a

Saturday, April 28, 2012

iPadය පරදවන ටැබ්ලටයක් Google නාමයෙන් ළගඳීම...!


"ගුගුල් සමාගම සිය වෙළඳ නාමය යටතේ ටැබ්ලට් පරිගණකයක්වෙළඳ පොළට නිකුත් කරන්න සැරසෙයි.තාක්ෂණික ක්ෂත්රයේ පැතිරි යන දුෂමාන ආරංචී වලට අනුව නව ටැබ්ලටය අඟල් 7ක ප්රමානයකි.9.7"වන ඇපල් අයි පැඩයට වඩා කුඩා වු තනි අතෙන් වුවදක්රියා කරවිය හැකි ඇමසන් සමාගමේ "කින්ඩල් ෆයර්"හා සමාන බව පැවසේ.මේහි දෘඩාංග නිපදවනු ලබන්නේ තයිවාන් ASUSCOMPUTERSවිසිනි.මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්රොරොයිඩ් මත!Wi-Fi සඳහා පමණක් සහයෝගය දක්වන,අධි බල quad-coreNVIDIA Tegra 3 ප්රොසසරයකින්දසමන්විත, මුලදී ඇමරිකානු ඩොලර් 249 පමණ මිලකට  විකිණිමට සැලසුම් කලත්,තව දුරටත් මිලඩොලර් 199 දක්වා අඩු කිරිමටකටයුතු සිදුවෙමින් පවතන බව කියවේ."

