a

Saturday, August 25, 2012

ඇපල් සමාගම නඩුව ජය ගනියි.සැමුසන් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියනක දඩයක්!


සැමුසන් සමාගමට එදිරිව ඇපල් සමාගම විසින් ඇමරිකානු අධිකරණය තුළ ගොණු කර තිබු නඩුව අද දින ඇපල් සමාගම විසින් ඉදිරිපත් කල පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කිරීම පිළිබඳ සාධක බෝහෝ දුරට පිළි ගනිමින් ජුරී සභාව විසින් සැමුසන් සමාගම වැ‍රැදිකරු කරමින් ඇපල් සමාගමට බිලියන 1ක හනිපුර්ණයක් ලෙස ගෙවීමට නියම කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කලේය.

Monday, August 20, 2012

ඇපල් රහස් එකින් එක එළියට.....


"ඇමරිකානු ඇපල් සමාගම සහ කොරියානු සැම්සුන් විදුලි උපකරණ සමාගම අතර දිවෙන ස්මාර්ට් දුරකථන සම්බන්ධ පේටන්ට් බලපත්‍ර සහ අදාල දුරකථන වල සැලසුම් නිර්මාණ පිළිබඳව දැන් පවතින නඩු විභාගය තුළ ඇපල් සමාගමේ අතිශය රහසිගත සමාගම් රහස් සහ මේ දක්වා සමාගමේ බිත්ති හතරින් පිටතට නොපැමිණි කථාවන් පොදු සමාජයට විවර වෙමින් පවතියි.තවද ඇපල් සමාගමේ නව්‍ය උපාංග ලොවට හඳුන්වාදෙන පුරෝගාමි සමාගමක් ලෙස ගොඩනඟාගත් අනන්‍යතාවයද ප්‍රශ්ණ කරනු ලබන ප්‍රකාශ ද විටින් විට උසාවි භුමීයෙන් ඇසෙනු හැකිය.ඇපල් සමාගම නඩුව ජයග්‍රහනය කලද සමාගමක් ලෙස ලබන හානිය සුළු ප‍ටු නොවන බව අනුමාන කල හැකිය."

Wednesday, August 15, 2012

ලෝකේ හැමදාම ඉදිරියට යනවා,හැබැයි.........හිටපු ගමන් ආපස්සටත් යනවා - ආපහු ජනප්‍රිය වුන ඇමරිකානු කොමික් වීරයෝ!


ඉස්සර ඉස්කෝලෙක ඉස්සරහ ස්ටිකර් ,තව ඔය පොඩි පොඩි ගැජට් බැජට් විකුණන වෙළ‍ඳෙක් අනිවාර්යෙන්ම හිටියා.අපි ඉස්කොලේ යන කාලේ ඔය මනුස්සයා ගාව ඒ ඒ කාල වලට ජනප්‍රිය වුන කා‍ටුන් ,චිත්‍රපටි වල එහෙම ස්ටිකර් පොස්ටර් එහෙම විකුනන්න තිබුන.මට මතක විදියට අපි 6,7 පංති වල ඉද්දී තමයි රෙස්ලිං පිස්සුව නැගලා යන්න ගත්තේ.ඒ කාලේ කියුවේ WWF කියලා පස්සේ F හලලා E දාගත්තා වුනාට. රෙස්ලිං වලට කලින් ජනප්‍රිය වේලා තිබුනේ SuperHeroes මට මතක විදියට ඔය නම තිබුන පොතක් වාගෙ එකක් තිබුනා.ඔය වෙළන්ඳා ගාවම තිබුනා කාර්ඩ් 5ක් දාල තිබුන පැකට්.කාර්ඩ් වල තිබුනේ සුපර් මෑන් ස්පයිඩර් මෑන් වාගේ වීරයෝ ටික දුෂ්ඨයොගේ කාර්ඩ් හිටන් තිබුනා,අපි කලේ අර කාර්ඩ් පැක් අරන් ඒ වීරයාව අර කලින් කියපු කලෙක්ටින් බුක් එකේ අලවපු එක.මට මතක හැටිය ට ඔක ඒ කාලේ සැහෙන්න නැගලා ගිය ‍රැල්ලක් වුනාට අපේ යාළු මිත්‍රයෝ කාට වුනත් පොත සම්පුර්ණ කරන්න බැරි වුනා.කාර්ඩ් වලට යාළුවොත් එක්ක මරා ගන්න කාලයකුත් තිබුනා වුනත් අපි දන්නැතිවම ‍රැල්ල ඉවර වෙල තිබුනා.ඔය ‍රැල්ල ගියේ අපි 2,3 පංති වල ඉඳ්දී වාගෙ තමයි මං හිතන්නේ අපි අහු වුන මුල්ම ‍රැල්ල ඔක තමයි.පස්සෙන් පහු වෙද්දී ඩයිනොසර්ලාටයි WWF පොර කාරයින්ට Superheroesලාගේ තැන හිමි වුනා.ඊටත් කාලෙකට පස්සේ ආපහු ඔය සුපිරි වීරයෝ අපේ මාතෘකාව වුනේ 2000න් පස්සේ ඒ හොලිවුඩ් වලින් ඇමරිකානු කොමික් වීරයෝගේ චිත්‍රපටි එක දිගට එන්න ගත්තම(.ආ... ඔය අතරේ සිරසේ(MTVකාලේද මන්දා?) සුපර් මෑන්ගේ ටී.වී.සිරියස් එකත් ගියා සුපර් මෑන්,ස්පයිඩර් මෑන් කා‍ටුන් එහෙම අතරින් පතර ඔය එක එක නාලිකා වලත් ගියා. )

