a

Sunday, September 23, 2012

ඔබාමා මෙවර ජනධිපතිවරණයෙන් ගොඩ යයිද?


2012 ඇමරිකානු ජනාධිපති වරණය ඇත්තේ තව මාසෙකට පොඩ්ඩක් වැඩියෙන්ය.
ඇමරිකානු දේශපාලනය ගැන ලංකාවේ දේශපාලන වේදිකාවලින් වැඩියෙන්ම ඇහෙන්නේ ඇමරිකාව කියන්නේ ඔය පොඩි පොඩි රටවල් අල්ලන් පාට් දාන  චණ්ඩියෙක්  ගාණට දාලානැත්නම් CIA ලව්වා වෙන රටවල්  ආණ්ඩු අවුල් කරවන යටි කුට්‍ටු කාරයෙක් විදියට.ලංකාවේ හැම පරම්පරාවක වාගේ ඉන්නවා බෝතලයක් එහෙම සෙට් වේලා දේශපාලනය ගැන කථා කරන්න ගියාම ඇමරිකාවට පලු යන්න බනින මිනිස්සු... අනිත් පැත්තට ඇමරිකාවට වන්දනාමාන කරන කීප දෙනෙකුත් නැතිවාමත් නෙමයි.අර එක පාරක් ප්‍රසිද්ධ වයාපාරික මහතෙකුත් ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයෙකුට සුභ පතලා පත්තර වල ඇඩ් හිටන් දැම්මේ.ඒ අය කොහොම වුනත් ඔය බනින කට්ටියනම් බහුතරයක් මං හිතන්නේ හරි හමන් හේතුවකට වැඩිය  ඇමරිකාවට බැන්නම නිකං ප්‍රගතිශීලී ගටක් තියෙනවා කියලා හිතං තමයි බනින්නේ. මොකද මං දන්නම අය ඉන්නවා බැන්නට හිත යටින් ඇමරිකාවත් එක්ක තරහා නැති..පස්සෙන් පහු ඇමරිකාවේ ස්ථිර පදිංචියට ගිය අය ඉන්නවා.


ලංකාවේ විතරක් නෙමයි කොමිනියුස්ට් රටවල් වලත් එහෙම තමයි. හැමොම එහෙමද නැද්ද කියන්න බැරි වුනත් අඩුම තරමේ මගේ හොඳ යාළුවෙක් හිටියා එහෙම.මිනිහාව මං අඳුන ගත්තේ දැන් අවුරුද්දු කට විතර කලින් අපි ජපන් ඉගෙන ගන්න ඉස්කොලේ යන කාලේ. මිනිහා මගේ පංතියේ අල්ලපු මේසේ.ඇමරිකාව බොහෝම බරපතල විදියට විවෙචනය කලා විතරක් නෙමයි ,රටක් දියුණු වෙන්නනම් කොමිනියුස්ට් වාදය නැතිව බැහැ කියලා සැහෙන්න වාද කරපු චරිතයක්. එක සැරයක් අපි වාද කල චීනේ තියෙන අර්ථිල දියුණුව නිකං පිම්බුනු බැලුම් බෝලයක්ය(Economicbubbleවාගේ තව අවුරුද්දු 5කට 6කට වැඩිය අල්ලලා හිටින් එකක් නැහැ. ඔක හරිය කියලා තර්ක කරපු අය බොහෝම රටවල ඇති වුන අර්ථික ක්ෂණික නැගීම් සහ කඩා වැටිම් වලයි එදා චීන අර්ථිකය අතර තියෙන සමාන කම් එහෙම දක්වලා සාරවත් තර්ක ගොඩ නගද්දී මාගේ මිත්‍රයා එක දිගටම හිටියේ චීන අර්ථිකය කඩන් වැටෙන් නැතිය ..හේතුච චීන කොමිනියුස්ට් පක්ෂ පාලනය අති සාර්ථකව රට පාලනය කරන නිසාය කියන වාගේ කථවක්. ඒ දවස් වල බුෂ් පාලනය ඉවර වුනු අළුත වාගේ උනත් මිනිහා දිගට හරහට බුෂ්ටත් ගහලා...ඇමරිකානු ක්‍රමවේදයන් නිර්දය ලෙස විවේචනය කරපු කිරිල්ල මේ ලියන වෙලේ මතක් වුනාම මට හිතුනේ මේ යකා ලංකාවේ එහෙම ඉපදුනානම් විමල් විරවංශ උන්නැහෙට බෙල්ලේ වැල දා ගන්න වෙනවා කියලා,මොකද මේ යකා ඇමරිකාවට බනින බැනිල්ලට ආපහු කාටවත් බනින්න දෙයක් ඉතිරි කරන්නේ නැහැ.

