a

Tuesday, February 18, 2014

මේ දවස් වල ජපානේ නිවුස්...සිංහලෙන්ම......

අද-පාන්දර
##බර්ලින් ජාත්‍යන්තර සිනමා උළලේ හොඳම නිළිය සම්මානය ජපන් චිත්‍රපටියකට##

යොජී යමදා අධ්‍යක්ෂකගේ "චීයිසායි ඕඋචී (小さいおうち) චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හරු කුරොකී බර්ලින් ජාත්‍යන්තර සිනමා
උළලෙදී හොඳම නිළිය සම්මානයට(Silver Bear for best actress) පාත්‍රවීය.මේම චිත්‍ර්‍රපටිය දෙවන ලොක යුද්ධයට පෙර ජපානය පසුබිම් කරගෙන නිපයුවකි.
බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙල , ලොව ප්‍රමුකතම සිනමා උළෙල ත්‍රිත්වයෙන් (කෑන්ස් සහ වැනීස)එකක් ලෙස සැලකේ.
චිත්‍රපටියේ නම සිංහලෙන් " කුඩා ගෙදර"(The Little House) මෙම චිත්‍රපටිය ජපානයේ ඉහළම සහිත්‍ය සම්මාන දෙකෙන් එකක් වන් නඕකී සම්මානය දිනාගත් ක්‍යකෝ නකජීමාගේ ඒම නමින්ම ඇති නවකතාව පදනම් කරගෙන සිනමාවට නැඟුවකී.පසුබිම 1930 දශකයේ ජපානයයි.
මෙම චිත්‍රපටිය පසුගිය මස ජනවාරි අග සිට ජපානේ සින්මා ශාලා වල ප්‍රදර්ශනය ඇරඹිණි.

ඊයේ-උදේ
"¥¥පළමු තැග්ග යෙන් බිලියනයක් BIG ලොතරැයිය,සීමිත කාලයක් සඳහා නැවැතත්!¥¥"

ජපාන ක්‍රීඩා කවුන්සිලය(Japan sport council,JSC) විසින් පවත්වාගෙන යන Big ලොතැරැයිය 678වැනි වාරය සඳහා පළමු දිනුම යෙන් බිලියනයක්(10億円)වේ.මෙම දිනුම් ඇදීම ජපාන වෘතීමය පාපන්දූ තරඟ කාණ්ඩායම් වල ජය පාරාජය අනුමාන කිරීම පාදක කරගෙන සිදු කරනු ලබයි,, 
මෙවර 678 වැනි වාරය සඳහා ලොතැරැයි පත් මෙම මස 15 වැනිදා සිට මාර්තු 1වැනිදා දක්වා ,Family Mart,Lawson ආදී කොම්බිනි වලින්ද මිළදී ගත හැක.

ඊයේ-හවස
###19වැනිදා 20 වැනිදා අතර නැවැතත් ටොකීයො ඇතුළු කන්තෝ පලාතට හිමපතනයක්?###

කාළගුණ ඒජන්සී වාර්තා දක්වන්නේ මේ මස 18 වැනිදායි පසුව,දකුණු දිග වෙරළ ප්‍රදේශය තුළ හට ගන්නා අවපීඩන කාළගුණ තත්වය නිසා කන්තො සහ තොහොකු පළාත් වලට නැවැත වරක් හිම පතනයක් හෝ වැසි තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.ඉදිරි දින කීපයේ කාළගුණ වාර්තා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාළගුණ ඒජන්සී වාර්තා දක්වා සිටියි.

මේන්න ලින්ක් ඒක....

හිරු නැඟෙන රටේ අපි


මේක පොඩි ෆෙස්බුක් පි‍ටුවක් ජපානේ පුවත් සිංහලෙන් යන...කරන 
කට්ටියනම් කියුවේ  සතියේ දවස් වල  කොහොම වුනත් 
සති අන්තේනම් වරද්දන් නැතිව අප්ඩේට් කරන්න  හිතන් ඉන්නවා කියලා....

