a

Wednesday, August 15, 2012

ලෝකේ හැමදාම ඉදිරියට යනවා,හැබැයි.........හිටපු ගමන් ආපස්සටත් යනවා - ආපහු ජනප්‍රිය වුන ඇමරිකානු කොමික් වීරයෝ!


ඉස්සර ඉස්කෝලෙක ඉස්සරහ ස්ටිකර් ,තව ඔය පොඩි පොඩි ගැජට් බැජට් විකුණන වෙළ‍ඳෙක් අනිවාර්යෙන්ම හිටියා.අපි ඉස්කොලේ යන කාලේ ඔය මනුස්සයා ගාව ඒ ඒ කාල වලට ජනප්‍රිය වුන කා‍ටුන් ,චිත්‍රපටි වල එහෙම ස්ටිකර් පොස්ටර් එහෙම විකුනන්න තිබුන.මට මතක විදියට අපි 6,7 පංති වල ඉද්දී තමයි රෙස්ලිං පිස්සුව නැගලා යන්න ගත්තේ.ඒ කාලේ කියුවේ WWF කියලා පස්සේ F හලලා E දාගත්තා වුනාට. රෙස්ලිං වලට කලින් ජනප්‍රිය වේලා තිබුනේ SuperHeroes මට මතක විදියට ඔය නම තිබුන පොතක් වාගෙ එකක් තිබුනා.ඔය වෙළන්ඳා ගාවම තිබුනා කාර්ඩ් 5ක් දාල තිබුන පැකට්.කාර්ඩ් වල තිබුනේ සුපර් මෑන් ස්පයිඩර් මෑන් වාගේ වීරයෝ ටික දුෂ්ඨයොගේ කාර්ඩ් හිටන් තිබුනා,අපි කලේ අර කාර්ඩ් පැක් අරන් ඒ වීරයාව අර කලින් කියපු කලෙක්ටින් බුක් එකේ අලවපු එක.මට මතක හැටිය ට ඔක ඒ කාලේ සැහෙන්න නැගලා ගිය ‍රැල්ලක් වුනාට අපේ යාළු මිත්‍රයෝ කාට වුනත් පොත සම්පුර්ණ කරන්න බැරි වුනා.කාර්ඩ් වලට යාළුවොත් එක්ක මරා ගන්න කාලයකුත් තිබුනා වුනත් අපි දන්නැතිවම ‍රැල්ල ඉවර වෙල තිබුනා.ඔය ‍රැල්ල ගියේ අපි 2,3 පංති වල ඉඳ්දී වාගෙ තමයි මං හිතන්නේ අපි අහු වුන මුල්ම ‍රැල්ල ඔක තමයි.පස්සෙන් පහු වෙද්දී ඩයිනොසර්ලාටයි WWF පොර කාරයින්ට Superheroesලාගේ තැන හිමි වුනා.ඊටත් කාලෙකට පස්සේ ආපහු ඔය සුපිරි වීරයෝ අපේ මාතෘකාව වුනේ 2000න් පස්සේ ඒ හොලිවුඩ් වලින් ඇමරිකානු කොමික් වීරයෝගේ චිත්‍රපටි එක දිගට එන්න ගත්තම(.ආ... ඔය අතරේ සිරසේ(MTVකාලේද මන්දා?) සුපර් මෑන්ගේ ටී.වී.සිරියස් එකත් ගියා සුපර් මෑන්,ස්පයිඩර් මෑන් කා‍ටුන් එහෙම අතරින් පතර ඔය එක එක නාලිකා වලත් ගියා. )

