a

Monday, March 19, 2012

ඇපල් වසන්තය තව කොයි කාලෙකටද?



|ඇපල් ස්ටොර් හොංකොං|
පහුගිය පොස්ට් ටික මංම කියෙවුවාම(කවුරු නොකියුවාත් මං හරි කියවනවා මං ලියන බ්ලොග්)ඇපල් සමාගමට කඩේ ගියා වැඩිද මන්දං කියලා හිතුනා.Android  තියේනං ජිවීතේ මල් කියං හිතන් ඉන්න මාගේ යාළුවෙකුගේන් iosවල තියෙන දුර්වලතා ගැන මට පැය භාගයකම(මේව්වා සිංහල පැය..අර රබර් වාගේ ඇදෙන එව්වා)ලෙක්චර් එකකට ඇහුම් කන්දෙන්න වුනේත් ගිය මාසේ.ඒ කොහොම වුනත් කොල්ලා නම් තාම කැමති ios device වලට තමයි. ඇපල් සමාගම ගැන මට තියෙන ලොකුම නොක්කඩුව තමයි හදන බඩු පට්ට ගණන්නේ!හෙට අනිද්දාට විතර අයි ෆොන් ගැනම පොස්ට් එකක් ලියන්න ඔනේ.
රයිට්! ඔන් එහෙනම් මං මාතෘකාවට බහිනවා "අටලෝ දහම සහ ඇපල්"
මිනිස්  ජිවීතේ වගේ තමයි ඔය ලොකු ලොකු කොම්පැනි වලටත්  අටලෝ දහමේන් ගැලවෙන්න බැ.දැන් බලන්න අපි පොඩි කාලේ SONY හරි නැත්නම් National හරි බැන්ඩ් එකේ ටී.වී. තමයි හොඳම එවුවා කියලා සැලකුවේ. ඒ කාලේ ඉතිං ඒ සමාගම් වලටත් කරල පැහිලා තිබුනේ., මෑ තක් වෙනකම්ම ගෙදරට ඔන කරන ටී.වී. එකේ ඉඳන් මුළුතැන්ගෙයි පාචිච්චී කරන ගෘහ උපකරණ වලයි ආධිපත්‍ය තිබුනේ ජපන් සමාගම් වලට වුනාට අද වෙද්දී මොකද වෙලා තියෙනේ.අනේ අනිචං කියන්න Sony සමාගමයි ඉස්සරහ National බැන්ඩ් එකේ රුපවාහිණි හදපු Panasonic සමාගම විතරක් නෙමයි. Sharp සමාගමත් රුපවහිණි නිෂ්පාදන  ක්ෂත්‍රයේ හොස්ස බිම ඇනගෙන ඉන්නේ! Sony සමාගමට මේ අවුරුද්දේ පත් වෙලා එන අළුත් ලොක්කා සමහර විටකොරියන් කාරයොන්ට ගෙඩි පිටින් දිනුම දිලා ටී.වී. හදන වැඩේ අත හැරලා දාන්නත් ඉඩ තියෙනවාවැඩේ අත උඩින්ම පාඩු වෙලා වැලේ වැල් නැතිව ගිය නිසා තමයි Panasonic සමාගම ගිය අවුරුද්දේ තමන්ගේ උප සමාගමක් වුන Sanyo සමාගම චීනේ Haier සමාගමට විකුණලා දැම්මේ.
ඔව්වා විතරද 90 අග භාගේ රජ වෙලා වාගේ හිටිය බිල් ගේට්ස් මහත්තයාගේ Microsoft සමාගම වුනත් දැන් ඉස්සර තරම් සද්දයක් නෑනේ.බලමුකෝ Windows 8න් වත් ආපහු ‍ෆිල්ඩ් එකට බහිද කියලා.එතකොට ලොකේ මුල්ම ජංගම දුරකථනය නිපදවු Motorola සමාගම එකත් ඉතිං  ස්මාර්ට් දුරකථන සමාජගත වෙද්දී එව්වා එක්ක දුවන්න පුළුවන් රියල් බඩු වෙළඳ පොළට දා ගන්න බැරිවුන එකෙන් වුනේ ගෙඩි පිටින් Googleට විකිණෙන්න සිද්ද වෙච්ච එකනේ!.
ඔය මැදැ ඒ කාලේ රජ වෙච්චි දැන් වැලේ වැල් නැති සමාගම් ගැන!නැත්තම් ඒ කාලේ ලොකු සද්ද දාගෙන ඉඳලා දැන් වැඩි සද්දයක් ඇහෙන් නැති සමාගම් ගැන ලියන්න ගියොත් අද මං ලියන්න හිතන් ඉන්න එක ලියන්න වෙන්න නෑ!
දැන් මේකයි මට තියෙන ප්‍රශ්ණේ ඇපල් සමාගම මේ පාර කෙලව ගන්නේ කවදාටද? කොහොමද? කියන එකයි.