අහන්න දකින්න තියෙන දේවල් වලින් මින්ස්සුන්ව මනින්න හොඳ නෑ කියන කථාව හරිය කියලා ඔය සිද්දිය වුණු අවුරුද්දේම වුනා. අපේ ලංවේජ් ඉන්ස්ටියුට් එක සමර් වැකේශන් එකට පොඩි වැඩසටහන් ඉදිරිපත් කලා නිවාඩු කාලේ ඇමරිකාවේ හරි කැනඩා වල හරි විශ්ව විද්‍යාල මඟින් පවතවන කෙටි කාලින ඉංග්‍රිසී ඉගෙනගන්න ,හොම් ස්ටේ ඉඳලා උතුරු ඇමරිකාව එහි සංස්කෘතිය අත් විඳගන්න පොඩි අවස්ථාවක්.යන වියදමින් 75% විතර අපේ ඉන්ස්ටියුට් එක කවර් කරනවා.ඔතනදී තමයි අපේ මිනිහා නොමිනිහා වුනේ. අපේ චීනත් උදේ පාන්දරමින් ඇප්ලිකේෂන් සෙට් එකක් අරන් ඇවිත් ක්ලාස් එකෙදී පුරවන්න ගත්තා ඇමරිකා ගිහින් එන්න.ඒ විතරක් මැදැ පොර අනිත් වුන්නත් උපදෙස් දෙනවා ෆොර්ම් ටික හරි විදියට පුරවන විදිය ගැන..බලන් ගියාම මු සැහෙන්න කාලෙක ඉඳන් ඇමරිකාව ගනේ උනන්දුවකින් ඉඳලා වාගේ.
බැරිම තැන මං අහැව්වා මිනිහාගෙන් " ඈ බන් උඹ ඇමරිකා යන්න දගලන්නේ ......උඹ මේ ඊයේ පෙරෙදා වෙනකම් ඇමරිකාව කියලා නම ඇහුවත් වමනේ කරන සයිස් එකේ නේද හිටියේ කියලා...."
මෙන්න මේකා කියපි " පිස්සු කථා කරනවාදඇමරිකාව කියලා චීන භාෂාවේන් ලියන්නේ (කන්ජී-චීන රුපාක්ෂර)美国(සුන්දර දේශය)කියලා..අපේ මුතුන් මිත්තෝ සුන්දර දේශය විදියට හඳුන්නපු රට බලලා එන එක වරදක් නෙමයි....."

රට බලලා අපු මනුස්සයා ඊටත් අවුරුද්දකට විතර පස්සේ පුර්ණ කාලීනව ඇමරිකානු විශ්ව විද්‍යාලයකට ඇතුළු වේලා දැන් ඇමරිකාවේ ඉන්නේ.