17 comments:

  1. //ජපාන ක්‍රීඩා කවුන්සිලය(Japan sport council,JSC) විසින් පවත්වාගෙන යන Big ලොතැරැයිය 678වැනි වාරය //

    එක එක ආයතනවලට එහෙම ලොතරැයි පවත්වාගන යන්න අවසර තියනවද ඔහේ

    ReplyDelete
    Replies
    1. JSCඒක පුර්ණ ලෙස අධ්‍යාපන,සංස්කෘතික,ක්‍රිඩා ,විද්‍යා සහ වු හාක්ෂණ අමාතංශයේ අධික්ෂණය යටතේ පිහි‍ටු ආයතනයක් වන අතර ලොතැ‍රැයි නිකුත් කරනු ලබන්නේ ක්‍රිඩා සංවර්ධන කටයුතු සඳහා ලොතැ‍රැයි නිකුත් කිරිමට බලය පවරන 1998 නීති පනත යටතේය.සරලව කියුවොත් මේ ආයතනය ලංකාවේ සංවර්ධන ලොතරෙදැයි මණ්ඩලය වාගේ. ඒකම දේ මේ ආයතනයට මහජනතාවගේ ශාරිරික යොග්‍යතාවය පවත්වාගෙන යෑම,ක්‍රිඩා සංවර්ධනය සහ එම අංශ වල පර්යේෂණ කටයුතු වල යේදීමට සහ ජාතික ක්‍රිඩා සංකීර්ණ නඩත්තුව සහ පවත්වාගෙ යාම පැවරිලී තියෙනවා.
      හැබැයි ලොතැ‍රැයිය අදින්නේ ඔර්ජීනල් සුදූ ක්‍රමේට තමයි...මැච් ඒක දිනනවාද පරදිනවාද නැත්තම් සම වෙනවාද කියලා ඔට්‍ටු අල්ලනවා...

      (((අටම්ට රිප්ලයි ඒකක් දාන්න ගිහින් දෙසැරයක්ම වැඩේ අනා ගත්තා...මාගේ කොම්පීතරේ හි‍ටු කියලා අද පිස්සු කෙළිනවා999

      Delete
  2. දිගටම ප්‍රවෘත්ති දානවද? :)

    ReplyDelete
    Replies
    1. ඒ ෆෙස්බුක් පිටුවේනම් දිගටම නිවුස් දාවී,(සති අන්තයේ හරි නැත්තම් වැදගත් නිවුස් ඒකක් ගියොත්)
      මං මේ හිතුවේ සතියකට සැරැයක් "මේ සතියෙ නිවුස් " උපුටලා බ්ලොග් ඒකක් දැම්මනම් සතිපතා බ්ලොග් ඒක ලියුවා වාගේ නේද කියලා.

      Delete
  3. හොඳයි හොඳයි අඩුවකට තිබ්බෙ ජපන් නිව්ස් විතරයි,දැන් එකත් හරි,ඒක නෙවෙයි ගයිජින් කියන එකේ තේරුම කොහොමද.

    ReplyDelete
    Replies
    1. ගයිජීන් කියන ඒකේ සරලම තේරුම "විදේශිකයා".හැබැයි ඒ වචනේට පොඩි උප සංස්කෘතියක් තියෙන

      Delete
  4. බ්ලොග් ඒක පාළු වෙන්න දෙන් නැතිව මොනවා හරි ලියහන් බන්.
    ඔය නිවුස් ලියන වැඩේට මාවත් සෙට් කර ගනින්. මෙහෙම හිටියට මාත් නික්කේයි කියවන බඩුකාරයෙක්.

    ReplyDelete
    Replies
    1. එළකිරි! අපිත් මේ ලියන්න කට්ටිය募集中තමයි...
      ඩිරෙක්ට් පොස්ට් කරන්ඩ...

      Delete
  5. ඒක හොඳයි ගයිජින්... ජපන් විස්තර සිංහලෙන්ම බලන්න එන්නංකෝ ආයේ.

    ReplyDelete
  6. හොද වැඩක් මචෝ...උඹට මම කියන්න හදලත් වරදක් හිතයි කියා හිතල කිව්වේ නැහැ බං .
    ජය වේවා....!

    ReplyDelete
  7. thanks ..නියමයි වැඩේ ..

    ReplyDelete
  8. good work :) :) kohomada awrudu???

    ReplyDelete
  9. ගයිජින් . . .විදේශිකයා . . !!!
    මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කර ගන්න විදිහක් තාම නැතුව ඇති නේහ් :D

    ReplyDelete
  10. ඔයා ලියන්නේ නැද්ද අනේ, අලුතෙන් මොනාහරි ලියන්න, ජපානේ මොනාහරි දෙයක් ,

    ReplyDelete
    Replies
    1. මොනවා හරි කොටන්නම්කො....

      Delete