ඔන්න ඔකයි කතන්දරය ....ගුගුල්ලා ඇන්ඩ්රොරොයිඩ්රිලීස් කරලා මුල්ම වටෙන්ම ස්මාර්ට්  ෆොන් වලඇපල් අධිපත්ය හෙල්ලුවේය.හැබැයි ටැබ්ලට් පී.සී.වල නම් අයි පැඩ්වල මුල් තැන නම් තාම එහෙම තමයි.පසුගිය වර නිකුත්වුන අළුත් අයි පැඩය මුල් දවස් තුනේ විතරක් මිලියනම 3ක් විකුණුව විත්තියදැනගෙන ගුගුල් සමාගමට තව නම් ඉතිං බලං ඉඳලා හරියන් නැති විත්තිය තේරිලා වාගේ.වැඩියහර්ඩ්වේයාර් ෆිල්ඩ් එකට අත නොගහපු ගුගුල්ල මේ සැරේ තමනේ වෙළඳ නාමය මත තමන්ගේ ෆුල්අධික්ෂණය යටතේ ටැබ්ලට් පී.සී එකක හදන්න හිතන්න ඇත්තේ අනිත් නිෂ්පාදකයින්ට තාම හරියටඇපල්ලාට ඈටැක් කරන්න පුළුවන් දෘඩාංග මොඩල් එකක් හදන්න බැරි වුන නිසා වෙන්න ඔනේ.
හැබයි ගුගුල් සමාගම දෘඩාංග වලට අත ගහන මුල් සැරේනම මේ සැරේ නෙමයි. අත ගහපු මුල් සැරේනාපු නැවිල්ලට ලෝකයා ගුගුල්ලාට පුළුවන් ගොඩක්දෙවල් වාගේම බැරි බැරි  දේවලුත් තියෙන විත්තියදැන ගත්තේය.ඒ Nexcusone හදපු 2010 යේ වෙච්ච දේය.ෆොන් එකේ වැඩ කිඩ පැත්ත කොහොම වුනත්ගුගුල්ල ඔන්ලයින් විතරක් විකුනන්නයි කස්ටම් සර්විස් එකේ අඩුපාඩුයි හින්දයි අයි ෆොන්එක්ට දෙන්න ගිය තරඟේ කොහොම වුනත්  සමන්යයෙන්ෆොන් එකක් මාර්කට් එකේ රැඳිලා ඉන්න තරන් කාලයක්වත් ඉන්න නැතිව හැලිලා ගිය විත්තියනම් කට්ටියට තාම මතක ඇති.
ඔක මතක තියෙන කට්ටියේනම් අයේත් ගුගුල්ලා නා ගනියිවාගේ වගේම ගුගුල්ලා දන්න දේ කරගෙන හාර්ඩ්වේයර් හදන වැඩේ සැම්සන් කරයොන්ටම කර ගන්න දීලාහිටියනම් ඉවරයි කියලා හිතන කට්ටිය නැතුව නෙමයි.හැබයි මං නම් හිතන්නේ ගුගුල්ල එදා ඉඳන්අද වෙද්දී සැහෙන්න වෙනස් වුනා කියලා.ගුගුල් ප්ල්ස් වගේ සැහෙන්න අවධාන දිනාගත්ත සේවාවන්ගණනාවක්ම ගුගුල්ලා පටන් ගත්තා.අද වෙද්දී ක්ලව්ඩු සර්විස් වල ගුගුල්ල ඉන්නේ එළ තැනක.විඩීයෝ .චිත්රපටි ,පොත්,සඟරා ,සංගිත වලින් සංයුක්තසාර්ථක ක්ලවුඩ් සර්විස් එකක,වැඩි ප්රමාණයක් නොමිලේ භාවිතා කරන්න පරිභොගිකයන්ටඉඩ දෙන්නේත් ගුගුල්.ඔය ක්ෂේතරේත් කලින් ගුගුල්ලාට වැඩිය වැඩබැරි වෙච්ච ෆිල්ඩ් එකක් වුනාට දැන් නම් ෂෝක්එකට ගොඩ දාගෙන තියෙන්නේ!
ඒ හින්ද මේ සැරේ හදන ගුගුල් ටැබ්ලට් එක අයි පැඩ්එකට නියම තරඟයක් දෙන්න පුළුවන් භාණ්ඩයක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. ගුගුල්ලාගේ සමාගමේබිත්ති හතර ඇතුලේ අළුතෙන් හොයා ගත්ත ගොඩක් තාක්ෂණික උපාංග,සමහර විට හිතන්නබැරි තරම් පුදුම සහගත අංග මේ ගුගුල්ලාගේ අළුත් ටැබ්ලට් එකේ තියෙන්න පුළුවන්,මොකද Nexus oneවල තමයි මුල් වරට කට හඬඇතුළුත්ව මාර්ග පෙන්වාදෙන පහසුකම වාගේම ,කට හඬ ,අකුරු බවට පත්කරන පහසුකමත්  ආවේ.ඒ නිසා ගුගුල්ලා තමන් දියුණුකරපු නව උපාංග කීපයක්ම මේ සැරේ හදන ටැබ්ලට එකටත් එකතු කරන්න තියෙන ඉඩ වැඩියි.
අනිත් අතට ඇපල් අයි පැඩය සුවිෂ්ඨ දෘඩාංගයි ,පිරිපුන් මීඩීයා කන්ටෙන්ස් තිබුනත් භාවිතා කරන්න පුළුවන් සීමාවන් වැඩි නිසා යුසර්ට සැහෙන්න රළු ගතියක්ඇති කරනවා. කින්ඩ්ල් එක ෂොපිං වලටයි සංගිතේ එහෙමට හොඳ වුනාට ලියන කියන වැඩ වලටනම් අවුල්.ඔහොමබැලුවාම ගුගුල් ! ළඟ තමයි ඔය හැම එකකටම උත්තරේ තියෙන්නේ ෂෝපිං වලට විනොදාස්වාදයට වාගේවිතරක් නෙමයි තක්ෂණය,ක්ලව්ඩු වාගේ  හැම දෙම. හෙට දවසේ ටැබ්ලට් පී.සී. එකේ හැඩය තීරණයකරන්න දැන් ඉතිං ගුගුල්ලාට පුළුවන්!
අනාගතේ ඔය විදියට ලිය වෙන්න ගත්තොත් ඇපල්ලාටතමන්ගේ අස්ප ගණං ගැන අපහු හිතවන්න වෙන දවසත් වැඩි ඈතක නෙමයි!
 පින්තුරය
http://www.vandtab.com/wp-content/uploads/2012/01/nexus.jpg
අශ්රිත
නිව්ස්වීක් ජපාන වෙළුම

1 comment:

  1. $199 k kiyanneth 25000 paninawa neda?apoi Mage masa 2ka padiya

    ReplyDelete