a

Saturday, November 24, 2012

“Kindle” ඇමසන් අනාගතේ දී නොමිලේම බේදාහරියිද?


ඇමසන්! හැමදාම උත්සහා කරන්නේ වෙළඳ පොළේ පවතින මිලට හැකි උපරිමයෙන් අඩුම මිලට භාණඩ සහ සේවා සපයන්න.පසුගිය කාල සීමාව පුරාවටම ඇමසන් අලවි කරන Kindle ටැබය සම්බන්ධයෙන්ද ඔවුන් අනුගමනය කලේ ඒ ප්‍රතිපත්තියම තමයි. Kindle Wi-Fi, 6" E Ink Display එක වර්තමාන මිල ඩොලර් 69ක් දක්වා අඩු කරලා තියෙන එක තමයි හොඳම උදාහරණය කියලා Slate සඟරාවට තාක්ෂණිකලිපි ලියන Farhad Manjoo මහත්යා පෙන්නල දීල තිබුනා.ඒ මහත්තයා නම් කියන්නේ ලබන සතියේ නැත්නම් ලබන අවුරුදේ ඇමසන් ලා නිකන් දෙන්න පටන් ගන්න නිවුස් එක අහන්න ලැබෙයි කියලා.
නිකන් කියුවාට නිකම්ම නෙමයි ඇමසන් සේවා සපයන රටවල අවුරුද්දට ඩොලර් 79ක් ගෙවලා ඇමසන්ප්‍රයිම් සාමජිකයින් වුන අයට නොමිලේ දෙන්න ඉඩ තියෙන විත්තිය තමයි උපකල්පනය කරන්නේ.
ඇමසන් මේ වෙනකොටත් ප්‍රයිම් සමාජිකයිට ඇණවුම් කරන භාණඩ එදිනම  ( ජපානය තුළ පසුදිනම)බේදා හැරිම,චිතර්පටි ස්ට්‍රීම් නොමිලේ බේදා හැරිම kindle ඊ බුක් පුස්ථකාල සේවාව සැපයීම ආදිය සිදු කරනවා , ඊට සමගාමීව ප්‍රයිම් සමාජිකයිට වඩාත් පහසුවෙන් ඇමසන් සේවා ලබා ගැනිමට Kindleටැබයක් ලබා දෙන්න ඉඩ තියෙයින බවයි  කියවෙන්නේ.

දැන් මේතනදී ඇති වෙන ප්‍රශ්ණේ තමයි නිකං දෙන්න පුළුවන් වුනත් ඇමසන්ලාට නිකං දීලා ලැබෙන වාසිය මොකක්ද කියන එක?
උත්තර සරළයි ඇමසන්ලා අරමුණ තමයි ගැජට් එක විකුණලා මුදල් උපයන එක නෙමයි ඒ ගැජට එකට අවශ්‍ය කරන  media contents විකුණලා මුදල් උපයන එක.හරියට පරිභෝගිකයෙක්ගේ අතේ kindle එකක් තියෙනවා කියන්නේ ඇමසන්ලාට ගබඩාවයි බේදා හරින ලොරියි වාගේ තමයි මොකද ඊට පස්සේ ඇමසන්ලාට කරන්න තියෙන්නේ දත්ත අවකාශයේ Contents විකුණන එක විතරක් නිසා.
ඒ වාගේම මේචර කල් Kindle මිල අඩු කරපු හැම සැරේම ඇමසන්ලාගේ Kindle version ඊ බුක් අලවියත් ඉහල ගියා.අනිත් අතට ඊ බුක් කියවන පිරිසත් ඉහළයමින් තියෙන වාසියත් ඇමසන්ලාට තියෙනවා. ඇමසන්ලා iosවලට වාගේම ඇන්ඩ්‍රොයිඩ් වලටත් සහය දක්වන Kindle Apps නිකුත් කරල තියෙන්නේ.සමහර විට අයි පැඩ් එකක වියවන්න පුරුදු වෙලා ඉන්න පාරිභෝගිකයෙක් වුනත් නෝමිලේ ලැබුන දෙයක් නිසා ඊ බුක් ඇමසන්ලාගේන් මිලට ගන්න පෙළබෙන වාසියත් තියෙන්න පුළුවන්.

අනිත් කාරනය තමයි Kindle  නිෂ්පාදනය කරන්න යන මිල,අළුත්ම වාර්තා කරන්නේ ඩොලර් 60ක් විතර වියදමකින් එක ටැබ්ලටයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා.එක පසුගිය අවුරුද්දේ එකක් නිර්මාණය කරන්න ගිය වියදම වුණ ඩොලර් 85ට සපෙක්ෂව සැහෙන්න අඩු වීමක්. වෙලඳ පොළ දිහා බැලුවත් ටැබ් නිර්මානය කරන්න අවශ්‍ය කොටස් මිල පහත බසිමින් තියෙන්නේ ඒ නිසා ඉදිරියට තව දුරත් අඩු මිලට නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන් වේවි.ඊ ලඟට වැදගත් කාරණේ ප්‍රයිම් සාමජිකයින් කොච්චර ප්‍රමාණයක මිලදී ගැනිම් කරනවාද කියන එක.ඇමසන්ලාගේ පැත්තෙන් බැලුවාම ප්‍රයිම් සමාජිකයො සමඟ වෙන ගණුදෙණු වලට සාමන්‍ය පරිභෝගිකයෝ සමඟ කරන ගණුදෙණු ව්ලට වඩා වැඩි වියදමක් දරන්න වෙනවා. වාර්තා දක්වනවා එක් ප්‍රයිම් සමාජිකයෙක් සඳහා වාර්ශික ගිණුම් අවසානයේදී ඇමසන් ඩොලර් 11ක ශුද්ධ පාඩුවක් විඳ දරාගන්නවා කියල.මොකද ඉක්මනින්ම වාගේ ප්‍රවාහන ගාස්තු රහිතව බේදා හරින නිසා.හැබැයි ඒ කාරනා මතම ප්‍රයිම් සමජිකයිනුන් වාර්ෂිකව කරනු ලබන මිලදී ගැණුම් ප්‍රමානය ඉහල දමමින් ඉන්නේ.මේ වර්ෂයේ ඇමසන්ලා ඇමරිකාව පුරාම බේදාහැරිම් ගබඩා පිහි‍ටුවමින් ප්‍රවාහන වියදම අවම කිරිමට කටයුතු යොදමින් ඉන්නේ.
එහෙම බැලුවොත් ඇමසන්ලාට ප්‍රයිම් සමජිකයෝ වැඩි වෙන එක වැඩි වාසියට හේතු වෙන්න ඉඩතියෙන්නේ. එහෙම වුනොත් Kindle එක නිකන් දෙන තිරණය කරන එක ඇමසන්ලාට එච්චර අමාරු වෙන්න බැහැ.

2012, Slate
පින්තුරය- http://www.amazon.com

2 comments: