a

Wednesday, July 24, 2013

ජංගම දුරකථන ගැන පුංචි පුචි කථා කීපයක්....

මොබයිල් නැති ලෝකයක්....

තව දුරටත් ඉතිං මොබයිල් ෆොන් එකක් අතේ නැති කෙනෙක්ව හොයනවා කියන්නේ අර කළු නික හොයනවා වාගේ අමාරු වැඩක් වෙන කාලේක තමයි අපි ජිවත් වෙන්නේ..කෝල් එකක් ගන්න.මැසේජ් එකක යවන්න විතරක් නෙමයි බුකියේ රවුම් ගහන්න. ‍ටුවිට් කරන්න ,සිංදු අහන්න,විඩියෝ එකක් බලන්න ජංගම දුරකථනය තරම් බහුකාර්්‍ය වුන උපකරනයක් මං හිතන්නේ වර්තමාන ලයිෆ් ස්ටයිල් එකේ වෙන නැති තරම්...
හදිස්සියේ හරි ජංගම දුරකථන නැතිව ගියොත් වර්තමාන මිනිසා කියන සමාජ ජිවියාගේ පැවැත්ම කොයි වාගේ වේවිද? Qualcomm හදලා තියෙනවා, ජංගම දුරකථන නැති, සුපිරි ඇනලොග් ලෝකයක් ගැන විඩියෝ එකක්.

මේ විඩියෝ එකේ තියෙනවා වාගේ තැපල්කරු එනකං ලියුම් වලට බලන් හිටිය අයයි....ඔය සඳළු තල වල ඉන්න අයට ඇනලොග් විදිහට ‍ටුවිට් කරපු කට්ටිය එහෙම අඩු වැඩි නැතිව සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න හින්දා.මේ විඩියෝ එක බලලා කට්ටියකට රසබර අතීතයක් මතක් වෙනන්නත් බැරි නැහැ...
ස්මාර්ට් ෆොන් පාවිච්චි කරන කට්ටියනම් දන්නවා ඇති ඇබ්බැහි වුනොත් ඇබ්බැහි වුනාම තමයි කියලා නේද? උදේට නැගිටිච්ච ගමන් අතට ගන්නේ ෆොන් එක. අයේ ඉතිං‍ රෑට නිදා ගන්න යන්නෙත් ෆොන් එක අතේ තියාගෙන නොවැ...

මට ඔයාගේ මුණ දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ......

කාගේද?? කෙල්ලගේ මුහුණ දිහාද? කෙල්ලගේ මුහුණ කන්න වාගේ බලන් හිටියේ අන්තිමටම වයි පරම්පරාවට කලින් කට්ටිය වෙන්න ඕනේ..වයිලයි ඉසඩ්ලයි කැමැති ස්මාර්ට් ෆොන් එකේ මුණ බලන් ඉන්නලු..
මේක එංගලන්තයේ O2 ජංගම දුරකථන සමාගම කරපු සමික්ෂණයක්...ඒ සමික්ෂණයට අනුව නම් එංගලන්තයේ ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නෝ, දෛනිකව තම කාලයෙන් විනාඩි 119ක් ස්මාර්ට් ෆොන් එක දිහා බලන් ඉන්න ගත කරන සමාන්‍ය අගයට සාපෙක්ෂව තම සහකරු.කාරිය සමඟ ගත කරන කාලයේ සමාන්‍ය අගය විනඩි 97ක්ලු.විවාහක සහකරු/කාරිය හරි පෙම්වතා/වතිය හරි සමඟ ගත කරන කාලයට වැඩිය විනාඩි 22ක්ම ෆොන් එකට මුහුණ ඔබන් ඉන්නවාලු..

ඔය විනාඩි 119න් විනඩි 24ක් අන්තර්ජාලේ සැරිසරන්න,සමාජ සේවා අඩවි වලට විනාඩි 16ක් ,සංගිතයට තව විනාඩි 15ක්,ෆේම්ස් ගහන්න විනාඩි 13ක් .එස්.එම්.එස් වලට විනාඩි 11 වාගේ දිග ලිස්ට් එකක් දාලා තිබුනේ...

දවස ගත කරන්න මොනවා නැතැත් ස්මාර්ට් ෆොන් එක නැතිව බැරිව ගිහින්..හැබැයි ඉතිං ඉස්සරහට කෙල්ලව හම්බු වෙන්න ගියාම ,වැ‍රැදිලා හරි ෆොන් එක අතට ගත්තොත් කෙල්ල ඔයාට ෆොන් එකද වටිනේ ,නැත්තම් මාවද කියලා අහන වලි ප්‍රශ්ණ වලට දැන්ම තියන් උත්තර ලැහැස්ති කරලා තියා ගත්තොත් හොඳයි වාගේ....


ගුගුල්ලාගෙන් කණ්නාඩි ඇපල්ලගෙන් අතේ බඳින ඔරලෝසු එතොකොට සොනිලා...?

අන්තර්ජාලය භාවිතා කරන ප්‍රධාන මේවලම පරිගණකයෙන් ස්මාර්ට් දුරකථනය වෙතට බැටන් මාරු කරන්න මුල් වුන මුලිකම සමාගම් දෙක වන ඇපල් සමාගමයි ගුගුල් සමාගමයි  ඊ ලඟ බැටන් මාරුව දෙන්න යන්නේ ශරිරයේ පලදින උපකරණයකට.ගුගුල් සමාගම තමන්ගේ පරික්ෂණ ත්ත්වයේ විකිණිම ආරම්භ කල ගුගුල් ග්ලාස් ලෙස හඳුන්වන කණ්නාඩි කුට්ටමයි ,ඇපල් සමාගම හෙට අනිද්දා රිලීස් කරන්න ඉඩ තියෙන වෝට්ච් කියන ඔරලොසුව ගැනයි අළුත් ගැජට් ගැන උනන්දු වෙන කවුරු කවුරුත් දැන් දන්න දෙයක්..ස්මාර්ට් ෆොන් වෙළඳපොළේ පරක්කු වේලා රේස් එක දුවන්න පටන් ගත්ත සොනි සමාගම පොඩි අළුත් වැඩකට අත ගහලා. ඒ සෙන්සර් එකයි බැටරිය සමඟ හයි කරන්න ගලවන්න පුළුවන් ලෙන්ස් එකක් ස්මාර්ට් ෆොන් එකට හයි කරන්න යන එක.ඉස්සරහට වෘත්තිමය කැමරාකරණයත් ස්මාර්ට් ෆොන් එක හරහාම කර ගන්න පුළුවන් වේයි....


ඉදිරි මාස කීපය  ස්මාර්ට් ෆොන් වෙළඳපොළ උණුසුම් වෙන මාස කීපයක් වෙයි ..ගුගුල් සමාගම තම යටතට ගත්ත මොටරෝලා සමාගම හරහා ,පසුගිය කාලේ පුරාම නිවුස් වලට මුල් වුන මොටො එක්ස් ස්මාර්ට් ෆොන් එක අගෝස්තු පළමු වැනිදාට නිව්යොර්ක් නුවරදී කල එළි දක්වන්න සැලසුම් කරලා තියෙන්නේ. මේ මොටො එක්ස් ෆොන් එක ඇපල්ලාගේ අයිෆොන් එකටත් සැම්සුන්ලාගේ ගැලැක්සී එස් එකටත් අළුත් තරඟයක් දේවී.හැම අවුරුද්දකම යවත්කාලීන වේලා එන ඇපල්ලාගේ අයිෆොන් එකේ අළුත් එක සැප්තැම්බර් අග වාගේ එයි කියලා තමයි අන්තර්ජාල වාර්තා කියන්නේ,ඒ වාගෙම මේ අවුරුද්දේ ඇපල්ලා මිල අඩු අයිෆොන්(ප්ලාස්ටික්) එකක් නිකුත් කරන විත්තියත්…. එකනම් බොහෝ විට සැප්තැම්බර් මුල් සති වල එයි කියලත් ගැජට් ගැන ඕපාදුව එන සයිට් වල සඳහන්...

ආශ්‍රිත

44 comments:

  1. මං නං තාම කෝල් එකක් ගන්නයි, වෙලාව බලන්නයි, ඊමේල් එකක් චෙක් කර ගන්නයි විතරයි ෆෝන් එක පාවිව්චි කරන්නේ..ඒත් දැන් දැන් එහෙම ඉදල බැරි විත්තිය තේරේන්වා...කාලයක් ජීවිතේ වැඩිම කාලයක් ටීවි එකත් එක්ක..ඊලඟට කොම්පීටරේ ඉස්සර..දැන් දැන් ෆොන් එකත් එක්ක....තව ටිකක් කාලයක් යනකොට අපි උපදින කොටම අපේ සිතුවිලි කොම්පීටරේකට අප් ලෝඩ් කරලා ව‍ටුවල් එන්වයමර්න්ට් එකකම ඉන්න පුළුවන් විදිහට හදයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට මායියා..
      හොඳ සිංහල ලියන්න පුළුවන් ඇප්ස් හරි තව ටිකක් හොඳට සිංහල වලට os සපොර්ට් කරනවානම් සිංහලේන් බ්ලොග් ලියන්නත්...ෆොන් එක හොඳ මේවලමක්.

      Delete
  2. මං දැක්කා ඇපල් ස්මාර්ට් ෆොන් එකට වෙනම හයිකරන්න කැමරා ලෙන්ස් එක නම් තියෙනවා දැනටම... හපොයි ඇත්තටම කියනවා නං මං ඊයේ අපේ මල්ලිට හොඳටම බැන්නා ඔය කෙහෙල්මල් ස්මාර්ට් ෆොන් එක හින්දා.. හැමතිස්සෙම බැට්රි බැහැලා කියනවා... ඇයි ඉතිං දවසම ‌ෆේස්බුක් එකේ එල්ලිලානේ ඉන්නේ... කොයි වෙලාවක වත් අල්ලන්න බෑ එයාව... මං කිව්වේ අර පරණ ෆොන් එකකුත් ළග තියාගන්න කියලා... ඒවෑ බැට්රිය දවස් 4ක් විතර අල්ලලා හිටිනවා...

    ReplyDelete
    Replies
    1. මල්ලීට පොටබල් බැටරි චාර්ජර් එකක අරන් දෙන්න...
      ඉන්ටර්නේට් වලට ස්මාර්ට් ෆොන් එක..කොල් වලට feature phone~එකත් හොඳ විසඳුමක්...

      Delete
    2. ස්මාර්ට් ෆොන් වල දැන් සෝලර් චාර්ජර් එකකුත් එනවා නේද.... අනේ මන්දා.. ඕකේ කෑලි වැඩි වෙන්න වැඩි වෙන්න ෆොන් එකෙන් කරන්න ඕනේ වැඩේ නං කෙරෙන්නේ නෑ වගෙ...

      Delete
    3. පහුගිය දවස් වල හිරුට ඩිසයින් වැඩ ටිකකුත් සෙට් වුන එකේ ..ඔන්න ඔහේ මල්ලිට එකක් අරන් දෙන්න...අයිෆොන් එකක්නම් කේස් එකේ අමතර බැටරිය තියෙන එව්වාත් තියෙනවා....

      Delete
  3. පියුම් කියන්නේ නෙලුම් මල් නේ. මොකටද නෙලුම් මල් එනකල් බලා ඉන්නේ. අපිනම් පලා ඉන්නේ තැපැල් පියන් එනකල්.

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි ගැස්සුවා ඇනෝ.මේ සැරේ තැපල්කරු කියලාම දැම්මා.

      Delete
  4. මට නම් හරි පුදුමයි බං. කොච්චිකඩේ පල්ලිය ගාව ලෑලි කාමරේක ගංජා දුම මැද්දේ. රුපියල් 10 ට බලපු පෝන්. දැන් ෆෝන් එකෙන් බලන්න පුළුවන් වෙයි කියලා ජීවීතේට හිතුවද.. එඩ්වඩ් ජයකොඩිලා යට ලීයෙන් නාරීලතා මල් පූදිනකන් බලාන උන්නේ. අද පෝන් එකෙන් කෙලින්ම ඇඳේ..

    ReplyDelete
    Replies
    1. බිටර්මැක්ස් කැසටුයි අනිත් එක මතකයට එන්නෙ නැහැ.
      ටිකක් අරකට වඩා ලොකු.

      Delete
    2. ආ.....VHS ගැන නම් පෝන් නැතිව කතා කරන්නම බැහැ....Video tape format war එකෙන්VHS වලටBetamaxව පරාද කරන්න ලැබුනේ පෝන් වල පිහිටෙන්ම තමයි.....ෆුල් ස්ටොරිය දවසක ලියන්න ඕනේ......

      Delete
  5. අගනා වටිනා තොරතුරු සමුදායක් ගයිජින්. ඇත්තටම මාත් කෙතරම් වෙලාවක් මේ පෝන් එකත් ඉන්නවද කියලා හිතුණා. මගේ යාළුවෙක් ජෝක් එකට කියනවා උගේ පෝන් එකෙන් බැරි රෙදි හෝදන්න විතරයි කියලා. ඒකා එහෙම කියන්නේ රැපියල් 1000ට ගත්ත නොකියා පෝන් එකක් පෙන්නමින්. අද ජංගමය නැතිවුණෛාත් මාර හෙනේ තමා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කොමේට් එකට........
      ආ....මේ කියන්නේ අර මාතලන් කියුව "පෝන්" ගැන නේද?

      Delete
  6. ගයිය,පේනව නේද වචන වැරදි හදන්න යන අයියල ෆෝන් එකට පෝන් කියනව,
    තවත් අයිය කෙනෙක් (අපිත් බලපු)ඇත්ත පෝන් බලපුව කියනව.

    ReplyDelete
    Replies
    1. වැරැද්ද වැරැද්දමයි. මේව කොටන්නේ කෝච්චියේ යන ගමන් කෙන්ජි අය්යේ..

      Delete
    2. මෙහෙ වගේ ස්මුත් එකට ඇදිල යන කෝච්චි ලංකාවට කවද එයිද?
      මම විහිළුවට කිව්වෙ නලී.

      Delete
    3. වචනේ වැරදුනාද ? නැත්තම් කට බොරු කියුවත් දිව බොරු කියන් නැහැ වාගේ , නලීන් සහෝට ෆෝන් ගැන නැතුව දවසකට පෝන් බලන වේලාව ගැනම කියවුනාවත්ද?

      Delete
  7. අබේ කාරය කප් එක ඉස්සුව නේද?
    මොනව හරි හොදක් වෙයි වගේ නේද ගයිය?

    ReplyDelete
    Replies
    1. උඩින්ම කප් එක ඉස්සුවේ...බලමු ඉතිං මොනවා හරි කරයිද කියලා ආර්ථිකයට....
      PR(eijuuken) එක දෙන එකනම් අවුරුද්දු 5 ඉඳන් 3ට අඩු කරන්න යනවාලු....

      ආර්ථිකය ගැන සමස්තය විදිහට බැලුවාම ,දැන් වෙනකම් අල්ලගෙන ආපු එක ඉස්සරහට අරන් යන්න පුළුවන් වුනොත් ගොඩ තමයි.දැන් ජපාන මහ බැංකුවේ අධිපතිත් කලින් ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති වේලා හිටිය කුරොදා කියලා කෙනෙක්..පොරටත් යමක් කරන්න පුළුවන් කෙනෙක් විදිහට තමයි මාධ්‍ය කියන්නේ නම්....
      අබේනොමික්ස් වලට ජාත්‍යන්තර වශයෙන් නම් හොඳ පිළි ගැනීමක් තියෙනවා. හැබැයි ඒක ,චීන ආර්ථිකය ස්ලෝ ඩවුන් වේලා තියෙන හින්දයි,චීනේ ෂැඩෝ බැංකින් ප්‍රශ්ණේ හින්දයි යම් මට්ටමකට ජපාන ආර්ථිකය දිහාට ජාත්‍යන්තරයේ බලාපොරොත්තු යොමු වෙන එක ස්වාභාවික දෙයක් වෙන්නත් පුළුවන්..පොදු පිළිගැනීම ජපනා වැ‍ටුනත් අපහු හිටියට වඩා ශක්තිමත්ව නැගිටිනවා කියන එක හින්දා....
      අනිත් ප්‍රශ්ණේ අබේ විදේශ සම්බන්ඳතා කොහොම හැඩල් කර ගනීද කියලා..පොර චීනෙයි ඇමරිකාවයි,කොරියාවයි තුන්ගොල්ලෝ එක්කම එච්චර හිත හොඳ පාටක් පෙන්නේ නැහැ....

