a

Wednesday, August 7, 2013

අපොයි! කිරි!!!


ෆොන්ටෙරා  ,නවසීලන්තයේ කිරි සහ කිරි අශ්‍රිත නිෂ්පාදනයන්හි  නිරත වු  New Zealand Dairy Group එක(ඇන්කර් වෙලඳ නාම්යේ මුල් හිමිකරු) Kiwi Co-operative Dairies සහ New Zealand Dairy Board  ආයතන වල එකමුතුවකින් ගොලීය කිරි නිෂ්පාදන තරගකාරිත්වය ජය ගැනීම සඳහා 2001 වසරේ පිහිටා ගත්ත සමාගමක්..නවසීලන්ත දළ ජාතික නිෂ්පාදනයෙන් 2.8% ප්‍රමාණයකට හිමිකමක්ද නවසීලන්ත අපනයනයන්හි 25% ද දරන මේම සමාගම,නවසීලන්ත කොටස් වෙලඳපොළ තුළ දිර්ඝ කාලයක් අංක එකෙහි සටහන් වු දැවැන්ත සමාගමකි.
ආයතන ව්‍යයුහය  ගොඩ නැගි ඇත්තේ විධායක නිළධාරින්  13 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයකිනි. මේම මණ්ඩලය තුළින් CEOතොරාගනු ලැබේ.
ෆොන්ටෙරා සමාගම නවසීලන්තය තුල පමණක් කිරි ලිටර් බිලියන 16 ක් වසරකට නිෂ්පාදනය කරන අතර ලොව පුරා සමාගමේ නිෂ්පාදන අගය ලිටර් බිලියන 22කි. කිරි නිෂ්පාදනය පමණක් සලකා බැලු විට ලොව අංක එකේ ස්ථානය හිමි කරගෙන සිටින අතර ,ලෝක ආහාර නිෂ්පාදන කාර්මාන්තය තුල හතර වන ස්ථානයේ සිටියි. ෆොන්ටෙරා සමාගම නවසීලන්තය තුල නිෂ්පාදනය කරන කිරි නිපයුමේන් 95%ක්ම විදේශයන්ට විකුනනු ලබයි.

 
මොකක්ද මේ Whey ප්‍රොටීනය කියන්නේ?

මෙක ඇවිල්ලා චීස් නිෂ්පාදනය කරද්දී ලැබෙන by-product එකක්.මිල්ක් ප්ලස්මා කියලත් කියනවා. සරල ව කියුවොත් යෝගට් එකක් ශිතකරණයක දාල තියලා ගත්තම උඩ එකතු වෙලා තියෙන දියරමය වාගේ කොටස.බයි ප්‍රොඩක්ට් එකක් හින්දා මිල අඩුයි වාගේම මෙහි අඩංගු වන පොෂණ පදාර්ථ ප්‍රමාණයත් ඉහළයි.කායවර්ධන ආහාර සඳහා වාගෙම  සැකසු ආහාර නිෂ්පාදනය සඳහා ඉහලින්ම භාවිතා කරන ද්‍රව්‍යක්.

මොකක්ද මේ බොට්ලීන්ස් (Clostridium botulinum)බැක්ටිරියාව කියන්නේ?

මේ දිව උලුක් වෙන බැක්ටිරියාවේ නම හැදිලා තියෙන්නේ ලතින් වලින්. ලතින් වලින් botulus කියන්නේ සෝසේජ් වලටය.19 වන සියවසේ යුරෝපයේ සෝසෙජස් /හැම් ආහරයට ගැනිමේන් ඇතිවන ආහර විෂවීම හඳුන්වන්න භාවිතා කරලා තියෙනවා.හැම්/සොසේජස් නිෂ්පාදනයේදී nitrate එකතු කරනුවේ ආහාරයේ අළුත් පාට රඳවා ගැනිම සේම මේ බැක්ටිරියාවේ වර්ධනය අවම කිරිමේ අරමුණින්ය.මේම බැක්ටිරියාව බෙල්ජියම් ජාතික Emile van Ermengem වෛද්‍යවරයා විසින් හඳුන්වා ගන්නා ලදී.
මේ ම බැක්ටිරීයාව නිපදවන toxinඑක  අතිශයින්ම මාරන්තික ලෙස සලකයි.

විෂ ගැන කියුවාම අපි හොඳට දන්න Potassium cyanide වල මාරන්තික භාවය දක්වන්නේ 1g මනුෂ්‍යයින් 5 දෙනෙකුට මරු කැඳවන්න පුළුවන් කියලා. බොට්ලීන්ස් විෂ ග්‍රෑම් 1කින් මිලියනයක මරු කැඳවන්න පුළුවන් කියලා තමයි සලකන්නේ. ඒ කියනේ ග්‍රෑම් 500ක් ඇති මනුෂ්‍ය සංහතියම දිව්‍ය ලොකේ යවන්න. ලොකේ හොඳම(???)ජීව විද්‍ය අවිය නිපදවන්න පුළුවන් ...

ස්වල්පයක් හරි ශරිරගත වුනොත් මුලිකව අත්පා අංශභාග තත්වයකට පත් වේලා,ඊ ළඟට ස්ව්සන පේශී අංශභාග තත්වයට පත්වීමේන් හුස්ම ගන්න බැරිව මිය යනවා.

මේක මෙච්චර භායනක බැක්ටිරියාවක් වුනත්, ,උෂ්ණතවයට ඔරොත්තු දෙන් නැහැ. මේ බැක්ටිරියාව අඩංගු දෙයක් සෙල්සියස් අංශක 100ට විනාඩි 2ක් පමණ රත් කලාම බැක්ටිරියාව මිය යනවා.(මේකෙන් මං අදහස් කරන්නේ අඩුවට තියෙන කිරි පිටි අරන් රත් කරලා බොන්න කියන එක එහෙම නෙමෙයි!!!)

දැන් ෆොන්ටෙරා සමාගමයි Whey ප්‍රොටිනයයි මේ බැක්ටිරියා එකයි සම්බන්ධ වෙන්නේ කොහොමද?

උඩ කාරණා දෙක ගැන දැනුවත් වුනාම දැන් බලමු මේ පාර සිද්ධිය ගැන..

  • ෆොන්ටෙරා සමාගම නිෂ්පාදනය කරන whey ප්‍රොටිනය වෙනත් සමාගම් වලට විකුණනු ලබයි..ඒ මිලට ගන්නා සමාගම් ළදරු ආහාර ,ස්පොර්ට්ස් ඩිරින්ක් සහ ප්‍රොටින් වර්ග නිෂ්පාදනය කරනවා.
  • 2013 අගොස්තු 3වැනිදා ෆොන්ටෙරා සමාගම ප්‍රකාශ කරනවා ඔහුන්ගේ තත්ව පරික්ෂාවකදී මේම බැක්ටිරියාව නිෂ්පාදන වල කොටසක අඩංගුව තිබුන බව.
  • 2012 මැයි වල නිෂ්පාදනය කරපු Wheyප්‍රෝටින ටොන් 42 කින් අහඹු ලේස තොරා ගත් සාම්පල් කීපයක් අතරින් තුනක මේ බොට්ලින්ස් බැක්ටිරියාව හමු වු බව වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.
  • මෙම නිෂ්පාදනයන් චීනය,ඔස්ට්‍රෙලියාව,වියට්නාමය ,තායි ,මැලේසියාව ,සවුදි අරාබිය වල සමගම් 8කට බේදා හැර ඇති හැකියාව ඉහළ බවටප්‍රකාශ කරන නමුදු අදාල රටවල් වල සමාගම් නිශ්චිතව  දක්වා නැත.
  • මේ වන විට සෘජු අලවිය සිදුකරනු ලැබු සමාගම් හරහා ටොන් 1000ආසන්න ප්‍රමාණයක් වෙළඳපොළ තුළින් ආපසු කැඳවීම/රී කොල් කර තිබෙන බවත්...මේ දක්වා අදාල බැක්ටිරියාව මගින් ආසදිත වු පුද්ගලයින් වාර්තා වී නැති බවත් දැක්වෙනවා...
  • බොහෝ රටවල් මේ වන විට නවසීලන්ත නිෂ්පාදන තහනම් කීරිමකට ලක් කර ඇත.රුසියාව වාගේ සමාගම ප්‍රකාශ කරපු ලිස්ට් එකේ නැති රටවල් පවා තහනම ක්‍රියාත්මක කරනවා මොකද රජයකට හැකියාවක් නැහැ බරපතල සෞඛ්‍ය අවදානමකට ජනතාව ලක් කරන්න.
  • නවසීලන්තය සිය රට තුළ විකුණන Karicare Infrant Formula Stage1 නම් ළදරු කිරිපිටි නිෂ්පාදන කොටසක් වෙළඳ පොලින් ඉවත් කිරිමට(රි කොල්) කරලා තියෙනවා.

අවසන් වශයෙන්.......

