලන්ගේ භාණඩ වල ගණන් බැලුවාම කවදාවත් දකුණු ආසියානු වෙළඳ පොළ, දකුණු ඇමරිකානු වෙලඳ පොළ වාගේ අළුත් ගැජුට්‍ටු වලට පෙම් බඳින  අති විශාල පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්නවා කියන එක වැඩිය හිතන් නැති එක,නැත්නම් ඔච්චර අස්ප ගනං වලට බඩු නියම කරයි යෑ!ඒ අතින් විවිධ මිල පරාසයක් අතර භාණ්ඩ නිපදවන Android සමාගම් වලට ආසියානු ලතින් ඇමරිකානු වෙලඳ පොලවල් වලට ගෙඩි පිටින් බහින්න ලැබෙනවා.

     මේ වෙද්දීත් අළුත් අයි පැඩය වැඩියෙන් රත් වෙන එකයිWi-Fi සම්බන්ධතාවය ස්ථාවර නොවීම ගැනයි ගැටළු ඇති කරගන තියේන්නේ.අපි බලමු ඉස්සරහට ඇපල්ලා මොකද කරන්නේ කියලා මේ ගැටළු වලට.


පින්තුරය
http://api.ning.com/files/RJDn6uIhTmwMsvhZf2I-pAs3i5ALa0ohvOXX-CzL6JeJflS5YFzquubvLv3O*0B7u1wmI928Sf7rP-3OcxhhfIazSb02cbKH/ipadcartoon11.jpg

2 comments:

  1. හොද ලිපියක් මාත් මේ කල්පනා කරකර ඉන්නේ Kindle ගන්නවද ipad ගන්නවද කියල Kindle එකේ ගානත් අඩුය් ඕනි තැනක කියවන්නත් පුළුවන් ... මොකක්ද අදහස මේ ගැන .. කෝකද හොද

    ReplyDelete
    Replies
    1. ipad, මොකද මේ කාලේ තියෙන ජනප්‍රියම ගැජට් එක,
      අනික අවුරුදු 2,3ක් පාවිචී කලත් හොඳ තත්වයේ තියෙන නිසා
      ආපහු සාධාරණ මිලකට විකුනන්න පුළුවන්.
      හැබයි ඉන්න රට ඇමරිකාවනම් Amazonලා දෙන
      Cloud Service චිතරපටි ,ඊ බුක්,: media contentsඑක්ක බැලුවා
      ම Kindle තමා හොඳ.

      Delete