      Delete
  8. අපොයි මම නං කම්පියුටරේට තමයි වැඩිපුර මුණ ඔබන් ඉන්නේ ...ෆෝන් එකක් තියනවද කියල වගක් නෑ :D

    ReplyDelete
    Replies
    1. වැඩි වෙනසක් නැහැනෙද?.....ඔය ෆොන් එකේ මුහුඅන් ඔබන් කරන වැඩයි කොම්පීතරයේ මුහුණ ඔබන් කරන වැඩයි දෙකම එකයි .......

      Delete
  9. ස්මාර්ට් පෝන් සිස්ටම් ළගදීම පෙන්නයි වගේ... දැනටත් තියෙන එකේ..

    ReplyDelete
  10. වයිෆ්/ කෙල්ල දවසක් දකින්නේ නැතුව ඉන්න පුළුවන්.. ඒත් හත් දෙයියනේ ෆෝන් එක නොදැක ඉන්නේ කොහොමද

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මැෂින් එකෙන් ෆේස් බුක් ලොග් වෙලා ඉන්න ගමන් ෆෝන් එක ඇහැට අහු වුනොත් මෙන්න බොලේ මම එකෙනුත් ෆේස්බුක් ලොග් වෙන්න හදනවා.

      Delete
    2. බුකියේ කරන්න වැඩ ගොඩක් තියෙන කෙනෙක් වාගේ..........

      Delete
    3. උඩම කොමේට් එක ස්පෑම් වේලා දැන් තමයි ගොඩ ගත්තේ....

      Delete
  11. මටත් ෆෝන් එකට වඩා කම්පීතරේ තමයි ඇබ්බැහිය..

    ReplyDelete
    Replies
    1. තව අවුරුද්දක් දෙකකින් නිකම්ම ෆොන් එක මුලට එවී...මේ පැත්තේ ඇවිත් කොමෙට් කලාට ස්තුතියි..

      Delete
  12. ස්මාට් ෆෝන් එක කොච්චර පහසුවක් වුනත් හැම සඳුදම ලැප්ටොප් එකත් බෑග් එකේ දාගෙන ගිහින් සිකුරාදාට ගෙදර ගේනවා. ඒ වුනාට සමහර සති තියෙනවා ලැප්ටොප් එක ඔන් කරන්නෙම නැතිව ෆෝන් එකෙන්ම ලැප්එකෙන් කරන්න ඕන වැඩ කරගන්න..

    ReplyDelete
    Replies
    1. පොස්ට් පි.සී යුගය නොවැ...පුරුද්දට ලැප් එක අරන් ගියත් ඔක්කොම ටික ෆොන් එකෙනුත් කර ගන්න පුළුවන්...

      Delete
  13. අපේ පොල් කඩන එකා ගහට යන්නෙත් ෆොන් එක අරන් තමා..

    ReplyDelete
    Replies
    1. ඵලදායිතාව ඉහල නැන්විමට හොඳ පියවරක්...නැතත්ම් ඉතිං කොමිනිකෙට් කරන්න සැරයක් සැරයක් ගානේ ගහෙන් බහින්නයි නැත්තම් බෙරිහන් දෙන්නයි වෙනවා...