පුවත් වාර්තා බැලුවාම බරපතල ගැටළුව ඇති වෙන්නේ පරික්ෂාවෙන් හමු වු බැක්ටිරියාවේ ප්‍රමාණය ආදී සවිස්තරාත්මක කරුණු ෆොන්ටෙරා සමාගම ප්‍රකාශ කරන් නැති එක.ඒ වාගේම බැක්ටිරියා ඇති වුනු සිද්ධී පහුගිය වසර 6 තුල මේ සැරේත් එක්ක 3 සැරයක් සමාගම තුළ ඇති වෙලා තියෙනවා.මේ කාරණා දෙක දිහා බැලුවාම ඇයි හැම රටක්ම පාහේ නවසීලන්ත කිරි තහනම් කලේ කියලා හිතා ගන්න පුළුවන්...

 වැඩිපුර දැන ගන්න කියවන්න...

මේ කොටස නම් කියුවේ නැති තරමට (මට) හොඳය.මං දන්නවා වාගේ ලියුවාට මේ මං දන්න විෂයක් නෙමේය.....ඔක්කොම විශ්වාසවන්ත මුලාශ්‍ර හරහා ලබා ගත් තොරතුරුය....බැක්ටිරියාවේ නම සිංහලෙන් හරිද දන්නෙත් නැහැ...කොර වෙන ප්‍රශ්ණ අහන්න ඔට්‍ටු නැත.කොර වෙන ප්‍රශ්න ඇහුවත් සබ්ජට් එක දන්න අය ඉන්න හින්දා අහලා මං උත්තර දෙනවා වාගේ උත්තර දෙන්න පුළුවන්ය... හොඳම දේ නවසීලන්ත නිෂ්පාදන නොබී ඉන්න එකය...මං දන්න කෙනෙක් ඉන්නවාය...උජාරුවටද මන්ද තේ එකක් නම් ඇන්කර් නැත්නම් බොන්නේ නැතිය...කටේ තියෙන්නේ "මං බොන්නේ ඇන්කරි විතරමය"අනේ උන්දැගේ මුණ බලන්ට ආසය.



මුලාශ
පුවත්පත් සහ විෂය පිලිබඳ දැනුමැති මිතුරන් මඟින්...

පින්තුරය

20 comments:

  1. විශ්වාස කරන්න පුළුවන් තොරතුරු ටිකක් අගේට දීලා තියෙනවා. මාත් ඔය ගැන නොදන්න එකා උඹ දීපු ටිකෙන් හොද දැනුමක් අරගත්තා. ස්තුතියි ගයිජින්නා..

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට මෙහෙම දෙයකුත් වෙන්න ඉඩ තියෙනවා..වෙලඳපොළ තුල කිරි හිඟයක් ඇති වෙන්න..ස්මහර විට අනිත් කිරිපිටි වල මිල රොකට් වාගේ ගනන් යන්න පුලුවන්...

      Delete
  2. බැක්ටීරීයාවේ භයානක කම ගැන කිව්වට බොහෝම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ ලිපිය කියවලා තමයි හොයලා බලන්න හිතුනේ...

      Delete
  3. සල්ලි දීලා සිගරට් එකක් බොන එකෙයි කිරි එකක් බොන එකෙයි වෙනසක් නෑ වගේ.

    හීනියට දාපු අකුරුත් කලින් ගානටම දැම්මනම් හොඳයි අප්පා

    ReplyDelete
    Replies
    1. වෙනසක් නැත්තේ නැහැ.......කරුමේට හරි කිරි එකේ බඩු තිබුනොත් එතැනම තම්යි....

      Delete
  4. මාළුවල ෆෝමලීන්, එලවළුවල කෘෂිරසායන හාල්වල තව මොකක්ද මඟුලක් පොලොවෙන් එන වතුරෙත් වස විස හාල්මැස්සන්වල මැලතියන්, පැපොල් කෙසෙල්වල කාබයිඩ්.. ඔය ඔක්කොම විස කන ලංකාවෙ අයට ඕකත් විසක්ද කියල ලොක්කො කියයිද ?

    ReplyDelete
    Replies

    1. ඒකනේ ආණ්ඩුවත් දන්නවා වතුර ටිකක් නරක් වුන කියලා අවුලක් නැහැ කියලා.නැද්ද?

      වස විස ශරිර ගත වුනාම අභ්‍යන්තර ඉන්ද්‍රයන් වලට හානි වෙනවාලු..රටේ වෙන දේවල් වල හැටියට වැඩියෙන් හානි වේලා තියෙන්නේ මොළෙට වෙන්න ඕනෑ...