මට මේ හදිස්සියේම මිනිහාව මතක් වුනෙ ඊයේ පෙරේදා පොඩි චැටකට සෙට් වේලා අපි පොඩ්ඩක් ඔය ඉස්සරහට එන ඇමරිකන් ජනධිපතිවරණය ගැන කථා කලා.කථා කලා කියුවාට මිනිහා කියපු දේවල් ටික මං අහං හිටිය කියුවානම් තමයි හරි. ඔබාමත් එක්ක තව Romney කවුද කියලා එකෙක් තරඟ කරනවා කියන එකට වැඩිය දෙයක් කොහොමත් මං දැන හිටියේ නැහැ.

ඕයින් පස්සේ පොඩ්ඩක් ඇමරිකාවේ වෙන්න මොකක්ද කියලා මාත් පත්තරයක් පොතක් පෙරළලා බැලුවා.

ඇමරිකාවත් ලංකාව වාගෙම තමයි ප්‍රධාන පක්ෂ දෙකයි(එහෙත් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදේ ලංකාවේත් එකමනේ ඉතින්...) එකක් රිපබ්ලිකන් පර්ටි එක අනික ඩිමෝකැටික් පාටි එක.ඔය පක්ෂ දෙක ඇමරිකාවේ ආණ්ඩු කරන විදිය අපිට එක වාගේ පෙනුනාට බොහොම බරපතල වෙනසක් තියෙනවා.රිපබ්ලිකන් පක්ෂ පතිපත්ති ගොඩනැගෙන්නේ කුඩා අණ්ඩු ක්‍රමවේද(Limited government-සීමිත ආණ්ඩු කියලා කියන එක වැඩිය ගැලපෙනවාද මන්ද)ඒ කියන්නේ  ආණ්ඩුව ආණ්ඩුවක් වශයෙන් කරන්න අවශ්‍ය සීමිත කොටස ( උදා විදේශ රාජ්‍යත්‍රන්තික,අධිකරණ අදී)පමණක් කරලා  අනිත් කටයුතු සියල්ලම පාහේ පුද්ගලික අංශය ලව්වා සිදුකරවන ආණ්ඩු ක්‍රමවේදය” පදනම් කරගෙන.
දැන් අනිත් පැත්තේ කට්ටිය එ කියන්නේ  දැන් ජනධිපති පු‍ටුවේ ඉන්න බරක් ඔබාමලා ගේ ඩිමොකැටික් පක්ෂය බර විසාල අණ්ඩු(Big government) කරමවේදයට.එ කියන්නේ ආණ්ඩුව අර්ථික අංශයට ඇතුළු බොහෝ අංශ වලට කාලමනාකරනයටත් ඇතුළුව විවිධාකරයෙන සක්‍රියව දායක වෙන  ආණ්ඩු ක්‍රමවේදයකයට. ඔය ක්‍රම දෙකත් ඉස්සර UNPටයි ශ්‍රි ලංකා එකටයි ලඟින් යනවා වගේ වුනාට දෙක එක නම් නෙමයි. 70 දශකයෙන් පස්සේ ඇමරිකානු රේගන් ජනධිපතිවරයා වාගෙම බ්‍රිතාන්‍ය තැචර් අගමැතිනියත් දැවැන්ත අය වැය පරතරය පියව ගන්නත් අර්ථික අංශයේ වර්ධනයටත් කුඩා අණ්ඩු ක්‍රමවේදය ප්‍රයෝගිකව භාවිතා කලා.

මං ඔය පත්තර පෙරල පෙරළ ඉද්දී දැකපු දෙයක් තමයි ඔය පක්ෂ දෙකේ පාක්ෂිකයිගේ ලොකු වෙනසක් තියෙනවා .ඩිමෝකැටික් පක්ෂයේ ඔබාමට සහයට පැමිණිලා හිටිය පිරිසේ පින්තුර බැලුවාම දකින්න දෙයක් තමයි .සුද්දෝ,කල්ලෝ,හිස්පැනික්ලා,චීන්නු ජප්පෝ කොටින්ම ඉන්දියාවේ ලංකාවේ අය වාගේ අය. මම දැක්ක එක පින්තුරයක සික් කාරයෝ ටිකකුත් හිටිය( නෙට් එකේ සර්ච් කලාට ඒ පින්තුර දැක්කේ නැහැ ,හෙට අනිද්දාට පත්තරේ ෆොටෝ එකක් අරන් අප්ලොර්ඩ් කරන්න හිටිහං ඉන්නේ)කාන්තාවෝත් ඒ වාගෙම වයිවරන අය.