      Delete
  14. ඊ-පෙම ගැන බැඳුනු ඊ-විරහ ගීය

    ඉස්සර වාගේ එවන්න ලිපියක් අන්තර්ජාලිත රැහැන් දිගේ
    ඉස්සර වාගේ කරන්න දෙඩුමක් එම් එස් එන් සේවයෙන් අගේ
    ඉස්සර වාගේ ගයන්න ගීයක් සිත ගත හද මත් කරන මගේ
    ඉස්සර වාගේ ලබන්න සතුටක් අද මට කල පින් මදියි වගේ

    එදා වගේමත් පේරාදෙණියේ හඳ පායනවද කඳු මුදුනින්
    එදා වගේමත් මහවැලි නදියේ රැළි පෙරලෙනවද පෙණ නගමින්
    එදා වගේමත් ගලහ හන්දියේ මල් පෙති විසිරෙනවද සුළඟින්
    එදා වගේමත් මා සියුමැළියේ මා ගැන සිහිවෙනවද සුසුමින්

    පරිඝණකයෙ විද්‍යුත් ලිපි ගොණුවට වෛරස් ආසාදනයක් දෝ
    දුරකථනයෙ පිරිවැය සීමා බිඳ අන්තර්ජාලය ගොළුවුනි දෝ
    විශ්ව ගමේ නිතරම දුටු සැවුළිඳු කරමළ සුදු පැහැ ගැන්වුනි දෝ
    අන්තර්ජාලෙදි දී බැඳි ඊ-පෙම්දම අන්තර්ජාලෙම මියගියෙ දෝ

    ReplyDelete
    Replies
    1. එළම තමයි...අපුරු ගී පෙළ....

      Delete
  15. post එකට thank අයියා. හොදට blog එක කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි....

      Delete
  16. බොහොම වටින කරුණා ටිකක් දැනගත්තේ , ඒ වගේම දැන් එන “වළාකුළු තාක්ෂණය“ ගැනත් දැනුවත් කරන්නට පුළුවන් නම් වටිනවා .හේතුව දැන් ඉතින් ඔක්කොම Cloud එකේ තියාගන්නනේ නිශ්පාදකයන් පොළඹවන්නේ .
    ස්තුතියි මේ වෙනුවෙන් වූ වෙහෙසට

    ReplyDelete
    Replies
    1. කාලේකට කලින් ක්ලව්ඩ් ගැන බාගේට ලියපු ලිපියක් ඩරෆ්ට් එකේ තිබුනා..
      හාර්ඩ් එක වලකුළු වලට භාරදීම....

      කොම්පියුටර් ගැන කථා කරද්දී සමහර අළුත් වචන එනවා වාගෙම,කාලයක් නැතිවම බැරිව තිබුන වචන නැතිව යනවා...අපි කොම්පීතර ගැන උනන්දු වෙන්න පටන් ගත්ත කාලේ තිබුණ හෙණ ගම්භීර වචනයක් තමයි මල්ටි මිඩීයා...ළඟදී ඒ වචනේට වෙච්ච දෙයක් නැහැ....මේ දවස් වල අළුතෙන් ඇහෙන්න ගත්ත වචනයක් තමයි ක්ලව්ඩ් කියන්නේ..

      මොකක්ද මේ ක්ලව්ඩ් කියන්නේ...
      මෙච්චර කල් අපි කලේ උදාහරණයක් විදිහට කොම්පියුටර් එකෙන් ලිපියක් සකස් කරන්න අවශ්‍ය වුනාම ,මුලින්ම ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප්ලිකේෂන් එකක් ඕපන් කරලා ,එකේ ලිපිය සකස් කරලා ,පස්සේ හාර්ඩ් ඩිස්ක් එකේ හරි ෆ්ලෝපියක හරි සේව් කරන එක. ක්ලව්ඩ් වලින් නැත්තම් කල්ව්ඩ් කොම්පියුටින් වලදී කරන්නේ..අර කොම්පියුටර් එකේ තිබුන සොෆ්ට්වේයාර් එක වෙනුවට ,ඉන්ටර්නේට් සර්වර් එකක් භාවිතයෙන් කාර්යය නිම කරලා ,සේව් කරන එකත් ඉන්ටර්නෙට් එක උඩ සිදු කරන එක.හරියට කොම්පියුටර් එකේ කරපු රාජකාරියෙන් වැඩි කොටසක් අන්තර්ජාලයට භාරදීම .2006 ඉඳන් වාගේ තමයි ක්ලව්ඩ් කියන වචනය භාවිතය ආරම්භ වෙන්නේ.සමාගමක අභ්‍යන්තරයේ ප්වත්වා ගත යුතු ස්ර්වර් ප්‍රමාණය අඩු කරලා ,වියදම අවම කර ගැනිමේ අරමුණින් තමයි භාවිතයට එන්නේ.
      ITක්ෂේත්‍රයේ අන්තර්ජාලය වලාකුළු ලේස දක්වන නිසා අන්තර්ජාලය මුලික කරගත් පරිගනක පහසුකමත් ක්ලව්ඩ් ලෙස හඳුන්වන මුල් වී ඇත.

