a

Wednesday, August 8, 2012

IOCයට සුද්දාගේ ඉංගිරිසීයට වැඩිය ගෝල් කාරයිනේ ප්‍රංශ ෂොක්ලු....


ජාත්‍යයන්තර ඕලිම්පික් කමි‍ටුවේ(IOC-International Olympic Committee) නිල භාෂාවන් විදියට සලකන්නේ ඉංගිරිසි සහ ප්‍රංශ භාෂාවන්.හැබැයි වැඩි තැන ප්‍රංස වලටලු. ඒ කියන්නේ ව්‍යවස්ථාමය ප්‍රශ්ණයක් මතු වුනොත් එහෙම ප්‍රමුඛ ලියවිල්ල විදියහට සලකන්නේ ප්‍රංශ වලින් ලියවුනු ව්‍යවස්ථාවලු.ඔන්න IOC නඩු දාන්න එහෙම  ඕනේනම් ඒගොල්ලො හරියට ජොබ් එක කරන් නැහැ කියලා උසාවියට අරන් යන්න ඔනේ ප්‍රංශ බසින් ලියවුනු ව්‍යවස්ථාව තමයි. තව ඉතින් ඔලිම්පික් සමාරම්භක/අවසාන උලෙළවල් වල මුල්ම එනවුන්ස් එක දෙන්නෙත් ප්‍රංශ වලින්.IOCව්‍යවස්ථාවේත් කමි‍ටු සමාජිකයින් ප්‍රංස හරි ඉංගිරිසි හරි කථා කරන්න පුළුවන් වීම අවධාරණය කරල තියෙනවාලු.

ඔය ඉංගිරිසියට වැඩිය පොඩි වැඩි තැනක් ප්‍රංස වලට ලැබිලා තියෙන්නේ වර්තමාන ඕලිම්පික් උලෙළ පටන් ගන්න මුලික වුන අය අතර හිටිය ප්‍රංශකාරයෙක් නිසා. එයා තමයි IOC දෙවැනි සභාපති වුන පියර් දෝ ෆුරුඩියි(නම හරිද මන්ද?Pierre de Frédyසමහරු Baron de Coubertinකියලත් කියලත් කියන්නේ මේයාටම තමයි)මුන්නැහෙව වර්තමාන ඕලිම්පික් උලෙළේ පියා කියලා සලකන්න පුළුවන්.වලලු පහේ ඕලිම්පික් ලාංජනයත් ෆුරුඩිගේ අදහසක් තමයි.
IOCසමාන්‍යයෙන් ඒ ඒ උළෙලවල් වල ලියුම් කියුම් ප්‍රංශ,ඉංග්‍රීසි සහ උළෙල පවත්වන රටේ භාෂාවේන් සකස්කරනවා.මහා සභාව පවත්වනකොට ප්‍රංශ,ඉංග්‍රීසි වලට අමතරව Spain,රුසියා ,ජර්මන් සහ අරබි කියන භාෂා වලිනුත් පරිවර්තන පහසුකම් සපයනවාලු.

ආ..අන්තිමට IOCInternational Olympic Committeeයට ප්‍රංස වලින් කියන්නෙ CIOComité International Olympiqueකියලාලු..
http://jp.wsj.com ඇසුරෙන්.


පින්තුරය

http://farm2.staticflickr.com/1110/1029308613_4dea4b6629_z.jpg


No comments:

Post a Comment