      Delete
  5. ස්තූතියි විස්තරයට...

    ලංකාවේ එලවළු වලට ගහන බෙහෙත් වල හැටියට අපි සෑහෙන වස විස ප්‍රමානයක් සල්ලි දීලා ඇඟට දා ගන්න විත්තිය මට තේරෙනවා...ඒ අස්සේ එලවළු වගේ දහ ගුනයක් ගනන් දීලා ගන්න කිරි පිටි ටිකෙනුත් වස විස අඟට දා ගන්න ගියාම මුණුපුරෙක්ව බලා ගන්න ඉන්න බැරි වෙයි වගේ....

    ReplyDelete
  6. පිස්සු හැදෙනව... දියර කිරි වලට මාරු වෙච්ච එක හොදයි වගේ කලින්ම....

    ReplyDelete
    Replies
    1. සැකසු දියර කිරි වුනත් කිරි පිටි භාවිතයෙන් වුනත් සකස් කරන්න පුළුවන් නිසා නිෂ්පාදකයාව ගැන හොයලා බලලා තමයි මිලට ගන්න ඕනේ...

      Delete
  7. මේ වෙලාවෙ ඔබගෙ මෙම ලිපිය හරියට වටිනව.
    පිටි කිරි නම් මට ලංකාවෙ ඉන්න කාලෙ ඉදලම අරහං.
    මම අවුරුදු ගානක ඉදල උදේ වරුවෙ ශිතකල ප්‍රෙෂ් ගොං වැස්සි කිරි ලීටරයක පැක් එකක් අමුවෙන් ඇදල අරිනව විනාඩි කීපයකින් වරින් වර.පස්සෙ තමා කෝපි බොන්නෙ.නැන්දම්ම කියනව අමු කිරි බොන්න එපා සෙම වැඩි වෙනව කියල.
    මට නම් එහෙම සෙම් ගතියක් තේරෙන්න නැහැ.සමහර විට රෑට බොන ඒවට සෙම කැපෙනව ඇති.
    හැබැයි මට හොදම සෙම් අමාරුව තිබුනෙ නැන්දම්මගෙ දෝණි පස්සෙන් යන කාලේ තමා.



    ReplyDelete
    Replies
    1. කවුරු හරි හදලා දුන්නොත් මිසක් මංනම් හදාගෙන තේ බොන්නේ නැහැ..

      දූවව දීලා නැන්දම්මා බෑනා පොඩ්ඩගේ සෙම අමාරුව නිට්ඨාවටම හොඳ කරලා එහෙනම්...

      Delete
  8. ඔබේ දැනුමෙන් නොවුනත්, මූලාශ්‍ර ඇසුරෙන් හෝ මෙවැනි ඉතා වටිනා, හරවත්, ලිපියක් ඉදිරිපත් කිරීම සබැඳිව ඔබට අතිශයින් ස්තුතිවන්ත වෙනවා. කාලීන වටිනාකමකින් යුත් ලිපියක්. අන්ධානුකරණයෙන් ගන්නේ නැතිව ඇත්ත තත්වය කුමක්ද යන්න දැනගැනීමට මෙවැනි ලිපි බෙහෙවින් ඉවහල් වෙනවා. නැවතත් ඔබට ප්‍රශංසා කරන අතරම, මේ පිළිබඳව තොරතුරු තවදුරටත් යාවත්කාලීන කරන මෙන් ඉල්ලනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අරුණි සහ මාතලන්ට තමයි ස්තුති කරන්න ඕනේ...

      Delete
    2. විචාරකගේ කතාව සහතික ඇත්ත.. මම සෑහෙන්න හිතලත් ඔය අදහස මට හරියට කියන්න බැරි උනා..

      Delete
  9. බොහොම වටිනවා.Whey ප්‍රෝටීන් කියන්නේ මොනවද කියලා බලබල හිටියේ

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි!

      Delete
  10. දැනුවත් කිරීම් වලට ස්තූතියි! මහන්සි වී ලියපු ලිපියක්...
    ඔය අරුණි ශපීරෝගේ ලිපිය ෆොන්ටෙරා වලට පක්ෂපාතී එකක්.ඒ සබැඳියාව අයින් කලොත් තමා වඩා හොඳ!

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට....
      සමබරතාවයටත් එක්ක අරුණිගේ ලිපිය තියෙන එක හොඳයි කියලා හිතනවා...ඔන්න දූලා ලිපිය්ත් එකතු කරන්නම්..

      Delete