a

Wednesday, May 16, 2012

ඇපල් ‍යන්නෙත් සොනි ගිය පාරේමද?...........


ඇපල් සමාගම ගැන ඇමරිකානු Forrester සමික්ෂණ සමාගමේ ප්රධාන විධයක ජොර්ජ් ක්ලොනි මහතා සිය බ්ලොග්
අඩවියේ පළ කල "ඇපල් = සොනි "ලිපිය මෑත තාක්ෂණ ක්ෂේත්රයේ වඩාත් කතා බහට ලක් විය.මේහිදී ඒ මහතා , ස්ටීව් ජොබ්ස් නැති ඇපල් සමාගම තව වසර 2කත් 4 ක් ඇතුළුව කඩා වෑටෙන බවට අනාවැකි පළ කරයි.ක්ලොනි මහතා ස්ටීව් ජොබ්ස්ගේ මරණයත් සමගම ඇපල් සමාගමට අහිමිව ගිය සාධක 3 ක් පිළිබඳව අදහස් දක්වයි.
ඉන් පළමු වැන්න,සමාගම ඉලක්ක වෙත ගමන් කරවීම සඳහා එක්සත්ව තබා ගත් සේවකයින්ගේ කාර්ය සාධනය ඉහළ නැන්වීමට දායක වු අශ්චාර්යාදායක නායකත්වය.දෙවැන ලෙස ඔහු ගෙන හැර දක්වන්නේ දැවැන්ත අවදානම්ක් වුවද ගැනීමට දැක්වු හැකියාව සහ තුන් වෙනුව මනා අනාගත දෑක්මකින් යුක්තව ගැජට්ටු සැලසුම් කිරිමට සහ නිර්මාණය කිරිමට තිබු අසම සම හැකියාව.
සරළව ක්ලොනි මහතා දක්වන අදහස පෙළ ගැස්සුවොත් "ඇපල් සමාගමට සාමන්ය ඉක්මවා ගිය ආකර්ෂණිය නායකතවයක් නැතිව ගොස් ඇත" ලෙස දැක්විය හැකිය.වර්තමාන ඇපල් CEO ටිම් කුක් මහතාට ස්ටිව් ජොබ්ස්ට වාගේ reality distortion fieldsවාගෙ හැකියාවක් නැති බව සත්ය වුවත් ක්ලොනි මහත ගෙන හැර දක්වන පරිදි ඇපල් පුර්ණ ලෙස නායකත්වය අහිමිව අනාථ ව ඇත යන්න සත්ය නොවන බව මේවර Wired සඟරාව පවසයි.ක්ලොනි මහතා පවසන පරිදි ජොබ්ස්ගේ මරණය නිසා ඇපල් විධායක නිළධාරීන් විසින් තම විශේෂ ඉන්ද්රජාල පරිපාලකයා ගේ අනුප්රාප්තිකයා ලෙස CEO තනතුරට කුක් මහතාව පත් කර ගත් ලෙස දක්වන අදහස නිවැරැදි නොවේ.කුක් ව ඇපල් අනුප්රප්තිකයා ලෙස තොරනු ලබන්නේ ඇපල් විධායක කමිටුව විසින් නොවු බවත් එය ජොබ්ස්ගේ තිරණයක් මත සිදු බවත් ජොබ්ස් විසින් තම අනුප්රප්තිකයා ලෙස කුක්ව ගෙන එනු ලබන්නේ කුක්ද සුවිශේෂි ඉන්ද්රජාල හැකියාවක් ඇත්තෙකු ලෙස ජොබ්ස් දුටු නිසා බව wired සඟරාව තව දුරටත් පවසයි.
අපුර්ව හැකියාවගෙන් අනුක්ත වු ජොබ්ස් සමඟ සංසන්දනය කරන විට කුක් දැවැන්ත චරිතයක් ලෙස නොපෙනුනත් ඇපල් සමාගම අනාගතයට ගෙන යාමේ ශක්තිය ඔහු සතුව නැතැයි කිව නොහැක.මන්ද පසුගිය දශකය පුරා ඇපල් ලැබු සාර්ථකත්ව සියල්ල පිටුපස කුක් සාධකය ප්රබලව සඳහන්ව පවතින නිසාය.ඇපල් සැපයුම් ජාලය ශක්තිමතව ගොඩනඟා ඔනැම ප්රමාණයක යුනිට් ප්රමානයක් වුවද විගසින් නිකුත් කල හැකි තත්වයට ගෙන එම ඒ සඳහා හොඳම උදාහරණයයි. විවිධාකාර වු සැපයුම් සමාගම් සමග මනා කලමනාකරණය කුක්ට ඇපල් සමාගම එහි සේවකයින් සමග මනාව පාලනය කරගෙන් යාමට ඇති හැකියාව විදහා දක්වන ප්රමුඛ කරුණ වන බව බොහො දෙනෙකු විශ්වාස කරයි.