ඔන්න ආපහු සුපිරී වීරයින්ගේ ‍රැල්ල පටන් අරන්.ඊයේ Avengers ජපානය තුළ තිර ගත වීම පටන් ගත්තා.The dark knight rises සහ The amazing spider-man හෝල් වලින් ගැලවුනා විතරයි.ලබන අවුරුද්දේ The man of steel සහ Iron man3 එනවාලු 2014 දී Amazing spider man 2 යි, The Wolverine චිත්‍රපටි එන්න තියෙනවාලු, නරක නෑ නේද ඇමරිකන් කොමික් හීරොස් ‍ෆිල්ම් පොළිම.හැබැයි හොලිවුඩ් සිනමාවට එක පිට එක කොමික් වීරයින්ගේ චිතරපටි ආවට ඔය ජාතියේ කොමික් කථා වර්තමාන ඇමරිකානු සමාජය තුළ මිනිස්සු පොළිම් ගැහිලා සල්ලි දීලා අරන් කියවන කොමික් එහෙම නෙමයි. ස්පයිඩර් මෑන් කොමික් බුක් ජනප්‍රිය වුනේ 1960 ගණන් වල.කොමික් පොත් විතරක් විකුණන කඩ වුනත් ඇමරිකාවේ ලොකුම නගරයක වුනත් එකකට දෙකකට වැඩිය නැහැ.හැබැයි කොමික් මේනියා කාරයෝ නම් ඉන්නවා .60දී ජනර්පිය වුන කොමික් පොත් 70 දශකයේදී අභාවයට යන්න අරන් ආපහු පුනර්ජීවනය ලබලා තියෙන්නේ 80 දශකයේදී. DC COMICS සමාගම බැට් මෑන් තුළින්(ඇමරිකානු කොමික් බුක්ස් සහ ~Superheroesලාට අයිතිය තියෙන සමාගම් 2ක් ඇමරිකාවේ තියෙනවා ඉන් එකක් තමයි DCCOMICS කියන්නේ අනිත් සමාගම තමයි DC COMICSලාගේ ප්‍රධාන තරඟ කරු වන MARVELCOMICS,) 86 අවුරුද්දේ ෆ්‍රෑන්ක් මිලර් කියන චිත්‍රකාතාකරු Batman: The Dark Knight Returnsනමින් කලින් ළමා කථාවල් විදියට තිබුන බැට් මෑන්ව වැඩිහිටියන්ට රස විඳින්න පුළුවන් කථාවක් බවට පත් කරනවා.ඒ වාගේ ඇමරිකානු කොමික් කථා අළුත් මාවතක ගමන් කරන්න ගන්නවා මිලර් ගේ ඩාර්ක් නයිට් ලිවීමෙන් පස්සේ.ඊටත් පස්සේ ටිම්  බර්ටන් කියන හොලිවුඩ් අධ්‍යක්ෂක වරයා මේ කථාව පාදක කරගෙන බැට් මෑන් චිත්‍රපටිය නිර්මාණය කරනවා.චිත්‍රපටියේ කථාව මිලර්ගේ කථාවට සැහෙන්න වෙනස් වුනත් මිලර්ගේ කථාව තුළ තිබුන සාර්ථකභාවය චිත්‍රප්ටිය තුළ රඳව ගන්න බර්ටන් අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා.චිත්‍රපටිය ආදයම් වාර්තා බිඳ හෙලනවා වාගෙම අද වෙනකම් හොලිවුඩ් වල ජනප්‍රිය වේල තියෙන කොමික් වීරයින්ගේ නව ‍රැල්ල නිර්මානය කරනවා.

පින්තුරය
http://www.promotionalitemsbuzz.com/wp-content/uploads/2010/03/DC-Comics-versus-Marvel-Comics.jpg

මෑත කාලිනව ජනප්‍රිය වුන කොමික් වීරයින්ගේ චිත්‍රපටි සිංහල උපසිරසි එක්කම බලන්න පුළුවන්   http://www.zoom.lk/  හරි http://www.baiscopelk.com/  මගින්.

1 comment:

  1. ම්..මම නම් මේවා වැඩිය දන්නේ නැහැ අනේ..ටීවී,ෆිලිම්ස්,කාටුන් බලන්න පටන්ගන්න ඕන..:)

    ReplyDelete