a

Monday, June 11, 2012

ඇපල් WWDC 2012 සඳහා සියල්ල සුදානම්.......


ඇපල් සමාගම විසින් වර්ෂිකව පවත්වනු ලබන නව මෙහෙයුම් පද්ධති සහ  උපාංගයන් පිළිබඳව තක්ෂණික තොරතුරු ආදිය   ඇපල්  සංවර්ධකයින් සඳහා එළිදක්වන WWDC: ලොක ව්‍යප්ත සංවර්ධකයින්ගේ සමුළුව )සමුළුව 11 වන දින සිට(ඇමරිකානු වේලාවේන්) ඇරඹිමට නියමිතය.මෙවර සමුළුව සැන් ෆැන්සිකෝ නුවර Moscone West Convention Centerහි පවත්වනු ලබයි. සමුළුව 15 වැනිදා දක්වා පවත්වනු ලබයි.
මෙවර සමුළුව තුළ ඇපල් එළි දක්වනට නියමිත කරුණු පිළිබඳව 9to5Mac  වෙබ් අඩවිය මෙලස දක්වයි.


ios6
අයි ෆොන්/අයි පැඩ් ආදිය සඳහා වන ios මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරනය  ලෙස 6 වන සංස්කරණය එළිදැක්වීමට ඇපල් සමාගම සියල්ල සුදානම් කර ඇති බව 9to5Mac දක්වන්නේ WWDC සඳහා ශාලාව සකස් කරන්නන් විසින් එල්ලන ios6 බැනරයක පින්තුරයක්ද තම වෙබ් අඩවියේ දක්වමිනි. අළුත් ios  සංස්කරණයේ වෙනස්කම් ලෙස බලාපොරෝත්තු විය හැක්කේ මේ දක්වා අයි ෆොන් ආදියේ භාවිතා කරමිනින් සිටි Google Maps වෙනුවට ඇපල් තමන්ගේම  සිතියම් මුදුකාංගයක් එළිදක්වන ඉඩ වැඩි බවයි.ඇපල් සමාගම විසින් මේ වන විට සිතියම් මුදෘකාංග සංවර්ධනය කරන සමාගම් ලෙස ප්‍රචිලිත Placebase,Poly9 ,C3 Technologies යන සමාගම් ත්‍රිත්වයම මිල දී ගත්හ.මින් C3 Technologies සමාගම 3D සිතියම් සඳහා ප්‍රකට බැවින් මෙවර ඇපල් නව සිතියම් මුදෘකාංගය ත්‍රිමාණ සිතියම් පහසුකම සහිත විය හැකිය.

FaceBook ios 6 හි ප්‍රධාන මෙනුවට........
 ios 5  සමග twitter  එකීයකරණයවු(integration)  ලෙස මේවර Facebook ද එක් වනු ඇති බව දැක්වේ. මින් මේ දක්වා ios  මෙහෙයුම් පද්ධතියෙන් බැහැරව WEB තුළ Log in/Log off අවශ්‍ය වු මේ මුදෘකාංග සඳහා මින් ඉදිරියට ios තුළම අදාල සමාජ සේවා අඩවි පාලනය ක්‍රියාත්මක කරවීමට හැකි වනු ඇත.

චීන සෙවුම් යන්ත්‍රත් iosයට
Baidu චීන සෙවුම් යන්ත්‍රය ios 6 හි ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක ලෙස භාවිතා කිරිමට හැකි වනු ඇත.

Siri අයි ෆොන් 4S එකාධිකාරය බිඳ වැටේ ...
Siri කථන පාලකය නව ios 6 සමඟ අයි පැඩ් වලද භාවිතා කිරිමේ පහසුකම ලැබෙනු ඇත.


Stores  අළුත් මුහුණුවරකින්...
iTunes Store,App Store,iBook Store  අදිය නව මුහුණුවරක් ගනු ඇති බවටද අදහස් දක්වන්නන් සිටියි.iCould  ද නව මුහුණුවරක් ගනු ඇති බව ප්‍රකශිතය.

නව පරම්පරාවේ MacBook Pro එළි දකියි...
දෘඩාංග පැත්තෙන් බොහෝ දෙනා නව මොබයිල් ගැජට්‍ටුවකට වඩා නව සංස්කරණයක MacBook Pro  ලැප්ටොප් පරිගණක එළි දක්වනු ඇති බව සඳහන් කරයි.මෙම නව පර්ගණකය වඩාත් සිහින් සැලසුමකින් සහ නව අයි ෆොන් සහ අයි පැඩ් සඳහා යොදාගත් `Retina Display` තිරයකින් සමන්විත බව දැක්වේ.
 ඔය කරුණු කීපය තමයි 9to5Mac වෙබ් අඩවිය මෙවර WWDC  හි  එළි දක්වීමට වඩාත් ඉඩ ඇති කාරණා ලෙස දක්වා තිබුනේ.
පහත අඩවි වලින් ඔබට WWDC  සජීවි දත්ත සහ වැඩසටහන් ලබා ගැනිමේ පහසුකම තිබේ.

・Live Coverage Of Apple’s WWDC 2012
・CNET 


9to5Mac ඇසුරෙන්...
පින්තුරය
සජිවී විකාශන සඳහා සැබැඳී 

1 comment:

  1. ලිපිටික නම් එල අය්යා! ඒත් තාක්ෂණික ලිපිවලම ඇලිල ඉන්න එපා! අනිත් මාතෘකා ගැනත් ලියන්න.(ජපානෙ ගැන අපි නොදන්නා දේවල් එමට ඇති නොවැ)ගොඩක් අලුත් දේවල් මේ ලිපි පෙළ හරහා ඉගෙන ගත්තා! දැනගත්තා!
    ස්තුතියි!

    ReplyDelete