a

Saturday, January 26, 2013

Facebook Graph Search ඒ පාර මොකක්ද?


ගුගුල්ලා මුලින්ම ගුගුල්+ හදලා ෆෙස්බුක් එකට ගේමක් දෙන්න හැදුවා.ඔන්න දැන් රිටන් එක.
ෆෙස්බුක් සමාගම තමන්ගේම කියලා සේවුම් සේවාවක් Graph Search කියලා හදුන්නලා දුන්නා.
සර්ච් එන්ජින් එකක් කියලා කියුවාට ගුගුල් සර්ච් හරි මයික්‍රෝසොෆ්ට් බිංග් වාගේ වෙබ් එක සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට කරන සෙවුම් ක්‍රමක් නෙමයි මේ අළුත් එක.මේකෙදී සර්ච් කරන්නේ ෆෙස්බුක් එකේ ඉන්න යාළුවෝ බේදා ගන්න තොරතුරුයි අනිත් යුසර්ලා පොදු පිවිසිමකට අවසර ලබාදීලා තියෙන තොරතුරු පදනම් කරගෙන.සර්ච් රිසාල්ට් එක විදියට එන්නේ අපේ ෆේස්බුක් යාළුවෝ අප්ලෝඩ් කරපු තොරතුරු වලින් උපුටා ගන්න දේවල් තමයි. එක ෆේස්බුක්ලා කියනවා වාගේ වඩාත්  පුද්ගලිකත්වය මුලික වුන සර්ච් එකක්.

මේ Graph Search එකෙදී අපි හිතමු හලාල් බඩු ගන්න කැමැති නැති අයව හොයන්න ගියොත් අපිට අපේ යාළුවන්ගේයි යාළුවන්ගේ යාළුවෝයි අතරින් හලාල් ලාංජනෙට අමතර වියදමක් ගෙවන්න කැමැති නැති අයව හොයලා දෙනවා. නැත්තම් ජෙනරාල්ට කැමති අයව හොයගන්න එහෙමත් නැත්නම් ඊ ළඟ පාරත් රනිල් වික්‍රමසිංහට ජන්දේ දෙන්න හිතං ඉන්න අය හොයාගන්න මේ සර්ච් එක හරි පහසුයි. ඔය විදියට අළුත් සම්බන්ධතා ගොඩ නඟා ගන්න ලේසි වෙන හින්දා සෙට් වේලා ජන්ද ‍රැස්වීම් වලට යන්න වුනත් කට්ටිය ලෙහෙසියෙන් හොයා ගන්න පුළුවන්.
තව පින්තුර සෙවුම් පහසුව තියෙන හින්දා 1990ට කලින් ගත්ත පින්තුර කියලා සර්ච් කොලොත් යාළුවන්ගේ පුංචී කාලේ පින්තුර එහෙම බලන්නත් , නැත්තම් 2000ට කලින් කියල දීලා, ඩිජිටල් කැමරා හැම තැනම  තිබුන් නැති කාලේ ඉස්කොලේ ගිය අය ස්කෑන් කරලා අප්ලොඩ් කරපු පින්තුර එහෙම හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඉස්කොලේ තිබ්බ මොකක් හරි උත්සවයක ගත්ත ෆොටෝ එකක කොහේ හරි තැනක තමනුත් ඉන්න එකක් හොයා ගන්න පුළුවන් වුනත් පුදුම වෙන්න දෙයක් නැහැ.
හැබැයි ඉතිං අනිත් පැත්තට ෆෙස්බුක් එක යුස් කරන අයත් ටිකක් පරිස්සම් වෙන්න ඔනේ. තමන් මොනවාද අප්ලෝඩ් කරන්නේ, මොනවාද පබ්ලික් කරන්නේ කියලා.යාළුවෝ එහෙම දැක්කට අවුලක් නැහැ කියලා හිතං අප්ලොඩ් කරන පින්තුර ,කවුරු හරි තමන් ජිවත් වෙන නගරේ අනිත් අයගේ පින්තුර කියලා හොයන්න යද්දී රිසාල්ට් එකට එන්න පුළුවන් හින්දා.හොඳ පැත්ත වාගෙම නරක පැත්තත් බලන්න ඔනේ.
හැබැයි ෆෙස්බුක්ලාටනම් තව ටිකක් වැඩිපුර දැන්වීම් වලින් හම්බු කරන්න මේ සර්ච් එක පහසුවක් වෙන එකනම් 100% ෂුවර්.
ඇමරිකන් යුසර්ලාට පමණක් භාවිතා කරන්න පුළුවන් මුලින්ම නිකුත් වුන Beta වර්ෂන් එක තාම හැම යුසර් කෙනක්ටම යුස් කරන්න පුළුවන් කම නැහැ.කොහොම වුනත් මේ සර්ච් එක භාවිතය ඉහළ යද්දී සමාජේ අළුත් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.හැබැයි වැදගත්ම දේ තමන්ගේ පුද්ගලිකත්වය ගැන හිතලා Privacy Settings නිවැරදි සකස් කරලා තියාගන්න එක තමයි.



පින්තුරය ෆෙස්බුක් පි‍ටුවකින්

3 comments:

  1. තාක්ෂණික තොරතුරු සහ වෙනත් වැදගත් දේවල් ලංකාවෙ අයනම් සෙයා කරන්නෙ අඩුවෙන්..ආග්ම ගැන දේශපාලනේ ගැනනම් තොරතුර සොයාගත හැක ිවෙයි...

    ReplyDelete
  2. හොඳ ලිපියක්. කලින් ලිපිත් බැලුවා.වැඩිපුර ලියන්න බලන්න.

    ReplyDelete
  3. goodluck patta blog ekak :P

    ReplyDelete