a

Monday, December 9, 2013

සිලිකන් වැලි යන කාර්.....

"අතට නිදහස දීම"...ආයේ පොඩ්ඩක් නෙමෙයි අත පාවිච්චී කරන එක 100%ක්ම නතර කරන්ඩ...ඕක ඔය අවුරුද්දු සීයට පොඩ්ඩක් වැඩි ඉතිහාසේ හැමදාම තිබුන හීනයක් තමයි. ඕතැන ඉතිහාසය කියුවේ මෝටර් වාහන ඉතිහාසය...අස්පයන්ම පැන්ෂන් යවලා ජර්මනියේ බෙන්ස් උන්නැහේ තෙල් ගහන ඇන්ජීම් හයි කරපු වාහන හදන්න ගත්ත කාලේට වැඩිය ඔය රියදුරු දෑතක්(එකක් හරි) නැතිව දුවන හීනේට වයස තියෙනවා.(මුල් වාක්කේ කියවලා දුවගෙන ආපු අය දැන් හැරිලා ගියොත් හොඳා...)

”කාර් එලවන වැඩේ කාර් එකටම බාර දෙන්ඩ ඕනේ...තාම වාහනයක් එලවන්න මිනිහෙක් නැතිව බැරි
 කියන්නේ මට නම් හරි පුදුමයක්.....කොම්පිතරයට කලින් කාර් ලෝකේට ආපු එක ඉතිහාසේ වුන වැ‍රැද්දක්....”
මෙහෙම කියුවේ ගුගුල් ලොක්කා 2010 දී...ඒ එක්කම ගුගුල්ලා තමන් සෙල්ෆ් ඩ්‍රවින් කාර් වලට අත ගහපු විත්තිය ලෝකේට කියුවා.එදා ඉඳන් මේ අවුරුද්දු තුනට වාහන හදන හැමෝම වාගේ ඔය ඉබේ දුවන වැඩෙට අත ගහන්න ගත්තා.ගුගුල්ලගේ වාහනේ 2017දී පාරේ දුවන්න ගනියි. 2020 වේද්දී අද ලංකාවේ හ්යිබ්‍රිඩ් වලට තියෙන තැන ස්මාර්ට් කාර් වලට තියෙයි.
Ford ලොක්කා බිල් ෆොර්ඩ් උන්නැහෙත්  ”කාර් කියන්නේ ඉස්සරහට මිනිස්සුන්ට ස්මාර්ට් ෆොන් එකක් කොම්පියුටරයක් වාගේ එකක් වේවී” කියලත් කියලා තියෙනවා...ඇමරිකාවේ සිලිකන් වැලි කියුවාම අයි.ටී.. Detroit කියුවාම කාර් තමයි මතක් වෙන්නෙලු හැබැයි ඉස්සරහට සිලිකන් වැලි කියුවමත් කර් වේයිමද දන්නේ නෑ ...
දැන් දැන්  ....ටොයොටා වාගේ සමාගමුත් අයි ටී කාරයෝ එක්ක හොඳ හිත තියා ගන්න සිලිකන් වැලි වල කන්තොරු දාගෙන ඉන්නවා.ටොයොටා කියුවාම මතක් වුනේ ටොයොට සමාගමත් මේ ඉබේ දුවන වැඩේ ගැන හරි උනන්දුවකින් වැඩ කොරනව.පහුගිය දොහක අධිවේගී මාර්ග වල සාර්ථකව වාහනයක් ඉබේ දුවන්න පුළුවන් තාක්ෂණය තියෙනවා කියලා පෙන්නඩ කාර් එකක් රියදුරා සුක්කානම අත හැරලා,බ්‍රේක් ඇක්සලරේට් එකෙන් කකුල් ඉවත් කරලා  Automated Highway Driving Assist කියන තාක්ෂනයෙන් දුවවලා පෙන්නුවා.හැබයි මේක දැකල මළ පැනපු කට්ටියකුත් හිටියා අයුබොවන්ඩ.ජපාන පොලීසියේ මහත්තුරු කියුවේ මේක තනිකරම මාර්ග නිතී කඩ කිරිමක්ලු...ප්‍රවාහන අමාත්‍යංශයත් අයේ නිකන් හිටියේ නැහැ ප්‍රමුඛ නිෂ්පාදකයෙකුට ගැලපෙන් නැති ක්‍රියාවක් විදිහට හෙළා දැකලා තිබුන...
සිලිකන් වැලි වල වැඩ්ඩෝ ගොඩක් එළියට ආපු ස්ටැෆොර්ඩ් විශ්ව විද්‍යාලේත් 2008 දී මෝටර් වාහන වලට පරික්ෂන ආයතනය්ක් පටන් ගත්තේ හුළං හමන පැත්ත බලලා..

හිටපු ගමන්ම  අනාගතේ කාර් ගැන ලියන්න හිතුනේ පහුගිය දොහක මෝටර් ෂෝ එකක් බලන්න ගිය හින්ද.වේලාවක් හබ්බ වුනාම එකේදී දැකපු වාහනයක් දෙකක් ගැන ලියලා දාන්ඩ ඕනේ..



ටොයොටා සමාගමේ Automated Highway Driving Assist  විඩියෝව

17 comments:

  1. හා මම ඕවා ගැන කලින්ම කිව්වේ නේ බං...

    මම මයිකල් නයිට් 2020 දී

    ReplyDelete
  2. මගේ බයික් පෝස්ට් එකක් නයයි ඈ !!

    ReplyDelete
    Replies
    1. බයික් නම් කීපයකම ෆොටො ටිකක්නම් ගත්තා.ප්‍රශ්ණේ බයික් ගැන මොනවද ලියන්නේ කියලා?