රිපබ්ලිකන් පක්ෂේ සම්මන්ත්‍රනේ පින්තුර බැලුවොත් කැපිලා පෙනුන දෙයක් තමයි කව් බොයිලා ගෙන පැවැත එන අය වාගේ හොඳට ඇඟපත් තියෙන මැදි වයසේ සුද්දෝ තමයි වැඩිපුර හිටියේ..ටිකක් නාකි සුද්දියො ටිකකුත් අතරින් පතර හිටියා වාගේ.
ටිකක් මහන්සි වෙලා හෙවුවොත් කල්ලෙක් දෙකෙක්වනම් හොයා ගන්න පුළුවන් වුනත් ආසියානු සම්භවයක් තියෙන කෙනෙක්නම් රිපබ්ලිකන් පක්ෂේ පින්තුර වල හොයා ගන්න හරි ආමරුයි.

ඇමරිකාවේ Midwest වාගේ පාරම්පාරික සුද්දෝ වැඩි පළාත් වල රිපබ්ලිකන් පක්ෂේ බලවත් වෙන්නයි.west Coast එතොකොට East Costවාගේ සංක්‍රමිකයින් බහුල පැති වල ඩිමෝකැටික් පක්ෂේ බලවත් වෙන්නයි හේතුව පාක්ෂිකයිනේ පින්තුර දැක්කාම හිතා ගන්න පුළුවන් වාගේ.

හැබැයි ඔය පක්ෂ දෙකේම සම්මන්ත්‍රන වල Hispanic සම්භවයක් තියන නගරාධිපත් වරු වාගේ අය කථා පවත්වලා තියෙනවා .පක්ෂ දෙකම සුළු ජාතිඟේ ජන්ද වල වටිනාකම දන්නවා වුනාට ඒ කට්ටියගේ බහුතරයක සහය ඔබාමට ලැබෙන්න ඉඩ තියෙයි වාගේ.

ජනාධිපතිවරණ ජයග්‍රහනයට ප්‍රබල තරඟයක් පක්ෂ දෙක අතර ඇතිවෙන බව වුවත් යම්හෙයකින් ඔබාමා නෑවැත වරක් ජය ගතහෝත් ඔහුගේ ජග්‍රගහනය පි‍ටුපස තිබෙන දැවැන්තම බලය විවිධ වාර්ගික කණ්ඩායම් වල සහය විය යුතුමය.

කාලීන පුවත් පත් ඇසුරෙන්..
පින්තුර

http://www.colourbox.com/preview/4705948-92480-democrat-or-republican-in-us-presidential-2012-election.jpg

පසු සටහන්
විකිපිඩියාව සඳහන් කරන පරිදි චීන භාශවෙන් ඇමරිකාව යන්න ලිවීම සඳහා උච්චාරණය අනුකූලව"美利堅合衆國" භාවිතා කරයි. මේහිදී සුන්දරත්වය දක්වන රුපාක්ෂරයමුල් අකුර බැවින් ඇමරිකාව කෙටිකර දැක්වීම සඳහා美国 හෙවත් සුන්දර දෙශය ලෙස උච්චාරනය පදනම් කරගෙන ලියයි. චීනය හා සමාන රුපාක්ෂර භාවිතා කරන ජපානය ඇමරිකාව ලිවීම සඳහා සහල් යන අර්ථය ඇති米国 රුපාක්ෂරය උච්චාරණය පදනම් කරගෙන භාවිතා කරයි.

No comments:

Post a Comment