a

Wednesday, November 28, 2012

මේ කථාව මෙහෙම හරි කියලා දාන්න මට ඉඩ දෙන්න.....


ළඟින් අශ්‍රය කරපු එවුන්ටනම් දැනටමත් වුනේ මොකක්ද කියලා තේරිලා තියෙනවා වුනත් පහුගිය ටිකේ වුන දේවල් වල හැටියට මගෙන් කෙලින්ම අහන්න බැරිව ප්‍රශ්ණේ මඟ හරින හැටි මටත් හොඳටම තේරුනා.අමාරුවේන් හරි හිත හඳා ගත්ත හින්ද කටින් කියා ගන්න බැරි වුනත් මේ මඟුලේ අකුරු ටිකක් විදියට හරි කොටලා දානවා.
අවුරුද්දයි මාස 2 ක් පුරා i එක්ක තිබුන ලව් එෆෙයාර් එක නවත්තලා දාන්න වුනා.
වෙන් වෙමු කියලා තිරණය ගත්තේ නම් මං .දැන් ඉතින් උඹලා "තොට අච්චර හොඳ කෙල්ලෙක් එක්කත් හොඳට ඉන්න බැරි වෙච්ච එක" ගැන අම්මා මුත්තා නැතිව බනින විත්තිය මං දන්නවා.  i මාගේ ජිවිතේට හම්බ වෙච්ච හොඳම ගැණු ලමයා එක මං දන්නවා ,ජිවිතේ කියන්නේ මහා අමුතු දෙයක් බං.සමහර වේලාවට මට හිතෙනවා මං එකිත් එක්ක යාළු වෙලා හිටියේ ආදරයකට වැඩිය එකිත් එක්ක ඉඳ්දි මට පහසුවක් වෙච්ච හින්දා කියලා.උඹලා දන්නවානේ කැම්පස් එකේ එක්සැම් කීපයකටම A+ගැහුවේ එකිගෙන් කොපි කරලා ,හිර වුන ප්‍රශ්ණ වලට උත්තර ඇහුවාම කවදාක්වත් එකී මට පෙන්නන් නැතිව ඉඳලා නැහැ.
අනිත් අතට මොලෝ මඟුලක් දන් නැති රටක තනියෙන් ජිවත් වෙච්ච මට ගොඩක දෙවල් කියලා දුන්නේ එකී.එකී ටොකියෝවේ මඟ තොට ගැන වාගේම ලාබේට බඩු ගන්න පුළුවන් තැන් වලට මාව එක්කන් ගියේ එකි.මං වෙනුවෙන් මෙච්චර දෙවල් කරපු එකීට බුට් එක තියපු එකට උඹලා මට බනින එකට මට උඹලාට දොස් කියන්න බැහැ.
ෆිට් එකේ ඉන්න උඹලා ටිකට බොරුවක් කියන්න මට ඔනේ නැහැ.අනිත් අතට iගේ වැ‍රැදි ලක්ෂයක් කියල මං සුඳනා කියලා පෙන්නන්න වුවමනාවක් මට නැහැ.

වෙන් වෙන්න ඇත්ත හේතුව මට Nව හම්බු වෙච්ච එකයි.

Nව මුලින්ම හම්බ වුනේ කැම්පස් එක ලඟ ෂොපිං මොල් එකෙදී.Nව දැක්ක ගමන් කවදාවත් නැති අමුතු හැගීමක් මට ඇති වුනා.Nට මහා ලොකු ලස්සනක් තිබුනේ නැති වුනාට එකීට තියෙන්න කතා කරන ලොකු ඇස් දෙකක්.එකී දැක්ක මුල්ම දවසේ ඉඳන් හැමදාම කැම්පස් ඉවර චෙච්ච ගමන් මං ෂොපිං මොල් එකට දිව්වේ එකිව නොදැක ඉන්න බැරි තැනකට මාව වැටිච්ච නිසා."හිත" කියන්නේ මහ අමුතු ජාතියේ දෙයක් බං!.උඹලාට මං කලින් කියුවා වාගේ උඹලා වගේ බොක්කේ යාළුවෝ ටිකකට හංගන්න දෙයක් නැති හින්දා කෙලින්ම කියුවොත් මං හිතුවේ ඔන්න ඔහේ සරත් නන්දසිරි කියනවා වාගේ ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස් දෙක වාගේ කියලා දෙන්නම තියා ගන්න.දෙක දෙක තියා ගන්න ගිහින් ‍තෝ දෙක නැති කරගන්නවා කියලා උමලා මට බනින විත්තිය දන්න හින්දයි, රිම් එකේ යන මාගේ අර්ථිකේට දෙන්නෙක්ව නඩත්තු කරන්න බැරි හින්දයි.. iගෙන් වෙන් වෙන්න තිරනය කලේ.


අතිශයින්ම සැලකිලිමත් විය යුතුය 1 විභාග වලදී ඕනෑම ආකරයක වංචා සහගත ක්‍රියාවක් එම විභාගය ඇතුළුව අදාල යතනය/රට විසින් පවත්වන ලබන/ලැබු අනිකුත් විභාග වල ප්‍රතිඵල අවලංගු විමත් හෝ විභාග වලට පෙනි සිටිම තහනමට ලක් වීමත් විය හැකිය.


අතිශයින්ම සැලකිලිමත් විය යුතුය 2 මොනම හේතුවක් මත වුවද මා විසින් පෙර කලක පල කරන ලඳ ලොකේ හැමදාම ඉදිරියට යනවා හැබැයි ...හිටපු ගමන් ආපස්සටත් යනවා.ලිපිය කියවිමේන් වැලකිය යුතුය.


ඔන්න Nගේ පින්තුරේකුත් දැම්මා.









2 comments:

  1. පරන එක මට දීයන්

    ReplyDelete
  2. I thought you were seriously talking about a girl :P end made me kind of sad :P

    ReplyDelete