a

Tuesday, April 10, 2012

නොකියා,දැළි පිහියෙන් කිරි කයි?


පින්ලන්ත නොකියා සමාගම පසුගිය  8 වැනිදා නව Lumia 900 ස්මාර්ට් දුරකථනය වෙළඳ පොළට නිකුත් කිරීමත් සමග නැවතත් ඇමරිකානු සෙලියුර් වෙළඳපොළ තුළ සක්‍රීය විම ඇරඹුනි.ඒ නමුදු වර්තමානයේ ඇමරිකානු ඇපල් සමාගම සහ කොරියානු සැම්සන් සමාගම වෙළඳ පොළ තුළ හිමි කරගෙන තිබෙන අධිපත්‍යය සලකා බැලු විට,නොකියා සමාගමට දැවැන්ත තරඟකාරිත්වයකට මුහුණ දීමට සිදු වේතැයි උපකල්පනය වේ.

මෑත කාළිනව, නොකියා සමාගම විසින් වෙළඳ පොළට නිකුත් කරන ලද දුරකථන සමග බැලු විට ප්‍රමුඛම දුරකථනය ලෙස සැලකිය හැකි lumia 900වින්ඩෝස් මෝබයිල් මෙහෙයුම් පද්ධතිය තුළ ධාවනය වන, 4 වන පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය වන LTE පහසුකමින් සමන්විතය. ඇමරිකාව තුළ දෙවැනියට විශාලතම සේලියුලර් ජාලයට හිමිකම් කියන AT&Tහරහා මෙම නව ස්මාර්ට් දුරකථනය අලෙවි කරනු ලබේ.
ඇමරිකාව තුළ ඇමතුම් සැලසුමත් සමඟ ඩොලර් 99.99 මිල කර ඇති අතර එය ඇපල් අයිෆොන් මිලෙන් අඩකට වඩා අඩුය.ඇපල් සහ ගුගූල් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා දැඩි තරඟයක් එල්ල කිරීම අපෙක්ෂාවෙන් මෙම ලාභදායි මිල ගනන් නියම කර තිබේ.
ඇපල් සමාගම අයි ෆොන් නිකුත් කිරිමත් සමඟ ලෝක ජංගම දුරකථන වෙළඳ පොළ ඇමරිකානු වෙළඳ පොළ තුළ සාර්ථකත්වයට පත් වන මොඩෙල පමණක් ජනප්‍රිය වන අයුරින් වෙනස්ව තිබේන බැවින් නොකියා සමාගමේ නව නැගීටිම තිරණය වන සාධකය බවට Lumia 900 දුරකථනය පත්ව තිබෙන බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ මතයයි.
අති සාර්ථක ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියක් ලෙස වින්ඩෝස් සඳහා කිර්තීයක් නොමැතිවිමත් ඇපල් සහ සැමුසන් සමාගමේ දැවැන්ත තරඟකාරීත්වය මතත් Lumia 900 දැවැන්ත අලවියක් පෙන්නුම් නොකරනු ඇතයි  බොහෝ පිරිස විශ්වාස කරයි.පලමු මාස 3 ඇතුළත අලෙවි කිරිමට අපේක්ෂිත සංඛ්‍යාව 680000වුවද එම ඉලක්කය සපුරා ගනු ඇතයි විශ්වාසය පළකරන්නන්ද අල්පය.
පසුගිය වසරේ ඔක්තොම්බර් නිකුත් වු අයි ෆොන් 4S මුල් දින 3 පමණක් 4000000ක් අලෙවි වු අතර එම කාර්තුවේ AT&T නව දුරකථන සැලසුම් 7600000 අලෙවි කර තිබුනි.
නොකියා සහ මයික්‍රොසොෆ්ට් සමාගම් Lumia900 අලෙවි වැඩසටහන් සඳහා දැවැන්ත මුදලක් අයෝජනය කර ඇති අතර පහල මිලකට අලෙවි කරන බැවින් දැවැන්ත ලාභයක් අපේක්ෂා නොකෙරේ.නොකියා සමාගමේ අරමුණ වි ඇත්තේද ලාභය වර්ධනය කර ගනු වඩා වැඩි සංඛ්‍යාවක් විකුණා වින්ඩොස් නොකියා දුරකථන භාවිතා කරනන නව පාරිභොගික ජාලයක් ගොඩ නගා ගැනීම බව දැක්වේ.
නමුදු නොකියා කලමනාකරණ කඩා වැටමින් තිබෙන මෙම අවස්ථාවේ,අව මිලට දුරකථන නිකුත් කිරීම සමාගම දැවැන්ත අවදානමකට මුහුණ දීමකී.2007 වසරට පෙර ලෝක ජංගම වෙළඳ පොළ තුළ දැවැන්නත හිමිකමක් දැරු නොකියා සමාගම අද වන විට සිය අදායම 80%කින් අහිමි කරගෙන සිටියි.
අද සවස වන විට ඇමසන් ඇතුළු ජාලගත වෙළඳ දත්ත අනුව Lumia900 ඉහළ ජනප්‍රිය අලවියක් පෙන්නුම් කරන බව දැක්වේ.AT&T සමාගම නුදුරු දිනයකම තම අලවි වාර්තා ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිතය.


පින්තුරය
http://www.kddi-ri.jp/blog/dan/wp-content/uploads/2012/04/Lumia07.png

මුලාශ්‍ර
"සන්කෙයි ෂින්බුන්"


6 comments:

  1. වැදගත් පෝස්ටුවක්...

    ReplyDelete
    Replies
    1. package eka nethuwa gannawanam ehth dolar 99.99 da?

      Delete
    2. 99.99ට දෙන්නේ අවුරුදු 2ක පැකෙජ් එකත් එක්ක.
      අනිවාර්යෙන්ම ෆොන් එක විතරක් ගන්නවානම්
      ගණං ඊට වැඩි වෙන්න ඔනේ. දැනට මම දැක්කේ
      Clove UK blog එක එංගලන්තේ පවුම් 405ක් වෙයි කියන
      එක විතරයි.ෆොන් එක විතරක් විකුනන http://www.expansys.jp/ලා
      තාම මිල දක්වලා නැහැ.UKවලට වඩා ජපානේ මිල අඩු වෙන්න ඔනේ,
      මොකද ජංගම දුරකථන ආනයන බදු වලින් නිදහස් භාණ්ඩයක් නිසා.

      Delete
  2. interestng to see the fate of nokia!

    ReplyDelete
    Replies
    1. Someone will buy Nokia, maybe someone like Microsoft………………

      Delete
  3. මට දුකයි Nokia ගැන.

    ReplyDelete