a

Friday, September 14, 2012

අයි ෆොන් 5 ඇත්ත කථාව සහ ඇත්තම ඇත්ත කථාව.....

"අළුත් අයි ෆොන් එක ගැන මුකුත් ලියන් නැද්ද?" දෙතුන් දෙනෙක්ම සැහෙන්න පිරිසක් අහන්න පටන් ගත්ත නිසා අළුත් ෆොන් එක ගැන ලියන්න තරම් දෙයක් නැහැ කියන අදහස වෙනස් කරගෙන අළුත් දෙයක් ලියන්න ඔනේ කියලා හිතුවා...
මුලින්ම මේ ෆොන්  එකයි ගිය අවුරුද්දේ පිට වුණු අයි ෆොන් 4S  එකයි අතර තියෙනකැපි පෙනෙන වෙනස්කම් ටික බලමු..ස්ක්‍රීන් සයිස් එක විශාල වේලා තියෙනවා කලින් ෆොන් එකේ ස්ක්‍රීන් එකට වැඩිය උස ස්ක්‍රීන් එකක් .(4S දක්වා අඟල් 3.5ක ඩිස්ප්ලේ භාවිතා වුනු අතර මේවර අඟල් 4 ප්‍රමාණය)වැඩි වෙගවත් A6 ප්‍රොසසෙරයක් වාගේම අධි වේගී LTE නෙට්වර්ක් සඳහාත් සහයෝගය දක්වන විදියට තමයි මේ අළුත් ෆොන් එක නිර්මාණය කරලා තියෙන්නේ.

අළුත් අයි ෆොන් එකත් සමඟ ios 6 මෙහෙයුම් පද්ධතියත් පැමිණෙනවා.ඔය ප්‍රධාන කාරණා ටික සලකලා බැලුවාමනම් කලින් අවුරුද්දේ 4S එකට වැඩිය ලොකු දියුණුවක් ලැබුවා කියලා නම් කියන්න අමාරුයි. ඇපල්ලාට හරි හමන් යමක් කරන්න බැරි වේලා මේ සැරේ කියලා යන අදහසට 100%ක්ම එකඟ වෙන්න පුළුවන් කියන එක තමයි මාගේ අදහස.ඊයේ The Wall Street Journal  එකේ අයිෆොන් 5 Boring? කියලා අහලා ලිපියකුත් ගිහින් තිබුනා.ඇපලුත් පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා වාගේ........
ඉතිං මේ සැරේ අයි ෆොන් විකිනෙන් නැතිව යයිද?උත්තරය එහෙම දෙයක් නම් වෙන්නේ නැහැ....කලින් අවුරුද්දු වල විකුණුම් වාර්තා බිඳ වට්ටමින් මේ සැරේ අයි ෆොන් එක විකිනෙන එක තමයි ඇත්තටම සිද්ද වෙන්න ඉඩ තියෙන්නේ. එහෙම වෙන්න ප්‍රධාන හේතුව ඇපල්ලා ගොඩ නගාගෙන තියෙන ශක්තිමත් වෙළඳ නාමය.රොයිටර් වාර්තා කරුවෙක් සඳහන් කරලා තිබුනේ සැප්තැම්බර් මාසේ විතරක් අළුත් අයි ෆොන් මිලියන් 12ක් පමණ විකිනෙයිකියලා අපේක්ෂා කරනවා කියලා.ඒ වාගේම නිව් යොර්ක් කොටස් වෙළඳ පොළ වාර්තා දක්වන්නේ අද ගණුදෙණු අවසන් කරන විට ඇපල් කොටස් අගයන ඇ.ඩො.682.98 දක්වා එනම් පෙරදිනට සපේක්ෂව 2.0% වර්ධනයක් වාර්තා කලා කියලා.
ජේ.පී මොර්ගන් බැංකු සමාගම් ජාලයේ ප්‍රධාන අර්ථික උපදේශක වරයේක් වන  මයිකල් ෆෙරොරි මහතා පවසලා තිබුනා ,අයි ෆොන් 5 විකුණුම් වාර්තාඇමරිකානු අර්ථික වර්ධනයට ධනාත්මක තල්ලුවක් ලබදෙනවා කියලා. ෆෙරාරි මහතාට අනුව 2012 හේ 4 වන කර්තුවේ ඇමරිකානු ආර්ථික වර්ධනයට 0.25%ත් 0.5 % අතර අගයක දායකතවක් අයිෆොන් විකිනිමේන් ලැබෙනවා කියලා.මේ අගයන් සඳහා ඔහු සලකලා තිබුනේ අයිෆොන් මිලියන 8ක් විකිනෙනු ඇත කියලා ඇස්තුමේන්තු කරලා.නරක නෑ නේද ඇමරිකාවේ ජනධිපති ඔබාමාලා කොංග්‍රස් එක එහෙම දත කාගෙනන ට්‍රයි කරන අර්ථික වර්ධනය ඇපල්ලා ඇස් වහගෙන දක්වන දායකත්වය.
ඔක තමයි පෙන්න තියෙන ඇත්ත තත්වේ ...අයි ෆොන් එක සාර්ථකම ස්මාර්ට් ෆොන් වලින් එකක් තමයි.හැබයි අයි ෆොන් 4S  එකක් තියෙන කෙනෙක්ට අළුතෙන් ආපු 5 එක ගන්න තරම් සාර්ථක වැඩි දියුණුවක් මේ සැරේ අයි ෆොන් 5 දකින්න නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ.අඩුම තරමේ අනිත් ස්මාර්ට් ෆොන් වල සාමන්‍ය දේවල් බවට පත් වේලා තියෙන NFC ඩිජිටල් මුල්‍ය ගණුදෙණු ආදිය සඳහා වු පහසුකම,ප්‍රාධාන මුහුණත අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනිම සහ ස්ක්‍රිනය දෙස මුහුණු යොමු කිරිමේන් පමණක් දුරකතනය ඇමතුම් ලබා ගැනීම සඳහා මුහුණ හඳුනාගැනිමේ තාක්ෂනය භාවිතය..වයර් භාවිතයෙන් තොරව දුරකථනය අරොපණය කර ගැනිමේ පහසුකම අදී දේවල් වලින්ද තොර මේවර අළුත් අයි ෆොන් එකේ  ඇත්තම ඇත්ත තත්වය ටිකක් කල් පැනපු භාණ්ඩයක් විත්තිය කියලා Jessica E. Vascellaro   විසින් The Wall Street Journal   එකට ලියලා තිබුන ලිපියත් එක්ක 100%ක්ම එකඟ වෙන්න පුළුවන්...

 පින්තුරය 9to5Mac


2 comments:

  1. Softbank gana kohomada ? mehe softbank site eka down

    ReplyDelete
    Replies
    1. Softbank දැන් වැඩ.හැබැයි au නම් තාම බැහැ....
      සොෆ්ට්බැන්ක් ලගේ ගණං ඇවිත් එක සැරේ ගෙවනවානම් 16GB 51,360 ---32GB 61,680----64GB 72,000
      softbank ප්ලැන් වල විස්තර

      Delete