Wednesday, August 8, 2012

iPhone 5 රජ දැක්මට සුදානම්!!!


දැන් දැන් එන ආරංචි වල හැටියට අළුත් iPhoneඑකයි mini iPadඑකයි සැප්තැම්බර් මාසේ එළියට එන හැඩැයි.හැබැයි ඇපල් ගොයියො! ඔය එනවා කියන mini iPadඑක එහෙම google nexus 7 වාගේ නම් බබීත් සුන්, බබීගේ අම්මත් සුන් වගේ වෙන්න Tech විචාරකයෝ කට කැඩිච්ච කථා කියන එක ඔං දෙයියන් වහන්සෙටවත් නවත්වන්න බෑ.ඔය එනවයි කියන iPad පුංචා කොහොම වුනත් අළුත් අයිෆොන් එකනම් ඉතින් එ හැටි කරදරයක් නැතිව ගොඩ දාගනියි කියලා ඔය PCMAG.COMකාරයත් කියලා තිබුනේ.

IOCයට සුද්දාගේ ඉංගිරිසීයට වැඩිය ගෝල් කාරයිනේ ප්‍රංශ ෂොක්ලු....


ජාත්‍යයන්තර ඕලිම්පික් කමි‍ටුවේ(IOC-International Olympic Committee) නිල භාෂාවන් විදියට සලකන්නේ ඉංගිරිසි සහ ප්‍රංශ භාෂාවන්.හැබැයි වැඩි තැන ප්‍රංස වලටලු. ඒ කියන්නේ ව්‍යවස්ථාමය ප්‍රශ්ණයක් මතු වුනොත් එහෙම ප්‍රමුඛ ලියවිල්ල විදියහට සලකන්නේ ප්‍රංශ වලින් ලියවුනු ව්‍යවස්ථාවලු.ඔන්න IOC නඩු දාන්න එහෙම  ඕනේනම් ඒගොල්ලො හරියට ජොබ් එක කරන් නැහැ කියලා උසාවියට අරන් යන්න ඔනේ ප්‍රංශ බසින් ලියවුනු ව්‍යවස්ථාව තමයි. තව ඉතින් ඔලිම්පික් සමාරම්භක/අවසාන උලෙළවල් වල මුල්ම එනවුන්ස් එක දෙන්නෙත් ප්‍රංශ වලින්.IOCව්‍යවස්ථාවේත් කමි‍ටු සමාජිකයින් ප්‍රංස හරි ඉංගිරිසි හරි කථා කරන්න පුළුවන් වීම අවධාරණය කරල තියෙනවාලු.