      Delete
  3. ඔව්වානම් මොනවද.....ලංකාවට ආවා නම් ඩ්‍රයිවර් නැතිව දුවන කොව්චි පෙන්නනවා.....ටොයොටා, ගූගල් කාරයන්ටත් මොනවා හරි ඉගෙන ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. අයේ මොනවද ?ඩ්‍රයිවර් නැතිව ලංකාවේ කොච්චී එලවලා තියෙන්නේ අද ඊයේ ඉඳලා නෙමයිලු අවුරුද්දු 100කටත් කලින් ඉඳලා නොවැ....

      Delete
  4. මොකද මචන් මේ සෑහෙන කාලෙකින් ..... මාසෙකට පෝස්ට් දෙකක් වත් දාන්න බලන්න ..... හොඳ පෝස්ට් එකක් ගජින්....

    ReplyDelete
    Replies
    1. බලමු බලමු දෙකක් වත් දාන්න...

      Delete
  5. Detroit කියුවාම කාර් මටනම් මතක් වෙන්නේ කාර් නොවෙයි මචං කාර් කඩන හොරු රැප් කාරයෝ ගැන්ග්ස්ට්ර් ගෙටෝ පොරවල්. Detroit වල කාර් හදන ස්වර්ණමය යුගය ඉවරයි දැන් ඒ පැත්තේ හිස් ෂොපින් බෑග් එකක් වත් කාර් එකක් ඇතුලේ තියල ගියොත් එනකොට වීදුරුව කඩල ඇති.

    ReplyDelete
    Replies
    1. මුලින්ම මම ටයිටල් එකට දාන්න හිතන් හිටියේ කාර් Detroit~වලින් සිලිකන් වැලි වලට කියලා...හැබැයි ජීඑම් එක බංකොලොත් වෙච්ච එකෙන් පස්සෙ හින්දා ස්ර්ච් කලාම ඩේට් රොයිට් ගැන වැඩිපුර ආවේ ඔය කෙස් එක හින්ද ටයිටල් එකත් වෙනස් කලා

      Delete
    2. උඩ මං කියන්න ගියේ එක ...දැන් කාර් වලට වැඩිය මැර කම් වලට නම තියලා තියෙන හින්ඩ්ද ටයිටල් එකත් වෙනස් කල කියල ,Forbes එකේද කොහෙද තිබුනා ඇමරිකාවේ මැර ක්ර්යා වල අංක එක ඩේට් රොයිට් කියල..

      Delete
    3. ලින්ක් එකට තැන්ක්යු...බුවාට සොමාලියවේ තිය චෙච්නියා වලත් නොවුන දෙයක් නොවැ වේලා තියෙන්නේ....

      Delete
  6. පොලිසියෙන් අත දැම්මම නවත්තන්න වගේ දේවල් ඔය කාර් වලට කරන්න පුළුවන් වෙයි ද ?

    ReplyDelete
    Replies
    1. අන්න එතැන තමයි ප්‍රශ්ණේ තියෙන්නේ......
       වාහන නිෂ්පාදන සමාගමකට සෙල්ෆ් ඩ්‍රයිවිං ප්‍රොගෑම් එක 100% මාර්ග නිතී වලට අනුකූලව ධාවනය කරවන්න පුළුවන් කම ලැබෙනකම් හදන රටවල් වලින් වාහන පාරට දාන්න ලැබෙන ඉඩ අඩුයි...
       අනික ඔය සමන්ධව මම කියවපු එක ලිපියක් තිබුනේ වාහනය විතරක් නෙමෙයි සම්පුර්ණ නගර සැලැස්ම,මාර්ග සැලැස්ම වෙනස් කරන්න වෙන විත්තිය.
       දඩය ගෙදරට එන සිස්ටම් එක අදත් පාවිච්චී වෙනවා නොවැ...ගොඩක් විට මිනිස් රියදුරෙක්ගේ අතින් වෙන වැ‍රැදි වෙන එක 0% ආසන්න අගයක තියෙන නිසා පොලීසියට අත දාන්න අවශ්‍ය වෙන එකක් නැහැහ්.
       දැනටත් වාහනය ඉදිරියට යමක් ආවොත් සෙන්සර් කර ගන්න හැකියාව තියෙන නිසා පොලිස් අතක් හඳුනාගන්න පුළුවන් විදිහට නිර්මාණය කරන්න පුළුවන් කම තියෙනවා කියලා හිතෙනව.
      හැබැයි ඔය ජාතියේ වාහන ඇවිත් අවුරුද්දකින් 2කින් වාහනයේ සිස්ටම් එක ජේල් බ්‍රේක් කරලා රෙඩ් ලයිට් වැ‍ටුනත් පාර ක්ලියර් නම් යන විදිහට හදන හැකැර්ස්ල ඉඳිවී....

      Delete
    2. "වාහනයේ සිස්ටම් එක ජේල් බ්‍රේක් කරලා රෙඩ් ලයිට් වැ‍ටුනත් පාර ක්ලියර් නම් යන විදිහට හදන හැකැර්ස්ල ඉඳිවී...."

      මෙන්න මේක නම් ෂුවර් එකට වෙයි.. ඇමසන් එකෙන් ඔටෝමැටික් drone වලින් බඩු ඩිලිවරි කරන්න පරීක්ෂණයක් කළා විතරයි මම දැක්ක පොරක් වයිෆයි රේන්ජ් එකේ තියෙන drone වල කොන්ට්‍රෝල් එක තමන්ට ගන්න හැක් එකක් කරන විදිය වීඩියෝ එකක් දාල තිබ්බ.. හෙහ් හෙහ්.. කොහොම හරි සිරා සීන් තියෙයි ඉස්සරහට

      Delete