අද වෙද්දී ඇපල් සමාගම ඉන්නේ ලොකේ ඔනෑම කොම්පැනියකට ඉරිසීයා හිතෙන තැනක කියෙන එක ආපහු අළුතෙන් ලියන්න ඔන දෙයක් නෙමයි.මාර්කට් එකට මොනවා දැම්මත් උණු කැවුම් වාගේ පොරකකා ගන්න මිනිස්සු ඉන්නවා!අර හින්දි නළුවන්ට පණ දෙන්න ලැහැස්ති ටයිප් ප්‍රේක්ෂකයෝ ඉන්දියාවේ ඉන්නවා වාගේ(ඔන්න ඔහේ ලංකාවේත් හිටියා,දැනුත් ඉන්නවාද මන්දං කියන කැල්ලත් එකතු නොකොලොත් හොඳ නෑ වාගේ)ඇපල් සමාගම ගැන භක්තියෙන් අදහන එවුනුත් ලොකේ පුරා ඉන්නවා ,නැත්නම් ඉතිං ඔන්ලයින් ස්ටෝර් එකෙක් ඔඩර් කරලා හවස 2,3 වෙද්දී ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කම තියෙද්දී දවස් 2ක් විතර කලින් ඉඳන් ඇපල් ස්ටොර් වල  පොළිම් වල ළගියැ! (මේ දැන් හිතුන දෙයක්භක්තියේ උපරිමයේ ඉන්න ඉන්දියානුවන් ඇපල් ඩිවයිස් ගැන කොහොමද හිතන්නේ කියල හොයලා බලන්න ඔනේ. ඉන්දියාව තුළ ඇපල් නිෂ්පාදන භාවිතය කොහොම වුනත් ඇපල් සමාගම ‍රැඳිලා තියෙන තිරයෙන් පිටිපස්සේ තියෙන ලොකුම කණු දෙකෙන් එකක් තමයි, ඉන්දියනු මුදුකාංග ඉජිනේරුවන් අනිත් බලකණුව තමයි තයිවාන් හර්ඩ්වෙයර් නිෂ්පාදන සමාගම්)

