a

Saturday, August 25, 2012

ඇපල් සමාගම නඩුව ජය ගනියි.සැමුසන් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියනක දඩයක්!


සැමුසන් සමාගමට එදිරිව ඇපල් සමාගම විසින් ඇමරිකානු අධිකරණය තුළ ගොණු කර තිබු නඩුව අද දින ඇපල් සමාගම විසින් ඉදිරිපත් කල පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කිරීම පිළිබඳ සාධක බෝහෝ දුරට පිළි ගනිමින් ජුරී සභාව විසින් සැමුසන් සමාගම වැ‍රැදිකරු කරමින් ඇපල් සමාගමට බිලියන 1ක හනිපුර්ණයක් ලෙස ගෙවීමට නියම කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කලේය.
THE VERGE විසින් ලබ දුන් සජීවි බ්ලොග් විතර වලට අනුව ඇපල් සමාගමට හිමි පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කරල ලද සැම්සුන් නිෂ්පාදන ලෙස පහත වර්ග වල ජංගම උපකරණ දක්වා ඇත.
 Continuum, Droid Charge, Exhibit 4G, Galasy Ace, Prevail, S 4G, S II, Galaxy Tab, The Gem, Indulge, Infuse 4G, Mesmerie, Nexus S 4G, Replenish and Vibrant
Captivate, continuum, droid charge, fascinate, Galaxy Prevail, Galaxy S 4G, Galaxy S II, i9100, Galaxy s 2 Tmobile, Tab, Tab 10.1, Gem, Indulge, Infuse, Nexus S 4G

ලැයිස්තුවට තවත් දිගට ඇත. නඩුවට ඇඳුනු සැමුසන් ජංගම දුරකථන සියල්ලම පාහේ  මෙම ලයිස්තුවට ඇතුලතව ඇති බව සමහර වාර්තා දක්වයි.
බාහිර පෙනුමේ සමානව නිර්මිත ලෙස පහත උපකරණ පිළි ගැනිනි.
Fascinate, Galaxy S, S 4G, S 2 ATT, S2 i9100, S2 Tmobile, S 2 Epic 4G touch, Skyrocket, Showcase, Infuse 4G, Mesmerize, and Vibrant.
2001 චිත්‍රපටියේ තුළ ටැබ්ලට් පරිගණක භාවිතය 
නමුදු GALAXY TAB ඇපල් සමාගමේ iPad අනුකරණය කරන ලැදැයි යන්න ජුරීය විසින් ප්‍රතික්ෂෙප කරන ලදී.මිට පෙර අවස්ථාවකද සැමුසන් සමාගම ආතර් සී. ක්ලාර්ක් මහතගේ 2001 අභ්‍යාවකාශ වීර චරිකාව චිත්‍රපටිය තුළ (1968-අධ්‍යක්ෂණය Stanley Kubrickවිසින්)එක් දර්ශණයක් තුළ  ටැබ්ලට් පරිගනකය ක්‍රියාකරිත්වයට පුර්ණ ලෙස සමාන උපකරණයක දර්ශනයක් ඉදිරිපත් කරමින් ඇපල් සමාගමේ iPad ය තම සමාගමේ ස්වකීය නිර්මාණ සැලසුමක් යන්න ප්‍රශ්ණ කිරීමකට ලක් කලහ.
නඩු තින්දුව ප්‍රකාශයට පත් කල පසු සමාගම් දෙක විසින්ම නිවේදන නිකුත් කරන ලද අතර ඇපල් සමාගම තම නිවේදනය තුළ "මේම නඩුව පේටන්ට් බලපත්‍ර හෝ මුදල් ඉක්මවාගිය වටිනාකම් පිළිබඳ නඩුවක් බවත් ඇපල් සමාගම තම අන්‍යතාවය සහ නව්‍යකරණය  ගුණාංග රඳවාගත් මේ පොළව මත හොඳම උපකරණ නිපදවීමට කැප වෙන බවත් දක්වයි,ඇපල් සමාගම නිෂ්පාදන පරිභෝගිකයගේ තෘප්තිය සඳහා බවත් තම තරඟකරුවන්ට අනුකාරක නිපදවීම සඳහා නොවන බවත් වැඩි දුරට සඳහන්ව තිබුනි.තවද සැමුසන් සමාගම වරද පිළිගෙන නිවැරදි පණිවිඩයක් ලබා දෙනු ඇතැයි ඇපල් සමාගම අපෙක්ෂා කරන් බවන්ද සදහන්ව තිබුනි."
නඩු තීන්දුවෙන් පසුව සැමුසන් සමාගම නිකුත් කල නිවේදනය තුළ  අද දින නඩු  තිරණය ඇපල් සමාගමේ ජහග්‍රහනයක් නොවන බවත් ඇමරිකානු පරිභෝගිකයාගේ පරාජයක් බවත් දක්වයි.ඒ පරිභෝගිකයා සතු ‍තෝරා ගැනීමේ අවස්ථාවන් අඩු කිරිමටත් නව නිපයුම් කිරිම දුර්වල වීමත් මිල ඉහල යාවිමටත් දායක වන තින්දුවක් ලෙස දක්වා තිබුනි.සැමුසන් ඇතුළු සමාගම් ගණනාවල් විසින් දියුණු කරන ලඳ අංග එක් සමාගමක අයිතියක් ලෙස අර්ථනිරුපණය පිළිබඳ කණගා‍ටුවද මේම තීන්දුව අවසානය නොවන බවද දක්වා තිබුනි.

9to5Mac සහ The Verge බ්ලොග් ඇසුරේන් සකසන ලදී.
පින්තුර
http://9to5mac.files.wordpress.com/2012/08/screen-shot-8-24-12-at-5-35-23-pm.png?w=657&h=470
http://9to5mac.files.wordpress.com/2012/08/mk-bw708c_samap_ns_20120823232111.jpg
http://www.blogcdn.com/www.engadget.com/media/2011/08/samsung-apple-2001.jpg

2 comments:

  1. බලන් යද්දි ලෝක යුද්දෙයක් වගේනෙ.. මට නම් මේ ලොක ‍ෆෝන් පිස්සුව නැති වුනේ ගත්ත NOKIA 5800 එකත් එක්ක. ෆෝන් වලට ගොඩක් වියදම් කරන එක වැඩක් නැතිම වැඩක් කියල හිතුන.

    ReplyDelete
  2. හ්ම්ම්..කොහෙන්දෝ කියෙව්වා මේ ගැන.වැඩිදුර විස්තර දැනගත්තේ මේකෙන්..ස්තුතියි යාලු.

    ReplyDelete