a

Wednesday, September 5, 2012

අත ලඟලු ඇපල් කියයි.......


අද උදෑසනම 9to5 MacBlog අඩවිය වාර්තා කලේ ඇපල් සමාගම සිය නවතම මධ්‍ය හමුව සඳහා අරධනා පත් යැවීම අරම්භ කර ඇති බවයි.මේම මස 12 වැනි දිනට යොදා ඇති මේම මාධ්‍ය හමුව තුළ එම සමාගමේ නවතම අයි ෆොන් දුරකථනය එළි දැක්වෙනු ඇති බව බොහෝදෙනා විශ්වාසය පළ කරයි.  මේම ඊමේල් අරාධනා පතය තුළ ‘It’s almost here’ යන වඳන පහලින් විශාල දිනය දක්වන 12 ඉලක්කම පමණක් සටහන්ව තිබේ. මේම මාධය හමුවේ අන්තර්ගතය පිළිබඳව කිසිදු සටහනක් ඇතුළුත්ව නැත. නමුදු 12 ඉලක්කමේ ඡායාව 5 ඉලක්කමේ හැඩය ගන්නා බැවින් මිළඟ අයි ෆොනය අයි ෆොන් 5 ලෙස හැඳින්විමේ හැකියාව වැඩි බව 9to5 Mac පවසයි.
12 වැනිදා  මාධ්‍ය හමුව පිළිබඳ මුල් වරට හෙළි කල i More බ්ලොගය සඳහන් කර තිබුනේ ඇමරිකාව තුළ අයි ෆොනය 12 වැනිදා එළි දැකිමත් ,21 වැනිදාට වෙළඳ පොළට නිකුත් වීමත් සිදු වෙනු ඇති බවයි.
ජපානය තුළ අලෙවි ආරම්භය ඔක්තොම්බර් මස 5 වැනිදා විය හැකිය.ජපානය තුල අයිෆොන් සඳහා සෙලයුලර් ජාලය සපයන Softbank  සහ au by KDDI සමාගම් අයිෆොන් 4S සඳහා පවත්වාගෙන පැමිණි පැකේජ සඳහා වට්ටම් ලබාදෙන අලේවි ප්‍රවර්ධන වැඩසටහන් මේම මස 30 වැනිදාන් අවසන් කිරිමට යොදා ඇති කරණාවත්පසුගිය දින SoftBank සමාගම LTE සේවා සඳහා නව වෙළඳ පැකජ ඔක්තොම්බර් මස සිට ආරම්භ කරන බවට නිකුත් කල මාධ්‍ය ප්‍රකාශන ආශ්‍රයේන් නිගමනය කල හැකිය.
නව අයිෆොනයේ නවාංග ලේස දැක්වෙන්නේ
1.අඟල් 4 දක්වා උස ගිය නව Display(640×1136 ‍ෆික්සෙල් වල 16:9 පරිමාණය.) මේම ඩිස්ප්ලේ සඳහා ෂාප් සමාගමේ In-cellතාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන ලැබුවක් විය හැකිය.මේම “in-cell panels,”භාවිතයෙන් ස්පර්ශක සෙන්සර්ය කලර් ‍ෆිල්ටරය උඩ ලේයරයක් ලේස පිහි‍ටුවිමේ අවශ්‍යතාවය නැති වන බැවින් අයි ෆොනය තව දුරටත් සිහින්ව නිෂ්පාදනය කිරිමට හැකි වනු ඇත.
2. මේ දක්වා ios  උපකරණ සඳහා භාවිතා වු dock connector වෙනුවට 9- pin  කුඩා connector යකින් සමන්විත වනු ඇත.
3.ඉයර් ෆොන් සම්බන්ධ Jack  එක ෆොන් එකේ පහල කොටසට.
4.අලුත් මාදිලියක ඉයර් ෆොන් කට්ටලයක්
5.A6 ප්‍රොසසරයක්
6. 4G/LTE පහසුකම්
7.Nano-SIMකාර්ඩ්
මේහි සඳහන් නොකලත් නව ios6 මෙහෙයුම් පද්ධතියත්, බැටරි භාවිතා කාල සීමාවේ යහපත් වර්ධනයක් දැකිය හැකි වැඩි දියුණු කල බැටරියක්  නව අයිෆොනයට එක්වනු ඇත.
NFCපහසුකම බොහෝවිට මෙවර අයිෆොනයට එක්වීමට තිබෙන ඉඩ අඩුය.නමුදු NFCසේවාවද එක්විමේ හැකියාව ප්‍රතික්ෂේප කල නොහැකිය.
මේම මාධ්‍ය හමුව තුළ අළුත් අයි ෆොඩ් මාදිලිද හඳුන්වාදිමේ ඉඩ තිබෙන බවද වාර්තාවේ.
පින්තුරය සහ අශ්‍රිත තොරතුරු 9to5Mac,iMore ඇසුරෙන්.

1 comment:

  1. aluth eka gannavada ? softbank 4s eka tiyeddi aluth ekak gannawan price kohomada

    ReplyDelete