|AAPL කොටස් අගය  අනාගත ප්‍රක්ෂේපනය |
ඒ වාගෙම අද ලොකේ වටිනාම සමාගම තමයි ඇපල් සමාගම.NASDAQ ඇමරිකානු කොටස් හුවමාරුව තුළ බැලුවාම අද AAPL ලෙස දැක්වෙන ඇපල් සමාගමේ අද වටිනාකම ඇමරිකනු $ 587.57 ක් ලෙස,එය මේ දක්වා සමාගමක් වාර්තා කල ඉහලම අගයක් ලෙසයි දක්වනු ලබන්නේ.1999 වසරේදී Microsoft සමාගම වර්තා කල $583  ඉහලම අගය ඉක්මවා යාමක්.අනිත් අතට ඇමරිකාව කවදත් ලෝක වෙළඳපොළ තුළ වැඩියෙන්ම උපයන්නේ තෙල් සහ ගෑස් හරහානේ!සමාන්‍ය කොටස් වෙළඳ පොළ තුළත් ඉහල කොටස අගයක් ලෙහෙසියෙන්ම වාර්තා කරන්නේ තේල්/ගෑස් සමාගම් තමයි.පහුගිය වසර පුරාවටමතෙල් සහ ගෑස් සඳහා ලොක ව්‍යාප්ත මහා පරිමාණ බහු ජාතික සමාගමක් වුන ExxonMobil සමාගම තමයි වැඩිම කොටස් අගයකට හිමිකම් කියුවේ.තේල් වලට වැඩිය IT වලට මුදල් අයෝජනය කරන එක වැඩි පුර ලාභයි කියලා ඒත්තු ගන්වන්න පුළුවන් වෙචච නිසා මේ වසරෙදී ඇපල් සමාගම ඉහලම කොටස් අගයක් වාර්තා කරලා 2000න් Microsoft සමාගමේන් පස්සේ ITසමාගමක් ලෙස කොටස් වෙළඳ පොළේ මුල් තැනට ආවා.
මං ඔය කලින් ලියපු කරණා ටික ලියුව්වේ ඇපල් සමාගම දැන් ඉන්නේ බිස්නස් මධුසමයේ උපරිමයේ කියලා කියන්නයි.තෙල් හරි ගෑස් නම් ඔය ඉදළා හිටලා වෙළඳ පොළ තුළ පොඩි පොඩි කඩා වැටීම් වුනාට වාහන වතුරේන් දුවන තාක්ෂණයක් හොයා ගන්නකම්  භය නැතිව විකුණන්න පුළුවන් බඩුවක් වුනාට ඇපල් ලා විකුණන දේවල් එහෙම නෙමයි.අයි ෆොන් හරි මැක්බුක් හරි අනිත් ඒ වාගේ තරඟකාරී භාණ්ඩ එක්ක සැහෙන්න ගේමක් දිලා පරිභොගිකයාගේ මන දොළ පිනවන්න සමත් වුනොත් විතරයි සමාගමට අල්ලලා හිටින්න පුළුවන් වෙන්නේ. නැතනම් කලින් සැරේ පරිගණ හදන්න ගිහින් IBM  සහ Microsoftලා නිසා  ඇපල්ලාට වුනු සන්තාසියම වෙන්න ඉඩ තියෙනවා.
මෙතනදි අපි හිතමු ඇපල්ලාගේ මධුසමය තව කාලයක් අවුලක් නැතිව අල්ලලා හිටියි කියලා,එහෙමනම් අපිට මේ අවුරුද්දේ හයවන පරම්පරාවේ අයි ෆොන් එක නිකුත් වෙද්දී ඇපල් කොටස් අගයන් $750 පනින්නත් ලබන අවුරුදේ අග වාගේ වෙද්දී $1000 ඉක්මවා යන්නත් ඔනේ.ලොකේ සිහින සමාගම වෙන්න ඇපල්ලාට පුළුවන් වෙනවා විතරක් නෙමයි.තව දශක ගණනාවකට බිස්නස් ගැන උගන්වන ගුරුවරුන්ගේ පරමාදර්ශ මොඩල් එක වෙවි.හැබයි ප්‍රශ්ණේ තියේන්නේ අයි ෆොන් එක හයවන පරම්පරාව වෙන එක .ඔනෑම දෙයක් දිර්ඝ කාලීනව භාවිතා කරද්දී එපා වෙලා යන එක කොහොමත් මිනිස් ස්වභාවේනේ.ඉතිං එක අයි ෆොන් වලටත් පොදුයි කියලා සැලකුවොත් හැම අවුරුද්දෙම අළුත් අළුත් නිෂ්පාදනයක් එළියට දැම්මත් එව්වා හැම එකක්ම ගන්න සල්ලියි ත් තියෙන්න එපයි.අඩු වැඩි නැතිව පස් වර්ගයකට කිට්‍ටු වෙන අයි ෆොන් දැකලා හරි පාවිච්චී කරලා හරි තියෙන පාරිභෝගිකයෙක්ට හයවන පරම්පරාවේ අයි ෆොන් එකත් මිලට ගන්න පොළබවන්නනම් එකේ සැහෙන්න වැඩි දියුණුවක් තියෙන්න ඔනේ. 4s එකට වැඩිය පොඩ්ඩක් විතර අංගයක් 2ක්  වැඩි දියුණු කරපු බඩුවක් මේ අවුරුදේ වෙළඳ පොළට දලා මාර්කට් කරන්න පුළුවන් වෙයිද?ඔන්න ටිම් කුක් මහත්තයාගේ බෙල්ල ගහලා යන තැන.(වාර්තා දක්වන පරිදි 2012 මුල් කාර්තුව තුළ අයි ෆොන් ලෝ පුරා  මිලියන 37.04ක් විකිණි අවසන්ය.2012 මැද හෝ අග වෙළඳ පොළට නිකුත් වෙතැයි උපකල්පනය කරන 6 වන පරම්පරාවේ අයි ෆොනයට මේ  අගයන් ඉක්මවා යන්න හෝ ඊට ආසන්න අගයක් වාර්තා කරන්න සමත් වේද?)
වැඩේ  හිතුවාට වැඩිය ඇදෙන පාටයි නිසා අදට මෙතැනින් නතර කරලා, කොහොමත් ඔනවාට වඩිය දිග ලිපි කියවන්නත් අමාරුනේ. ඊ ළඟ පොස්ට් එකෙන් ලියනවා අළුත් අයි පැඩය සමග ඇපල් මුහුණ දෙන අළුත් අභියොගතා සහ ඇපල් චීන කම්හල් තුළ කම්කරු ගැටළු ගැන.

පින්තුර
|ඇපල් ස්ටොර් හොංකොං| 

3 comments:

  1. iPhone4 එකක් ලේසියෙන් හදාගන්න හැටි අපේ පැත්තට ඇවිල්ල බලන්න...මම යූස් කරන්නේ මේකක්....

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දරම ඔබ නොදු‍ටු ලොවක් පැත්තේ
      කරක් ගහලා තමයි ආවේ.
      එළ පොස්ට් එක

      Delete
  2. My life as a Gajini!, තවම අළුත් බඩුනෙ, වැඩි කලක් නොගිහින් වැඩි පිරිසක් ගන්න කොට ගණන් අඩුවේවි!

    ඔබ නොදුටු ලොවක්, ඔව් මාත් ඒ පැත්තෙ ගිහින් බැලුවා. ඇපල් වලට හැදිච්ච අනිත් දේවල් ගැන සටහනක් ලියන්න හිතුවාට දැන් එකතු වෙලා තියන ලිස්ට් එක දිග වැඩිත් කියලා හිතෙනවා.

    ReplyDelete