      "ක්ලව්ඩ්" භාවිතා කරන්නා අනුව විවිධයි...
      කෙනෙක්ට ක්ලව්ඩ් එකක් කියන්නේ මේල් ,ගුරුප්වේයාර් වාගේ කොමිනිකේෂන් ‍ටුල් එකක් වේද්දී තව කෙනෙක්ට ඩේටා සේව් කරලා තියන ස්ටොරෙජ් එකක් වෙන්න පුළුවන්. මුලිකම ක්ලව්ඩ් ප්‍රධාන වර්ග කීපයකට වෙන් කරන්න පුළුවන්.

      SaaS (Software as a Service) ඔ‍ෆිස් වාගේ සොට්වේයාර් පැකේජ් වල තියෙන සේවා පහසුකම අන්තර්ජාලය හරහා Ajaxවාගේ තාක්ෂණයක් හරහා බ්‍රවුසර් එක මත සිදු කරන්න පහසුකම් සපයන ක්ලව්ඩ්..හොඳම උදාහරණය තමයි ගුගුල් ඩොක්ස්,එවර්නොට්...

      PaaS ( Platform as a Service) ඇප්ලිකේෂන් ඩිවලොප් කරන්න ලබාදෙන පහසුකම් සහිත ක්ලව්ඩ් ..උදහරණයකට GAE (Google App Engine) එක මෙකේ Python,GO,Javaභාවිතා කරන්න පුළුවන්.
      IaaS(Infrastructure as a Service ) වර්චුඅල් සර්වර් සහ නෙට්වර්ක් පහසුකම ලබාදෙන ක්ලව්ඩ් සේවාව. paaS වලදී තොරගත් ලැංවේජ් සහ ෆැලට්ෆොර්ම් මත ඩිවොලොපිං කරන්න පුළුවන්කම ලැබුනාට OS එක ‍තෝර ගන්න හැකියාව ලැබේන්නේ නැහැ..IaaSවලදී OS එක යුසර්ට තොරා ගන්න පුළුවන්..Amazon Web Services

      Delete
    2. හොද පැහැදිලි කිරීමක්

      Delete
  17. Yපරම්පරාව කියන්නේ මොකුන්ටද?

    ReplyDelete
    Replies
    1. පහත ලින්ක් දෙකම සිංහල බ්ලොග් අවකාශය තුළ වයි පරම්පරාව ගැන සතන් වුනු අව්ස්ථා.පොඩ්ඩක් බැලුවානම් අදහසක් ගන්න පුළුවන් වෙයි.
      1. අටම්ගේ ලිපියක වයි පරම්පරාව ගැන කොමේට් වලින් ඇති වුන පොඩි කතිකාවක්.
      අටම්ගේ ලිපියේ වයි පරම්පරාව ගැන ඇති වුන කථිකාව

      2.දිවිය පුරා" බ්ලොග් එකේ ලක්බිම පත්තරේ උපුටගැනීමක් සහිතව එක්ස්,වයි පරම්පරා ගැන සටහන
      වයි පරම්පරා

      Delete
  18. ලැප්ටොප් එක ඔන් කරන්නෙම නැතිව ෆෝන් එකෙන්ම ලැප්එකෙන් කරන්න ඕන වැඩ කරගන්න

    ReplyDelete