ඇපල් අනාගතේ කුක් යනු එක් කෙළවරක් පමණි.අනාගත දර්ශනයකින් නව ගැජට්ටු සැලසුම් කිරිමට ජොබ්ස් නැතිව කල නොහැකි ලෙස දක්වන ක්ලොනි මහතගේ අදහස නිකම්ම අර්ථ ශුනයය.ඇපල් ප්රධාන නිෂ්පාදන සැලසුම්කරු ජොනසන් අයිව් තවමත් ඇපල් සමාගමේ සේවය කරන බව wiredසඟරාව ක්ලොනිට මතක් කර දෙන්නේ මේ ජොනසන් අයිව් යනු ජොබ්ස්ේ අධයාත්මක සහකරු ලෙස හඳුන්වන පුද්ගලයාය.ඔහුව කුක් හා සම තත්වයේලා සැලකිය හැකිය.
ඇපල් කවදා හො බිඳ වැටෙයි යන්න කවදා හො හිරු නැගෙනහිරෙන් නොපායන දවසක් උදා වේයි හා සමාන කථාවකට අඩු වැඩි නොවේ.ක්ලොනි මහතා දක්වන ඇපල් නැති වෙන දවස හෙට අනිද්දා වේ යැයි යන්නද මුලික කරුණු පාදකව කල්පනා කලද විය හැකිසම්භාවිතාවය ඉතා පහළය.

ජොබ්ස්ගේ නික්ම යාම යනු ඇපල් වසන්තයේ අවසානය නොව නව ඇරඹුමකි.ඒ ජොබ්ස් විසින් ඇපල් අනාගතයද සැලසුම් කර නික්ම ගිය නිසාය.
TEXT BY LEANDER KAHNEY
Wired newsඇසුරෙන්.http://wired.jp/2012/04/28/opinion-kahney-apple-sony/
Picture  https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgY6KEEQ77gP6-me1Ov5w7YGv59THi1PI9bpjmNEs4ddr-uUijJf22ImA3ktbu6jo1CwqxqHRw-Cr6uQtMl4iR9pB7hyapXDY3kULxuE4efP1xEee-ksXlkLT5rzv-h_ChU4AtdEWuR/s1600/Tim-Cook.jpg

8 comments:

  1. ස්ටිව් ගේ තැන ගනන් නම් ඉතින් කාටවත් බැරිවෙන්න පුළුවන්. නමුත් ​ජොනතන් තාම ඉන්න නිසා ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි කියලා හිතන්න පුළුවන්. එවගේම ටිම් ඔහුන්ගේ සියලුම ජාලයන් ගැන සෙවිමක් කරනවා. මට නම් තිබෙන ප්‍රශ්ණය එක් නෙමෙයි. මෙ තරම් ඉක්මනට Os වගේම එක එක මාදිලියේ උපකරණ එම ඉක්මන් වැඩිද කියලා.

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත.දැන් අයි ෆොන් වුනත් අයි පැඩ වුනත් අවුරුද්දට එක ගානේ එනවානේ.
      60,70දාහක් යට කරලා අවුරුදක් යද්දී ඊට වැඩිය හොඳ එකක් ආවත් ගන්න පුළුවන් අර්ථික හයියක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද? ඒ වාගේම ගැජට් වැඩි වේලා දැන් "Gadget Fatigue"කියලා එකකුත් ඇවිත්.

      Delete
    2. Apple වලට හපන් Samsung එහෙම, මදුරුවෝ පැටව් ගහනවා වගේ අලුත් Phones/Tablets එලියට දාන්නේ

      Delete
    3. ඇත්ත!ඇත්ත දැන් ගැජට්ටු වෙළඳපොළ තුළ මාර තරඟයක් තියෙන්නේ

      Delete
  2. අනේ සෝනි.... එකත් බංකොලොත් වුනානේ, ඇපලුත් නැති වෙනව.....සෝනි නැතිව වෙන මොනවද

    ReplyDelete
    Replies
    1. Yeah, me too prefer Sony than Apple :)

      Delete
    2. සොනි ආපහු ඔළුව උස්සන්න ඉද තියෙනවා කියලා හිතනවා.ඊ ලඟ ලිපිය සොනි ගැන තමයි ලියන්න හිතන් ඉන්නේ.

      Delete
  3. kauru kohoma kiuwath mama nam hithanne apple watenne na

    ReplyDelete