a

Monday, June 10, 2013

ඇපල් WWDC2013 කල එළි දැක්මට පෙර ...

ඇපල් සමාගම වාර්ෂිකව පවත්වන Worldwide Developers Conference 24 වැනි වතාවටත්  ජුනි 10 වැනිදින සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරදී පැවැත්විමට සියළු කටයුතු සුදානම්ය.මේම සම්මන්ත්‍රණය සතියක් පුරාවටම දිව යන අතර එහිදී ඇපල් සමාගම පවත්වන ඉදිරිපත් කිරිම් ,Workshops,ආදිය සඳහා ඇපල් නිෂ්පාදන මත ධාවනය වන මෘදූකාංග සහ ඇප්ලි නිර්මාන කරුවන්/සංවර්ධකයින් සහභාගී වේ.
වඩාත් ඉහළ අවධානයක් යොමු වන්නේ ඇපල් සමාගම පවත්වන මුලික ඉදිරිපත් කිරිම වනkeynote ඉදිරිපත් කිරිම සඳහායි.2009 වසරේදී iPhone 3GS ,2010 වසරේදී iPhone 4ද එළි දක්වනු ලැබුවේ මෙම වැඩසටහන තුළින්ය.නමුදු මෙවර අළුත් iPhoneමේම සම්මන්ත්‍රනය හරහා එළි නොදකිනු ඇති බවයි ක්ෂේත්‍රයේ පැතිර යන ආරංචී දක්වන්නේ.


ඇපල් සමාගම පසුගිය ඔක්තොම්බරයේ දී iPad mini වෙලඳපොළට නිකුත් කර පසු කිසිඳු ප්‍රමුඛ නිපැයුමක් මේ දක්වා ඉදිරිපත් කර නැත. වෙළඳ පොළ තරගකාරිත්වය තුල සැමුසන් සමාගම සහ ඇමසන් සමාගම තර්ජන හමුවේ ඇපල් සමාගම නව උපාංගයක් සඳහා ලක ලැහැස්ති වන බවට බොහෝ ඇපල් ලෝලීන් විශ්වාසය පල කරයි.
මේවර සම්මන්ත්‍රනය තුල ප්‍රමුඛ අවධානය දිනා ගනු ඇති බවට අන්තර්ජාල ආරංචීමාර්ග දක්වන්නේ පහත කරුණුය...

1. ios 7

ios ආරම්භයේ සිට එහි මුලිකත්වය දැරු Scott Forstall වෙනුවට මෙවර පළමු වතාවට Macbook,iPhone,iPodආදී දෘඩාංග සැලසුම් හි ප්‍රධානියා වු Jonathan Ive විසින් ios 7 කාණ්ඩායම මෙහෙවයි.බොහෝ මාධ්‍ය වාර්තා කර සිටිනේ මෙවර මෙහෙයුම් පද්ධතිය" කළු ,සුදු සහ සමස්තයක් ලෙස Flat Design " වන බවයි.

2. අළුත් MacBook

9to5Mac මීට දින කිපයකට පෙර වාර්තා කර සිටියේ අළුත් MacBook Air  මෙවර සමන්ත්‍රණය තුල එළි දක්වන බවයි.ප්‍රධාන යවත්කාලිනය intel සමාගමේ "Haswell"නම් හතර වැනි පරම්පරාවේ Core ප්‍රොසසරය බවට පත් වනු ඇති බවයි.මෙමගින් බැටරියේ ධාවන කාලය ඉහල නංවා ගැනිමට හැකි වනු ඇති බවත්ය.MacBook Pro මොඩලය හා සමාන 1080pමට්ටම දක්වා ඉදිරිපස කැමරාව යවත්කාලින වන බවත් ද්විත්ව මයික්‍රොෆොන් සිස්ටම් පද්ධතිය සහ wi-fi සම්බන්දතාවය "IEEE802.11ac"සඳහා සහයෝගය දැක්වීම, අනිකුත් අළුත් වෙනස්කම් විය හැකි බව බොහෝ වෙබ් අඩවි වාර්තා කර තිබුනි.

3. Music Streamingපහසුකම සඳහා අළුත් පහසුකමක්

Pandora,Spotify විසින් පාලනය කරන Music Streamingවෙළඳ පොළට ඇපල් සමාගමද පිවිසෙනු ඇතිබවට කලක පටන පළවු අනාවැකි සඵල කරමින් මේවර ඇපල් සමාගම "iRadio"නම් ෆැලට්ෆොර්මයක් හඳුන්වා දෙනු ඇත. මේවන විට ඇපල් සමාගම සොනි,යුනිවර්සල් මියුසික් සහ වනාමියුසික් සමාගම් සමඟ සිංදු බේදා හැරිම් සඳහා එකඟතාවයකට එළඹ තිබේ.ඇපල් සමාගමේ මොබයිල් වෙළඳ දැන්වීම් ජාලය වන iAd හරහා කථන වෙළඳ දැන්වීම්ද(Audio Ads)ද බැනර්Ads වලට අමතරව iRadioහි විසුරුවා හරිනු ඇති බව පළවේ.

4. one more thing


              ?



පින්තුර 

3 comments:

  1. කෝ OS X 10.9 ගැන මුකුත් ලියලා නැහැ?

    ReplyDelete
    Replies
    1. OS X 10.9 කලින් තිබ්බ skeuomorphic design එකෙම විදිහට තියෙයි..ios වල වාගේ Flat design වන එකක් නැහැ.සමහර විට os x වලට Siri එන්න ඉඩ තියෙයි.(මේ සැරේ නැත්නම් ලබන පාර හරි එයි.)
      iphone වල වාගේ home button ඩබල් ක්ලික් කරලා apps Switcher පහසුකම නිසා බැක්ග්‍රවුන්ඩ් ඇප්ස් තාවකාලිකව නවත්වලා බැටරිය ආරක්ෂා කර ගන්න පුළුවන් ෆන්ෂන් එකක් OS X 10.9 එයි.

      Delete
  2. අකුරු චුට්ටක් ලොකු කලානම් ෂෝයි තමයි :)

    ReplyDelete